අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය
බුද්ධ චරිතයේ එන එක් අවස්ථාවකි මේ.
බුද්ධත්වයට පත්වීමෙන් ප්‍රථම කොට භාග්‍යවතුන් වහන්සේ එකම ඉරියව්වක වැඩ
හිඳිමින්, සත් දවසක් විමුක්ති සුවය ප්‍රතිසංවේදනය කරමින් එනම් නැවත
නැවත වින්දනය කරමින් ගතකොට එදවස් හත ඇවෑමෙන් එම සමාධියෙන් නැගී සිට
රාත්‍රියේ ප්‍රථම යාමය තුළ ‘පටිච්ච සමුප්පාදය’ අනුලෝම වශයෙන් මනාව
මෙනෙහි කළ සේක. පැහැදිලි කරන්න.
පිළිතුර
එය මෙසේ අනුලෝම වශයෙන් මෙනෙහි කළ සේක.
මෙය පවත්නා කල්හි මෙයද පවත්නේය.මෙය හටගැනීමෙන් මෙයද හට ගනී.
මේ නම් කිමෙක්ද යත්,
අවිද්‍යාව ප්‍රත්‍යකොට සංස්කාරයෝ පවත්නාහ
සංස්කාර ප්‍රත්‍යකොට විඤ්ඤාණය පවත්නේය
විඤ්ඤාණය ප්‍රත්‍යකොට නාම රූප පවත්නේය
නාම රූප ප්‍රත්‍යකොට සළායතන පවත්නේය. සළායතන ප්‍රත්‍ය කොට ඵස්ස
පවත්නේය. ඵස්ස ප්‍රත්‍යකොට වේදනා පවත්නේය. වේදනා ප්‍රත්‍යකොට තණ්හා
පවත්නේය. තණ්හා ප්‍රත්‍යකොට උපාදාන පවත්නේය. උපාදාන ප්‍රත්‍ය කොට භව
පවත්නේය. භව ප්‍රත්‍යකොට ජාති පවත්නේය. ජාති ප්‍රත්‍යකොට ශෝකය, වැළපීම,
දුක, දොම්නස, අසහනය, යනාදී මේ මුලු දුක්ඛස්කන්ධයේම හටගැනීම සිද්ධ
වන්නේය.
ඛු.නි.උදානපාලි බෝධිසූත්‍ර
ප්‍රශ්නය
මොහු තුළ මාතෘ පේ‍්‍රමයත් නැතිසේය. සසරදී මොහු මට දරුවූ වාර අනන්ත විය
හැකියි. තව තවත් මොහු පසු පස යෑම මුළාවකියි සිතූ මෙහෙණිය පුත්‍ර ස්නේහය
අතහැර දැමුවා භාවනාවට සිත යොමුකොට රහත් ඵලයට පත්වූවාය. මෙ පුවතින්
කියවෙන රහත් මෙහෙණිය කවුද?
පිළිතුර
කුමාර කාශ්‍යප මාතා
රහත් මෙහෙණිය
ප්‍රශ්නය
එකල විසූ භික්‍ෂූන් වහන්සේලා අතර උගත්කමින් ගුණ නුවණින් හා ශික්‍ෂා
කාමිත්වයෙන්ද වැඩි කෙනෙකු නොවූ බැවින් කීර්ති ශ්‍රී රාජසිංහ රජ තුමා
උන්වහනසේ වෙත සංඝරාජ පදවියද පිරිනැමීය. තමන් ලැබූ අලුත් පදවිය නිසා
“උඩඟු නොව මහණ යන්න තමා වැඩවසන කුටියට ඇතුලුවන දොරටුවෙහි ලියා තැබූ බව
ඒ හිමියන්ගේ චරිතාපදානයෙහි දැක්වෙයි. මහ සඟ පරපුරේ මෙම සංඝ පීතෘවරයාගේ
නම කුමක්ද?
පිළිතුර
කන්ද උඩරට තුම්පනේ ප්‍රදේශයේ ජන්ම ලාභය ලැබූ පුත් කුමරෙකු සොළොස්වන
වියෙහිදී සූරියගොඩ විහාරයෙහිදී වැලිවිට සරණංකර යන නමින් පැවිදි බව
ලැබීය. පැවිදි දා පටන්ම පිඬුසිඟා යාමෙන් යැපුණාහ. ඒ නිසාම පිණ්ඩපාතික
සරණංකර යන නමින් සැදැහැ වතුන් විසින් පුදනු ලැබීය. දහම් මග පිළිවෙත්
කොට ධර්ම චාරිකාවෙහි නිරතුරුව වැඩම කළ නිසා “වැලිවිට පිණ්ඩපාතික අසරණ
සරණ සරණංකර යන නමින් ජනාදරයට පත්වූහ. සඟරජ නමින් රාජකීය බුහුමනට
උන්වහන්සේ පසුව පත්වූහ.
ප්‍රශ්නය
සබ්බේ සංඛාරා අනිච්චා “ මෙම ධර්ම පාඨය ධර්මානුකූලව විවරණය කරන්න.
පිළිතුර
සංස්කාර (සංඛාර) නම් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් දෙයයි. ලෝකයේ පවත්නා
සෑම දෙයක්ම සංඛාර ය සත්වයා පුද්ගලයා මම යන සම්මුතියෙන් හඳුන්වන්නේද
සංස්කාරයෝය. හේතු ප්‍රත්‍ය නිසා හටගත් නිසා හටගත් දේ විනා සත්‍ය
වශයෙන්ම ස්ථාවරව ස්වාධීන ධර්මතාවයක් ලොව නැත. සියල්ල සාපේක්‍ෂකය.
සත්වයා යනු ස්කන්ධ (ගොඩවල්) පහකි. මේ එක එක් ස්කන්ධයක් සංස්කාරයකි.
එනම් රූප,වේදනා, සඤ්ඤා ,සංඛාර , විඤ්ඤාණ යන ස්කන්ධ පහයි. මේවා හේතු
ප්‍රත්‍ය නිසා හටගත් ඒවාය. ඒ සෑම ස්කන්ධයක්ම මොහොතක් පාසා වෙනස් වෙයි.
ස්ථාවර පැවැත්මක් නැත. ඒ නිසාම අනිත්‍ය ය. ඒවා දුක් සහගතය.
ප්‍රශ්නය
පංචස්කන්ධයන්ගේ නිරෝධයෙන් ලැබෙන අවෙදයිත සැපය නිර්වාණයයි (නිබ්බාණං
පරමං සුඛං) සදාකාලික සැපයකි. ධර්මානු කූ®ලව විවරණය කරන්න.
පිළිතුර
නිර්වාණය (පරමං සුඛං) උතුම් සැපයක් වන්නේ එහි විඳීමෙන් තොර සැපයක් ඇති
හෙයිනි. එහි පුද්ගලයෙකු වශයෙන් විඳිය යුතු ලෞකික වේදනා කිසිවක් නැත.
සතර මහා භූ®තයන්ගෙන් හටගත් කිසිවක් නැත. සුභ අසුභ වශයෙන් භේදයක්ද නැත.
නාම රූප ධර්ම කිසිවක් නැත. වේදනාවක් නැත. විඳීනු ලබන කෙනෙක්ද නැත.
(අජාතං අභුතං අමතං) ආදී වශයෙන් උපත විපත දෙකින් මිදුනු අවේදයිත
විමුක්ති සැපයකි. පංචස්කන්ධය ඇතිතාක් ජාති, ජරා ආදී දුක්වලට පුද්ගලයා
ගොදුරු වෙයි. පංචස්කන්ධය හැර දැමීමෙන් පිරිනිවන් පෑමෙන් භවගාමී උපතක්
සිදු නොවන නිසා සියලු දුකින් නිදහස් වේ.
ප්‍රශ්නය
කායික, වාචසික, මානසික සියලු යහපත් ක්‍රියා කුසල කර්ම නමින් පෙළ දහමෙහි
සඳහන් වෙයි. ‘සියලු යහපත් ක්‍රියා ‘ යන්න ධර්මානුකූ®ලව පැහැදිලි කරන්න.
පිළිතුර
මිනිසා නමින් හඳුන්වනු ලබන සංකීර්ණ සංසිද්ධියෙහි ඉතාමත් වැදගත් අංගය
සිතය. යම් කිසිවෙකු පිරිසුදු වන්නේත්, අපිරිසුදු වන්නේත් සිත මූලික
වීමෙන් තමාගේ හොඳම මිතුරා සහ දරුණුම සතුරා (දිසොදිසං යං තං කයිරා
වෙරිවාපන වෙරිනං මිච්ඡා පණහිතං චිත්තං) වන්නේත් සිතමය. ඒ නිසාම
දේශනාවෙහි සඳහන් වන (චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි චෙතයිත්වා කම්මං
කරොති කායෙන වාචාය මනසා) මහණෙනි මම චේතනාව කර්මය යැයි පවසමු සිතින්
කයින් හා වචනයෙන් කර්ම කරන්නේ චේතනාවක් ඇති කරගත් පසුවය. යමකු ප්‍රසන්න
සිතින් (අලෝභ අදෝෂ, අමෝහ) කථා කළහොත් ක්‍රියා කළහොත් තමා අත්නොහැර එන
සෙවනැල්ල මෙන් සැප ඔහු පසුපස එයි. (මනාස චෙ පසන්නේන භාසතිවා කරොතිවා
තතොනං සුඛ මන්වෙති ඡායාව අන පායිනී) එසේම යමකු නපුරු සිතින් කතා කළ
හොත් ක්‍රියා කළහොත් ගැල අදින ගවයා පසුපස එන රියසක මෙන් දුක ඔහු පසුපසම
එයි. (මනාස චෙ පදුට්ඨෙන භාසතිවා කරොතිවා තතොනං දුක්ඛ මන්වෙති. චක්කංව
වහතො පදං) මේ අනුව යහපත් ක්‍රියා (පසන්න චෙතසා) ලෝභ,දෝෂ,මෝහ යන අකුසල
චෛතසිකයන්ගේ මිදුනු සිත මුල්කොට ගත් ක්‍රියා වශයෙන් සැලකිය හැකිය.
ප්‍රශ්නය
සත්වයාගේ ප්‍රකෘති සිත ප්‍රභාස්වර වස්තුවකි. එනිසා “තථාගතයන් වහන්සේ
පභස්සරමිදං භික්ඛවෙ චිත්තං තංච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි
උපක්කිලිට්ඨං” වදාළහ. මහණෙනි සත්වයාගේ ප්‍රකෘති සිත ප්‍රභාස්වරය
(පැහැපත්ය) සිත කෙලෙසෙන්නේ බාහිර ක්ලේෂයන් නිසා කිලිටු වේ. මෙම ආගන්තුක
උපක්කිලෙස මොනවාද?
පිළිතුර
ප්‍රභාස්වර සිත කිලිටි වන්නා වූ උපක්ලේෂනම් ක්‍රෝධය, උපනාහය, මක්ඛ,
පලාස, ඉස්ස, මච්ඡරිය, මායා, සාඨෙය්‍ය, ආදී කෙලෙස් මල කම්මාරො රජතස්සෙව
නිද්ධ මෙ මලමත්තනො රන්කරුවා ගිනියම් කරමින් රන් රිදී ලෝහයෙහි මල
හරින්නාක් මෙන් සිත්බැඳී කෙලෙස් මල ඉවත් කළ යුතු යයි බුදුහු වදාළහ.
ප්‍රශ්නය
ආත්මාර්ථය හා පරාර්ථය හැඳින ගැනීමටද දෙලොව අභිවෘද්ධිය සඳහාද අවකාශ නොදී
ආවරණය කරන නිසාම කලේශ ධර්ම පසක් නීවරණ වශයෙන් පෙළ දහමෙහි හැඳින්වෙයි.
නීවරණ ධර්ම නාමික වශයෙන් සඳහන් කරන්න.
පිළිතුර
කාමච්ඡන්ද නීවරණ
පස්කම් සැප කෙරෙහි ඇතිකරගන්නා රාගය ලොල් බව
ව්‍යාපාද නීවරණය (කුද්ධො අත්ථං නජානාති)
ව්‍යාපාද යෙන් පීඩිත මනසක් ඇත්තා යහපත නොදනී. (කුද්ධො ධම්මං නපස්සති)
ථීන මිද්ධ නීවරණය
සිත්හි උදාසීන බව හා පසුබැසීමය
උද්ධච්ච කුක්කුච්ච නීවරණය
සිතෙහි හටගන්නා නොසන්සුන් බව විසුරුණු ස්වභාවය උද්ධච්චයයි
විචිකිච්ඡා නීවරණය
බුද්ධාදී අටතැන්හි ඇතිවන සැකයයි
මෙම නීවරණය ප්‍රඥාව දුබල කරයි.
|