UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාපාගොඩ ශී‍්‍ර බෝධිමාලකාරාම පුරාණ මහ පිරිවෙන

නාපාගොඩ ශී‍්‍ර බෝධිමාලකාරාම පුරාණ මහ පිරිවෙන


වාහල්කඩ


බෝධීන් වහන්සේ

නිට්ටඹුව නාපාගොඩ ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ මහ පිරිවෙන විශේෂිත වූ තවත් විහාරස්ථානයක් වශයෙන් හඳුන්වා දිය හැක.මෙය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයට අයත්ය. කල්ගතවීමේදී බුදුමැදුර ඔසවාගෙන සිටි ටැම් නොහොත් ලී කණු දිරායාම නිසා පස් පුරවා එය ප්‍රතිසංස්කරණය කර නැවත ස්ථාපිත කර ඇත. එහෙත් ඒ තුළ වන නුවර යුගයේ කලා නිර්මාණයක් වන බුද්ධ ප්‍රතිමාව මෙන්ම දෙපස දේව ප්‍රතිමාවක්ද අදත් දැක ගැනීමට ලැබීම වාසනාවකි. මෙම බෝධිමාලකාරාමය ප්‍රදේශයේ සුවිශේෂී විහාරස්ථානයක් බවට පත්වී ඇත්තේ පංච මහා විහාරස්ථානයක් වශයෙන්ද විරාජමානව පවතින බැවිනි. මෙහි ඉතිහාසය පිරික්සීමේදී නුවර යුගයටත් එපිට වූ අතීතයකට හිමිකම් කියතහැකි යැයි සැලකෙන සාධක දැක ගැනීමට ලැබෙයි. ඒ අතර එක් විශේෂයක් වන්නේ ගෝඨාභය රජතුමාගේ අවධියේ සිට පැවැත එන විහාරස්ථානයේ සුරක්ෂිතව තැන්පත් කර ඇති කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේය.

වත්මනෙහි පිරිවෙන් විහාරස්ථානයක් වශයෙන් හඳුන්වන මෙහි පිරිවෙන ගොඩ නගා ඇත්තේ 1890 වසරේදී බව කියැවෙයි. එසේ නම් මෙය නැවත පුණර්ජීවය ලබා වසර 125 කට ආසන්නය. එහෙත් එසේ ආරම්භ කළ පිරිවෙන විවිධ හේතුන් නිසා නැතිවගොස් නැවත එය ඇරැඹෙන්නේ 1963 වසරේ මීගමු පළාත සහිත සීනාදි සිව්කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත ගිරිදර සුමනජෝති නා හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙනි. සුමනජෝති නා හිමියන් ලාංකේය සංඝ සංස්ථාව සුපොහොසත් කළ සංඝ පීතෘවරයාණන් නමක් වශයෙන් කීර්තියක් දිනූ භික්ෂූන් වහන්සේගේ නමකි. උන්වහන්සේ පාණ්ඩිත්වය මෙන්ම බහුශ්‍රැත භාවය ප්‍රකට කළ මහ තෙරනමකි. නා හිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරෙහි භික්ෂූන් වහන්සේ දහතුන් නමක් පමණ උපාධිධාරින් වශයෙන් සාඩම්බරයෙන් හඳුන්වා දීමට පුළුවන්කම තිබේ. සුමනජෝති නා හිමියෝ වසර 94 ක් දීර්ඝායු වළදා මීට වසර 4 කට පමණ පෙර අපවත් වූහ. ගම්පහ දිස්ත්‍රික්කයේ පැරණිම පිරිවෙනක් වශයෙන් මෙම ස්ථානය බෞද්ධ භික්ෂු අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ගෞරවනීය නමක් හිමිකරගෙන තිබේ. මෙහි වර්තමාන පරිවෙණාධිපතින් වහන්සේ වශයෙන් වැඩදායි ශාස්ත්‍රීය මෙහෙවරක නියැළී සිටින්නේ පණ්ඩිත කුරුකොහොගම ජනානන්ද ස්වාමීන් වහන්සේය. නියෝජ්‍ය පරිවෙණාධිපති ලෙස පණ්ඩිත මෝරාගම්මන සීලවිමල හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලයේ දහතුන් දෙනෙකුගෙන් පමණ සමන්විත වෙයි. මෙම පිරිවෙන් විහාරස්ථානයට අනුබද්ධිතව ශ්‍රී රතනජෝති දහම් පාසල ආරම්භ කර ඇත්තේ 1973 වසරේදීය.

අද එය ප්‍රදේශයේ දහම් පාසල් දරුවන්ගේ දහම් නුවණ වඩවන දීප්තිමත් සදහම් තක්සලාවක් බවට පත්වී තිබෙයි. අක්කර 4 ක පමණ භූමි භාගයක් පුරා විසිරී පැතිරී ඇති ගම්පහ දිස්ත්‍රික්කයට අයත් අත්තනගල්ල ආසන බල ප්‍රදේශයේ නිට්ටඹුව නගරාසන්න නාපාගොඩ නම් ග්‍රාමයේ මෙසේ ස්ථාපිතව ඇති විහාරස්ථානය අද වන විට විශාල ප්‍රවර්ධනයක් හිමි කර ගනිමින් තුන්බෝධියෙන් සමන්විත වී ඉතා දැකුම්කළු සන්හිදියාවෙන් සිත් නිවන පසු බිමක් නිර්මාණය කර තිබේ. වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රපති උණවටුනේ සුමන නා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් නවකම් රාශියකින් විහාරස්ථානය අලංකෘත වී වර්ධනය වී ඇති අතර උන්වහන්සේගේ පූර්ණ අනුග්‍රහය මත අද විහාරස්ථානයේ පැවැත්ම මෙන්ම ප්‍රදේශයේ සියලු ආගමික ශාසනික සමාජ සද්කාර්යයන් වෙනුවෙන් පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති පෙරිනියන්කුලමේ ඤාණානන්ද සහ පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගලෙන්බිඳුනුවැව සරණපාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තම නොමසුරු දායකත්වය සහ නායකත්වය ප්‍රදානය කරති.

 

 

 

 

  ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 30 වැනිදා අපරභාග 09.18 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 07.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 31 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]