සුදුසු ඇසුර
ෙජ්‍යෂ්ඨ කථිකාචාර්ය (විශ්‍රාමික)
ඩී.එස්. සැම්සන් සුගතදාස
බාලයන් ඇසුරු නොකිරීම, පණ්ඩිතයන් ඇසුරු කිරීම පුද්ගලයෙකුගේ ළමා අවධියේ
සිටම ක්‍රියාත්මක විය යුතු කරුණකි. සමාජ විද්‍යාඥයින්ගේ මෙන්ම අධ්‍යාපන
විශේෂඥයින්ගේ ද අදහස වන්නේ පුද්ගලයෙකුගේ ජීවිත සාර්ථක කරගැනීමෙහිලා
යහපත්
සමාජානුයෝගී ක්‍රියාවලියක්
අවශ්‍ය බවයි. පුද්ගලචර්යා
වෙනස්වීම සම්බන්ධයෙන්
සමාජ පුද්ගල ඇසුර
ඉතා වැදගත් වෙයි.
“අසේවනාච බාලානං
පණ්ඩිතානංච සේවනා”
ඉහත සඳහන් මංගල සූත්‍රයේ සඳහන් කරුණ සමාජ දියුණුව මෙන්ම සමාජ පරිහානියට
කෙතෙක් බලපාන්නේ ද යන වග සෑම කාලයක ම සෑම සමාජයක් දෙස බැලීමෙන් පෙනී යන
කරුණකි. විශේෂයෙන් මෙහි සඳහන් කරුණු දෙස එනම් බාලයන් ඇසුරු නොකිරීම,
පණ්ඩිතයන් ඇසුරු කිරීම පුද්ගලයෙකුගේ ළමා අවධියේ සිටම ක්‍රියාත්මක විය
යුතු කරුණකි. සමාජ විද්‍යාඥයින්ගේ මෙන්ම අධ්‍යාපන විශේෂඥයින්ගේ ද අදහස
වන්නේ පුද්ගලයෙකුගේ ජීවිත සාර්ථක කරගැනීමෙහිලා යහපත් සමාජානුයෝගී
ක්‍රියාවලියක් අවශ්‍ය බවයි. පුද්ගලචර්යා වෙනස්වීම සම්බන්ධයෙන් සමාජ
පුද්ගල ඇසුර ඉතා වැදගත් වෙයි.
සමාජයේ සිටින දැනුමෙන්, ඥානයෙන් පිරිපුන් පුද්ගල ඇසුර මෙන්ම අඥාන
පුද්ගලයන්ගෙන් ඈත්වීම අඳුරෙන් ආලෝකයට ද, ආලෝකයෙන් ආලෝකයට ද ගෙනයෑමේ
ප්‍රබල සාධකයෙකි. බුදු දහමට අනුව මෙම අඥාන පුද්ගලයන්ගෙන් ඈත්ව,
පණ්ඩිතයන්ගේ ආශ්‍රය ලැබීම ලෞකික ජීවිතය මෙන්ම ලෝකෝත්තර ජීවිතය සාර්ථක
කරගැනීමෙහිලා වැදගත්වන්නෙකි. නැණ නුවණින් හීන පුද්ගල ඇසුර ජීවිතය,
විවිධ දුක්කම්කටොලුවලට මාර්ගය පාදන්නක් මෙන්ම විවිධ දුශ්චරිතවලට
යොමුකිරීමක් ද වෙයි.
එහෙයින් සමාජයක වෙසෙන ආගමික නායකයින්, ගුරුවරුන්, දෙමාපියන් තම ළමා
පරපුරට නැණ ගුණයෙන් පිරි පුද්ගල ඇසුර ලබාදීම පිළිබඳව දැඩි අවධානයකින්
යුක්තව කටයුතු කළ යුතු බව පෙනේ.
විශේෂයෙන් තරුණ අවධියේ සිටින දරුවන් වැඩිවශයෙන් ඇසුරු කරනුයේ කුමන
අයුරේ පුද්ගලයින්දැයි සොයා බැලීම් මේ සම්බන්ධයෙන් වැදගත් වූවකි.
මේ සම්බන්ධයෙන් ධම්මපදයේ මෙම පහත සඳහන් ගාථාවේ උපදේශය ද ජීවිතයට වැදගත්
වෙයි.
බාල සංගතචාරීහි
දීඝ මද්ධාන සෝචතී
දුක්ඛෝ බාලේහි සංවාසෝ
අමිත්තේනේච සබ්බදා
ධීරෝච සුඛ සංවාසෝ
ඤාතීනංච සමාගතෝ (ධම්මපදය, සුඛ වග්ගය)
මෙයින් ප්‍රකාශ වෙන ආකාරයට අනුවණයන් හා විසීම දීර්ඝ කාලයක් ශෝකය පිණිස
පවතී. නිදසුනක් ලෙස පවසතොත් සැමදා සතුරෙකු සමඟ ජීවත් වීමක් හා සමානය.
බුද්ධිමත් අයෙකු හා විසීම ඤාතියකු සමඟ විසීමක් වැනිය. එය සැපය පිණිස ම
පවතී.
අඥාන පුද්ගල ඇසුරක තිබෙන බියකරු ස්වරූපය වන්නේ තමා කරන පවිටුකම්හි
විපාක නොදැන, එම පව්කම්හි ආස්වාදජනක ලෙස බැඳී සිටීමයි. මේ නිසා අඥාන
ආශ්‍රය මෙලොව මෙන්ම පරලොව ද දුක පිණිසම පවතී. මෙම අවස්ථාව පුද්ගලයාගේ
හෝ සමාජයේ ශෝචනීය බව කියවෙන සිද්ධියකි.
මධුවා මඤ්ඤතී බාලෝ
යාව පාපං න පච්චතී
යදාච පච්චතී පාපං
අථ බාලෝ දුක්ඛං නිගච්ඡතී (ධම්මපදය, බාලවග්ගය)
මෙහි ඇති ශෝචනීය බව තවදුරටත් වැඩිවනුයේ අනුවණයෙක් දැන උගත්කමින්,
ඉසුරුමත් බවින් යුක්ත වුවද එම උගත් බව, ඉසුරුමත් බව තමාගේ මෙන්ම සමාජයේ
ද අවැඩ පිණිස යොදවන බව බුදුන්වහන්සේ පෙන්වා දුන් සේක.
යාවදේව අනත්ථාය
ඤත්තං බාලස්ස ඡායතී
හන්ති බාලස්ස සුක්කංසං
මුද්ධ මස්ස විපාතයං...... (ධම්මපදය බාලවග්ගය)
එහෙයින් බුදුන්වහන්සේගේ මහා කාරුණික අවවාදය වන්නේ එවැනි පුද්ගල
සමාජයකින් තොරව යහපත් උතුම්, ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අසුරු කළ යුතු බවයි.
න භජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසා ධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ
භජේථ පුරිසුත්තමේ (ධම්මපදය, පණ්ඩිත වග්ගය)
මංගල සූත්‍රයේ සඳහන් බාලයන් ඇසුරු නොකිරීම පණ්ඩිතයන් ඇසුරු කිරීම මෙලොව
පරලොව දෙකෙහි ම ශුභ සිද්ධිය සඳහා හේතුවන්නෙකි. එවැනි සමාජයක් සමාජ,
ආර්ථික වශයෙන් සංවර්ධනය වනු අයුරු, සාකච්ඡාවට භාජනය කිරීමට කෙනෙකුට
හැකියාව ඇත.
කෙසේවෙතත් මංගල සූත්‍රයේ ඉහත සඳහන් කරුණ කෙරෙහි අප අවධානය යොමුකර එවැනි
සමාජයක් තමා ගොඩනඟා ගන්නේ නම් තම ජීවිතය අධ්‍යාත්මික සතුටකින් පුරවා ගත
හැකි බව ඉතාම පැහැදිලි කරුණකි. එවැනි බුද්ධිමතෙකු සමාජයේ ජීවත්වන අයුරු
පහත සඳහන් බුද්ධ දේශනාවේ දැක්වෙන මෙම ගාථා ධර්මයෙන් ද විමසා බලන්න.
ධම්මපීතී සුඛං සේතී
විප්පසන්නේන චේතසා
රියප්පවේදිනේ ධම්මේ
සදා රමති පණ්ඩිතෝ...... (ධම්මපදය, පණ්ඩිත වග්ගය)
(ධර්මයෙහි හැසිරෙන බුද්ධිමතා ධර්මයෙහි යෙදීම නිසාම පහන් වූ සිතින්
යුක්තව ආර්ය උතුමන් විසින් දක්වන ලද ධර්මයෙහි මනාව යෙදේ.) |