Print this Article


ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්- අභ්‍යාසය -9

ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්- අභ්‍යාසය -9

1 කොටස

1 සිට 10 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

1.සම්මා කම්මන්ත යන ආර්යමාර්ග අංගය කෙටියෙන් හඳුන්වන්න.

2.බුදු දහමෙහි ඉගැන්වෙන කර්මය හා කර්ම පථයේ වෙනස පෙන්වා දෙන්න.

3.රූපස්කන්ධයට අයත් රූප ප්‍රභේද දෙක ලියා දක්වන්න.

4.චතුරාර්ය සත්‍යය හා සම්බන්ධ තිපරිවට්ටය නම් කර දක්වන්න

5. ‘අනිච්චාවත සංඛාරා’ යන තන්හි දැක්වෙන ‘සංඛාරා’ යනුවෙන් කුමක් අදහස් කරන්නේ දැයි පෙන්වා දෙන්න.

6.සත්ත විසුද්ධි අතර එන සීල විසුද්ධිය යනු කුමක්දැයි කෙටියෙන් පැහැදිලි කරන්න.

7.සතර ඍද්ධිපාද නම් කර දක්වන්න.

8. ‘උපාදානපච්චයා භවෝ’ යනුවෙන් දැක්වෙන තන්හි ‘භව‘ යනුවෙන් අර්ථවත් වන්නේ කුමක්දැයි පෙන්වා දෙන්න.

9.සතර සම්‍යක් ප්‍රධාන කවරේදැයි ලියා දක්වන්න.

10. අනුබෝධඤාණ ,පටිවේධඤාණ යන දෙකෙහි වෙනස පෙන්වා දෙන්න.

පිළිතුරු

1.සම්මා කම්මන්ත නම් නිවැරැදි ක්‍රියායි. එනම් ප්‍රාණඝාතය, සොරකම හා කාමයෙහි වරදවා හැසිරීම යන ත්‍රිවිධ දුෂ්චරිතයෙන් වැළකීමයි.

2.චේතනාත්මක ක්‍රියාවන් කර්ම නම කර්ම චේතනාවක් ක්‍රියාත්මක වී සම්පූර්ණ වූ විට කර්ම පථයක් බවට පත්වෙයි.

3.භූත රූප 04 සහ උපාදාය රූප 24 යනුයි

4.සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ ,කෘත ඤාණ යි

5.පංචස්කන්ධයට අයත් සියල්ලම ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්ම වන බැවින් මෙහි සංඛාර යනුවෙන් අර්ථවත් වන්නේ පංචස්කන්ධයයි.

6.පිරිසුදු සීලයට මෙහි සීල විහාරය නම් ගිහියන් සඳහා පංච ශීලයත්, පැවිද්දන් සඳහා චතුපාරිසුද්ධි සීලයත් ගැනේ.

7.ඡන්ද , චිත්ත, වීර්ය, වීමංස යනු සතර ඍද්ධිපාදය

8.මෙහි භව නම් වීමයි. සත්වයා මරණින් පසු උච්ඡේදයට පත් නොවී සසර හා සම්බන්ධ වීම මින් අදහස් කෙරේ. කම්මභව,උප්පතිභව යනුවෙන් දෙවැදෑරුම්ය.

9.නූපන් අකුසල් නූපදීමටත්

උපන් අකුසල් ප්‍රහීන කිරීමටත්

නූපන් කුසල් දහම් ඉපයීමටත්

උපන් කුසල් පැවැත්වීමට , වැඩි දියුණුවටත් කරන සිව්වැදෑරුම් උත්සාහයන් සතර සම්‍යග් ප්‍රධානයන්ය.

10.චතුරාර්ය සත්‍යය අවබෝධය හා සම්බන්ධ වන විට අනුබෝධ ඤාණය යනු අනුමාන වශයෙන් බුද්ධ දේශනා ඇසුරෙන් ඇති කර ගන්නා ඤාණයයි. පටිවේද ඤාන යනු මාර්ගඵලවලට පත්ව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ලබා ගන්නා දැනුමයි.

11 කොටස

2.1 ජෛන මහාවීරයන් ඉදිරිපත් කළ නියති කර්මවාදය පැහැදිලි කරන්න.

11.දස අකුසල් නම් කොට ද්වාරත්‍රයට බෙදා දක්වන්න.

111. ‘නතං කම්මං කතං සාදු.....” ගාථාව සම්පූර්ණ කර අරුත් දක්වන්න.

3.1 බොජ්ඣංග ධර්ම 07 නම් කරන්න.

11.දිට්ඨිය හා සම්මා දිට්ඨිය යන දෙකෙහි වෙනස පහදන්න.

111.දස අකුසල නම් කරන්න.

පිළිතුරු

2.1 මිනිසුන් සැප සහ දුක් විඳින්නේ පෙර කළ පින් සහ පව්වලට විපාක වශයෙන් බව මහාවීර උගන්වයි. භවයෙහි රැඳී සිට එම කාර්ය විපාක අනිවාර්යෙන්ම විඳගත යුතුය. එහෙයින් විමුක්තිය ලැබීමට සියලු කර්ම නිම කළ යුතුය. අත්තකිලමතානුයෝගීව දුක් විඳීමින් කර්මක්‍ෂ කළ යුතුය. පුද්ගලයා කර්මයෙහි දාසයෙකි. මේ අනුව පුද්ගලයාට ස්වච්ඡන්දතාවක් නැත. ජෛන මහාවිර පුබ්බේකතහේතු වාදයෙකි.

11.ප්‍රාණඝාතය, අදත්ථාදානය, කාම මිථ්‍යාචාරය යන තුන කාය ද්වාරයෙන්ද , මුසාවාදය, පිසුණාවාචා, පරුෂාවාචා, සම්පප්පලාපා යන හතර වාග් ද්වාරයෙන්ද අභිජ්ක්‍ධා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන මනෝ ද්වාරයෙන්ද සිදු කරන අකුසල් ය.

111. නතං කම්මං කතං සාදු – යං කත්වා අනුතප්පති
යස්ස අස්සමුකෝ රෝදං - විපාකං පටිසේවතී

“යම් ක්‍රියාවක් කොට පසුතැවිලිවන්නට සිදුවෙයි නම් කඳුළු පිරුණු මුහුණින් යුතුව හඬා වැළපෙමින් විපාක විඳීන්නට සිදුවේ නම් එබඳු කර්ම නොකිරිම හොඳය”

3.1ධම්ම, වාචා, වීර්ය, සති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා, යනු බොජ්ඣංග ධර්ම 07 යි.

11. දිට්ඨිය යන්නෙහි තේරුම දැක්මයි. දර්ශනයි යනුයි. ශාස්වත දෘෂ්ටි ආදි තැන්හි යෙදී ඇති දිට්ඨි යන්නෙහි එම යෙදුම දැක්වේ. එහෙත් සම්මා දිට්ඨි යන්නෙන් යහපත් දැක්ම නිවැරැදි දැක්ම යන අරුත් ගැනේ.

111. ප්‍රාණ ඝාතය, කේලම් කීම
අදත්තාදානය, හිස්වචන කීම
කාමමිථ්‍යාචාරය, දැඩි ලෝභය
මුසාවාදය, ව්‍යාපාදය
පරුෂ වචන , මිථ්‍යාදෘෂ්ටිය