Print this Article


සොඳුරු බර සැන්ඳෑව

සොඳුරු බර සැන්ඳෑව

ඒ සොඳුරු බර හැන්දෑව සොඳුරු බර වෙන්නේම දරුවන් සින්දු කියනවා ශබ්ද නගලා කතා කරනවා, කෑ ගහනවා දඟලනවා, ඇඟ සෝදනවා සමහරු පාඩම් කරන්න ආරම්භ කරනවා ලයිට් දානවා, ලාම්පු පත්තු කරනවා ගෙවල් අතු ගානවා ආදි ක්‍රියාවන් තුළ ඒ වුණාට උදය පාන්දර තරම්ම කළබලකාරි නොවන අවස්ථාවක්. සොඳුරු බර හැන්දෑව ආයෝජනයක් කළ යුතුයි. ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ගෙයක් ඇතුළත තියෙන්න අවශ්‍යයි

සොඳුරු බර හැන්දෑව හෙවත් නිශාවේ සුයාමය. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය ලස්සන කාලසටහනක් බවට පත්කර ගත්තා. එය දෛනික සටහනක් හෙවත් Daily ruting එකක් වෙයි. එය පෙරයම්, පසුයම්, මැදියම්, පැසුළුයම් වශයෙන් උදය වරුව, දවල් වරුව, හැන්දෑ වරුව,රාත්‍රිය වශයෙන් බෙදාගනු ලැබුවා. මෙම වරුවලට නිශ්චිත නියමිත වැඩ කොටසක් උන්වහන්සේට තිබුණා. බුදුපියාණන් වහන්සේගේ බණ අහල නිවන් දක්නා සේම වැදගත් උන්වහන්සේගේ ක්‍රියාකාරකම් දැකල ඒ අනුව හැකිතරමට තමන්ගේ ජීවිතය ගොඩනගාගැනීම.

සොඳුරුබර හැන්දෑව හෙවත් නිශාවේ සුයාමය අපට වැදගත් වන්නේ ඒ අනුව අපට ජීවිතය ගෙත්තම් කරගැනීම සඳහායි. නිශාවේ සුයාමය යනු රාත්‍රිය හොඳ යාමයක් බවට පත්කරන්නේ කොහොමද? කියන කරුණුයි. සොඳුරුබර හැන්දෑවක් යම්කිසි ගෙදරක තියෙනවා නම්, ඒ ගෙදර සිටින දරුවන්ට සොඳුරු බර හැන්දෑව අනාගත ආයෝජනයක්. සොඳුරු බර හැන්දෑවයි, නිශාවේ සුයාමයයි දෙක නිවන සඳහා හොඳ පාලමක් වගේම ජිවිතයට හොඳ පඩිපෙළක්. සොඳුරු බර හැන්දෑවයි නිශාවේ සුයාමයයි ගොනුකරගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් කාලසටහනක් හදන්නේ ස්වභාවික පරිසරයට හා ස්වභාවධර්ම සිද්ධාන්තයන්ට එකඟව . අරුණෝදය නැගෙන වෙලාව තුළ ප්‍රබුද්ධව නැගිටිය යුතුයි. එම අරුණ නැගෙන මොහොත දවසක හරිම සූදානමක් තිබිය යුතුයි රාත්‍රි නින්දට යනතෙක්. දවසම පෙළගස්වමින් හරිම ලස්සනට ගොනු කළ හැකියි.

දවසේ ආහාරපාන සූදානම්ව තිබියි යුතුයි. දවසේ ඇඳුම් පැළඳුම් සූදානම් කර තිබිය යුතුයි. දවසේ කෙරෙන්නාවූ නිශ්චය නියමිත කාර්යය භාරයන්ට වුවමනා කරන දේවල් සම්පාදනය වී තිබිය යුතුයි. යමකු පාන්දර හතරට හෝ පහට අවදිවී උදේ හය වන තෙක් දවසට අවශ්‍ය කරන ආහාර, දවසට වුවමනා කරන ඇඳුම්, දවසේ නියමිත වැඩවලට වුවමනා කරන අපේක්ෂිත සම්පත් ප්‍රමාණය සූදානම් කර නිමා කළ යුතුයි. අරුණ නැඟිල ඉර උදාවන වෙලාවට තෘප්තිමත්ව දවස ආරම්භ කළ හැකියි. එසේ නොවුවහොත් වාහනයකට ඩීසල් ගහන්න දුවනව වගේ. එලෙස නොවී පෙර සූදානමක් තිබුණා නම් Full tank ඇතිව දුවනවා වගෙයි. Full tank ගහපුවහම දුවන්න පමණයි තියන්නේ. එසේ නැත්නම් හැම වෙලාවෙම ඩීසල් ගහන්න දුවනව වගේ වැඩක් වුණොත් ඩීසල් ගහනවා හැර දුවන්න වෙන්නේ නැහැ. එනිසා කිසියම් මවක හෝ පියෙකු පාන්දර අවදිවුවහොත් දවසටම අවශ්‍ය ආහාර සාදා නිමකළ හැකියි. දවසට නියමිත ඇඳුම් පැළඳුම් හයවන විට සකස්කර හමාරයි. දවස තුළ කළ යුතු වැඩ ලැයිස්තුව සාදා අවසානයි. පාසලට යා යුතු වැඩ, සමිති සමාගම් වැඩ, රැකිරක්ෂා ස්ථානවල විශේෂිත වැඩ සියල්ලම සූදානම් වී අවසානයි. ඒ දිනයට අදාළ වූ වියදම් ද සූදානම් කර අවසන් කළ යුතුයි. මවත් පියාත් දෙදෙනාම හතර හමාරට අවදි වුවහොත් හය හමාර වන විට ආහාර ඇඳුම් පැළඳුම් සකස්කර අවසානයි. දරුවන්ගේ ඇඳුම් පැළදුම් ද සූදානම් කර අවසානයි. පාන්දර පහට අවදිවීමට දරුවන්ටත් පුරුදු කළ යුතුයි. දරුවන් පාසල් පොත් සූදානම් කර අවසානයි. හැන්දෑවේ සහභාගි වීමට නියමිත අතිරේක පන්ති සඳහා යාමට අවශ්‍ය පොත් පත්ද සූදානම් කරගෙන අවසානයි. පාසල් බෑග් සූදානම් කරගෙන අවසානයි. උදය හය හමාර වන විට සියල්ල සූදානම් වෙනවාත් සමඟ ඉර පායා එනවා. ඒක තමයි සොඳුරුබර අරුණෝදය. ඒ ක්‍රියාශීලි අරුණෝදය යනු දවස සඳහා Full tank ගැහීමක්. දවසට ඉතිරිවෙලා තියෙන්නේ දුවන්න පමණයි. දවසේ සියලුම වැඩ සැළසුම් සහගතය. නමුත් පාන්දරම අවදිවන්නේ කොහොමද? යන්න ගැටලුවක්. රාති‍්‍ර එකොළහ දොළහ වෙනකම් කාලය නාස්ති කළහොත් පාන්දර අවදිවිය නොහැකියි. නිශාවේ සුයාමය සුයාමයක් ලෙස ගතකළ යුත්තේ ඒ නිසයි. නිශාවේ සුයාමය සුයාමයක් වන්නේ නිශාව මහා දැවැන්ත කළබලකාරි ආක්‍රමණශීලි කාලයක් වුණොත් පමණයි.

නින්දට යන්නේ රාත්‍රි දොළහ හමාරට නම්, දොළහ හමාරට නින්දට යන පුද්ගලයාට හතරට නැගිටින්න බැහැ. අවම වශයෙන් ඔහු හෝ ඇය රාත්‍රි නවයටවත් නින්දට යනවා නම්, පාන්දර හතරට නැගිටීමට හැකි වීමෙන් දවස හරිම සැළසුම් සහගතව සකස්කර ගන්න හරිම පහසුයි. නිශාවේ සුයාමය රාත්‍රි නවය නවය හමාර වන විට පසුවෙලා අවසන් විය යුතුයි. දරුවන් පාන්දර පහට අවදිවන නිසා දරුවන්ට රාත්‍රි දහය වනතෙක් අධ්‍යාපන කටයුතුවල නිරත විය හැකියි.අම්මා සහ තාත්තා රාත්‍රි නවයට නින්දට යනවිට දරුවන් රාත්‍රි දහයට නින්දට යාම සුදුසුයි. රාත්‍රි ආහාර ගෙන පිඟන් කෝප්ප හට්ටි පිරිසුදු කිරීම් සියලුම කාර්යයන් රාත්‍රි නවය වන විට අවසන් කළ යුතුයි. දෙමාපියන් සහ දරුවන් යන දෙපිරිසම රාත්‍රි නවයට නින්දට ගියත් පාන්දර අවදිවීමේදී එතරම් ගැටළුවක් නැහැ. කාලය නාස්තිවන ප්‍රමාණය නවත්ත ගතහොත් එය පාවිච්චි කළ හැකියි.

සොඳුරු බර හැන්දෑව සඳහා ක්‍රියාශීලි අරුණෝදය ඉතාම වැදගත්. සොඳුරුබර හැන්දෑව එතරම් වෙහෙස කර නොවන නිසාම උදය පාන්දර අවදිව එහාට මෙහාට දුව පනිමින් ඉතාම ක්‍රියාශීලීව පාන්දර වැඩ කොටස අවසන් කළ හැකියි. නිශාවේ සුයාමය තුළදීත් අවශ්‍යම නම් පාන්දරට ඉවීම සඳහා ගනු ලබන එළවළු කපා කොටා පිරිසුදු කිරීම, සහල් අවශ්‍ය ප්‍රමාණයට මැන තැබීම භාජන පවිත්‍ර කර තැබීම වැනි පෙර සූදානම් කාර්යය කොටස ඉටුකළ හැකියි. එවිට පාන්දරට ඉතිරිව ඇත්තේ භාජන ලිප තබා ආහාර පිසීම පමණයි. ක්‍රියාශීලි අරුණෝදය තුළ අම්මයි තාත්තයි දරුවොයි පවුලේ සියලු දෙනාම එක්කාසු වී ඉතාමත් පහසුවෙන් සහ ඉතාම ඉක්මනින් කාර්යක්ෂමව අවශ්‍ය කටයුතු නිම කළ හැකියි. එක්කෙනෙකු එළවළු කපනවා. තව කෙනෙකු පොල් ගානවා. තව කෙනෙකු එය ව්‍යඤ්ජන ආකාරයට සකස් කර ලිප තබනවා. තව කෙනෙකු බත් එතීම සඳහා පත්තර කොළ සූදානම් කරනවා. ඒ අතරතුර තිබෙන පොඩි පොඩි වැඩක් ඒ අතර කරනු ලබනවා. එක්කෙනෙකු බත බෙදාගෙන යන විට තවකෙනෙකු ව්‍යඤ්ජන බෙදාගෙන ගිය හැකියි. තවකෙනෙකුට එය පාර්සල් කළ හැකියි. මේ කාර්යය හරිම පහසුවෙන් කළ හැක්කේ පවුලේ සියලුම දෙනාම එකට එක්කාසු වී සමඟි සම්පන්නව තම තමාගේ දායකත්වය ලබාදීමෙන් පමණයි. මේ තත්ත්වය ඇතිවීමට නම් නිවස තුළ සමුපකාරික සම්බන්ධතාවය සියලු දෙනා තුළම තිබීම අවශ්‍යයි.

නිවසක තිබිය යුතු සමුපකාරික සම්බන්ධතාවය තිබෙනවා නම් ඒ නිවස හරිම සැනසිලිදායක තැනක් වෙනවා වගේම හරිම සොඳුරුබරයි. දරුවන් අධ්‍යාපනය සඳහා පාසල් ගියා. දෙමාපියන් රාජකාරි සඳහා පිටත් වුණා. දවල් කාලය එසේ ගෙවී යාමට අපට පහසුවන්නේ අදාළ පරිසරයත් සමඟයි. කුමන කාර්යයක නිරත වුවත් සියලුම දෙනා සවස පහට පහ හමාර වන විට නිවසට පැමිණිය යුතුයි. සාමාන්‍යයෙන් හවස හය වන විටවත් නිවසට පැමිණිය යුතු බවට නියමයක් තියෙනවා. සොඳුරුබර හැන්දෑව ගතකරන්නේ කොහොමද? ඉස්සරකාලේ තාත්තට අම්මා සමඟ අම්මාට තාත්තා සමඟ කතාකරන්න වේලාව තිබුණා. අම්මා තාත්තා සමඟ දරුවන්ට කතාකරන්න වේලාව තිබුණා. ඒ සොඳුරු බර හැන්දෑව සොඳුරු බර වෙන්නේම දරුවන් සින්දු කියනවා ශබ්ද නගලා කතා කරනවා, කෑ ගහනවා දඟලනවා, ඇඟ සෝදනවා සමහරු පාඩම් කරන්න ආරම්භ කරනවා ලයිට් දානවා, ලාම්පු පත්තු කරනවා ගෙවල් අතු ගානවා ආදි ක්‍රියාවන් තුළ ඒ වුණාට උදය පාන්දර තරම්ම කළබලකාරි නොවන අවස්ථාවක්. සොඳුරු බර හැන්දෑව ආයෝජනයක් කළ යුතුයි. ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ගෙයක් ඇතුළත තියෙන්න අවශ්‍යයි. ආයෝජන ප්‍රවර්ධන කලාපය කුස්සියයි සාලයයි. ආයෝජන ප්‍රවර්ධන කාලය හැන්දෑවේ පහත් රාත්‍රි දහයත් අතර කාලය. මෙය මුළු ජීවිතයට ආයෝජනය කරන කාලයක්. නිවසක් ඇතුළත විනාඩි දහයක්වත් බුදුන් වැඳීමේ සංස්කෘතියක් පුරුදු වෙලා තියෙනවා නම්, එයට ආනුසංගික කරණු ලෙස වට්ටියකට මල් කැඩීම කළ යුතුවනවා. ශරීරය සෝදා පවිත්‍ර කර නොගෙන මල් කඩන්නේ නෑ. උඩුකය නිරුවත්ව මල් කඩන්නේ නෑ. සෝදා පවිත්‍ර කරනොගත් ඇදුම් ඇඳගෙන මල් කඩන්නේ නෑ. මල් වට්ටියකට හැර කවරවලට මල් කඩන්නේ නෑ. ඒ තුළම සංස්කෘතියක් නිර්මාණය වෙනවා. හැන්දෑවට ඇඟ සෝදමින් පිරිසුදු විය යුතුයි. කිළිටි ඇඳුම් නැතිව සෝදන ලද පිරිසුදු ඇඳුම් ඇම අවශ්‍යයි. ගෙදර සියලුදෙනාම එක්කාසු වී බුදුන් වැඳීම අවශ්‍යයි. සියලුදෙනාම මල් වට්ටියට අත ගැසිය යුතුයි. සංස්කෘතියක් වශයෙන් සියලුදෙනා පිරිසුදුව සිටිනවා මෙන්ම සියලු දෙනාම එකතුවී බුදුන් වැඳිය යුතුයි. බුදුන් වැඳ අවසන් වුණ ගමන්ම දරුවන් අම්මාට තාත්තාට වැඳිය යුතුයි. එවිට එම දරුවන් අම්මා තාත්තා විසින් තුරුළු කරගෙන හිස පිරිමදිමින් හිස මුදුන ඉඹිමින් චූටි දුවේ, චූටි පුතේ යනුවෙන් ආදරයෙන් දරුවන් ඇමතිය යුතුයි.

මෙහි ඉතිරි කොටස ඔක්තෝබර් 15 වැනිදා වප් අව අටවක පොහෝදින පළවේ

සටහන හේමමාලා රන්දුනු