UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුදහමින් පෝෂණය වූ අශෝක ධර්මය

බුදුදහමින් පෝෂණය වූ අශෝක ධර්මය

චණ්ඩාශෝක නාමයෙන් හැඳින්වූ ඔහු පසුකාලීනව ධර්මාශෝක බවට පත්විය. ධර්මාශෝක රජු බුදුදහම වැඡභඤ-06-05ඳගැනීම සඳහා පසුබිම් වූ හේතු සාධක අතර සත්හැවිරිදි නි‍්‍රග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ උපශාන්ත ගමන් විලාසය දැක රජ මැදුරට ගෙන්වා දහම් අසා පැහැදීම හේතුවෙනි. බෞද්ධ ග්‍රන්ථවල සඳහන් අන්දමට අශෝකයින් නිග්‍රෝධ සාමණේරයන් වෙත යාමත්, උපගුත්ත හිමියන් වෙත එළඹීමෙන් බෞද්ධයකු බවට පත්වී ඇති බව පෙනේ. ඔහු බුදුදහම වැළඳගත් මුල්වකවානුව තුළ බෞද්ධයකු නොවීය, “බයිරාට්” ලිපියේ සඳහන් වන පරිදි ඔහු බෞද්ධයකු බවට පත්වූයේ රාජාභිෂේකයෙන් නව වැනි හෝ දස වැනි වර්ෂයේදී බව සඳහන්වේ. බුදු සමය වැළඳගත් දින සිටම ධර්මාශෝකයින් ක්‍රමයෙන් ධර්ම විජය ප්‍රතිපත්තිය මත පිහිටා බුදුසමය අනුව ජීවත්වන පසුබිමක් නිර්මාණය කිරීමට උත්සුක වූහ.

අශෝක යනු භාරත දේශයේ වාසය කළ මහා ප්‍රතාපවත් රජ කෙනෙකි. සමකාලීනව ඔහු හඳුන්වනු ලැබුවේ චණ්ඩාශෝක නාමයෙනි. චණ්ඩාශෝක වීමට හේතු වූ ප්‍රධානම කාරණය වූයේ කාලිංග යුද්ධයයි. කාලිංග යුද්ධයෙන් පසු තම ඥාතින් ඇතුළු ප්‍රජාව මියයාමත් සමඟ ඇතිවූ සිත්තැවුල බුදුදහම වැළඳගැනීමට ප්‍රබල හේතුවක් විය.

චණ්ඩාශෝක නාමයෙන් හැඳින්වූ ඔහු පසුකාලීනව ධර්මාශෝක බවට පත්විය. ධර්මාශෝක රජු බුදුදහම වැළඳගැනීම සඳහා පසුබිම් වූ හේතු සාධක අතර සත්හැවිරිදි නි‍්‍රග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ උපශාන්ත ගමන් විලාසය දැක රජ මැදුරට ගෙන්වා දහම් අසා පැහැදීම හේතුවෙනි.

බෞද්ධ ග්‍රන්ථවල සඳහන් අන්දමට අශෝකයින් නිග්‍රෝධ සාමණේරයන් වෙත යාමත්, උපගුත්ත, හිමියන් වෙත එළඹීමෙන් බෞද්ධයකු බවට පත්වී ඇති බව පෙනේ. ඔහු බුදුදහම වැළඳගත් මුල්වකවානුව තුළ බෞද්ධයකු නොවීය, “බයිරාට්” ලිපියේ සඳහන් වන පරිදි ඔහු බෞද්ධයකු බවට පත්වූයේ රාජාභිෂේකයෙන් නව වැනි හෝ දස වැනි වර්ෂයේදී බව සඳහන්වේ. බුදු සමය වැළඳගත් දින සිටම ධර්මාශෝකයින් ක්‍රමයෙන් ධර්ම විජය ප්‍රතිපත්තිය මත පිහිටා බුදුසමය අනුව ජීවත්වන පසුබිමක් නිර්මාණය කිරීමට උත්සුක වූහ.

විචාරක මතයනට අනුව අශෝක සෙල්ලිපි පිරික්සා බැලීමේදි එය මනාව පැහැදිලිවේ. ඒ පිළිබඳව විචාරකයින් අතර විවිධ මතවාද පවතියි. ආචාර්ය ‘වින්සන්ට් ස්මිත්’ මහතා පෙන්වා දෙන්නේ අශෝක දහම කිසිම ආගමකට සබඳතා නොපවත්නා බවත් එය සෑම අයෙකුටම අනුගමනය කළ හැකි ධර්ම මාර්ගයක් වන බවත්ය. එය කිසිම ආගමකට විරෝධී නොවන ධර්මිෂ්ට පාලකයකු අනුගමනය කරන රාජ ධර්මයකි. මහාචාර්ය බරුවා මහතා බුදුදහම සෑම ආගමිකයකුටම එකසේ පිළිගත හැකි අයුරින් ගොඩනැගී ඇති දහමක් බව පෙන්වා දෙයි.

අශෝක සෙල්ලිපි අනුසාරයෙන් පැහැදිලි වන තවත් කරුණක් නම් බෞද්ධ සමාජ දර්ශනය හා ශිෂ්ටාචාරය ප්‍රායෝගිකව ගොඩනංවාලීමට දැහැමි අශෝකයින් උත්සාහගෙන ඇති ආකාරයයි. ධර්මාශෝකයින් බුදුසමයේ අන්තර්ගත කරුණු ඇසුරෙන් ප්‍රායෝගික සදාචාර ධර්ම මාර්ගයට අනුකූල නීතිගරුක ආචාර්යධර්මාන්විත, ශිෂ්ටසම්පන්න සමාජ පසුබමක් නිර්මාණය කිරීමට යත්න දරා ඇති බවයි. ඔහු ක්‍රමානුකූල විධිමත් අඩිතාලමක් ඔස්සේ බුදුදහම කෙරෙහි නැඹුරු වී ඇත. එමෙන්ම ආගමික පුද පූජා විධින් මිනිසාගේ අයහපත් මඟට හේතුවක් වී නම් එවැනි දේ තහනම් කිරීමට අශෝකයින් මැලිවී නොමැත. පසුබට වී නොමැත. බමුණු දහමේ අන්තර්ගත යාගහෝම තහනම් කිරීම එයට නිදසුනකි. සමකාලීන සමාජය දෙස බලන විට ප්‍රචලිතව පැවති දෙමාපියනට නොසලකන, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නොසැලකීම සත්ව ඝාතනය, වැනි සදාචාර විරෝධී පහත් මානසිකත්වයෙන් යුතු හිංසක පාප ක්‍රියාවන් කෙරෙහි කම්පිත විය. ඒ සියල්ලටම විසඳුම බුදුසමයට අනුගතව පරහිතකාමීව ක්‍රියාකිරීම බව පෙන්වාදී ඇත. ධර්මාශෝකාධිරාජයාට බුදුසමය පිළිබඳව ඉතා ගැඹුරු අවබෝධයක් පැවති බව භාබෘ සෙල්ලිපිය” මගින් තහවුරු වේ. උවසු උවැසියන්ට කියවීම සඳහා නිර්දේශ කර ඇති දහම් කොටස් මගින් එය පැහැදිලිවේ. ඔහු තුළ විනය පිටකය, මැදුම් සඟිය, අංගුත්තර නිකාය සහ සුත්ත නිපාතය වැනි ධර්ම ග්‍රන්ථවල ඇතුළත් ධර්ම කොටස් පිළිබඳවද මනා අවබෝධයක් පැවති බව පෙනේ.

ධර්මාශෝකයින්ගේ ධර්ම රාජ්‍යයේ පදනම වූයේ දීඝනිකායේ සඳහන් චක්කවත්ති සීහනාද සූත්‍රය මහාසුදස්සන සූත්‍රය හා කූටදන්ත සූත්‍රය යන සූත්‍රවල සඳහන් ධාර්මික රාජ්‍ය පාලකයින් අනුගමනය කළ රාජ්‍ය පිළිවෙත්ය. එහි සඳහන්ව ඇති ආර්ථික , දේශපාලනික, සදාචාරාත්මක උපදේශ මගින් ඉගැන් වූ මහජන සුබ සිද්ධියට ඉවහල් වන ධර්ම කොටස් සමාජගත කිරීමට ධර්මාශෝකයන් ප්‍රයත්න දරා ඇත.

දී.නී. මහාසුදස්සන සූත්‍රයේ සඳහන් පරිදි රටේ රජු පාලිතයා අතර පියකු ලෙස කටයුතු කළ යුතු අයුරු පෙන්වා දෙයි. රජු ප්‍රජාවගේ පියා ලෙසත් ප්‍රජාව තමන්ගේ පුතුන් ලෙසත් ක්‍රියා කළ යුතුය. පියා පුතුන් කෙරෙහි පි‍්‍රයමනාප ඇසින් බලන්නේ යම්සේද එසේ ප්‍රජාව දෙස පිය පුතු සංකල්පයෙන් බැලිය යුතුය.

සියලුම ප්‍රජාව තමන්ගේ දරුවන් වශයෙන් සලකා එතුමා කටයුතු කොට ඇත. “මම ආහාර ගනිද්දි හෝ අන්තඞපුරයේ සිටියදී හෝ ඇතුළු මාලිගාවේ සිටියදී හෝ උද්‍යානයේ සිටියදී හෝ වේවා ජනතාවගේ කටයුතු පිළිබඳව පණිවුඩ මා කරා ගෙන යා යුතුය. මම සෑම තැනකදීම ජනතාවගේ කටයුතු කරමි. මාගේ සේවා කර්මයක් ගැන ඇතිවීමක් කිසිවිටෙකත් මට නොමැත. සියලුම ලෝකායගේ යහපත උදෙසා කටයුතු කිරීම මගේ පරම යුතුකමය. සියලු ලෝකයාටම කටයුතු කිරීමට වඩා උතුම් දෙයක් ඇත්තේ නැත. “

උක්ත කරුණ අනුසාරයෙන් අනාවරණය වන්නේ දැහැමි පාලකයකු වු අශෝකයින් අනුගමනය කළ ක්‍රියාකලාපයේ ඇති උදාර බවයි. ඔහුගේ කාරුණික බව පැතිර ගියේ මිනිසුන් සඳහා පමණක් නොව තිරිසන් සතුන් කෙරෙහිද එය ව්‍යාප්ත විය. දී.නි. එන චක්කවත්ති සීහනාද සූත්‍රය ඊට ඉතා ප්‍රබල නිදසුනකි.

ඔහු පෙන්වා දුන්නේ සතුන් මරා යාගහෝම කිරීම සපුරා තහනම් බවයි. පළමුව තම මුළුතැන්ගෙයි ආහාරය සඳහා සිය දහස් ගණනින් සතුන් මරණයට පත්කළ නමුත් පසුව එය මොණරු දෙදෙනෙකුට හා එක් මුවකුට පමණක් සීමාකොට ඇත. දෙවෙනි ගිරි ලිපියේ සඳහන් පරිදි මිනිසුනට පමණක් නොව තිරිසන් සතුන්ටද ප්‍රතිකර්ම කිරීම සඳහා පශු රෝහල් ඉදිකොටදී තිබේ. විවිධ වූ තුරුලතාවෝ නොයෙක් ප්‍රදේශවලින් ගෙන්වා රෝපණය කරවා ඇත.

බුදුන් වහන්සේ මිනිසාට ජීවි පරිසරය පමණක් නොව අජීවි පරිසරයද සුරක්‍ෂිත කළ යුතු බව පෙන්වා දුන්නාසේම අශෝකයින්ද එම පිළිවෙතම අනුගමනය කොට ඇත. දැහැමි අශෝකයින් මහජනතාවට අවවාද උපදේශන ලබා දුන්නේ ප්‍රායෝගික පදනමක් මත පිහිටාය. ධර්මාශෝකයින් තම දහම් කරුණු ඉදිරිපත් කිරීම සඳහා පාදක කොට ගෙන ඇත්තේ බෞද්ධ මූලාශ්‍රයෝය. මංගල සූත්‍රය, සිගාලෝවාද සූත්‍රය, වැනි සූත්‍රවල අන්තර්ගත කරුණුය.

සම්පත් පරිහරණය කිරීමේදී පවා අනුගමනය කළ යුතු සංවිධිත උපදෙස්ද ලබාදී ඇත. අනවශ්‍ය පරිදි භාණ්ඩ ගොඩගසා නොගැනීමත්,අසාධාරණ පරිදි ධනය ඉපයීමත් නොකළ යුතු බව අවධාරණය කොට ඇත.

තවද දයාව, දානය, සත්‍යය පිරිසුදු බව මෘදුබව යන ආචාර ධර්ම පෝෂණය ඇතිකරගත යුතු බවද සෙල්ලිපි ඇසුරෙන් පෙන්වා දී ඇත.

සච්ච, ධම්ම, දම, සංයම, දාන,අහිංසා යන වචන නිතර අශෝක ලිපිවල සඳහන් වේ. මෙම කරුණු අනුසාරයෙන් විමසා බලන කල අශෝක දහම බුදුදහමින් ආභාෂය ලබා පෝෂණය වී ඇති බව ඉතා පැහැදිලිය.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

New Moonඅමාවක

ජූනි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]