මේ මොහොතේ ජීවත් වෙමු
ධර්මසේන හෙට්ටිආරච්චි
නොලද දෙය පැතීමෙන් ඉකුත් වූ දේ ගැන
ශෝක කිරීමෙන් මෝඩ මිනිස්සු කපා දමන ලද
බට දඬුවක් මෙන් හැකිළෙති. කිසියම් කායික ක්‍රියාවක හෝ කතාබහක යෙදී
නොසිටින මොහොත මිනිසුන්
ගත කරන්නේ සිතිවිලි ගොන්නක පැටළී සිටිමිනි.
ඒ සිතිවිලි තුන් ආකාරයකට වෙන් කර දැක්විය හැකියි.
දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක්තරා දේවතාවෙක් මේ ප්‍රශ්නය
අසා සිටියේය. වනයේ වාසය කරන, එක්වේලක් පමණක් ආහාර වළඳන, ශාන්ත වූ
බ්‍රහ්මචාරින් වහන්සේගේ ශරීර වර්ණය කවර හේතුවකින් ප්‍රසන්නද?
බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ, ඒ භික්ෂූහු අතීතය ගැන ශෝක නොකරති.
අනාගතය ගැන ප්‍රාර්ථනා ඇති කර නොගනිති. දැනට ඇති දෙයින් යැපෙති. ඒ නිසා
සිරුරු පැහැපත්ය.
නොලද දෙය පැතීමෙන් ඉකුත් වූ දේ ගැන ශෝක කිරීමෙන් මෝඩ මිනිස්සු කපා දමන
ලද බටදඬුවක් මෙන් හැකිළෙති. (ස.නි. 1,10 අරඤ්ඤ සූත්‍රය)
කිසියම් කායික ක්‍රියාවක හෝ කතාබහක යෙදී නොසිටින මොහොත මිනිසුන් ගත
කරන්නේ සිතිවිලි ගොන්නක පැටළී සිටිමිනි. ඒ සිතිවිලි තුන් ආකාරයකට වෙන්
කර දැක්විය හැකියි.
1.අතීතය ගැන සිතමින් සිටීම
2.අනාගතය ගැන සිහින මැවීම හා
3. තමාගේ සිත සමඟ සංවාදයක යෙදීමය
මේ මොහොත ගත කරන මේ ආකාරය ගැන විශේෂ අවධානය යොමු කළ යුත්තේ තම තමන්ගේ
විමුක්තිය සම්බන්ධයෙන් එය අතිශයින් වැදගත් නිසාය.
අතීතය ගැන සිහි කරමින් කල්ගත කිරීම
දැන් මෙහෙම වුණාට ඉස්සර අප කොහොම හිටපු මිනිස්සුද? යනුවෙන් අතීතය මතක්
කරන මිනිසුන් අපට හමු වී අත. ඔවුහු තමන් අතීතයේ විඳි සැප සම්පත් ගැන,
එදා තමන් සතු වු රූ සපුව ගැන, එදා කළ හපන්කම් ගැන, තමන්ට තිබුණු
බලපුළුවන්කාරකම් ගැන අනේක විධ අයුරින් කල්පනා කරති. දැන්, ඒ තත්ත්වය
ගිළිහී ගොස් ඇත්නම් සුසුම් හෙළති. අතීතයේ ගත කළ ඒ ජීවිතය යළිත් සිතින්
නිර්මාණය කර ගනිමින්, එහි කිඳා බසිමින් එදා සිටි තත්ත්වය යළිත් විඳ
ගනිති. වෙනත් අයුරකින් කිවහොත් එදා ආස්වාදය කළ පංච කාම සම්පත්තිය යළිත්
සිතින් ආස්වාදය කරති. ඒ සමඟම අද තත්ත්වය හා සසඳා බලමින් අසහනයට
පත්වෙති. දුක් වෙති. දැඩි කම්පනයකට ලක්වෙති.
මේ මානසික ක්‍රියාකාරිත්වය එ හැම පිටින්ම අකුසල් ජනනය කරන, දහම් මඟ
අවුරාලන, පාපකාරි තත්ත්වයකි. එදා තත්ත්වය ගැන සිතමින් අද යළි ගොඩ නඟා
ගන්නේ පංච උපාදාන සිත් රාශියකි. අද තත්ත්වය හා සසඳා බලා ගොඩ නඟා ගන්නේ
ද පංච උපාදාන සිත් රැසකි.
අතීතය ගැන මෙයට වෙනස් ආකාරයෙන් මෙනෙහි කරන්නෝද වෙති. ‘අපි ඒ කාලෙ ගත
කළේ අන්ත අසරණ ජීවිතයක්. යම් තම් කාල ඇඳලවත් ඉන්න ලැබුණෙ බොහොම
කලාතුරකිනි. දැන් තමයි ටිකක් හිස ඔසවන්නෙ”
මේ අයුරින් සමහරු තම අතීත ජීවිතය ගැන මහ දුක් ගින්දරක් දැන් නැවතත්
සිතින් විඳ ගනිති. ඒ දුක්බර ජීවිතය යළි මොහොතකට ගත කරමින් එදා ඇති වූ
ශෝකය, භීතිය, දුක, කෝපය,අසහනය යළි විඳ ගනිති. පංච උපාදාන සිත්ම
ගොඩනඟමින් නිවන් අරමුණ අවුරා ගනිති.වර්තමානයේ විඳින සුවපහසුවද මොහොතකට
යටපත් කරගෙන අතීත දුකෙහිම ගිළෙති.
මේ අයුරින් සිතීමෙන්, එක්කෝ අතීතයෙහි විඳි පස්කම් සැපයෙහි යළි නිමග්න
වෙති. නැතහොත් කෝපය,ක්‍රෝධය වැනි අහිතකර සිතිවිලි වලින් පීඩාවට
පත්වෙති. උපාදාන සිත්ම උපදවා ගනිමින් දුකම අනුභව කරති. දහම් මඟින්
ඈතින් ඈතට ගමන් කරති.
අතීතය ගැන කල්පනා කරමින් සිටීමේ මෙයට වඩා අවැඩදායක තත්ත්වයක්ද ඇත.
විමුක්තිය සම්බන්ධයෙන් නම් එය බෙහෙවින් හානිදායකය. මේ මොහොතේ සිටිමින්
අතීතයේ ජීවත්වන තැනැත්තාගේ සිතෙහි මෙබඳු අදහස් බලපවත්වයි. ‘අතීතයේ මම
සිටියෙමි. මේ මේ අයුරින් සිටියෙමි. මේ අයුරින් ක්‍රියා කළෙමි. මේ මේ
දේවල් මට අයත්ව තිබිණි. “මෙසේ සිතමින් ‘මගේ් දේවල්’ ගැනද ‘මම’ ගැනද
අදහස් තහවුරු කර ගැනෙයි. අතීතයේ තිබුණු, එදා සිට පවතින,නොනැසෙන ආත්මයක්
ගැන දෘෂ්ටියක් හට ගැනෙයි. ඒ නිසා භවයට, සසරට බැඳ තබන ප්‍රධාන බැම්ම වන
සක්කායදිට්ඨිය හට ගැනේ.එය ඍජුවම නිවන් මඟ අවුරාලයි.
මෙහිදී කිසිවකුට ඇති විය හැකි ප්‍රශ්න කිහිපයක් වෙයි.ආර්ය මාර්ගයේ එක්
අංගයකි. සම්මා සතිය ගැන මෙසේ විස්තර වෙයි.
1. කරන හැම ක්‍රියාවක්ම සිහියෙන් යුතුව කිරීම,
2.ඈත අතීතයේ පවා කළ කී දෑ හොඳින් මතක තිබීම
මෙහි දෙවැනි කරුණ සම්මා සතියට අයත් නම් අතීතය අමතක කරන්නැයි කීම දහමෙහි
පරස්පරතාවක්ද? මේ එක ප්‍රශ්නයකි.
ඉතිහාසය (අතීතය) අමතකර කර වර්තමානය ගොඩනඟා ගත හැකිද? ඉතිහාසය අමතක කළ
යුතුද? මේ තව ප්‍රශ්නයකි.
රටක මෙන්ම පුද්ගලයකුගේ වර්තමාන දියුණුව ගොඩ නඟා ගත හැක්කේ අතීතය හෙවත්
ඉතිහාසය පිළිබඳ හොඳ දැනීමක් ඇතිව බවට කිසිඳු සැකයක් නැත. එහිදී
වර්තමානය ගොඩ නඟා ගැනීමට අවශ්‍ය පදනම, විය හැකි බාධක හා ඒවාට මුහුණ දී
සාර්ථකත්වය ලබා ගත හැකි ආකාරය ඉතිහාස දැනුම ම¼ගින් මතුකරගත හැකියි. එය
අතීතය සිහි කිරීමෙන් වර්තමානය වනසා ගැනීමක් නොවේ. මෙහි වැරැද්ද වන්නේ
එය නොව,අතීතයේ යළි ජීවත්වෙමින් උපාදාන සිත් ගොඩ නඟාගෙන වර්තමානයේ
පරිහානිය ඒ මඟින් උදාකර ගැනීමය.
සම්පූර්ණයෙන් අතීතය අමතක කළ තැනැත්තාට ජීවත්වීමට නුපුළුවන. ඒ නිසා මේ
කරුණ පැහැදිලිව වටහා ගත යුත්තකි.
සාමාන්‍යයෙන් පුහුදුන් සාමාන්‍ය මිනිසාගෙන් සිදුවනුයේ අතීතයේ ගතකළ
ජීවිතයේදී අත් දුටු කෙලෙස් සිතිවිලි යළි උපදවා ගැනීමය.
කාමය,කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව, මානය, මාත්සර්යය වැනි අකුසල් සිතිවිලි යළි
ඇතිකර ගනිමින් තවත් වතාවක් සිත දූෂ්‍ය කර ගැනීම සිදුවෙනවා නම් නැති
කරගත යුත්තේ එයයි.
අනාගතය ගැන සිතීම ද මේ අයුරින්ම තේරුම් ගත යුතුය.
අනාගතය ගැන සිහින මවමින් සිටීම මෙහි ඇති වරදය. භාගිනෙය්‍ය සංඝරක්ඛිත
සාමණේරයන්ගේ කතා පුවත ප්‍රසිද්ධ එකකි. සිතෙහි ප්‍රපංච ගොඩනැගෙන අයුරුද,
තම සිතින් කරගත් නිර්මාණවලට තමන්ම නොදැනුවත්වම යට වන අයුරුද එයින්
මැනැවින් ප්‍රකාශිතය.
අනාගතය ගැන කල්පනා ලෝකයක නිමග්නවීම වර්තමානයෙන් පැන යන එක් ක්‍රමයනි.
මෙහිදීද,අතීතය මෙනෙහි කිරීමේදී මෙන්, ගොඩනැගෙන්නේ පංච උපාදානස්කන්ධ
සිත්මය. කාම සංකල්පනාවලින් මුසපත්වීම හෝ කෝපයෙන් දැවීයාම හෝ මානය,
ඊර්ෂ්‍යාව වැනි අකුසල සිතිවිලිවලින් පෙළෙන්නට වීම එයින් සිදුවේ. අතීත
කල්පනා මෙන්ම අනාගත කල්පනා නිසාද, “මගේ දේවල් “ ගැනද, “මම” ගැනද,
ආත්මයක් ගැනද විපරීත අදහස් දැඩි වන්නට පටන් ගැනේ. මෙයද සකකායදිට්ඨිය
මය. එය භව බන්ධනයකි. සංයෝජනයකි. එනිසා දහම් මඟින් මිනිසා ඉවතට ගෙන
යන්නෙකි.
මේ නිසා බුදුරජාණන් වහන්සේ, අතීතය ගැන හෝ අනාගතය ගැන සිතිවිලි ගොඩ
නඟමින් නොසිටින ලෙසද,වර්තමානය සිහි ඇතිව යථාභූ®තව දකින ලෙසද අනුශාසනා
කරති.
අතීතං නාන්වාගමෙය්‍ය
නප්පටිකංඛේ අනාගතං
යදතීතං පහීනං තං
අප්පත්තංච අනාගතං
පච්චුප්පන්නංච යෝ ධම්මං
තත්ථ තත්ථ විපස්සති (මනි. 3,398)
අතීතය පසුපස නොයන්න.අනාගතය ප්‍රාර්ථනා නොකරන්න.අතීතය පහව ගියේය. අනාගතය
පැමිණ නැත. දැන් සිදුවන දේ විදර්ශනා නුවණින් දකින්න. අතීතය බැහැර කිරීම
ගැන විග්‍රහයක යෙදෙන කටුකුරුන්දේ ඤාණානන්ද හිමිපාණෝ මෙසේ සඳහන් කරති.
‘අත්හළ යුතුව ඇත්තේ, යටගියාව ලුහුබැඳීමට, පණ ගැන්වීමට යළි ගෙවීමට රස
විඳීමට නැඹුරු වන ආකල්පයයි “
අතීතය ගැනත්, අනාගතය ගැනත් අනවශ්‍ය පරිදි කෙලෙස් සිතිවිලි ඇති කර
නොගනිමින් වර්තමානය නිවැරැදි ලෙස දැක ගැනීමෙන් පමණක් නිවන් මඟට
පිවිසීමට හැකි බව තේරුම් ගෙන ස්වකීය චර්යාව එයට අදාළව සකසා ගැනීමට
බෞද්ධයන් වශයෙන් උත්සුකවීම අප සතු වගකීමය.
මේ මොහොතෙහි ජීවත්වීම සඳහා ක්‍රම රාශියක්
බුදුදහමේ ඉදිරිපත් කර තිබේ. එයින් කිහිපයකි.
1.මේ දැන් කෙරෙන ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි සිත තබා ගැනීම
2.මේ දැන් පවත්වන ඉරියව් දෙස සිත තබා ගැනීම
3. මේ දැන් කරන ක්‍රියා සිහි ඇතිව කිරීම
4.මේ දැන් දැනෙන වේදනා හැඳින ගැනීම
5.මේ දැන් ඇතිවන සිත් දැක ගැනීම
6.මේ දැන් ඇතිවන සිතිවිලි හැඳින ගැනීම
සතිපට්ඨානය නමින් සූත්‍රාගතව ඇත්තේ මේ මොහොතේ ජීවත්වන ක්‍රමයයි. |