දුක හිතෙන කථාවක් නොවේ
ලොව සත්‍යය පිළිබඳ
එක් කථාවක්
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
සම්බන්ධතාවයේ
ඝනත්වයට දුකෙහි
ඝනත්වය පවතී.
බුදුපියාණන් වහන්සේ දේශනා කළ දුක පිළිබඳ ඇත්ත එයයි. දුක එන්නේ
සම්බන්ධතාවය මත මිස ඥාතීත්වය මත නොවේ
මුද්දර ඇලවීමේදී සමහර අය මුද්දරය වතුර ගාලු අලවනු ලැබේ. සමහර අය කෙළ
ගාමින් අලවනු ලැබේ. සමහරු ගම් ගා අලවනු ලැබේ. තවත් සමහරු මුද්දරයේ ගම්
ගා ලියුම් කවරයේත් ගම් ගා අලවනු ලැබේ. දෙකම එකට අලවා මුද්දරය උඩිනුත්
නැවත ගම් ගා අලවනු ලැබේ. එතකොට පහසුවෙන් ගැලවිය නොහැකිය. මුද්දරයේ කතාව
ධර්ම සාකච්ඡාවක් වන්නේ මෙයින් පසුවයි. සමහර මුද්දර වියළී ගියද ගැලවේ.
තවත් සමහර මුද්දර , මුද්දරයටත් ලියුම් කවරයටත් තුවාලයක් නොවන ආකාරයෙන්
ගැලවිය හැකියි. තවත් අවස්ථාවක බොහොම අමාරුවෙන් ගැලවිය හැකි වුවත්
ලියුම්කවරයට තුවාල විය හැකියි. තවත් අවස්ථාවක මුද්දර ගැලවීමට යාමේදි
ලියුම් කවරයටත් මුද්දරයටත් දෙකටම තුවාල විය හැකියි. ගැලවීම සහ ඇලවීම
අතර තිබෙන වෙනස ඇලවීමේ සාපේක්ෂ ඝනත්වය මත ගැලවීමේ සාපේක්ෂ ඝනත්වය මත
රඳාපවතී. හොඳටම ඇලවී නම් ගැලවීම අපහසුයි. හොඳටම ඇලවී නැත්නම් ගැලවීම
පහසුයි. අවශ්‍ය වෙන්නේ මුද්දරය ගලවන්න හැකි වන ආකාරයෙන් අලවන එක,
මුද්දරයට තුවාල වන්නේ ගලවන්න බැරි මට්ටමටම ඇලවීම නිසයි. ගැලවිය නොහැකි
මට්ටමටම හොඳටම ඇලවී තිබුණත් ගලවන්නම අවශ්‍ය නම් ගැලවියම යුතුයි. එහිදී
මුද්දරයට තුවාල විය හැකියි. ලියුම් කවරයටත් තුවාල විය හැකියි. ගලවන්නට
වෙනවාම නම්, ගැලවීමට පහසුවන ආකාරයට ඇලවීමයි. මේ බුදුපියාණන් වහන්සේ
දේශනා කළ 'පේමතෝ ජායති සෝකෝ ' නම් වු සිද්ධාන්තයයි. ශෝකය ඇතිවන්නේ
පේ‍්‍රමයේ ඝනත්වය මතයි. තුවාලය ඇතිවන්නේ ඇලවීමේ ඝනත්වය මතයි.
වෙන්කිරීමේදි ඇතිවන්නා වූ පීඩාව දැනෙන්නේ එක්වීමේදී ඇතිවන්නා වූ
සංයෝගයේ ඝනත්වයට 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වනදා එළිවුණේ හැට දාහක
ප්‍රමාණයක් විනාඩි 10 ක් ඇතුළත මරණයට පත් කරවමිනි. පේදුරුතුඩුවේ සිට
දෙවුන්දර තුඩුව දක්වා හැට දහසකට ආසන්න ප්‍රමාණයක් මිය ගියා. අතුරු
සිදුරු නැතිව මිනීවලින් පිරුණු තැනකට රට පත්වුණා. මෑත ඉතිහාසයේ රට
කම්පාවට පත්වු දැවැන්තම ඛේදවාචකය එයයි.
හැට දහසක් ඒ වන විට මියගොස්
සිටි බව මා නොදැන හිටියත්, දහස් ගණනක් මිය ගොස් ඇතිබව මා දැන සිටියත් ඒ
මොහොතේ මා සොයනු ලැබුවේ අහංගම නිවසක පදිංචිව සිටි මාගේ නැගණිය පමණයි.
හැට දහසක් මල බව මා දැනගෙන සිටියා නම් මා කල්පනා නොකළ මිනී ගණන පනස් නව
දහස් නවසිය අනූනවයක් වුණා. මා කල්පනා කළේ අහංගම වෙරළට ගිය මාගේ නැගණිය
පිළිබදවයි. ඇය විවාහ පත් වු ස්වාමිපුරුෂයා ඔහුගේ පවුලේ ඥාතීන් ඔහුගේ
දරුවන් ආදීන්ටත් වඩා අප සෙව්වේ අපගේ නැගණියයි. ඇත්තටම අප ඇය වෙනුවෙන්
වු මහන්සිය අනෙක් සියලු දෙනා වෙනුවෙන් නොවුනේ ඇයි? ඇයට වඩා
අධ්‍යාපනයෙන් ඉහළ ධනවත් කමෙන් වැඩි,ගුණවත් කමෙන් ඉහළ සමහරවිට ස්වාමින්
වහන්සේලා පවා අපවත් වුණා. ඒත් අප සොයනු ලැබුවේ අපගේ නැගණියයි.
සම්බන්ධතාවයේ ඝනත්වයටයි කම්පනයේ ඝනත්වය පනස්දහස් නවසිය අනූනවයකගේ අභාවය
අපට දැණුනේ අභාවයට පත් නොවු ජීවතුන් අතර හිටි ඒත් ඒ පිළිබඳ නිවැරැදි
තොරතුක් නැති නිසයි. සම්බන්ධතාවයේ ඝනත්වයට දුකෙහි ඝනත්වය පවතී.
බුදුපියාණන් වහන්සේ දේශනා කළ දුක පිළිබඳ ඇත්ත එයයි. දුක එන්නේ
සම්බන්ධතාවය මත මිස ඥාතීත්වය මත නොවේ. ලේ ඥාතීත්වයට නොවේ. අපගේ සමීපම
ලේ ඥාතියා නඩු ගණනාවක් පවරා තිබුණා යැයි සිතමු. එදිරිවාදිකම් කරන
එක්කුසේ උපන් සොයුරියක් සොහොයුරෙක් විය හැකියි. එක පතේ බත් කෑ අය විය
හැකියි. ඒත් නීතිමය කටයුතුවලට හිරවී විරසකම හිටියා නම්, සමහර විට ඒ
අභාවය කිසිදු දුකක් නොදැනුණා විය හැකියි. කිසිදු ලේ ඥාති සබඳකමක් නැති
නමුත් ලෙන්ගතු කමෙන් වැඩි කෙනෙකු අභාවයට පත්වූවාට පසු එය අපට ඉහ වහා
ගිය මහා දුක් කන්දරාවක් ගෙනදෙනවා. මිනිසුන්ට දුක හිතෙන්නේ මැරෙන නිසා
නොවේ. මිනිසුන්ට දුක හිතෙන්නේ මරණය නිසාද නොවේ. මිනිස්සුන්ට දුක
හිතෙන්නේ අප දාල යන හින්දා නොවේ. අපව දාල යාම නිසා අප වෙන්වන නිසා
නොවේ. වෙන්වන පුද්ගලයා සමඟ අප පවත්වන සම්බන්ධතාවයේ ඝනත්වයට පමණයි. දුක,
එහි‘පේමතෝ ජායති සෝකෝ” පේ‍්‍රමයේ ප්‍රමාණයට දුක ඇතිවේ. මුද්දරය ගලවන
විට තුවාල වන ආකාරය එයයි. එහෙමනම්, කවදා හරි දවසක දුක් නොවී ඉන්න නම්,
සම්බන්ධයක් නැතිව සිටීය යුතුයි කියන තර්කය ගොඩනැගිය නොහැකියි.
සම්බන්ධයක් ඇතිව සිටිය යුත්තේ කෙළවලින් අලවන ලද මුද්දරයක් ආකාරයටයි.
ගලවන්නම වෙන නිසා, ගලවන විට තුවාල නොවී ගැලවිය හැකි ආකාරයට ජීවිතය කියල
කියන දෙය බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ කෙසේද? භුක්තිවිදීමට අයිති
කරගන්නම අවශ්‍යද? අයිති කරගෙන භුක්ති විදීම සහ අයිති කර නොගෙන භුක්ති
විඳීම කුරුල්ලන්ටම ඉඩම් ඔප්පු නැහැ. මාළුවන්ට අත්සන් නැහැ.
ලෝකයේ ජීවත්වන කිසිදු සතෙකුට ඉඩම් අයිතියක් නැහැ. කිසිම සත්වයෙකු
වවාගත්ත එකක් නැහැ. උන් මේ ලෝකේ තිබෙන දේවල් කාල ජීවත්වන එකට එරෙහිව අප
ඔවුන් සමඟ සටන් වදිනවද?
කැලේ උන්ට අයිතිය කියලා සතුන් නඩු කියන්නේ නැහැ. අයිතිය කියන කොළ
කැබැල්ලක අත්සනක් නොමැතිව භුක්ති විඳින්නා වු සතුන්ට අයිති නැති වුණත්
ඔවුන් භුක්ති විඳිනවා. අපට අයිතියක් නොමැතිව භුක්ති විදින්න නොහැකියි.
තිරිසන් වෙලා තිබෙන තරම එයයි.අයිතියක් නොමැතිව භුක්ති විඳින තිරිසන්
සමාජයයි අයිතියක් නැතිව භුක්ති විඳින්න අයිතියක් නැති මිනිස් සමාජයයි
අතර තිරිසන්කම රැදිල තිබෙන ආකාරය බුදුපියාණන් වහන්සේ වනාන්තර ගත වෙන්නේ
එවැනි අර්ථයකිනි. අයිතියක් නැතිව භුක්ති විඳින්නේ දාල යන්න
නිසා.අයිතියක් නැති භූක්ති විඳීම ගැඹුරු අර්ථයක්. අහිගුණ්ඨිකයන්ගේ
සමාජය සාමාන්‍ය සමාජයට වඩා ශිෂ්ටසම්පන්න බව මේ තුළින් අදහස් වන්නේ
නැහැ. අපට අයිතියක් නැතිව භුක්තිවිඳින්න නීතියෙන් අයිතියක් නැහැ. බොහෝ
දේවල් අයිතිකර ගන්නේ නොමැතිව භුක්ති විඳිය හැකියි. නිදහස භුක්ති
විදින්නේ අයිතිකරගෙන නොවේ’. සැනසිල්ල භුක්තිවිඳින්නේ අයිති කරගෙන නොවේ.
ස්නේහවන්ත දයාලු ජීවිතයක් ගෙවන්න අයිතියක් කරගන්න අවශ්‍ය නැහැනේ. ඒ
නිසා ඔප්පුවකින් හෝ අයදුම්පතකින් අයැදුම්කොට ඔප්පුවකින් සින්නක්කාර
ලියා ගත් හැදුනුම්පතකින් අංකනය වන තැනක ජීවිතයේ සැනසිල්ල රඳා නොපවතී.
ඒත් යතිවරුන්ගේ ජීවිත ජීවන නොවේද? තාපසවරුන්ගේ ජීවිත ජීවිත නොවේද ? මේ
ලෝකයේ බිම් අඟලක් නැතිව පවුල් ජීවිත ගතකරන මිලියන සංඛ්‍යාත ජනතාවක්
සැනසිල්ලේ ජීවත්වෙනවා.
ඒ තැනට සියලු දෙනා යා යුතු බව එයින් අදහස් නොකෙරේ. තර්කානුකූලව මේ ගෝචර
සම්පන්න ජීවිතයකට තිබෙන සැනසිලිදායක බව අප ආපසු වතාවක් සෙවිය යුතු
වෙනවා. අන්න එතනදි අතහැර ගැනීමට නොහැකිව දුක හිතෙන තැනට අප පැමිණෙනවා
නම් එතනට මුද්දරයේ පාඩම සිහියට නංවාගත යුතුයි.
පහසුවෙන් ගැලවිය හැකි ආකාරයෙන් වතුර යොදා අලවා ඇති මුද්දරයක් ගැලවීමේදි
ඇතිවන සැනසිල්ල දෙපැත්ත තුළම ගම් තවරා අලවන ලද මුද්දරයක නැහැ. මක්
නිසාද යත් ඇලවීමට වඩා ගැලවීම අනිවාර්යය නිසා ඇලවීම අනිවාර්යය නොවුණත්
ගැලවීම අනිවාර්යයි. ගැලවීම අනිවාර්යය වන්නේ නම්, ඊට සුදුසු පරිදි ඇලවීම
අවශ්‍යයයි. එසේ නම් අතිශය ස්නේහයෙන් පවුල් ජීවිත ගත කළ යුතුයි.
දාලයාමේ හැකියාව ඉතුරු කරගෙන ඒ සඳහායි මරණානුස්මෘති භාවනාව නිතර නිතර
වැඩිය යුත්තේ. දාල යන්නම වන නිසා. “සබ්බං පහාය ගමනීයං සියල්ල හැරදා යා
යුත්තෝ වෙමු.
සියල්ල හැරදා යා යුත්තෝ වෙමු කියන තැනට අප පැමිණිය යුත්තේ මෙය කියවන්නා
වු සියලුමදෙනා අවුරුදු සියයකට පෙර ඒ අත්දැකීම අනිවාර්යයෙන්ම ලැබිය යුතු
අය මග හැර යා නොහැකියි. විවාහ නොවිය හැකියි. දරුවන් නොලද හැකියි.
රැකියා නොකළ හැකියි. ගේ දොර ඉඩකඩම් නොගෙන සිටිය හැකියි. ඒත් මරණයට
මුහුණ නොදී සිටිය නොහැකියි. ඒ අවස්ථාවේදි පහසුවෙන් යා හැකි විය යුතුයි.
එය දුක හිතෙන කතාවක් නොවේ’. ලෝකයේ ඇත්ත පිළිබඳ තවත් එක් කතාවක් පමණයි.
සටහන - හේමමාලා රන්දුනු |