සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 15 රජගහනුවර
- නාරංවත්තේ
ධම්මසිරි හිමි
රජගහ නුවර ආසන්නවම උපතිස්ස හා කෝලිත නමින් ගම් දෙකක් විය. ඒ
නම්වලින් ප්‍රසිද්ධියට පත් ඒ ගම් දෙකේ බොහෝම මිතුරුව ඇසුරු කරන ලද
කෝලිත හා උපතිස්ස යනුවෙන් අඹ යහළුවන් දෙදෙනෙකු වාසය කරයි. ඔවුන් දෙදෙනා
සංසාරික ජීවිතය ගැන කලකිරී සසර දුකින් එතෙර වන මඟක් සොයමින් පිටත් විය.
ඔහුට ඒ ගමන යාම සඳහා මුලින්ම හමුවුයේ’ “සංජය” නම් පරිබ්‍රාජකයායි. ඔහු
සතුව ශිෂ්‍යයන් දෙසිය පනස් දෙනෙක් සිටි අතර ඔහුගේ ධර්මය සම්පූර්ණ අවබෝධ
කරගත්තද තමන් සොයන සත්‍ය ඒ තුළ නොවන බව තේරුම් ගත් කෝලිත ,උපතිස්ස
දෙදෙනා තනි තනිව සත්‍ය සොයායන්නට කතිකා කරගත්හ.
මේ සමය වන විට බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වාසය
කරමින් සිටි අවදියයි. සත්‍ය සොයා යන අතර උපතිස්ස හට පස්වග මහණුන් අතර
සිටි අස්සජි හිමි මුණ ගැසිණි. කතා කිරීමට ආශාවක් තිබුණද, පිඬුසිඟා
වඩිද්දී කතා කිරීම සුදුසු නැතැයි උපතිස්ස සිතමින් අස්සජි හිමියන් දන්
වළඳන්නට සුදුසු තැනක් සොයමින් යන අතරේ උපතිස්ස උන්වහන්සේට දන් වැළදීමට
සුදුසු ස්ථානයක් සූදානම් කරන ලදී. දන් වළඳා අවසානයේ ධර්ම සංවාදයක නිරත
විය.
උපතිස්ස :–
ඔබ වහන්සේ කවුරුන් උදෙසා පැවිදි වූයේද? ඔබ වහන්සේගේ ආචාර්ය උත්තමයා
කවුද?
අස්සජි හිමි :–
මගේ ආචාර්යවරයාගේ නම තථාගත ගෞතම නම් වන්නේය.
උපතිස්ස :–
උන්වහන්සේගේ ධර්මය ගැන දැනගන්නට කැමැත්තෙමි
සැරියුත් හිමි වැඩ සිටි ලෙන |
ගැල් එරුණු ස්ථානය |
අස්සජි හිමි :–
මාද සසුනට ඇතුළත් වූයේ මෑතදීය. මා දන්නා තරමින් තථාගත ධර්මය මෙසේ එක්
ගාථාවකට පිඬු කොට දක්වමි.
යේ ධම්මා හේතුපපභවා
තේසං හේතු තථාගතො ආහ
තේසංච යෝ නිරෝධෝ
ඒවං වාදි මහා සමණෝ
යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයන්ගෙන් උපදීද, එසේ වීමට හේතුව තථාගතයන්
වහන්සේ පහදා දුන්හ. නිරෝධයක් වේද එය පහදා දුන්හ.මහා ශ්‍රමණ තෙමේ මේ
දර්ශනයෙහි පිහිටියහ.
අස්සජි රහතන් වහන්සේ මේ ගාථාවේ මුල් දෙපදය කියද්දීම උපතිස්ස සෝවාන්
ඵලයට පත්විය. ඉතිරි දෙපදය ඇසුවේ සෝවාන් වීමෙන් අනතුරුවයි. ධර්ම සංවාදය
නිමා වීමෙන් පසුව තම මිතුරු කෝලිත සමඟ තථාගතයන් වහන්සේ මුණ ගැසීමට යාමට
තීරණය කරන ලදී. මේ තීරණය ගැන දැනගත් සංජය නම් ගුරුවරයා ඔබ දෙදෙනාටම මගේ
සම ගුරු තනතුරු පිරිනමන්නම් මා අත්හැර නොයා මා හා රැඳෙන්නයැයි බැගෑපත්
විය.
එහෙත් තථාගත ධර්මය ගැන අස්සජි හිමියන්ගෙන් කරුණු අවබෝධ කරගත් උපතිස්ස
තම මිතුරු කෝලිත සමඟ බුදුරදුන් හමුවන්නට පිටත් විය. මෙසේ පැමිණී ඔවුන්
දෙදෙනාගෙන් ධර්මය ගැඹුරින් විමසා ඔවුන් සතු ධර්මාවබෝධය ගැන අවබෝධ කරගත්
බුදුරදුන් ශ්‍රාවකයන් අමතා මහණෙනි, කෝලිත හා උපතිස්ස නමින් මිතුදමින්
බැඳී ගිය මිතුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ ධර්මාවබෝධය ඉතා විශාලය. ඔවුහු
ප්‍රඥා සම්පන්නය. නුවණද ඇත. එබැවින් ඔවුන් දෙදෙනා අද පටන් මගේ අගසව්වන්
බවට පත් කරමි.
මේ උපතිස්ස හා කෝලිත දෙදෙනා ඉන්පසුව සැරියුත් මුගලන් බවට පත්විය. කෝලිත
පුත්‍රයා කෝලිත ග්‍රාමයේ මොග්ගලී නම් බමුණු මෑණියන්ගේ පුතණුවන් වූ
බැවින් ඔහුට මොග්ගල්ලාන මුගලන් යන නම ලැබිණි.
උපතිස්ස කුල පුත්‍රයා උපතිස්ස නම් ග්‍රාමයේ රූපසාරි නම් බමුණු මාතාවගේ
පුතණුවන් වූ බැවින් ශාරිපුත්‍ර සැරියුත් නම් විය.
ශාරිපුත්‍ර මොග්ගල්ලාන දෙදෙනා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ පාමුල හිස
තබා වැඳ පැවිද්ද හා උපසම්පදාව ඉල්ලූහ.
මහණෙනි, මෙහි එව ධර්මය මනාව ප්‍රකාශිතය. දුක් මුල් සුන් කරනු . ඒ සඳහා
බ්‍රහ්මචර්යාව පුරව්. බුදුරජාණන් වහන්සේ එම දෙදෙනා ඇතුළු පිරිසට ධර්ම
දේශනා කළ අතර සැරියුත් මුගලන් දෙනම හැර සෙසු සියල්ලෝම එම ධර්මය අසා
රහත් විය.
මුගලන් හිමියන් රහත් වූවේ පැවිදි වී සත් දිනකට පසු බුදුහිමියන් දෙසු
කර්මස්ථාන දේශනා ධර්මය ශ්‍රවණය කිරීම තුළින්ය.
සැරියුත් හිමියන් රහත් වූයේ පැවිදිව ගිජ්ජකූට පර්වතයේ සූකරබත (ඌරන්
හෑරූ ලෙනේදී) සැරියුත් හිමියන්ගේ බෑනණුවන් වූ දීඝනඛ පරිබ්‍රාජකයාට දෙසූ
ධර්මය ඇසීමෙන් බුදු හිමිට පවන් සළමින් සිටි සැරියුත් හිමි ඒ ධර්මය අසා
රහත් විය.
රජගහ නුවර
දැක ගත හැකි ස්ථාන
කාලසිලා ගල් තලාව
රජගහ නුවරට පිවිස ඔබට මුලින්ම හමුවන්නේ කාලසිලා ගල් තලාවයි. ඉසිගිලි
පර්වතය පාමුල ගලා යන ගංගාව ආසන්නයේ කාලසිලා ගල් තලාව පිහිටියේය.
බුදුරදුන් මෙහි කිහිපවරක්ම වැඩ සිටියහ. කාලසීලාවෙහි වැඩ සිටි මුගලන්
මහරහතන් වහන්සේට සොරුන් විසින් තලා පෙලා ඇට කටු පොඩි කිරීමෙන් පසුව
පිරිනිවන් පෑ සේක. මුගලන් හිමිට ඵල දුන්නේ පෙර ආත්ම භාවයක තම අන්ධ
මව්පියන් දෙදෙනාට සොරුන් පහර දෙනවා යැයි කියා පහර දීම නිසා මේ භවය තුළ
සොරුන් පහර දී උන්වහන්සේ පිරිනිවන් පාන ලදී. එම සිදුවීම සිදු වූයේ මේ
කාලසිලා ගල් ගුහාව තුළයි.
විඩූඪභ රජුගේ රථ එරුණු තැන්
කාලසිලා ගල් ගුහාව පසු කරගෙන ටික දුරක් ඉදිරියට ගිය විට මෙම ස්ථානය හමු
වේ. විඩූඪභ යනු කුඩා කල සිට නපුරු පැවතුම් ඇත්තෙකි. බුදුරජාණන් වහන්සේට
නෑදෑකම් පැවැත්වීමේ වුවමනාව නිසා ශාක්‍ය කාන්තාවක් විවාහ කරගත්තද එම
කාන්තාව දාසියකගේ දරුවෙකු බව කොසොල් රජතුමා දැන සිටියේ නැත.
කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගිය මොහොතක දීඝකාර යන
ඇමැතිය කුමන්ත්‍රණයක් කර බලහත්කාරයෙන් රජකම ලබාගත්තේය. රාජ පදවි තුළින්
විඬූඪභ වඩාත් සැහැසි විය. (දාසියකගේ) පුතකු නිසා ශාක්‍ය වංශිකයෝ ඔහුව
පිළිකුල් කළහ. විඬූඪභ ශාක්‍ය රජ ගෙදර ඇඳ පුටුවල වාඩි වී ගිය පසු ඔවුන්
එම ඇඳ පුටු කිරි දමා සෝදා පිරිසුදු කරන ලදී. ශාක්‍යයන් තමන් අඩු කුලයක
පුද්ගලයෙකු නිසා තමන්ට සිදු කරන ලද අවමානය නිසා ශාක්‍යයන් සමූහයම ඝාතනය
කිරීමට සිතා ගත්හ.
ඒ සඳහා ඔහු නිමිත්ත වශයෙන් යොදාගත්තේ අචිරවතී ගංගාවේ ජලයයි. අචිරවති
ගංගාවේ ජලය කොසොල් රටට අයත් යැයි විඩූඪහ කියා සිටියේය. ශාක්‍යයෝ එම ජලය
තමන්ට අයත් බව තරයේම පැවසූහ. වාදය දිනෙන් දින මහා ගින්නක් මෙන්
ඇවිලිණි. ශාක්‍යයන් සමූහය ඝාතනය කරන්නට විඩූඪහ රජගහනුවර බලා පිටත් විය.
නමුත් විඩූඪභ ඇතුළු පිරිසට රජගහනුවර ඔහුට හා හැකි වූයේ ටික දුරකි.
විඩූඪහ රජු ඇතුළු පිරිස ගමන් ගත් රථ සියල්ල මඩ වගුරක එරෙන්නාක් මෙන්
කළුගල් තලාවේ එරී ගියේය.
විඩූඪහ රජු ඇතුළු පිරිසට රථය කිසිසේත්ම ගොඩ ගන්නට බැරිවූ තැන
ගිජකුළුපව්ව මුදුනේ වැඩ සිටින බුදුරදුන් හමුවට ගොස් සිද්ධිය බුදුහිමිට
විස්තර කළේය. ගංගාවක ගලායන ජලයට වඩා මිනිස් ජීවිතවල වටිනාකම පහදා දී
විඩූඪහ රජු නැවත කොසොල් රටට හරවා යැවූහ. රජගහනුවරට ඇතුළු වීමෙන් පසුව
මේ ස්ථානය හමුවේ අඩි දෙසීයක් පමණ දුරට කළුගල් තලාව මත රථය එරී ගිය
අයුරු අදටත් එහි යන සැමට දැක ගත හැකිය.
ඉසගිලි පර්වතය
ඉමෙ ඉස ගිලිතීති ඉසගිලි ඉසගිලිත්වේව සමඤ්ඤො උදපාදී
ගෞතම බුදු රජාණන් වහන්සේ ලොව පහළ වන්නට පෙර පන්සියයක් පසේ බුදුවරයෝ මේ
ඉසගිලි පර්වතයේ වැඩ වාසය කළහ. පර්වතය පාමුල සිටි මිනිසුන් පසේ
බුදුරජාණන් වහන්සේලා මේ පර්වතයට ගියද ආපසු යෑමක් දක්නට නොලැබිණි.
එබැවින් ඍෂිවරුන් ගිලගන්නා අරුත නිසා ඉසඟිලි පර්වතය යන නාමය මේ පර්වතයට
ලැබී ඇත.
තවත් කොටසක්
උඳුවප් පුර පසළොස්වක පොහෝදා
දෙසැම්බර් 6 වනදා පත්‍රයේ |