Print this Article


බුදුසරණ: බොදු පුවත් | ගල්කිස්ස බෞද්ධායතනයේ නවීකෘත ධර්ම ශාලාව විවෘත කිරීම

ගල්කිස්ස බෞද්ධායතනයේ නවීකෘත ධර්ම ශාලාව විවෘත කිරීම

ගල්කිස්ස, වටරප්පල පාර බෞද්ධායතනයෙහි ධර්ම අධ්‍යාපන මන්දිරයට යාබදව අභිනවයෙන් ඉදිකරන ලද ධර්ම ශාලාව විවෘත කිරීමේ පුණ්‍යෙීත්සවය පෝදා පෙරවරුවේ පැවැත්වේ. විහාරධිපති දිවියාගහ යසස්සි නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම ශාලාව සාදවන ලද්දේ ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි කරුණා හෙට්ටිආරච්චි මහත්මිය ප්‍රධාන එච්. ඒ. අමායා දියණිය ඇතුළු පවුලේ අය විසිනි. මෙදින වස් ආරාධනය කරුණු ලබන්නේ ද මේ පින්වතුන් විසිනි. ආබාධිත පින්වතුන්ට රෝද පුටුවෙන්ම ශාලාවට ඇතුලු වීමටත්, අනිකුත් ආබාධිත හා වයස්ගත පින්වතුන්ටත් බිම වාඩිවීමට අපහසු සියලු දෙනාටත් සුදුසු ආසනවල පහසුවෙන් සිට ආගමික කටයුතු වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙන බවත් දායක සභාවේ ප්‍රධාන ලේකම් පුෂ්පකුමාර කුලතුංග මහතා දන්වා සිටියි.