ගුණාංග මනසට හුරු කළේ
බුදුදහමයි
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
සාකච්ඡා කළේ - තාරක වික්‍රමසේකර
බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමට පෙර පටන්ම අපේ ජනතාව තම තමන්ට
ආවේණික ගති පැවතුම් පුද සිරිත් පවත්වා ගත්තා. බොහෝ විට පරිසර සාධක මුල්
කරගෙන, මේ සංස්කෘතියට ඔවුන් හුරුවුණා.
පසු කාලීනව සංස්කෘතික මෙවලම් ලෙස ඒ අත්දැකීම් යොදා ගැනුණා. තමන්ගේ
භාෂාව කෑමබීම වැනි මේ. සියල්ලටම ඒ ගති පැවතුම් මුල් වුණා. තමන්ගේ
කර්මාන්ත සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය පවා විශේෂයෙන් කෘෂිකාර්මික රටක්
වූ ලංකාවේ ඒ සඳහා යොදා ගැනුණේ අපේම දේවල්. අද පවා භාවිතයේ තිබෙන ‘පඹයා
‘එවැන්නක්.
මෙයින් අපට පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේ වැඩම කිරීමටත් පෙර සිටම ඉතාම
දියුණු ජාතියක් ලෙසින් අප පත්ව සිටි බවයි. ඒ හැම තැනකම වැව් ආශ්‍රිත
කර්මාන්තයන්හි නියැළුණු හෙළයා යොදා ගත්තේ අපේකම අගයන අපේම දේ.මහා වැව්
ඉදිකරමින් ඔවුන් පන්නරය ලැබුවේ හිංසනයෙන් තොර යහගුණ පිරි සමාජයක් කරා
යන ගමනකටය. සැතපුමක් යන තුරු අඟලේ බැස්මට ඉදිකරන ලද ජය ගඟ වැනි
වාරිකර්මාන්ත අද පවා ලෝකයා විස්මිත කරවනවා. මේ සඳහා භාවිතා කළ ආම්පන්න
මොනවාද? ගණිත මිණිත දැනුම මොනවාද?
ඡ්‍යොතිෂය සම්බන්ධව ඔවුන් ලබා තිබූ දැනුමද ඉතා විශිෂ්ටයි. ඒ වගේම
වෙස්සගිරියේ කැටයම් අපට කියාපාන්නේ මෙරට දියුණුව තිබූ තාක්ෂණය හා
කලාවයි. එවැන්නක් අපට ලොව හමුවන්නේ මිසරයේ පිරිමිඩ තිබෙන ප්‍රදේශවලින්
පමණයි.
මේ අනුව අපට යම් වූ වැදගත් කරුණක්ද හෙළිවෙනවා. අතීතයේ විසූ ජනතාව
ග්‍රහලෝකයන්හි ජන කොට්ඨාස සමඟ අදහස් හුවමාරු කර ගත්තා නම් ඒ සිංහල
භාෂාවෙන් වන්නට ඇති බවට මේ වන විට ලෝක ජන මතයක් ගොඩ නැඟී තිබෙන බව බොහෝ
අය දන්නේ නැහැ.
රාවණා යුගයේ සිටම අපේ ජනතාවට හොඳ තාක්ෂණික දැනුමක් තිබුණු බව
පැහැදිලිය. ගුවන් ගමන් මෙන්ම අධ්‍යාපනික සිද්ධාන්ත තිබුණු බව
පැහැදිලියි. අපේ පැරැන්නන් සියලු කටයුතු කෙළේ පරිසරයට ආදරේ කරමින්.
ගොයමට හේනට පාවිච්චි කලේ කාටවත් අහිතකර දේ නෙමෙයි. සියල්ල දහමට අනුවය.
සතා සිවුපාවාට ආදරේ කරපු ජනතාවට හොඳ ආශිර්වාදයක් තිබුණා.
ඔවුන් යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර කෙම් ක්‍රම වගේම බොහෝ වටිනා සිිරිත්
විරිත් අනුගමනය කළා. එසේම කෙතක ගොයම් වැඩ කරනා විට පවා පරිසරයත් රැක
ගත්තා. ගෘහ නිර්මාණ ශිල්පයේදීත් ඔවුන් ඒ අයුරින්ම කටයුතු කළා.බොහෝ රටවල
අපට විශාල බලකොටු දැකගන්නට පුළුවන්.
පරාක්‍රමබාහු රජුගේ කාලයේ ගොඩනැගිලි ඉදිකළේ හුදෙක් දේශීය තාක්‍ෂණයෙන්ම
පමණයි. ලෝකයේ ගඩොල නිර්මාණය කිරීමට පෙර සිටම අපේ රටේ ගෘහ නිර්මාණ
ශිල්පය දියුණු වූ බවට මෙය හොඳම උදාහරණයක් ලෙස ලබාදීමට පුළුවන්.
විශේෂයෙන්ම දැවැන්ත කළුගලින්ද නිර්මාණ කිරීමට හෙළයා සමත් වූ බව අපට ඉතා
පැහැදිලිය. මහ කළුගල්වලින් මේ නිර්මාණ කෙළේ කෙසේද? මහ කළු ගල් දෙපළු
කෙළේ කෙසේද? අද මෙන් යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් නොවේ. කැලෑ කොළ
වලින් සාදාගත් මිශ්‍රණයක් ගෙන ඒ මිශ්‍රණ ගලෙහි අවශ්‍ය කොටසට වත් කළ
කල්හි ගල වපුරා අවශ්‍ය කොටස වෙන්කර ගත්තා.
ගලින් සියුම් නිර්මාණ කර ගත්තේ එවැනි ක්‍රම භාවිතා කරමින්. අද අප
වන්දනාමාන කරන අවුකන පිළිමය මාලිගාවිල පිළිමය ආදිය නිමා වුණේ ඒ
අයුරින්මයි. කළු ගලට බෞද්ධ ජීවයක් ඔවුන් ලබා දුන්නේ ඒ අයුරින්. මේ
අයුරින් අපටම උරුම වූ අපේ තාක්ෂණයට මොකද වුණේ.ඇතැම් විට යක්ෂ,රාක්ෂ දේව
නාග වැනි ගෝත්‍ර අතර තිබුණු සටන්වලින් ඒ ඒ ගෝත්‍ර තමන්ට සීමා කරගත්
එවැනි වටිනා දායාද තමන්ගෙන් පසු අනෙක් අයට ලබා නොදීමේ පටු අදහස් නිසා
වැනසී ගියා වන්නට පුළුවන්.
මේ නිසා අපටම උරුම වූ අපේ තාක්‍ෂණය අපට අහිමි වන්නට ඇති.
එසේ නම් අප කළ යුත්තේ අපේ දේ ගැන වර්තමානයේදි වැඩි අවධානයක් යොමු
කිරීමයි.ලෝකයේ තිබෙන දර්ශක රැගෙන බැලුවහොත් අප සැමවිටම ඉහළින් සිටින
ජාතියක්. සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනය අතින්ද අප ඉහළ මට්ටමක සිටින්නේ.
නිරෝගී වන්නන් අතර,ආයුෂ වැඩි අය අතර, මරණ අනුපාතය අඩු අය අතර ළදරු මරණ
- මාතෘ මරණ අඩු අය අතර අප හොඳ තැනක සිටිනවා. එහෙත් ඊටත් වඩා හොඳ තැනකට
අපට ළඟාවිය හැකි ක්‍රමවේදයන් තිබෙනවා. ඒ අපටම උරුම බුදුදහම හා හෙළයාගේ
ඔසු දැනුම භාවිතා කර ගනිමින් තැනූ ඖෂධ අප භාවිතා කිරීමයි. ඒ ආයුර්වේදයට
අප යොමු වනවා නම් අපට අපේ තාක්ෂණය මතින් නැඟී සිටින්න පුළුවන්.
අපේකම අපේ තාක්ෂණ අවිහිංසාවාදි සාමය අගයන බුදු දහම අනුවම යන්නක්
.ආයුර්වේදය ඉන්දියාවෙන් පැමිණි බව බොහෝ දෙනා විශ්වාස කළත් එය ලංකාව
කේන්ද්‍ර කර ගනිමින් බිහිවූවක් බවයි අපට පෙනී යන්නේ. ඉන්දියාවේ
ආශිර්වාද කරන්නේ ‘නමස්තේ’ යනුවෙන්. අපේ රටේ ආයුබෝවන් ආයු බොහෝ වේවා
යනුවෙන් ආශිර්වාද කරනවා. ‘ආයුෂබොහෝ වේවා’ යන්න ‘ආයුර්වේද ‘ යනුවෙන්
හඳුන්වා තිබෙන බවයි පෙනෙන්නේ.
බුද්ධදාස වැනි රජවරුන් ගැන කතා කිරීමේදීත් මිහින්තලෙන් හමුවී ඇති
භික්ෂු සංඝාවාසවල තිබී හමුවූ සැත්කම් කටු සැත්කම් පිහි දෙස බැල්මෙන්
අපේ හෙළ වෙදකම ගැන වටහා ගන්නට පුළුවන්.
පරිසරයට මිතුරු වූ බුදු දහමට අනුව සකසා ගත් ඔසු ක්‍රමයක් වගේම බුදු
දහමට අනුගත වූ තාක්‍ෂණයක් අපට උරුම වී තිබුණා.
ලෝකයේ බොහෝ රටවල සංචාරය කිරීමේදී අපට පුදුම උපදවන ගොඩනැගිලි දැක ගන්නට
පුළුවන. ඉන්දියාවේ ටජ්මහල්, රතුබලකොටුව, ඉතාලියේ මහා බලකොටු දෙස
බැලීමේදී අපට වටහා ගැනීමට හැකි වන්නේ අපේ රටේ එවැනි මහා බලකොටු ආදිය
නොමැති බවයි.
ඒ සඳහා අප පෙළඹුණේ කෙසේද? බුදු දහමට අනුවම චින්තනය ඇති කරගත් හෙළයා
කිසිවිටක අනුන්ට හිංසා නොවන දේ කළා. මෙන්ම තනි කළුගලේ ඔවුන් නෙළුවේ
බුදු හිමිගේ මහා කරුණාවයි.
ඔවුන් කිසිවිටක මහ පොළව බාර ගැනීමට අකමැති කිසිවක් පොළවට ලබා දුන්නේ
නැහැ. ‘මහපොළව බාර නොගන්නා කිසි දෙයක් අප මහපොළවට බාර දෙන්නේ නැහැ. මේ
අප තුළ තිබූ චින්තනයයි. ප්ලාස්ටික් බාර ගැනීමට මහපොළොව සූදානම් ද ?
පොලිතින් බාර ගැනීමට මහ පොළොව සූදානම් ද? පරිගණක අබලි කොටස් වගේ දේ
බාරගන්න මහපොළොව සූදානම් ද? අප නිර්මාණ කරන බොහෝ දේ මහ පොළොව
බාරනොගන්නා දේවල් බවටයි අපට පැහැදිලිව පෙනී යන්නේ.
සියල්ල අනිත්‍ය බව අප බුදුදහමට අනුව දන්නවා. එම නිසා නොදිරන බව කීවත්
ඉටි කොළ වැනි දේ දිරනවා. නමුත් එය දිරායාම ආරම්භ වීමට පමණක් වසර 200 ක්
පමණ ගතවනවා.
මේ නිසා අපේ රජ දරුවන් කිසිවිටක තමන්ගේ අවශ්‍යතා උදෙසා මහ පොළොවට හානි
කළේ නැහැ. යම් හෝ සුවිසල් මැදුරු ඉදිකළා නම් ඒ තුනුරුවන් උදෙසා බව අපට
පැහැදිලියි.
මහා විහාරය, ලෝවාමහාපාය වැනි සුවිසල් නිර්මාණ බිහිවුණේ ඒ අනුවයි. අපේම
හෙළ කලාව ආරක්‍ෂා කර දීමට අප කටයුතු කළ යුත්තේ කෙසේද? මේ මහපොළවට හානි
නොවිය යුතුයි. සත්වයන්ට හානි නොවිය යුතුයි. ජලය වායුව ආකාසයට ගැටළු ඇති
නොවන පරිදි අප කටයුතු කළ යුතු වනවා. මෙය අතීතයේ සිට විහාරස්ථානය මූලික
කර ගෙන ආරම්භ කර තිබෙන බව අපට පැහැදිලිය.
මීට හොඳම උදාහරණ විහාරස්ථාන ආශි‍්‍රතව ඉදිකළ වැසිකිළි හා කැසිකිලි
වලින් තේරුම් ගන්නට පුළුවන්. වැසිකිළි හා කැසිකිළිය කිසිවිටක එකට
ඉඳිකළේ නැහැ. සුළුදිය පහ කිරීම සඳහා කැසිකිළියත් මළපහ කිරීම සඳහා
වැසිකිළියත් ඉඳිකරා. එවිට අසූචී වල යම් ප්‍රාණියෙක් සිටිනවා නම් . ඒ
ජීවියා සුළුදියට හසුවී එහි ඇති රසායනික හා මිශ්‍ර වී හානියට පත්වන්නේ
නෑ. මෙයින් අපට ඉතා හොඳින් පැහැදිලි වන්නේ අතීත අපේ මුතුන් මිත්තෝ
එවැනි ප්‍රාණීන්ගේ ජීවය ගැන පවා සිතා බැලු බවයි. මේ ගුණාංග ඔවුන්ට හුරු
වූයේ බුදුදහමින් ලත් පෝෂණය නිසයි. මෙවැනි ගුණාංග රැසක් අපගේ මනසට එකල
යොමු වුණා. |