ධර්මචක්‍ර සදහම් ප්‍රදීප පූජාව
පොළොන්නරුවේ සීලානන්ද හිමියන් මෙහෙයවන ‘හිත නිවෙන
ධර්මචක්‍ර ප්‍රදීප පූජා පින්කමක්’ මේ දිනවල වත්තල
හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරා පුරාණ විහාරයේ දී පැවැත්වේ.
අපේ‍්‍රල් 23 වැනිදා එම පින්කම් මාලාව ආරම්භ කළ අතර දිනපතා
විවිධ ලාංඡන, ශ්‍රී පතුල, බෝ පත්‍ර, ධර්ම චක්‍ර‍්‍රය, දළදා
මන්දිරය ආදී ආකෘති නිර්මාණය කරමින් පහන් 120 කින් මෙම
ප්‍රදීප පූජාව පවත්වන අතර බුදු, පසේබුදුවරු, අග්‍රශ්‍රාවක
මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා උදෙසා පිරිකර, අටපිරිකර
සහිතව චතුමධුර, දැහැත්, බෙහෙත්, ගිලන්පස, මල් පහන් උපයෝගි
කරගෙන මෙම පින්කම් මාලාව පවත්වනු ලැබේ. හුණුපිටිය ශ්‍රී
විජයසුන්දරාරාම පුරාණ විහාරාධිපති වලවෙල හේමානන්ද
නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව සංවිධානය කොට
ඇත. |
පොල්ගහවෙල, වදාකඩ, සපුගස්කන්ද ශ්‍රී
විජයසුන්දරාරාම විහාරස්ථානයේ සතරපේරුවට අයත් දායිකාවන්
පිරිසක් විහාරස්ථාන පරිශ්‍රය දිනපතා ඇමදීමේ වැඩසටහනක්
ක්‍රියාත්මක කොට ඇත. පුරාවසර හතරක් තිස්සේ දිනපතා අඛණ්ඩව
සිදුකරගෙන එන එම වැඩසටහන මඟින් විහාරමළුව, බෝමළුව, චෛත්‍ය
මළුව ඇතුළු විහාරස්ථානයට අයත් සියලුම විහාරාංග නිසිලෙස
අතුගා පවිත්‍ර කිරීම සිදු කෙරේ. ප්‍රදේශයේ තරුණ හා
වැඩිහිටි දායිකාවන් පිරිසක් සංවිධානය වී සිදුකරගෙන එන මෙම
දුර්ලභ ගණයේ සද්්ක්‍රියාව ඇගයීමේ උත්සවයක් ඉකුත්දා
සපුගස්කන්ද විහාරාධිපති, අරඹේපොල සීවලී හිමියන්ගේ
ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම ඇගයීමේ උත්සවය අවසානයේ
විහාරස්ථානයේ ඇමදීමේ කටයුතු සිදුකරගෙන එන දායිකා මහත්මීන්ට
ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමේ වැඩසටහනක්ද පැවැත්විණි.
විහාරස්ථ දහම්ශාලාවේ පැවති එම උත්සවයේදී ප්‍රදේශයේ
වයෝවෘද්ධ දායක මහත්මියක් විහාරාධිපති අරඹේපොල සීවලි
හිමියන් වෙතින් ත්‍යාග ලබාගැනීමට පැමිණි අවස්ථාව.
පොල්ගහවෙල විශේෂ – කරුණාරත්න කළුආරච්චි |