Print this Article


ඇසළ මල්වැස්ස පින්කම

ඇසළ මල්වැස්ස පින්කම

වේයන්ගොඩ එළුවාපිටිය ශ්‍රී ඉසිපතනාරාමාධිපති හේනේපොල ධම්මවංස හිමියන්ගේ අනුශාසනා පරිදි මලින්, මුළු විහාර භූමියම සරසා සුවඳ දුමින් සුවඳවත් කර, දහස් ගණනින් පහන් ආලෝක පූජා පවත්වා සිදු කරනු ලබන “ඇසළ මල් වැස්ස පූජා” පින්කමේ මෙවර විශේෂ අවස්ථාව වනුයේ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ හතර නමක් පූජා කිරීම, ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ තෙසැත්තා ඥානයන් උදෙසා රන් ආලේපිත නෙළුම් මල් 73 කින් සමන්විත වියනක් පූජා කිරීම හා බෝ සමිඳුන් උදෙසා රන් ආලේපිත රන්වැට පූජා කිරීම මෙම අසිරිමත් පින්කමේ විශේෂිතම අවස්ථාව වේ. මෙම මස 20 දින සවස 5 ට ආරම්භවන මෙම මහා පූජා පින්කම අවසානයේ බත් දන්සැලක් ද පැවැත්වේ.