නිරෝගීකම
ශාස්ත්‍රපති,
වික්‍රමසිංහ අතපත්තු
තලවත්තේගෙදර
බෞද්ධයාගේ පරම අභිලාසය නිවන් දැකීම හෙවත් ලෝකෝත්තර සුවය ලබා
ගැනීමයි. එතෙක් සසර ගමනේ දී හමුවන ලෞකික සම්පත් අතර පරම සුවය වන්නේ
නිරෝගීකමයි. මිනිසාගේ හා මිනිස් ලොව ශ්‍රේෂ්ඨත්වය බුද්ධ ඥානයට දැනුණු
සෑම
අවස්ථාවකම උන්වහන්සේ දේශනා කළේ
සදාකාලිකව වෙනස් නොවන යථාර්ථවාදී දහමක්. මේ දහමට අනුව නිරෝගීකම
උතුම් ලාභය ලෙසයි දේශනා කර වදාළේ.
බෞද්ධයාගේ පරම අභිලාසය නිවන් දැකීම හෙවත් ලෝකෝත්තර සුවය ලබා ගැනීමයි.
එතෙක් සසර ගමනේ දී හමුවන ලෞකික සම්පත් අතර පරම සුවය වන්නේ නිරෝගීකමයි.
මිනිසාගේ හා මිනිස් ලොව ශ්‍රේෂ්ඨත්වය බුද්ධ ඥානයට දැනුණු සෑම අවස්ථාවකම
උන්වහන්සේ දේශනා කළේ සදාකාලිකව වෙනස් නොවන යථාර්ථවාදී දහමක්. මේ දහමට
අනුව නිරෝගීකම උතුම් ලාභය ලෙසයි දේශනා කර වදාළේ.
“ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාසා පරමා ඥාති
නිබ්බානං පරමං සුඛං”
නිරෝගීකම උතුම්ම ලාභය බවත් සතුට උතුම්ම ධනය බවත් විශ්වාසය උතුම්
ඥාතිත්වය බවත් දේශනා කර වදාළ තථාගතයන් වහන්සේ පරම සැපත නිවන බවම
අවධාරණය කර තිබේ.
එසේ නම් නිවනින් මෙපිට ඇති සියලු ප්‍රතිලාභයන් ඉක්මවා නිරෝගීබව
ජයග්‍රහණය කරනු පිණිස අප නිවැරදි පිළිවෙත් ජීවිතයට සමීපකරගත හැකි වෙයි.
සිත කය හෙවත් රෑප යන ස්කන්ධ දෙකම එකම තත්ත්වයකට යටත් වන්නේ රෝගී වීමේ
සාධකය මත පමණයි. සිත නාම ලෙසත් ගත රූප ලෙසත් පරමාර්ථ වශයෙන් බෙදා
දැක්වීමේ දී දේශනා කර ඇත්තේ රූපය දිරන බවත් නාමය නොදිරන බවත්ය. නොදිරන
සිත දිරන ගතට වඩා බලවත්ය. එහෙත් රෝගීවීමේ දී ගතට වඩා සිත ලෙඩ වීමේ
ප්‍රවණතාවය වැඩිය.
කෙලෙසුන් සුන්කළ කල්හි මානසික රෝගී බව දුරුවී භවදුක නමැති රෝගයෙන්ද
සදහටම අත්මිදිය හැක. එහෙත් කෙලෙස් දුරුකල රහතන් වහන්සේට පමණක් නොව
භවදුක සදහටම දුරුකරන මඟ සොයාගත් තථාගතයන් වහන්සේටද කායික රෝගවලට මුහුණ
දීමට සිදුවූ බව අප අමතක නොකළ යුතු වෙමු. කායිකව වැළදෙන විවිධ රෝග
පිළිබඳ අවධානය යොමු කරන බුදු දහම ගිරිමානන්ද සූත්‍රයේ දී මෙවැනි
පැහැදිලි කිරීමක් කර තිබේ.
“පිතෙන් වන රෝග, සෙමෙන් වන රෝග, වාතයෙන් වන රෝග, තුන්දොසින් වන රෝග,
සෘතු පෙරළීමෙන් වන රෝග, (කාලගුණ විපර්යාස) විෂම පරිහරණයන්ගෙන් සිදුවන
රෝග, උපක්‍රම නිසා හටගන්නා රෝග, කර්ම විපාකයන්ගෙන් වන රෝග, ශීත, උෂ්ණ,
පිපාසය, කුසගින්න, මළ බද්ධය මුත්‍රා අඩස්සිය ආදී අක්‍රමවත් බව නිසා වන
රෝග යනුවෙන් හටගන්නා විවිධ ආබාධ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ.
“සුසුඛං වත ජීවාම – ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු - විහරාම අනාතුරා”
අපි යහපත් ලෙස ජීවත් වෙමු. ආතුරයන් මැද අනාතුරව
ආතුර වූ මිනිසුන් මැද - වෙසෙමු නිබඳ නිරෝගීව
මේ දහම් පදයෙන් බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ මෙලොව බොහෝ දෙනෙක් ආතුරව
හෙවත් රෝගීව කාලය ගත කරන බවයි. ඒ රෝගීන් මැද වුවද නිරෝගීව ජීවත් විය
යුතු බවක් මෙයින් දැනුවත් කරයි.
පස්කම් සැපතට ඇති අධික ගිජුබව මානසිකව රෝගීවීමට හේතුවකි. අසහනය,
අතෘප්තිය ආදී පීඩනයන්ගෙන් කම්පිතව මානසික ව්‍යාකූලත්වයක් ඇති වේ.
මානසික රෝගයකට එය නිධානයකි. අධික ගිජු බව නිසා පමණ නොදැන පරිභෝජනයට
ගන්නා ආහාරපාන නිසාද කායික රෝග හටගන්නා බව ධර්මානුකූලවද විද්‍යානුකූලව
ද සනාථ වී තිබේ.
කසීභාරද්වාජ බ්‍රාහ්මණයාට දේශනා කළ සූත්‍රයක මෙසේ සඳහන් වේ.
“කායගුත්තෝ වචී ගුත්තෝ
ආහාරෙ උදරෙ යතෝ
සච්චං කරෝමි නිද්දානං
සෝරච්චං මේ පමෝචනං”
මෙහි අදහස වන්නේ “කාය සුචරිතය ආරක්ෂා කරන්නෙමි වාග් සුචරිතයද ආරක්ෂා
කරන්නෙමි. උදරයෙහි පමණ දැන ආහාර ගනිමි.” යන්නයි. මෙය නිරෝගී දිවියකට
බුදුදහමේ නිර්දිශ්ඨ කදිම පිළිවෙතකි.
කායික හා මානසික නිරෝගීතාවය මේ අනුව අප ලබන උතුම්ම ලාභය බැවින් නිරවුල්
සංකල්පනා හා නිවැරදි සිතුම් පැතුම් මැද යහපත් මානසික තත්ත්වයක් ගොඩනඟා
ගැනීමට දැහැමි දිවි පෙවෙත උපයෝගී කර ගනිමු. ආශාවන් සන්තර්පණය කර ගැනීමට
නොව අවශ්‍යතා සපුරා ගැනීමට පමණක් ක්‍රියාත්මක වී කායික නිරෝගීතාවය
පිළිබඳව සැලකිලිමත් වෙමු. සමබර ආහාර වේලක් හා තැන්පත් මානසිකත්වයක් යනු
මේ අභියෝගය ජයගත හැකි ඉතා සරළ පිළිවෙතයි. |