ශ්රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම සංවත්සර උළෙල
ශ්රී ලංකාදීපය ප්රමුඛ සමස්ත ලෝ තලයෙහිම නිමල බුදු පුනරුදයක් ගොඩනැංවූ
ශ්රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ අනභිභවනීය මෙහෙවර සමරමින් එතුමාගේ 150
වන ජන්ම සංවත්සර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්
පසුගියදා (17) කොළඹ නිදහස් මන්දිරයේ දී පැවැත්වුණි. ශ්රීමත් අනගාරික
ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමද ජනාධිපතිතුමා අතින් එහිදී
සිදුවිය. තෛ්රනිකායික මහා සංඝරත්නයද, අග්රාමාත්ය දි.මු.ජයරත්න මහතා
ඇතුළු මැති ඇමැතිවරුද, විදෙස් තානාපතිවරුද, මහ කොමසාරිස්වරුන් ඇතුළු
දෙස් විදෙස් ආරාධිත පිරිසක් ද දහම් පාසල් දරුවන්, පාසල් දරුවන් ඇතුළු
විශාල පිරිසක් ද එම අවස්ථාවට එක් විය.
ඡායාරූප – නිශාංක ද සිල්වා
ශ්රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට ජනාධිපතිතුමා විසින්
පුෂ්පෝපාහාර දැක්වූ අවස්ථාව |
වැඩමවූ තෛ්රනිකායික මහා සඟරුවනින් කොටසක් |
දහම් පාසල් හා පාසල් සිසු දරුවන්ගෙන් කොටසක් |
ආරාධිත අමුත්තන්ගෙන් කොටසක් |
|