ඇලීම හා ගැටීම දුරුකළ යුත්තේ ප්‍රඥාවෙනි
වල්පොල ගෝතම හිමි
යමක් කෙරෙහි තිබෙන ආශාව නිසාමයි ඒ කෙරෙහි ගැටෙන්නේ. යමකට කැමැති
නිසාමයි එයට ඇලෙන්නේ. එහෙනම් ඇලෙන තැනත් ගැටෙන තැනත් මුල්වුණේ තණ්හාව
යි. මේ ජීවිතයේ තණ්හාව නොවේ බරපතලම ප්‍රශ්නය. තණ්හාව හටගත්තේ, උඩිින්ම
තිබෙන අවිද්‍යාව මූලික හේතුව කරගෙනයි
අප ගෞරවයෙන් සරණ ගිය තථාගතයන් වහන්සේ ලෝකයට පහළ වෙලා දුක්විඳින
සත්ත්වයා එයින් මුදවා ගන්න බොහෝ කැපකිරීමෙන් අවබෝධකරගත් ඒ ශ්‍රී
සද්ධර්මය දේශනා කොට වදාළා. ඒ දේශනා අතර උන්වහන්සේ ඇලීම් ගැටීම් පිළිබඳව
අපට බොහෝ කරුණු වදාළා.
ඇලීම් ගැටීම් දුරු කරන්න කලින් කළයුතු දෙයක් ද වදාළා. නමුත් අප බොහෝ
වෙලාවට බුදුරජාණන් වහන්සේ කලින් කරන්න යැයි කියු දේ අවබෝධයක් නැතුව ඊට
පස්සේ කරන්න යැයි වදාළ දේ කරන්න හිතනවා. දවසක් එක් දෙවියෙක් ඇවිත්
උන්වහන්සේගෙන් අසනවා ස්වාමිනි, මට හිතෙන්නේ මේ බුද්ධ ශාසනයේ මුලින්ම
කළයුත්තේ ඇලෙන ගැටෙන එකෙන් නිදහස්වීම නේද කියා. එවිට බුදුරජාණන් වහන්සේ
වදාළා දේවය, ඊට කලින් කළයුතු දෙයක් තිබෙනවා. ඒ තමා සක්කාය දිට්ඨිය
නැතිකර ගැනීමට උත්සහා කිරීම කියා.
මොකක්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ. දවසක් එක් මවු කෙනෙක් මට කියනවා
ස්වාමිනි, ගිහි ගෙදර ජීවත්වන අපට සෝතාපන්න ඵලයටවත් පත්වෙන්න පුළුවන්නම්
ඒක ලොකු ලාභයක්. නමුත් මේ ජීවිතයේ කටයුතු කරද්දී අප සෑහෙන ඇලීම් ගැටීම්
සමඟයි ජීවත්වෙන්නේ අපට සෝතාපන්නවීම ඉතා අමාරුයි කියා. ඒ ප්‍රකාශනයෙන්
පැහැදිලියි අද අප හිතාගෙන ඉන්නවා ගිහි ගෙදර තිබෙන ඇලීම් ගැටීම් සමඟ
මාර්ගඵල ශ්‍රාවකයෙකු වීමට අපට වාසනාව නැහැ කියා. ගිහි ගෙදර තිබෙන අධික
කාර්යබහුලභාවය, අධික ලෙස ඇලෙන ගැටෙන පරිසරයක් තිබීමත් හේතු කියා
සිතනවා. එනිසා බොහෝ දෙනා ගිහි ගෙදර සාර්ථකව කර ගන්න නම් ධර්මයෙන් ඈත්
වෙන්න ඕන, ධර්මය සාර්ථකව කර ගන්න නම් ගිහි ගෙදරින් ඈත් වෙන්න ඕන කියන
මතයට එනවා. නමුත් මේ ලෙස මතයක බැස ගැනීම බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය
තුළ පුළුල් අවබෝධයක් නැතිකම යි.
බුදුරජාණන් වහන්සේ ඇලීම්, ගැටීම් දුරු කරන්නට පෙර සක්කාය දිට්ඨිය
නැතිකරන්න මුලින්ම මහන්සි ගන්න කියා වදාළේ ඇයි? සක්කාය දිට්ඨිය නැතිකළා
කියන්නේ මේ ලෝකයේ තමන් දකින දැක්ම වෙනස්කර ගැනීම යි. දැක්ම වෙනස්කර
ගැනීමට ධර්මය නුවණින් විමසීම පමණක් ප්‍රමාණවත් නැහැ. දැක්ම වෙනස්කර
ගන්න බුදුරජාණන් වහන්සේ ලෝකයට විවර කළ නිරවුල් ධර්මය ශ්‍රවණය කරන්න ඕන.
ඒ දැක්ම වෙනස් කරපු එකයි සක්කාය දිට්ඨිය කියා කියුවේ. එසේනම් බලන්න
යම්කිසි කෙනෙක් රූපයක් දෙස බලද්දී ඒ බලන දේ එක එක්කෙනාට එක එක ආකාරයට
දකින්න පුලුවන්. ඒ එක එක ආකාරයට දකිද්දී ඔහු අවබෝධයෙන් දකිනවා හා
අවබෝධයෙන් දන්නවා කියන්නේ දෙකක්. සක්කාය දිට්ඨිය නැතිකර ගන්න කියන්නේ
දකින දේ අවබෝධයෙන්ම දකින පැත්තට මනස සකස්කර ගැනීම යි. අසන දේ
අවබෝධයෙන්ම අසන්නට මනස සකස්කර ගන්නා එකයි. නහයට, දිවට දැනෙන දේ කයට
ලැබෙන පහස, මනසට සිතෙන දේ අවබෝධයෙන්ම අරමුණු ගන්නා එකටයි මේ සක්කාය
දිට්ඨිය නැතිකරලා අවබෝධයට එනවා කියා කිව්වේ. ඒ ආකාරයට නැති නිසයි
ඇලෙන්නේ, ගැටෙන්නේ. සක්කාය දිට්ඨිය නැතිකර ගත්තට පස්සේ අවබෝධයෙන්
ජීවිතය ගෙවන්න පුරුදු වෙනවිට ඇලෙන, ගැටෙන දෙයින් නිදහස් වෙනවා. අවබෝධය
නිවැරැදි වනවිට එය ඉබේම සිදුවෙනවා.
බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළ නිතරම ප්‍රඥාවට තැන දී තිබෙන්නේ ඒකයි.
ප්‍රඥාවමයි අප මූලිකව දියුණු කරන්න ඕන. මේ ධර්මය අසමින් ඒ ධර්මයට අනුව
කල්පනා කරමින් ඔබ ප්‍රඥාව දියුණු කර ගන්නවානම් සක්කාය දිට්ඨිය
නැතිවෙනවා. සම්පූර්ණයෙන්ම අවිද්‍යාව දුරුවෙන ප්‍රඥාව දියුණු කරනවානම්
ඇලෙනවා, ගැටෙනවා කියන දේ පසුව සිදුවන දෙයක්. ඇලෙන්න ගැටෙන්න හේතුªව
අනව-බෝධය යි. එයටයි අවිද්‍යාව කියන්නේ. අවිද්‍යාව නිසයි ඇලෙන්නේ
ගැටෙන්නේ. ඇලෙන ගැටෙන දෙයට හේතුව තණ්හාව යි. තණ්හාවට පෙර ඇතිවන්නේ
අවිද්‍යාව යි. එහෙමනම් මුලින්ම නැති කළයුත්තේ අවිද්‍යාව යි.
පටිච්චසමුප්පාදය ගැන ඔබට යම් දැනුමක් තිබෙනවානම්, අසා තිබෙනවානම් ඔබ
දන්නවා පටිච්චසමුප්පාදයේ මූලිකවම කථා කරන්නේ අවිජ්ජා පච්චයා සංඛාරා,
පටන් ගන්නේ අවිද්‍යාවෙන්. ඊළඟට සංස්ඛාර පච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණ
පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සලායතනං, සලායතන පච්-
චයා ඵස්සෝ ,ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, දැන් අප අවිද්‍යාවේ
සිට තණ්හාව දක්වා ආවා. එය සරලව කියනවානම් අවිද්‍යාව නිසා සංස්කාර හට
ගත්තා. සංස්කාර නිසා විඤ්ඤාණය හට ගත්තා. විඤ්ඤාණ නිසා නාමරූප හට ගත්තා.
නාමරූප නිසා සලායතනත්, සලායතන නිසා ස්පර්ශයත්, ස්පර්ශය නිසා වේදනාත්,
වේදනාව නිසා තණ්හාවත් හට ගත්තා. බලන්න තණ්හාව තිබෙන්නේ කොතැනද?
අවිද්‍යාව තිබෙන්නේ කොතැන ද? තණ්හාව හට ගන්නේ අවිද්‍යාව තිබූ නිසයි.
ඊළඟට තණ්හාවෙන් පස්සේ තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව
පච්චයා ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස උපාදානං.
තණ්හාවෙන් පසුව සිදුවන ක්‍රියාවලියකුත් තිබෙනවා. තණ්හාව නිසා උපාදාන
හටගන්නවා. උපාදාන නිසා භවය හට ගන්නවා. භවය නිසා උපදිනවා. ඉපදුන නිසා
ජරා මරණ දුක් දොම්නස් ශෝක හට ගන්නවා. මේ කෙරෙහි අවබෝධයක් තිබෙන අයට මේක
තේරුම් ගන්න පහසු වෙනවා.
මේ පටිච්චසමූප්පාදය හොඳට විමසා බැලුවොත් තණ්හාව තිබෙන්නේ මැද. මුල
තිබෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නිසා තණ්හාව හට ගන්නේ. අප ඇලෙන්නේ
ගැටෙන්නේ තණ්හාව නිසා. තණ්හාව නිසා ඇලෙනවා කියන දේ පැහැදිලියි. නමුත්
තණ්හාව නිසා කොහොමද ගැටෙන්නේ කියා ඔබට ප්‍රශ්නයක් එයි. එයට මම ඔබට
උපමාවක් කියන්නම්. අප වාඩිවෙලා ඉන්න පුටුව ගැන හිතන්න. ඒ පුටුවට ඔබේ
සිත බොහෝම ඇලුම් කරනවානම්, ඒ පුටුවේ වාඩිවෙන්න ගොඩාක් පි‍්‍රය කරනවානම්
එතැන ඇලීමක් පවතිනවා පුටුව කෙරෙහි. ඒ ඇලීම ඇතිවුණේ තණ්හාව නිසයි.
තණ්හාව කියන්නේ පුටුව කෙරෙහි පවතින ආශාව. ඒ නිසයි පුටුවට ඇලෙන්නේ. මේ
පුටුවට මම අකැමැති වෙන්නේ මීට වඩා හොඳ පුටුවකට මනැස සැකසී තිබෙන නිසයි.
මේ පුටුවේ උසට අකැමැති නම් ඔබ ආශා කරන උසක් තිබෙනවා. මෙහි පළලට
අකමැතිනම් ඔබ ආශාකරන පුටුවක පළලක් තිබෙනවා. මේ පුටුවේ පළලට අකැමැති
නිසා මේ පුටුවේ පළලට යම් ගැටීමක් එනවානම්, ඒ ගැටීම එන්නෙත් මේ පුටුවට
වඩා හොඳ පුටුවකට තිබෙන තණ්හාව නිසා. එහෙනම් යම් තැනක තණ්හාවක් ඇද්ද ඒ
නිසාමයි ගැටෙන්නේ. යමක් කෙරෙහි තිබෙන ආශාව නිසාමයි ඒ කෙරෙහි ගැටෙන්නේ.
යමකට කැමැති නිසාමයි එයට ඇලෙන්නේ. එහෙනම් ඇලෙන තැනත් ගැටෙන තැනත්
මුල්වුණේ තණ්හාව යි. මේ ජීවිතයේ තණ්හාව නොවේ බරපතලම ප්‍රශ්නය. තණ්හාව
හටගත්තේ, උඩිින්ම තිබෙන අවිද්‍යාව මූලික හේතුව කරගෙනයි. ඒ අවිද්‍යාව
අනවබෝධය දුරු කරන්න නම් අප ගත යුත්තේ අවබෝධය යි. ධර්මය කෙරෙහි අවබෝධය
එන්න එන්න විද්‍යාව වැඩෙනවා. අවිද්‍යාව නැසෙනවා.එවිට අනවබෝධය අපෙන් ඈත්
වෙන්න ඈත්වෙන්න තණ්හාව අඩු වෙනවා. එසේ තණා්හාව නැති කිරීම හෝ අඩු කිරීම
බලෙන් කළයුතු වන්නේ නැහැ.
සමහර අය ධර්මයේ හැසිරෙනවා, එයට මහන්සි ගන්නවා කියා එයා ළඟ තිබෙන බොහෝ
දේ බැහැර කරගෙන, බැහැර කරගෙන යනවා. එය බාහිරෙන් බැහැර කරන්නේ. රත්තරං
බඩුටික ගලවලා දානවා. ඥාති සම්භාෂණවලට යාම නවතා දානවා. පාට ඇඳුම්
අඳින්නේ නැහැ. මේ ආකාරයට අමුතු උපාසක ලීලාවක් ගන්නවා. කිසිවෙකුට ඇලීමක්
නැහැ දැන් මට සියල්ල අතහරින්න පුළුවන් කියා ලෝකයට පෙන්වනවා. එය තණ්හාව
අත හැරීමක් නොවේ. තණ්හාව අත හරින්න ඕන බාහිරට කලින් අභ්‍යන්තරයෙන්. එය
බලෙන් කරන්න බැහැ. එය කළහැකි වන්නේ අවබෝධයත් සමඟ යි. තණ්හාව
අභ්‍යන්තරයට එන්නේ අනවබෝධය නිසා. අවිද්‍යාව තිබීම නිසා. එහෙනම්
අවිද්‍යාව බිඳින විටයි විද්‍යාව උපදින විටයි තණ්හාව නැතිවෙන්නේ. එහෙනම්
ඔබට පැහැදිලියි අප මුලින් කළයුත්තේ තණ්හාව නැති කිරීමට පෙර අවිද්‍යාව,
සක්කාය දිට්ඨිය නැතිකර විද්‍යාව ඇතිකර ගැනිමයි. ඒ සඳහා සම්මාදිට්ඨිය
ඇති කර ගැනිමට ඔබට නුවණ, ශක්තිය ලැබේවා.
නයනා නිල්මිණි |