Print this Article


ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම සැප්තැම්බර් 21

ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම සැප්තැම්බර් 21

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කොට පවත්වනු ලබන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ ප්‍රාදේශීය දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කයන්හි 2014 සැප්තැම්බර් මස 21 දින පෙරවරු 8.00 සිට පැවැත්වීමට නියමිතය. ඌව පළාත් සභා මැතිවරණය හේතුවෙන් බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන 2014 සැප්තැම්බර් මස 28 දින පෙරවරු 8.00 සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පැවැත්වීමට නියමිතය. නිපුණතා ඇගයීම් ඉසව් 39 ක් යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනට ප්‍රායෝගික දැනුම, කථික, පද්‍ය හා ගාථා, ගායනා, පද්‍ය ගායනා, බෞද්ධ චිත්‍ර, දහම් දැනුම, ගද්‍ය රචනා වැනි නිපුණතා ඇතුළත්ය. මෙරට ක්‍රියාත්මක සියලුම දහම් පාසල්වලින් දරු දැරියන් 39 දෙනා බැගින් සහභාගිවන මෙම වැඩසටහන මෙරට මධ්‍යස්ථාන 319 දී පැවැත්වේ. මෙම නිපුණතා ඇගයීමෙන් පසු නොවැම්බර් මස දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා හා දෙසැම්බර් මස කළුතරදී සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන පැවැත්වීමට නියමිත බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.