කොළඹ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ
අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
තම කාමභෝගී
ජීවිතය සදාචාර
විරෝධී ක්‍රියාවලින්
වැළකි නීතිය
යුක්තිය හා
සදාචාරය තුළ
අර්ථවත්
කරගැනීමට පුණ්‍ය
ක්‍රියා බෙහෙවින් උපයෝගි වේ.
සමාජ සත්වයෙකු
වශයෙන් උපත
ලබන මිනිසාට මුළුමනින්ම
සමාජයෙන්
වියුක්තව පැවතිය
නොහැකිය. සමාජය
තම පැවැත්මට
දායක වන හෙයින්
පෙරළා සමාජයටද
යහපත් දෙයක්
ලබාදීම උදාර
මිනිසෙකුගේ
වගකීමකි.
බෞද්ධ සදාචාරාත්මක ඉගැන්වීම් අතර ‘පුඤ්ඤ’ යනුවෙන් හැඳින්වෙන
ක්‍රියාකාරකම් සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් වැදගත්වේ. පුණ්‍ය ක්‍රියාවල
ප්‍රතිඵලය වන්නේ සංසාරික පැවැත්ම වඩාත් සුවදායි එකක් බවට පත්කිරීමයි.
මරණින් මතු සතර අපායෙන් මිදී සුගති වශයෙන් සැළකෙන දෙව්ලොව හෝ මනුෂ්‍ය
ලෝකයේ උපත ලබා ගැනීමට පුණ්‍ය කර්ම උපයෝගි වේ. පුඤ්ඤ යනුවෙන් වර්තමානයේ
අදහස් කෙරෙන ඇතැම් ක්‍රියාවලට වඩා වෙනස් ක්‍රියාකාරකම් රැසක් බෞද්ධ
සූත්‍ර දේශනාවලින් හඳුනා ගැනීමට පුළුවන.
එම ක්‍රියාකාරකම් පිළිබඳ නැවත කියවීමක් කළ හැකිනම්, බෞද්ධයන් විසින්
අර්ථවත් පින්කමකට යොමුකිරීමට අවශ්‍ය මගපෙන්වීම, ලබාගත හැකිවේ. පින්
රැස් කිරීම ගිහි බෞද්ධ ජීවිතයේ අනිවාර්ය සදාචාරාත්මක ප්‍රතිපදාවකි.
ගිහියාගේ අරමුණ නිවන් දැකීමට වඩා සසර සැපවත් කරගැනීමයි. එහෙත් උත්සාහය
තිබෙන කවර ගිහියෙකුට වුවද කුශල ප්‍රතිපදාව වැඩීමට බාධාවක් නොමැත.
බෞද්ධයන් අතර සාතිශය බහුතරයක් පංචකාම ලෝකයත් සමඟ නිරන්තරයෙන්ම ඇලි ගැලී
සිටී. එයින් මිදීම සඳහා විශාල කැප කිරීමක් කළ යුතුවේ.
මෙම පසුබිම තුළ ඔවුන්ට තම කාමභෝගී ජීවිතය සදාචාර විරෝධී ක්‍රියාවලින්
වැළකි නීතිය යුක්තිය හා සදාචාරය තුළ අර්ථවත් කරගැනීමට පුණ්‍ය ක්‍රියා
බෙහෙවින් උපයෝගි වේ. සමාජ සත්වයෙකු වශයෙන් උපත ලබන මිනිසාට මුළුමනින්ම
සමාජයෙන් වියුක්තව පැවතිය නොහැකිය. සමාජය තම පැවැත්මට දායක වන හෙයින්
පෙරළා සමාජයටද යහපත් දෙයක් ලබාදීම උදාර මිනිසෙකුගේ වගකීමකි. මෙම වගකීම
මෙන්ම තම සංසාරික ජීවිතය අර්ථවත් කෙරෙන පුණ්‍ය ක්‍රියා පහක් පිළිබඳ
සංයුත්ත නිකායේ වනරෝප සූත්‍රයේ ඇතුළත් වේ. දෙවියෙකු විසින් අසන ලද
ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ ලබාදුන් පිළිතුර වශයෙන් මෙම කරුණු පහ එහි
ඇතුළත් වේ.
බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි දෙවියා “ කවරෙකුට දිවා රැය පින් වැඩේද?
දැහැමි, සිල්වත් ජීවිත ගත කරන කවරනම් කෙනෙක් ස්වර්ග ගාමී වේද? “
යනුවෙන් උන්වහන්සේගෙන් විමසීය. එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ
යමෙකු ආරාම වැවීම (ආරාමරෝපා) වන වගාව (වනරෝපා) පාලම් ඒ දඬු ඉදිකිරීම
(සේතු කාරකා) පැන් පොකුණු ළිං සකස් කිරීම (පපංච උදපානංච) නිවසක් හෝ
ආවාසයක් පරිත්‍යාග කිරීම (දදන්ති උපස්සයං) ආදි ක්‍රියා සිදුකරන්නේ නම්
එම තැනැත්තට දිවා රෑ පින් වැඩෙන බවත් (දිවාච රත්තෝච සදා පුඤ්ඤං
පවඩ්ඩති) දැහැමි සිල්වත් එබඳු පුද්ගලයන් ස්වර්ගගාමි වන බවත් දේශනා කළහ.
වනරෝප සූත්‍රයේ අන්තර්ගත කරුණු තවදුරටත් විග්‍රහ කරන්නේ නම් එයින්
මූලික වශයෙන් ආරාම හා වන වගාව මගින් පරිසර සංරක්‍ෂණයත්, සේතුකාරක
යනුවෙන් මහා මාර්ග පද්ධතියත්, පැන් පොකුණු ළිං සකස් කිරීමෙන් ජල
සම්පාදනයත්, ආවාසයක් හෝ නිවසක් ඉදිකර දීමෙන් නිවාස සංවර්ධනයත් අදහස්
වේ. මේ වූ කලි වර්තමාන සංවර්ධනයේ යටිතල පහසුකම් නොවේද? වෙනත් වචන මගින්
වර්තමානයේ සංවර්ධනය යනුවෙන් අප විග්‍රහ කරන්නේ බුදුරදුන් වදාළ පුණ්‍ය
පිළිවෙතට අයත් මෙම කාරණා යැයි නුවණින් දකින කවර අයෙකුට වුව වටහා ගැනීමට
පුළුවන. රටක භෞතික සංවර්ධනය යනු එම රටෙහි පිරිසුදු පරිසර පද්ධතියක්
බාධාවකින් තොරව පහසුවෙන් ගමන් කළ හැකි මාර්ග පද්ධතියක් එසේම පිරිසුදු
පානීය ජල යෝජනා ක්‍රමයක් හා ආදායමට සරිලන මූලික පහසුකම් සහිත නිවාස
පද්ධතියක් එම රටෙහි ජනතාව සතුව පැවතීමයි. මෙයට අමතරව වෙනත් කරුණු
රාශියක් සංවර්ධනය මැනීම සඳහා භාවිත කෙරේ.
එහෙත් ඒ සියල්ල මෙම මූලික අවශ්‍යතාවලම දිගුවක් බව පැහැදිලිය. වනරෝප
සූත්‍රයේ අවධාරණය කරන පළමු කරුණෙන් ඉදිරිපත් කරන පාරිසරික පද්ධතියක්
නිර්මාණය කිරීම එක් අතකින් පින් වැඩෙන පින්කමක් මෙන්ම සියලු ජීවින්ගේ
පැවැත්ම තහවුරු කිරීමක් වේ. ගසක් යනු පරිසර පද්ධතියක් බව පැහැදිලිය. එය
ඇසුරු කරමින් විශාල ජීව පද්ධතියක් පවතින අතර එක් අතකින් එය මිනිසාගේ
පැවැත්මට උපකාරී වේ.
බුදුරජාණන් වහන්සේගේ මෙම ඉගැන්වීම අතීත බෞද්ධයන් මැනවින් ක්‍රියාත්මක
කළ බව ඔවුන්ගේ දෛනික ජීවිතය හා බැදුණු සිදුවීම් පරික්‍ෂා කිරීමෙන්
පැහැදිලි වේ. සුන්දර උද්‍යානයක් හෝ වන වගාවක් කිරීමෙන් දිවා රෑ පින්
වැඩේ නම් “ පරිසරය අපිරිසුදු කිරීම, කැලි කසල තැනින් තැන බැහැර කිරීම
වනාන්තර ගිනි තැබීම හා කැලෑ පාළුව පව් වැඩෙන ක්‍රියා ලෙස පහසුවෙන්
අර්ථකථනය කළ හැකිය. ගස් සිටුවීම හා වන උයන් ඇති කිරීමෙහිලා බෞද්ධ
ප්‍රජාව වැඩියෙන් උනන්දු කිරීම බෞද්ධ සංවිධාන වෙත පැවැරෙන වගකීමකිි.
බොහෝ විට අප පින්කම් යනුවෙන් සිදු කෙරෙන දෑ තුළින් ස්වාභාවික පරිසරයට
වක්‍ර ආකාරයෙන් හානි සිදුවෙන බව ඹපැහැදිලිය. මිය පරලොව ගිය තම ඤාතීන්
හා හිතවතුන් වෙනුවෙන් ගස් සිටුවීම යුරෝපීයන් අනුගමනය කරන යහපත්
චාරිත්‍රයකි. එම රටවල බොහෝ උද්‍යානයන්හි තම ඤාතීන් හා හිතවතුන් සිහිපත්
කිරීම සඳහා ගස් සිටුවා තිබේ.මෙම යහපත් චාරිත්‍රය අපටද අනුගමනය කළ
හැකිය. මියගිය ඤාතීන් වෙනුවෙන් පමණක් නොව තමන්ගේ උපන්දිනය සැමරීමේදී
මෙම සද් චාරිත්‍රය අනුගමනය කළ හැකිවේ. ලංකාවේ පැරණි විහාරස්ථාන ආරාමික
ස්වරූපය රැකගෙන තිබුණි. ආරාමය කිව් සැනින් මතකයට එන්නේ ගහකොල පිරිණු
පරිසරයකි. මිහිතලය උණුසුම්වීම හා ජල උල්පත් සිඳීයාම පිළිබඳ ගෝලීය
පාරිසරික අර්බුද පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම යුගයේ වනරෝප සූත්‍රයේ
දැක්වෙන පරිසර ප්‍රතිපත්තිය මහගු මගපෙන්වීමක් වේ.
ජල සම්පාදනය සඳහා පැන් පොකුණු ළිං තැනීම තවත් එක් පුණ්‍ය ප්‍රතිපදාවකි.
අනෙක් අතින් එය මහගු ප්‍රජා සත්කාරයකි. ළිං, පැන්, පොකුණු ඉදිකිරීම
එක් අතකින් පින් වැඩෙන පින්කමක් ලෙස සැලකෙන අතර එකී සම්පත් විනාශ
කරමින් පරිහරණය එක්තරා ආකාරයක පාපයක් ලෙසද සැළකීම වැරදි නොවේ. ජලය
ලබාගැනීමට අපහසු තැනකට පොකුණක්, ළිඳක් ඉදිකිරීම අර්ථවත් පින්කමකි.
නිවහනක් නොමැති කී දෙනෙක් අප අතර වෙසේද? ඔවුහු කුමන හෝ හේතුවක් නිසා මේ
තත්ත්වයට පත් වී සිටිති. එවන් අසරණ පිරිසට කාගේ හෝ පිළිසරණක් අවශ්‍ය
වේ. ඇතැම් විටෙක ඈත දුෂ්කර ගමක විහාරස්ථානයකට කුටියක් නොමැතිව අපහසුවෙන්
වැඩ සිටින භික්‍ෂූන් වහන්සේ සිටිති. එවන් තැනකට පරිත්‍යාග කෙරෙන නිවසක්
කුටියක් අගය කළ යුතු පින්කමකි. අර්ථවත් සමාජ සේවයකි. එහෙත් අප බොහෝ
දෙනෙක් පින්කම් නාමයෙන් සිදුකරන බොහෝ දෑ අතර මෙවැනි අවස්ථා දක්නට
ලැබෙන්නේ කලාතුරකින්ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පුණ්‍ය ප්‍රතිපදාව
එක් අතකින් ආධ්‍යාත්මික දියුණුව පිණිස හේතුවන අතර අනෙක් අතින් එය සමාජ
සංවර්ධනයට ඉවහල්වේ. වර්තමානයේ අප සිදුකරන බොහෝ පින්කම්වල මෙකී අරමුණට
ළඟාවෙන ක්‍රියාකාරකම් අඩු විය හැකිය. අර්ථවත් ක්‍රියාවකට ධනය වැය කොට
සිදුකෙරෙන පින්කම කරන්නාට ආධ්‍යාත්මික සුවය ගෙන දෙන අතරම එහි
ප්‍රයෝජනයද ඉමහත්ය.
අතීත සිංහල බෞද්ධයන් ඉහතින් දැක්වු පුණ්‍ය ප්‍රතිපදාව ක්‍රියාත්මක කළ
අයුරු ඔවුන් සිදුකළ ප්‍රජා සේවාවන් පිළිබඳ ඉතිරි වී තිබෙන ඇතැම්
පෞරාණික පැන් පොකුණු ළිං අම්බලන් මං මාවත් ආදියෙන් වටහා ගත හැකිවේ.දිග්
විජය ප්‍රතිපත්තිය අතහැර ධර්මවිජය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ අශෝක
අධිරාජයා මෙම ප්‍රතිපත්තිය ඔහුගේ රාජ්‍ය පුරා ක්‍රියාත්මක කළ අයුරු
අශෝක ශීලා ලේඛනවලින් පැහැදිලි වේ. වෙසක් හා පොසොන් සමයේ අප සිදුකළ
පින්කම් සැබෑ ලෙසම අර්ථවත් අයුරින් සිදු කළාද යන්න නැවතත් සිතා බැලිය
යුතුයි. වනරෝප සූත්‍රයෙන් පෙන්වා දෙන පුණ්‍ය ප්‍රතිපදාව නැවත බලගන්වා
පෞද්ගලිකව මෙන්ම ආයතනගතවද ක්‍රියාවට නැංවීමට කාලය එළඹ තිබේ. |