නුවණැස පෑදී සසර ජයගත් අම්බපාලී
හේමමාලි නිලාන්ගනි කරුණාරත්න
කෙනෙකුට මේ ජීවිතයේදී ලැබෙන නම්බුනාම, කීර්ති , ප්‍රශංසා, සැප සම්පත්
මේ ආදි වූ සියල්ල හිමිවන්නේ තමන් පෙර ආත්මවල සිට ප්‍රාර්ථනා කරගෙන එන
ආකාරයටය.අම්බපාලිගේද ඉරණම තීරණය වූයේ ඇය සසර කරන ලද කුසල අකුසල
කර්මයන්ගේ ඵල විපාකවලට අනුරූපවය.
සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී කුල දැරියක්ව ඉපිද සිටි ඈ බුදුරජාණන්
වහන්සේගෙන් ධර්මය අසා සසර කලකිරී භික්ෂුණී පැවිද්ද ලබා පසුව උපසම්පදාව
ලබා ගත්තාය. මවු කුසක ඉපදීම පිළිකුල් කළ එම භික්ෂුණිය “අනාගත බුදු
කෙනෙකුන්ගේ ශාසනයකදි මම ඕපපාතිකව ඉපිද භික්ෂුණී පැවිද්ද ලබා රහත්
වේවායි ප්‍රාර්ථනා කළාය. එක් දිනක මේ තරුණ භික්ෂුණිය ආරාමයෙහි වෙසෙන
භික්ෂුණීන් වහන්සේලා සමඟ චෛත්‍ය වන්දනාවක යෙදුණාය. පැවිදි වු පිළිවෙල
අනුව එකිනෙකා පසු පසින් චෛත්‍ය වටා පැදකුණු කරමින් ගමන් කරන මේ
භික්ෂුණීන් අතර ඉදිරියෙන් ගමන් කළ සෞඛ්‍ය තත්ත්වයෙන් තරමක් දුර්වලව
සිටි වැඩිමහල් භික්ෂුණියට කිවිසුමක් පිටවිය. එවෙලෙහි ඇය නොදැනුවත්වම
කෙළ පිඬක් සෑ මළුවෙහි වැටිණ, පසු පසින් ගමන් කළ තරුණ භික්ෂුණිය කෙළ පිඬ
දැක “සෑ මළුවෙහි කෙළ පිඩක් හෙළන ලද්දේ කවර ගණිකාවක විසින්දැයි” නින්දා
කරමින් බැණ වදින්නට විය. හදිසියේ කිවිසි වැඩිමහල් භික්ෂුණිය රහත්ඵල
අවබෝධ කොට ගෙන සිටි තෙරණියක් වූවාය. ඒ නිසාම තරුණ භික්ෂුණියට ආයෙ¸පවාද
අකුසල කර්මය සිදු විය. මේ විපාකය නිසාම ඇය ඉපදෙන බොහෝ ආත්ම භාවයන්හි
ස්ත්‍රියක් වී ඉපිද ගණිකා වෘත්තියෙහිම නියලෙන්නට සිදු විය.
මෙසේ සසර බොහෝ ආත්මවල ගණිකාවක් ලෙසින් ඉපිද සමාජයෙන් “ගණිකාව යන
පිළිකුල් නාමය දැරූ ඕ” තොමෝ ගෞතම බුදුන් වහන්සේගේ කාලයෙහිදී ජීවක අඹ
වනයෙහි සුවිසල් අඹ රුකක් මුල, රූමත් දැරියක්ව ඕපපාතිකව උපත ලැබුවාය.
ජීවක අඹ උයනෙහි සිටි ප්‍රධාන උයන්පල්ලා ගේ බිරිඳ එම සුරූපි දැරිය
කෙරෙහි දරු සෙනෙහස උපදවා තම නිවහනට රැගෙන ගොස් අදරින් පෝෂණය කළේය.
පෙරආත්ම භවයෙහි භික්ෂුණියක් වී සිල් රැකි පිනෙන් දැරිය .මේ
ආත්මභාවයෙහිදි ඉතා ශෝභාසම්පන්න රුවැති දැරියක් වුවාය.අඹ ගසක් මුල පහළ
වු බැවින් ඇයට “අම්බපාලි” යන නම දෙන ලදී.අම්බපාලි දැරියගේ රූ සොභාවත්
මිහිරි කටහඬත් පිළිබඳ පුවත ප්‍රදේශය පුරා රැව් පිළිරැව් දෙන්නට විය.
දැරියගේ මේ ප්‍රසිද්ධිය නිසා ඇයට අනතුරක් වේ යැයි බියට පත්වුණූ මහලු
උයන්පල්ලා සහ බිරිඳ දැරියගේ ආරක්ෂාව පතා ඇය පිළිබඳ සියලු තොරතුරු
“ජීවක” වෛද්‍යවරයා වෙත සැල කළහ.
වෛද්‍යවරයා අම්බපාලි පිළිබඳ පුවත බිම්බිසාර රජුට දැන්වූහ. රූමත්
අම්බපාලිය දුටු රජතුමාගේ සිත තුළ ඇය කෙරෙහි ආලයක් ඇති විය.අම්බපාලිය
පිළිබඳ සිත් ඇතිව රජු ඇය සඳහා උයනෙහි සැපවත් මන්දිරයක් තනා මහලු
උයන්පල්ලා සහ බිරිඳ සමඟ අම්බපාලියද එහි වාසය පිණිස යැව්වේය. පසුව රාජ
නියමය අනුව ඇය ගායනය, වාදනය, නර්තනය වැනි කලාවන්ද ප්‍රගුණ කළාය.ඇය හා
විවාහ වීමට පැමිණෙන තරුණ ප්‍රභූවරන්ගේ ගණන වැඩ වූ බැවින්, රාජ නියෝගය
අනුව ඇය නගර ශෝභිනියක් බවට පත් වූවාය. පෙර කරන ලද වචී අකුසල කර්මය ඇගේ
අවසාන ආත්මභාවයේදි මෙසේ විපාක දෙමින් ගණිකා වෘත්තියෙහි නියැලීමට
සිදුවිය. බිම්බිසාර රජතුමා ඇය සමඟ සතියක් පමණ කාලයක් එකට වාසය කළේය. එම
සම්බන්ධයෙන් ප්‍රතිඵලයක් ලෙස නොබෝ කලකින් අම්බපාලි පුතෙකු ලැබුවාය.
එහෙත් වෘත්තියෙන් ඈ ගණිකාවක් වු බැවින් දරුවා හදා වඩා ගැනීමේ වරප්‍රසාද
ඇයට අහිමි වී. ඉපදුණ දිනම දරුවා ඇගෙන් වෙන් කෙරිණ.අම්බපාලිය සුපුරුදු
ලෙස තම වෘත්තියෙහි නියැළිණි. කාලය මෙසේ ගත වෙද්දි ඇයගේ පුත්‍රයා වෙනත්
නිවසක ස්ත්‍රියක සෙවණේ ඇති දැඩි වන්නට විය. ක්‍රමයෙන් වැඩිවියට පත්
පුතු තමා පිළිබඳ සත්‍ය තොරතුරු දැන ගත්හ. තමන් අම්බපාලි ගණිකාවගේ
පුත්‍රයා බව දැනගත් ඔහු සසර කලකිරී සැනසීමක් පතා විහාරස්ථානයට ගියේය.
එහිදි දහම් අසා පැහැදී විමල කොණ්ඩඤ්ඤ නමින් පැවිදි විය. හොඳින්
මහණදම්පිරූ විමල කොණ්ඩඤ්ඤ සාමණේරයෝ නොබෝ කලකින් රහත් ඵලයටද පත්වූහ.
පසු කලෙක තම මෑණියන් වූ අම්බපාලිය පිළිබඳ දිවැසින් බලන්නේ ඇය එම
ආත්මභාවයෙහිදීම භික්ෂුණියක වී රහත්ඵල අවබෝධ කොට ගැනීමට තරම් හේතු වාසනා
ඇති පිනැත්තියක් බවට දුටු සේක. මවුපියන් වැරැදි මඟ යද්දි ප්‍රඥාවන්ත
දරුවන් ඔවුන් නිවැරැදි මාවතකට යොමු කරවන්නේය. අතිජාත දරුවන්ගේ යුතුකමද
එයමය. විමල කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේද අම්බපාලිය හමුවනු පිණිස ජීවක අඹ
උයනට වැඩම කළහ. විවේක සුවය පතා අඹ උයනට පැමිණි අම්බපාලිය විමල කොණ්ඩඤ්ඤ
තෙරුන් වහන්සේ හමු විය. දෙදෙනා අතර ඇති වු සංවාදයෙන් අනතුරුව තෙරුන්
වහන්සේ අන් කවුරුත් නොව උපන් විගසම මැදුරෙන් ඉවත් කළ තම පුතණුවන් බව
හඳුනා ගත්තාය.අම්බපාලියගේ නෙත් පුරා උණු කඳුළු ගලා යන්නට විය. ඇයට තමා
ගත කළ ගණිකා වෘත්තිය පිළිබඳ කලකිරීමක් ඇති විය. මින් මතු එම ජීවිතය
අත්හරින බව ප්‍රකාශ කළ අම්බපාලිය පුත්‍ර රහතන් වහන්සේ වැඳ සමාව ඉල්ලා
සිටියාය. ඒ අවස්ථාවේදී ඇගේ සිත හඳුනාගත් තෙරුන් වහන්සේ ජීවිතයේ ඇති
අනියත බව පිළිබඳ ධර්මය දේශනා කළහ.ජාති,ජරා, මරණ ආදියෙන් මිදීමට ධර්මයේ
පිහිට ලබන්න යැයි අවවාද කළහ.පෙර සසර කරන ලද කුසල් ඇති බැවින් වහා ධර්ම
ඥානය ලබාගත් අම්බපාලිය, තමා සතු ධනය දැසි දස්සන් අතර බෙදාදී මන්දිරයද
සඟ සතුකොට පූජා කොට භික්ෂුණි අරමකට ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා
ගත්තාය. භික්ෂුණි ජීවිතය ප්‍රතිපත්තිගරුකව වාසය කළ ඇය කාය ගතාසති
භාවනාව වඩා රූප මදය තුනී කොට අප්‍රමාදව විදසුන් වඩා සියලු සංස්කාර
ධර්මයන් ත්‍රි ලක්ෂණ වශයෙන් මෙනෙහිකර උතුම් වු අරහත්ඵලයට පත් වූවාය.
|