සොම්නස
වැඩී
යහපත
සිදුවෙයි
තැඹිලිපොල රාජ මහා විහාරාධිපති
කර්මවාගාචාර්ය
ශ්‍රී සද්ධර්ම වාගීශ්වර
අධ්‍යාපන දර්ශන විශාරද පණ්ඩිත
නාමල්වත්තේ
ශ්‍රී ආනන්ද නා හිමි
සම්බුදු වදන අනුව බලන කල
අප විසින් සිදු කළ යුත්තේ
සොම්නස වැඩෙන යහපත සිදුවන දෙයක්මය. යමක් සිදු කර ආපසු හැරිල බලද්දී
දුක, වේදනාව, කනගාටුව, පසුතැවීම,
කලකිරීම ඇතිවේනම්
එබඳු ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම අත්හල යුතුයි.
ස්වකීය නිවැරදි ක්‍රියාකාරකම් තුළ
සතුට පී‍්‍රතිය සොම්නස උදාවේ නම්
එබඳු දේ නැවැත නැවැත කළ යුතුයි.
එයින් පුණ්‍ය ඵලයත් විපාකයත් සතුටත්
වැඩි දියුණු වෙනවා.
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තංච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො
විපාකං පටිසෙවතී
කාරුණික පින්වත,
අද ධර්ම දේශනාවේ මාතෘකාව වන්නේ ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර පිටකයට අයත්
ධම්මපදයේ ගාථා රත්නයක්. බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනය සිදුකොට
වදාළේ ඉතාමත්ම ශ්‍රද්ධාසම්පන්න සුමන නම් මාලාකරු අරභයායි. සැදැහැති
සුමන මල්කරු වාසය කළේ සැවැත්නුවර. මොහුගේ රැකියාව දිනපතා බිම්සර මහ
රජුට මල් සැපයීමයි. මෙයින් දිනකට කහවනු අටක් ඔහුට හිමිවෙනවා. මාලාකරු
ස්වාමි භක්තියෙනුත් රාජපාක්‍ෂිකවත් ඉතා ඕනෑකමිනුත් සිය රැකියාව කරගෙන
යනවා.
දිනක් සුමන මල්කරු දෑසමන් මල් අට නැළියක් රැගෙන රාජ මාලිගයට යාම සඳහා
මහ මඟට පිවිසුනා. මේ අවස්ථාවේ ඔහු නෙත පිනවන සිත තුටුවන අපූරු දසුනක්
දකිනවා. සවනක් බුදු රැසින් පුන් සඳ මඩලක් සේ දිස්වෙන බුදුරදුන් හා මහ
සඟරුවන මහ මඟ වඩින දසුනයි ඔහුට දිස්වුණේ. මෙයින් මාලාකරුගේ සිත
සැදැහැයෙන් පිනා යනවා. එනිසාම ‘මම මේ දෑසමන් මලින් බුදුරදුන් පුදනවා “
යනුවෙන් පිවිතුරු සිතින් තිර අදිටනින්. සිත සරසා ගත්තා. ඒ සමගම සිත්
කොණක මෙබඳු අදහසක්ද පහළ වෙනව.බිම්සර මහ රජුගේ අණ පරිදි වැටුප් සඳහායි
මේ මල් රැගෙන යන්නේ. මේවා අවැසි වන්නේ එතුමන්ගේ ප්‍රයෝජනයටයි. මේ අණ කඩ
කළොත් රාජ දඬුවමට ලක්වෙන්න සිදුවෙනවා . කමෙක් නැත. මා මේ මලින් පමණක්
නොව මාගේ ජීවිතයද බුදුරදුන්ට පුදමියි සිතා දෑසමන් මලින් බුදුරදුන්
පිදුවේය.
බුදු හිමියන් අභියස පිදූ ඒ දෑසමන් මල් උඩින් සිරස මුදුනෙහි වියනක්
මෙන්ද දෙපස තිරයක් මෙන්ද ඉතා අලංකාර අයුරින් දිස්වන්නට වුණා. එම අසිරිය
දුටු බොහෝ ජනතාව සාධුකාර පැවැත්වූවා. බුදුරජාණන් වහන්සේ ඒ මල්වියන්
සහිතව රජ වාසල අභියසින් රජ වීදිය දිගේ වැඩම කරනවා. මෙය දුටු බිම්සර මහ
රජු සහපිරිවර සමගින් ඒ සම්බුදු සිරිපා කමල අසල වැඳ වැටෙනවා.
බුදුරජාණන් වහන්සේ මග සඟ රුවන සමඟින් වෙහෙරට වැඩම වූ පසු මේ දෑසමන් මල්
ගඳකිළි දොරටුවෙහි වැතිරෙන්නට වුණා.
මේ අතර රජතුමා සුමන මාලාකරු කැඳවා අද මල් නොගෙනා වේ මන්දැයි විමැසුවා.
මල්කරු සියලු තතු රජුට සැළ කළා. ඉමහත් සතුටට පත් රජතුමා ඔහුගේ උදාර
පුණ්‍යකර්මය ඉහළින් අගය කළා. ප්‍රශංසා කළා. බොහෝ ධනයද විවිධ වර ප්‍රසාද
ලබා දුන්නා. සුමන මල්කරුගේ පුණ්‍යකර්මයෙන් ඔහු ලද ඉසුරුමත් බවත් සිදුවූ
අසිරිමත් සිදුවීමත් පුදුම සහගත බව ආනන්ද හිමියන් ප්‍රකාශ කළා.
බුදුරදුන් ආනන්දය, මොහුගේ මෙම පුෂ්ප පූජාව සුළුකොට නොසිතන්න. ඔහු මල්
සමඟ ජීවිතයක් පූජා කළා.මේ උදාර පුණ්‍යකර්මයේ බෙලෙන් මොහු අනාගතයෙහිදී
සුමන නම් පසේ බුදුවරයෙකු වන බව වදාරා යමක්කොට නොතැවේද එහි විපාකය සතුටු
සිතින් විඳීද එබඳු නිවැරදි දේ සිදු කිරීම යහපත පිණිස හේතු වන්නේයැයි
දේශනාකොට වදාළා.
ඉහත සම්බුදු වදන අනුව බලන කළ අප විසින් සිදු කළ යුත්තේ සොම්නස වැඩෙන
යහපත සිදුවන දෙයක්මය. යමක් සිදු කර ආපසු හැරිල බලද්දී දුක, වේදනාව,
කනගාටුව, පසුතැවීම, කලකිරීම ඇතිවේනම් එබඳු ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම
අත්හල යුතුයි. ස්වකීය නිවැරදි ක්‍රියාකාරකම් තුළ සතුට පී‍්‍රතිය සොම්නස
උදාවේ නම් එබඳු දේ නැවැත නැවැත කළ යුතුයි. එයින් පුණ්‍ය ඵලයත් විපාකයත්
සතුටත් වැඩි දියුණු වෙනවා.
අරුණෝදයේ පටන් හිරු අවරට යනතුරු එක් දිනෙක අප සාමජයේ සිදුවනදේ පිළිබඳ
අවධානය යොමු කරන්න. සොම්නස වෙනුවට කෙතරම් දොම්නස් සහගත ක්‍රියාවන්
අසන්නට දකින්නට ලැබෙනවාද? මිනිසා තුළින් මිනිසත්කම් ඈත් වෙලා
.අඹුසැමියන් මාපිය දූදරු පාලිත පාලක ගුරු ශිෂ්‍ය සෑම දෙනා කෙරෙන්ම
ඔවුනොවුන් අතර සබැඳියාව දුරස් වෙලා. මිනිසා හඳුනාගත නොහැකිලෙස හිතට
වහල් වෙලා. එනිසා ඇතැමුන් ඕනැම පහත් ක්‍රියාවක් ලජ්ජා භයෙන් තොරව
සිදුකිරීමට පෙළඹිලා.
මිනිසා සිය පෞරුෂය වටහාගෙන නොමැති බවකුයි පෙනෙන්නේ. පෞරුෂ කියන්නේ.
ආවේග පාලනයටයි. සිතේ වහල් බවෙන් මිදෙන්න දැන උගත්කම් අවශ්‍ය වෙනවා.
වෙසෙසින් බුදු දහම අවැසියි. දහමින් තොරව ජීවිතාවබෝධය ලබන්න බැහැ.
යමක් කිරීමට පෙර එදෙස විමැසුම් නුවණින් බලන්න. යහපත්දේම කරන්න. එවිට
එහි ඉෂ්ට විපාකය පී‍්‍රතියෙන් සතුටින් සොම්නසින් විඳිය හැකිවේවි.
ඔබ සැමට තිසරණ සරණයි
|