Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ විසින් පැවිදිවතට ධනය සම්පතක් නොව දුඞඛ දෝමනස්සයක් වුවත් අගාරික ගිහිවතට බාධකයක් නොව සාර්ථක දිවි පෙවෙතකට සාධකයක් බව වදාළහ. ඒ බව චිත්ත ගහපති තුමාට උන්වහන්සේ, සැදැහැති, සිල්වත්, ධන ධන්‍යාදී ලෞකික ධනයෙන් හා ශ්‍රද්ධාදී සීලාදි ආර්ය ධනයෙන්ද යුත් තැනැත්තා වසන පෙදෙස්ද පූජනීය බව වදාළහ. ඒ අනුව දෙව් මිනිසුන් (දෙවමනුස්සානං නච්රස් සේව) ඉතා කඩිනමින් භෝග සම්පත් බහුල කරගැනීම හේතු හතරක් (මහන්තං වෙපුල්ලත්තං පාපුණන්ති භොගෙසු) බුදුදහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර
දෙවි මිනිසුන් සහිත ලෝකයාගේ ලෞකික සම්පත් බහුල බවට පත්වීමට හේතු හතරක් (අ.නි.) චක්ක වග්ගයේ චක්ක සූත්‍රයෙහි සඳහන් වෙයි.

එනම් පතිරූප දෙස වාසය සද්පුරුෂ ආශ්‍රය ආත්ම පාරිසුද්ධිය සිත්හි තැන්පත් බව පෙර පින් ඇති බව

ප්‍රශ්නය
මෙම ධර්ම පාඨය කියවන්න
එතෙ ඛො සංගහා ලොකෙ
රථස්සාණීව යායතො’
බුද්ධ දේසනාවෙහි කුමන ධර්ම කරුණක්

පැහැදලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේද ඒ එම ධර්ම කරුණුද සටහන් කරන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේ ‘සිව් සඟරාවත’ (සංග්‍රහ වස්තු හතර) නුවණැත්තාගේ දැක්මක් බව

යස්මාච සංගහා එතෙ සමවෙක් ඛන්ති පණ්ඩිතා වදාළහ. එනම් දානය , පි‍්‍රයවචනය, අර්ථචරියාව, සමානාත්මතාවය (දී.නි.සිගාලක සූත්‍ර 3 සූත්‍ර 29 පිටු)

අ.නි. සංගහවත්ථු සූත්‍ර 4.66 පිටු)

ප්‍රශ්නය
ගැටුම් නිරාකරණය සඳහා බෞද්ධ පිළිවෙත දේසනා පාලියෙහි එන පරිදි පැහැදිලි කරන්න.

පිළිතුර
(අ.නි.04-91) පද්හව්‍යාකරණ සූත්‍ර

අත්ථී භික්ඛවෙ පඤ්හො එකංසව්‍යකරණීයො

ඒකාන්තයෙන්ම ඍජුව විසඳිය යුතු ප්‍රස්නයක් ඇත.

(විභජ්ජව්‍ය කරණීයො - බෙදා විසඳිය යුතු ප්‍රශ්නයක් ඇත.

පටිපුච්ඡා ව්‍යාකරණීයො විචාරශීලිව විසඳාලිය යුතු ප්‍රශ්නයක් ඇත.

ඨපනීයො - නොසලකා හැරීම