එන්න ධර්මය දකින්න
වල්පොල ගෝතම හිමි
අපට තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය 'ඒහිපස්සික ධර්මයක්'. එන්න
ඇවිත් දකින්න, පුළුවන් කියන ධර්මයක් බව ඔබ දන්නවා. බුදුරජාණන් වහන්සේ
ගේ ධර්මය තුළ පැහැදිලිවම දකින්න, අවබෝධ කරන්න දෙයක් තිබෙන නිසා අප මේ
ධර්මය ශ්‍රවණය කරද්දී ඒකාන්තයෙන්ම අවබෝධය සඳහාම ලැබෙන ධර්මයක්ම
බලාපොරොත්තු වෙන්න ඕන. මේ ශාසනය තුළදී අපට කළයුතු කාරණා හතරක් තිබෙනවා.
ඒ අවබෝධ කළයුතු දෙයක්, ප්‍රහාණය කළයුතු දෙයක්, සාක්ෂාත් කළයුතු දෙයක්
හා ප්‍රගුණ කරන්න දෙයක් තිබෙනවා.
අද අප නාමරූප කියන්නේ කුමක් ද කියා විමසා බලමු. නාමරූප කියා කියද්දී
'නාම 'කියන්නේ එකක්. 'රූප' කියන්නේ තව එකක්. ‘මච්ච’ කියන සූත්‍රයේදී
බුදුරජාණන් වහන්සේ වදාළා නාම එක අන්තයක්. රූප තව අන්තයක්. මැද තිබෙන්නේ
විඤ්ඤාණය ලෙස. ඔබ දන්නවා බට මිටි දෙකක් එකට හේත්තු කළා වගේ කියන උපමාව.
එහිදී එක බට මිටියක් නාමරූප. අනෙක් බට මිටිය විඤ්ඤාණය යැයි වදාළා. මේ
බට මිටි දෙක එකට එකතු කළාට පස්සේ මෙතැන දෙකක් නැහැනේ. බුදුරජාණන්
වහන්සේ වදාළා මේ බටමිටි දෙක එකතු කර තිබෙන තාක් තිබෙනවා. එකක් වැටුන
දාට අනෙකත් වැටෙනවා. එහෙනම් පැහැදිලිව නාමරූප වලින් වෙන් වූ දෙයක් ලෙස
භාග්‍යවතුන් වහන්සේ මේ විඤ්ඤාණය පැහැදිලි කර දී තිබෙන්නේ.
තථාගතයන් වහන්සේ වදාළා නාම කියන්නේ වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාරය
ලෙස. රූප කියන්නේ මේවා සමඟ හට ගන්න හේතු වූ සතරමහ ධාතුන්ගෙන් හට ගත්ත
දෙයට යි. උදාහරණයක් ලෙස ක්‍රීම් කැකර් බිස්කට් එකක් ගැන හිතන්න. මේ
බිස්කට් එක මතක් වූ ගමන් ඔබට මනසිකාරයක් හට ගන්නවා ඒ ක්‍රීම් කැකර්
මුල්කරගෙන. ඒ සමඟම විඤ්ඤාණයෙන් ඒ ක්‍රීම් කැකර් දැන ගන්නවා. එතැන
මනසත්, ක්‍රීම් කැකර් නම් වූ අරමුණත්, විඤ්ඤාණය නමැති දැන ගැනීමත් යන
කරුණු තුනක් තිබෙනවා. මනසයි, අරමුණයි, විඤ්ඤාණය යි කියන මේ කරුණු තුනට
තනි නමක් ලෙස ‘ඵස්ස’ නැත්නම් ‘ස්පර්ෂය’ කියනවා. ඒ ස්පර්ෂය නිසා
වේදනාවත්, සංඥාවත්, චේතනාවත් හටගන්නවා. මොකක්ද වේදනාව. ක්‍රීම්
කැකර්වලට කැමැති කෙනෙකුට සැප වේදනාවක්, එයට අකැමැති අයට දුක් වේදනාවක්
හා තව කෙනෙකුට දුකක් හෝ සැපක් නැති උපේක්ෂා වේදනාවක් හට ගන්න පුලුවන්.
ඊළඟට සංඥාව. සංඥාව අපට බඩගිනි හදනවා. මේ බිස්කට් එකක් කන්න කියා එහි
ගුණ වර්ණනාව සංඥාව යි. ව්‍යාපාරික- යාගේ සංඥාව සකස් කරන්නේ චේතනාවෙන්
වැඩ ගන්නයි. වේදනා, සංඥා, චේතනා හා සංඥාව ආපු ගමන් දැන් මේක මේ වෙලාවට
හොඳයි කියා ඒ සමඟම කන්න ඕන කියන චේතනාව පහළ වෙනවා. ඒ චේතනාව මුල් කරගෙන
කන්න ඕන ආකාරයට කය හසුරුවනවා. කන්න අවශ්‍ය දේට වචන හසුරුවනවා. හිත
හසුරුවනවා. කය, වචනය, සිත හසුරුවලා ඒ චේතනාව මුල් කරගෙන අවශ්‍ය දේ
ගන්නවා. දැන් බලන්න ක්‍රීම් කැකර් කියන එක මතක් වනවිට මනසිකාරයත්,
ස්පර්ෂයත්, වේදනා, සංඥ, චේතනා කියන පහම හට අරගෙන ඉවරයි. මේ පහටයි නාම
කියන්නේ. ඒ නාමයට හේතුවුණේ රූපය යි. රූපය සතරමහ ධාතුන්ගෙන් හටගත්
ක්‍රීම් කැකර් එක. මේ නාමය මුල්කරගත් නාමය නිසා දැනගත් රූපය තමා
ක්‍රීම් කැකර් එක කියන්නේ. මේ පහම හට ගත්තේ නැත්නම් නාම ධර්ම හටගන්නේ
නැත්නම් අප ක්‍රීම් කැකර් එකක් ගැන දන්නේ නැහැ. ඒ මනැස පැත්ත. ඇස
ඔස්සේත් මෙය කථා කරන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ වදාළා ‘නාමරූප පච්චයා සලායතනං’. නාමරූප නිසා ඇසක් හට
ගන්නවා. නාමරූප නිසා ඇසක් හට ගන්නේ කොහොමද? ක්‍රීම් කැකර් එක සතරමහ
ධාතුන්ගෙන් හට ගත් දෙයක්. මේ සතරමහ ධාතුන්ගෙන් හටගත් ක්‍රීම් කැකර් ඒකේ
තිබෙනවා ඇසට පෙනෙන ස්වභාවයක්. ඒ ඇසට පේන ස්වභාවයටයි රූප කියන්නේ. ඒ ඇසට
පේන දේ මුල්කරගෙන මනසිකාරයක් හට ගන්නවා. ඒ මනසිකාරය තුළින් විඤ්ඤාණය
ඇතිවෙලා දැන ගන්නවා. එවිට ඇසයි, රූපයයි, ඇසේ විඤ්ඤා- ණය යි තුනම හට
අරගෙන. එහෙනම් එතැන තිබෙන්නේ කරුණු තුනේ එකතුව වූ ස්පර්ෂය යි. සතරමහා
ධාතුන්ගෙන් හට ගත් ක්‍රීම් කැකර් එක නම් රූප ධර්ම තමා නාම ධර්මයෙන් දැන
ගන්නේ. මේ නාම රූප දෙකේ හට ගැනීම නිසා ඒ මොහොතේ ඇස ක්‍රියාකාරි වුණා.
යම් තැනක ඇසක් ක්‍රියාකාරි වුණාද එහෙනම් ඒක ආයතනයක්. ක්‍රියාකාරි තැනට
අප කියන්නේ ආයතනයක් කියලනේ. අප හිතමු යම් මාධ්‍ය ආයතනයක් පිළිබඳව. ඒක
මාධ්‍ය ආයතනයක් බවට පත්වුණේ එහි සේවක පිරිසක් ඉන්නවා. මාධ්‍යයක්
හසුරුවන්න දක්ෂ. ඒ පිරිසට උපකාරි වෙන උපකරණ තිබෙනවා. උපකරණ ටිකත්
සේවකයොත් අතර යම් ක්‍රියාකාරීත්වයක් ආවද එසේනම් එය ආයතනයක්. මේ නාම
ධර්ම වන වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර සේවකයෝ පස් දෙනෙක් වගේ ඒ
සේවකයන්ට උපකාරි වන්නේ සතරමහා ධාතුන්ගෙන් හටගත් රූපය යි. ක්‍රීම්කැකර්
එක උපකරණය වුණා. ක්‍රීම් කැකර් නම් වූ සතරමහ ධාතුන්ගෙන් හටගත් උපකරණය
මුල්වෙලා නාම නම් වූ අර සේවකයෝ වැඩ කරද්දී එතැන ඇසක් ක්‍රියාකාරියි.
ඇසක් ක්‍රියාකාරීනම් ඒක ආයතනයක්. කන ඔස්සේත් හට ගන්න පුළුවන්. ක්‍රීම්
කැකර් වූ සතරමහ ධාතුවෙන් හටගත් රූපය මුල්වෙලා ඇසට පේන ස්වභාවයයි,
රූපයක් ලෙස ක්‍රීම් කැකර් එකක් දැක්කේ. ක්‍රීම් කැකර් එකේ තිබෙනවා කනට
ඇසෙන ස්වභාවයක් “කරාස්” යන ශබ්දයක් එහි ඇසෙනවා. එවිට සිදුවන්නේ
මනසිකාරයක් හට අරන් ස්පර්ෂයක් හට ගැනීමයි. මනසිකාරය හටගත් ගමන් ක්‍රීම්
කැකර් එකේ ශබ්දය මුල්වෙලා එහිදී කනත්, ‘කරස්’ යන ශබ්දයත් විඤ්ඤාණයෙන්
දැන ගත්තා. කනින් ඒ ශබ්දය විඤ්ඤා-ණය දැන ගනිද්දී අර කරුණු තුන එකතු
වෙලා ස්පර්ෂය හට ගත්තා. ස්පර්ෂය තමා නාම ධර්මයන්ගේ මනසිකාරය සමඟ තිබෙන
අනෙක් කරුණ. ස්පර්ෂයත් සමඟ වේදනාවක් චේතනා-වක් සංඥාවක් අර ‘කරස්’
ශබ්දයත් එක්ක හට ගන්නවා. 'කන' ක්‍රියාකාරි වුණා ‘කරස්’ කියන ශබ්දයත්
සමඟ කොහොමද ක්‍රියාකාරි වුණේ? ක්‍රීම් කැකර් නම් වූ සතරමහ ධාතුන්ගෙන්
හට ගත් රූපය තුළ තිබෙන ඇහෙන ස්වභාවය ඒ නාම ධර්ම උපකාරයෙන් දැන ගත්තා. ඒ
නාමධර්ම හටගත් නිසා ක්‍රීම් කැකර් නම් වූ රූපයේ ‘කරස්’ ශබ්දය දැනගත්තා
කියන්නේ ඒ වෙලාවේදී කන ක්‍රියාකාරි වෙලා. නාමරූප නිසයි ක්‍රියාකාරි
වුණේ. එසේනම් එතැනදී කරස් කියන විටම කන ආයතනයක් වශයෙන් හට ගත්තා. ඒක
නාමධර්ම නැති වූ ගමන් නැති වෙනවා. ඇස, කන, අනිත්‍යයි කියන්නේ ඒකයි.
ඇසත් හට ගත්තා වගේම කනත් හට ගත්තා වගේම ක්‍රීම් කැකර් එක මුල් වූ සතරමහ
ධාතුවලින් හට ගත් රූපය මුල්වෙලා නාසයක් ක්‍රියාකාරි ආයතනයක් වෙන්න
පුළුවන්. නාසයට ක්‍රීම් කැකර් එකේ සුවඳ දැනෙන විටම මනසිකාර හට ගෙන
ස්පර්ෂය හට ගන්නවා. ස්පර්ෂ හටගත් විට වේදනා, සංඥා, චේතනා තුනම හට
ගන්නවා. දැන් නාම ධර්ම සියල්ලම හට අරගෙන ඉවරයි. නාසයට සුවඳ දැනෙන විටම
මේ නාමධර්ම ටික හට ගත්තානම් මේ නාමධර්ම හට ගන්නේ කුමක් දැන ගැනීමෙන් ද?
සතරමහ ධාතුන්ගෙන් හට ගත් ක්‍රීම් කැකර් නම් වූ රූප ධර්මය දැන
ගැනී-මෙන්. ඒ රූප ධර්මය නාම ධර්මයෙන් දැන ගනිද්දී එතැන
ක්‍රියාකාරීත්වයක් හැදිලා. ක්‍රියාකාරීත්වයක් හැදුනා කියන්නේ නාසය ආයතන
සමඟ එක්වෙලා අර සුව දැනගත් මොහොතේ. එතැන ‘නාමරූප පච්චයා සලායතනං’.
එහෙමනම් ක්‍රීම් කැකර්එක මුල්වෙලා ඇසට පේන ස්වභාවය නිසා ඇස නාමරූප සමඟ
ක්‍රියාකාරි වුණා. කනට ‘කරස්’ කියන ශබ්දය ඇසී නාමරූප ධර්ම නිසා කන
ක්‍රියාකාරි වුණා.ඒ වගේම ක්‍රීම් කැකර් එකේ තිබෙන නාසයට දැනෙන ස්වභාවය
නිසා නාසයත් නාමරූප නිසා ක්‍රියාකාරි ආයතනයක් වෙනවා.ඒ වගේම
ක්‍රීම්කැකර් එක දිවට තියනවිට දිවට ඒ රසය දැනෙනවා. එවිටම මනසිකාරය,
ස්පර්ෂය හට ගන්නවා. වේදනා, සංඥා, චේතනා, තුනම හට ගන්නවා. රස දැනෙද්දී
දිවට නාමධර්ම ටික හට අරගෙන. නාමධර්ම හට ගත්තේ සතරමහ ධාතුන්ගෙන් දැනගන්න
ක්‍රීම් කැකර් එක නම් වූ රූප ධර්මය නිසායි. නාම ධර්මයන්ගෙන් රූප ධර්මය
දැනගත්විට එය ක්‍රියාකාරී යි. දිිව ක්‍රියාකාරි ආයතනයක් වුණා නාමරූප
නිසා. දිව ආයතනයක් ලෙස ක්‍රියාකාරි වුණා ක්‍රීම්කැකර් එකක් මුල් වෙලා.
එසේනම් ක්‍රීම්කැකර් එක මුල්වෙලා ඇසට පෙනෙන, කනට ඇසෙන, ස්වභාවය, දිවට
දැනෙන ස්වභාවය වගේම කයටත් ක්‍රීම් කැකර් එකෙහි ඇති ගොරෝසු, සියුම්
පහසක් දැනෙනවා. එවිටත් කයට දැනුන ඒ පහස මුල්වෙලා නාම ධර්ම පහ හට
ගන්නවා. මනසිකාර, ස්පර්ෂ, වේදනා, සංඥා, චේතනා හට ගන්නවා. ඒ නාමධර්ම ටික
හටගන්නේ රූප ධර්ම මුල්වෙලයි. ඒ වගේම ක්‍රීම්කැකර් එක අල්ලන විට නාමරූප
හට ගන්නවා. නාමාරූප හටත්විට ඒ නාමරූප නිසා සලායතන වශයෙන් කය ආයතනයක්
වෙලා ඒ කියන්නේ ක්‍රීම් කැකර් එක මනසට මතක් වන විටම, ක්‍රීම් කැකර් වූ
රූප ධර්මය මුල් වෙලා නාම ධර්ම හට අරගෙන ක්‍රීම් කැකර් වූ රූප ධර්මය
මනසින් දැන ගත්තා. එවිට මනස ක්‍රියාකාරි ආයතනයක් වුණා.
නයනා නිල්මිණි |