Print this Article


ගෞරව උපාධි ලබති

ගෞරව උපාධි ලබති

නාපාගොඩ ත්‍රිපිටකෝදය මහ පිරිවෙන් ආචාර්ය, ගලෙන්බිඳුණුවැව සරණපාල හිමියන් වෙත පසුගිය දින ප්‍රාචීන භාෂෝපකාර සමාගම හා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිරිනමනු ලැබූ රාජකීය පණ්ඩිත ගෞරව උපාධිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් අතින් ලබාගන්නා ලදී. උන්වහන්සේ නාපාගොඩ පිරිවෙන් කෘත්‍යාධිකාරීව වැඩසිටි ගිරිදර සුමනජෝති නාහිමියන්ගේ ශිෂ්‍ය නමකි. පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබූ සරණපාල හිමියන්ට ආශීර්වාද පතා බෝධි පූජා හා උපහාර පින්කම් මාලාවක් පැවැත්විණි.