සිතුම් පැතුම්
තේරුම් ගනිමු
බණ්ඩාරවෙල
අමිතානන්ද හිමි
පාසල්වල විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට අඩුපාඩු කිය කියා දෝෂාරෝපණ කරන
එක නොවෙයි කළ යුතු වන්නෙ. ඔවුන්ගේ සේවය අගයා අඩු පාඩු හැකි අයුරින්
සකසා ගැනීමට උදවු කිරීම යි.
ඇතැම් ගුරුවර ගුරුවරියන් විශ්‍රාම යන අවස්ථාවේ දී සිසු දරු දැරියන්
විතරක් නෙමෙයි සමහර මව්පියන් පවා හඬනවා. එයින් පැහැදිලියි එම ගුරුවර
ගුරුවරියන් තමන්ගේ වසඟයට සිසු දරුවන් ගෙන ඇති බවට. ඇතැම්
විදුහල්පතිවරුන් මාරු කරහම උද්ඝෝෂණ කරනවා.
ඒ උද්ඝෝෂණ කරන්න
ජනතාවගේ මනස හැදුනේ කොහොම ද? ධර්මය අනුව පැහැදිලිව කියන්න පුළුවන්
කරුණාව මෛත්‍රිය අනුවම යි ඒ සියල්ල සිදුවන්නේ කියා.
මිනිසත්කම මූලිකත්වයට පැමිණ ඇති බව
ඉතා පැහැදිලියි.
තරුණ පිරිස නිරතුරුවම ආවේගශීලී මෙන්ම සක්‍රීය පිරිසක් බව අප මීට පෙර
කතා කළා.එම ආවේගශීලී පිරිසට ළං වී ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටු කරන්නේ
කෙසේ ද?
තරුණ පිරිස නිරතුරුවම අලුත් අලුත් දේ සොයා යනවා. ඔවුන් හැම විටම අලුත්
අත්හදා බැලීම්වලට පෙළඹෙනවා. එහි ආදීනව ඔවුන් හඳුනාගන්නේ නැහැ. හොඳ නරක
සිතිවිලි දෙකම එහි අඩංගු වනවා.
මේ නිසා ඕනෑම අයකුට පහසුවෙන් තමන්ගේ ආකර්ෂණයට ග්‍රහණයට තරුණ පිරිස් ඇද
ගන්න පුළුවන්.
තරුණයන්ට ළං වී ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්නා පිරිසක් අප සමාජයේ කොතෙකුත්
ඉන්නවා. එහෙත් ඒ ඇතැම් අය තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජන ගන්නවා විනා සමාජයට
හෝ තරුණ පිරිසට කිසිදු වටිනාකමක් ලබා දෙන බවක් පෙනෙන්නට නැහැ.
ඒ වගේම සංගීත සංදර්ශනයක් අරගෙන බලන්න. තමන්ට පිරිස ආකර්ෂණය කරගන්න ඕන
වුනාම ගායකයා කොයිතරම් දේවල් කරනව ද?
‘හයියෙන් අත්පුඩියක් දෙන්න....’ කියල බෙරිහන් දුන්නහම අත්පුඩි ගහනවා.
‘වම් අත උස්සන්න...’ කිව්වාම ඒක කරනවා. ‘දකුණු අත උස්සන්න...’ කියල
කෑගපුවම ඒක කරනවා. විනාඩි කිහිපයක් තමන් වෙත පිරිස ආකර්ෂණය කරල
තියාගන්න ඒ ගායකයා උපක්‍රම පාවිච්චි කරනවා වගේ තරුණ පිරිස යහපත් රටට
වැඩදායී ලෙස යොදාගන්න උපක්‍රම අප සොයා බලා සකස් කර ගත යුතු වනවා.
ගායකයාට පුළුවන් වුණා නම් ඇයි අපට බැරි? ඒ පිරිස අපගේ ග්‍රහණයට ගන්න.
තරුණ සිතුම් පැතුම් අනුව ඔවුන්ගේ මනස වටහා ගෙන ඔවුන් සුමඟට යොමු කරවා
ගන්න.
අපේ අධ්‍යාපන ක්‍රමය අනුව ඇතැම්විට තරුණ දරුවාගේ මනසට බර පටවා තිබෙනවා.
ඒ ගැන බොහෝ දෙනා කතා කරන්නේ නැහැ. ඒ නිසා ඒ තත්ත්වය දිගටම වර්ධනය වනවා.
අප මේ කරුණ කාරුණිකව පෙන්වා දිය යුතු වනවා. එසේ නොමැතිව සඟවාගෙන සිටීම
නොකළ යුතු වනවා. දරුවන්ගේ මනසට ගැළපෙන අයුරින් සාහිත්‍යයක් හැදෙන්න ඕන.
කාලයට අනුව හැඩ ගැසීම විය යුතුය. නමුත් අපේ ඇතැම් වැඩිහිටියන් තමන්ගේ
පැරැණි අදහස් ඔළුවේ තියාගෙන ඒ අනුව කටයුතු කිරීම නිසා තරුණ පරපුරට
ගැටලු ඇතිවනවා. අවුරුදු තිහ හතළිහකට කලින් දරුවන් ළඟ ජංගම දුරකතන
තිබුණේ නැහැ. නමුත් අද අපට දරුවන් එයින් ඉවත් කරන්නත් බැහැ. යම් දුරකට
සීමා කර එය ලබා දිය යුතු වෙනවා. නමුත් අද බොහෝ දෙනා කරන්නේ තරුණ පිරිස
තනිකරම නවතාවයෙන් වෙන් කිරීම යි .
තරුණ පිරිස් සඳහා වැඩමුළු සම්මන්ත්‍රණ පවත්වනවා. නමුත් ඒ එකම වැඩමුළුවක
දී සම්මන්ත්‍රණයක දී තරුණ පිරිස යොදාගන කරනු ලබන කිසිවක් ගැන නිසි
සාකච්ඡාවක් නැහැ. සම්මන්ත්‍රණය සමුළුව අවසන් වී සියලු දෙනා විසිරී
යනවා. දරුවන් වසඟයට ගැනීමේ පළමු වගකීම පැවරෙන්නේ දෙමව්පියන්ට යි. ඒ වගේ
ම ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට මේ සම්බන්ධව ලොකු වගකීමක් තියෙනවා.
පාසල්වල විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට අඩුපාඩු කිය කියා දෝෂාරෝපණ කරන
එක නොවෙයි කළ යුතු වන්නෙ. ඔවුන්ගේ සේවය අගයා අඩු පාඩු හැකි අයුරින්
සකසා ගැනීමට උදවු කිරීම යි.
ඇතැම් ගුරුවර ගුරුවරියන් විශ්‍රාම යන අවස්ථාවේ දී සිසු දරු දැරියන්
විතරක් නෙමෙයි සමහර මව්පියන් පවා හඬනවා. එයින් පැහැදිලියි එම ගුරුවර
ගුරුවරියන් තමන්ගේ වසඟයට සිසු දරුවන් ගෙන ඇති බවට. ඇතැම්
විදුහල්පතිවරුන් මාරු කරහම උද්ඝෝෂණ කරනවා.
ඒ උද්ඝෝෂණ කරන්න ජනතාවගේ මනස හැදුනේ කොහොම ද? ධර්මය අනුව පැහැදිලිව
කියන්න පුළුවන් කරුණාව මෛත්‍රිය අනුවම යි ඒ සියල්ල සිදුවන්නේ කියා.
මිනිසත්කම මූලිකත්වයට පැමිණ ඇති බව ඉතා පැහැදිලියි.
අපේ රට කෘෂි කාර්මික රටක්. තරුණ සංවිධාන කී දාහක් රට පුරා තියෙනව ද? එක
දරුවෙකු කැත්තට උදැල්ලට හුරුකරල තියෙනව ද? අධ්‍යාපනය මතම සියල්ල කළ
යුතුයි යන මනසක් අපට තියෙන්නෙ. හැම දේටම අධ්‍යාපනය විතරක්ම මුල් කරගත්
සමාජ රටාවක් අප විසින්ම බිහි කරගෙන තියෙන්නෙ. ඒක නිසයි තරුණ සමාජ සමිති
සංවිධාන මේ හුඟක් ඒව කරන ක්‍රියාකාරකම් වැඩමුළු සාර්ථක බවෙන්
අඩුවෙන්නෙ.
එකම වර්ගයේ ‘ටී ෂර්ට්’ කලිසම් ඇඳල එකම වර්ගයෙ උපකරණ දීල ඇතැම් විට
කරන්නෙ සංදර්ශනයක් .ආකර්ෂණය ගන්න කරන වැඩක් බවයි බැලූ බැල්මට පේන්නෙ.
විදේශ රටවල තරුණ තරුණියන් විශාල වශයෙන් රටේ සංවර්ධනයට දායක කර ගන්නවා.
අපේ රටේ රස්සාවකට ගිය ගමන් අහන්නෙ ඉංගී‍්‍රසි දන්නව ද? කොයිතරම්
ඉගෙනගෙන තියනව ද? මේ ප්‍රශ්නවලින් අපේ තරුණ පිරිස අධෛර්යට පත්වෙනවා.
ආත්ම ශක්තිය බිඳ වැටෙනවා.
මේ පිරිසට අභිමානයෙන් ජීවත් වන්න පුළුවන් පරිසරයක් ගොඩනැගීමට දායක
වියයුතුයි මොන වෘත්තීය පුරුදු කළත් ඒ වෘත්තියට අභිමානයක් තියෙන්න ඕන.
කුණු ගෙනියන තැනැත්තා කොයිතරම් ඉහළ රස්සාවක් ද කරන්නෙ. හදිස්සියට දින 2
ක් කුණු එකතු නොකළොත් ළඟින්වත් යන්න පුළුවන් ද?
කුසලතාවලින් ඉහළට එන ළමයි අධ්‍යාපනයෙන්ම විතරක් නෙමෙයි එන්නෙ.
කොන්ක්‍රිට් ලෝකයයි පරිගණකයයි අතර ඒ අය අතරමං වෙලා. හැම තිස්සෙම
වැඩිහිටියා යන අඩි පාරේ තමයි මේ තරුණ පිරිස යන්නෙ. ඒක නිසා වැඩිහිටියා
සැම විටම ආදර්ශමත් විය යුතු වෙනවා.
නමුත් ඇතැම් වැඩිහිටියන් මත් වතුර පානයෙන් දෙන්නේ තරුණ පිරිස නොමඟට
යොමුකරන ආදර්ශ යි. නමුත් අද බොහෝ තරුණ පිරිස දුම්පානයෙන් වැළකිලා
ඉන්නෙ. ඒ අය වැඩිහිටියන්ට ආදර්ශයක්. මේ කරුණු ගැන අපි අවබෝධයෙන් සොයා
බලනවා නම් තරුණ පිරිස රට නංවා ගැනීමට යොදාගන්න අපහසු නැහැ. ඒ වගේම තරුණ
පිරිසට වගකීම් දිය යුතුයි. තරුණ පිරිසට නිසි ගෞරවය, අභිමානය ලබාදෙන්නට
නම් ඔවුන්ගේ සිතුම් පැතුම් තෝරා බේරාගෙන ඒ සියලු දේ යහපතට යොදා ගැනීමයි
වැදගත් වන්නේ.
සාකච්ඡා කෙළේ
තාරක වික්‍රමසේකර |