අසිරිමත්
බක්මහ අසිරිය
තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාමාධිපති
යක්කලමුල්ල ශාසනාරක්ෂක
බල මණ්ඩලයේ ලේඛකාධිකාරි
උඩුමලගල ශ්‍රී‍්‍ර ආදිච්චවංශ
පරිවේණාධිපති
ශාස්ත්‍රපති
පලල්ලේ සරණජෝති හිමි
විවේකය හැම කෙනෙකුටම අවශ්‍යතාවකි. එයටම විනෝදයත්
එකතු කර ගැනීම විශේෂයෙන් පෘථග්ජන සමාජයේ අවශ්‍යතාවයකි.
ආදි මිනිසා තම දෛනික ජීවනෝපාය උදෙසා මැළිකමින් තොරව
සිය ඇඟපත වෙහෙසා වැඩපළවල නිරත විය. එහි ප්‍රතිඵලය වුයේ
රටේ සශ්‍රීකත්වයයි. ධන ධාන්‍යවලින් තම අටුකොටු පිරෙන විට
හිතට ඇතිවන සතුට භුක්ති විඳීමේ අවකාශයක් ලෙසින් ද අවුරුද සමය
ප්‍රයෝජනයට ගෙන ඇති බව පෙනේ
ශ්‍රී ලංකාවට ආවේණික වූ සුවිශේෂීතම සංස්කෘතික උත්සවයකි බකමහ උළෙල. මෙය
ආගමික පසුතලයක් මත ගොඩනැඟුනකි. ස්වාභාවික ග්‍රහ වස්තුවක් වූ සූර්යයා
ස්වකීය ගමන් මාර්ගය එළිදක්වන එක්තරා සුවිශේෂ අවස්ථාවක් බව ඡ්‍යොතිෂය
දක්වයි. ඉතා දැඩි ලෙස ස්වාභාවක වස්තු විෂයෙහි උනන්දුවක් දැක්වූවන් ලෙස
හින්දු ජනයා කැපී පෙනේ. ඉන්දියාවේ ශ්‍රී සම්බුද්ධ ප්‍රාතූර්භාවයට පෙර
මෙබඳු උත්සවයක් පිළිබඳව ප්‍රබල ආකාරයෙන් අසන්නට දකින්නට නැත. එහෙත් ඈත
අතීතයේ රටේ පාලයන්ගේ ද අනුදැනුම සහිතව ඔවුන්ගේ ද සහභාගිත්වයෙන් මෙබඳු
විවිධ උත්සව පැවැති බවට සාධක ඇත.
විවේකය හැම කෙනෙකුටම අවශ්‍යතාවකි. එයටම විනෝදයත් එකතු කර ගැනීම
විශේෂයෙන් පෘථග්ජන සමාජයේ අවශ්‍යතාවයකි. ආදි මිනිසා තම දෛනික ජීවනෝපාය
උදෙසා මැළිකමින් තොරව සිය ඇඟපත වෙහෙසා වැඩපළවල නිරත විය. එහි ප්‍රතිඵලය
වුයේ රටේ සශ්‍රීකත්වයයි. ධන ධාන්‍යවලින් තම අටුකොටු පිරෙන විට හිතට
ඇතිවන සතුට භුක්ති විඳීමේ අවකාශයක් ලෙසින් ද අවුරුද සමය ප්‍රයෝජනයට ගෙන
ඇති බව පෙනේ.
ඍෂි භාවිතය පරිදි සූර්යයා මීන රාශියේ ගමන අවසන් කොට මේෂ රාශියට අවතීර්ණ
වීම නව වසරක උදාව ලෙස සලකා එසේ ලැබු පළමු දිනය ඊළඟ වර්ෂයේ ආරම්භය
බැවින් එය සරුසාරවත් කාල පරිච්ඡේදයක් බවට පත්කර ගැනීමේ අපේක්ෂාව ඉටුකර
ගැනීම උදෙසා ක්‍රියාත්මක කිරීමට හඳුනාගත් බොහෝ චාරිත්‍ර විධි අනුගමනය
කළ බව පෙනේ. මෙම චාරිත්‍ර විධිවල සම්භවය තම තමන් විසින් අනුගමනය කර ලද
ඒ ඒ ආගම පදනම් කොට ගෙන ගොඩනැගුණු බවට බොහෝ සාක්‍ෂි සපයා ගත
හැකිය.ලෝකයේ විවිධ ආගම්වලට අයත් ජන කොටස් වෙති. ඒ ඒ ආගම්වලට අනුව ඔවුහු
ද විවිධ උත්සව පවත්වති. එසේ පවත්වන්නේ අප අනුගමනය කරන අවුරුදු දිනට
නොවේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස සැලකෙන අපේ‍්‍රල් මාසය
ශ්‍රී‍්‍ර ලංකාවට සුවිශේෂී වූවකි. සිංහල අවුරුදු දිනය ජාතික උත්සව
දිනයක් ලෙසම සලකා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයද සහිතව ක්‍රියාත්මක වන්නක්
බැවින් නිරායාසයෙන්ම සිංහලයන් පමණක් නොව සෙසු ආගමික ජන කොටස් ද මෙයට
ඇදී ආ බව පෙනේ. අවුරුද්ද පුරාම විවිධ අංශයන්හි සේවයෙහි යෙදුණු අයට සියලු
කටයුතු කර්මාන්ත නතරකොට තම සිතැඟි පරිදි හැසිරීමට ලැබෙන විවේක දින එකක්
හෝ ඊට වැඩි ගණනක් ලැබෙන මෙම අවස්ථාව සැබැවින්ම විවේකාදස්වාදය හා තම
ස්වාධීනත්වය වෙනුවෙන්ම යොදා ගැනීමට ලොකු කුඩා භේදයකින් තොරව සියල්ලෝම
පෙළ ගැසෙති.
අලුත් දිනයක් අලුත් මිනිසෙක් බවට පරිවර්තය වීම සිංහල අවුරුදු
පරමාර්ථයයි.මේ සඳහා සූදානම් වන්නේ පැරැණිකම සහ පැරැණි වූ දේ අලුත් කර
ගනිමිනි.ගේ දොර අලුත් කර ගැනීම සහ පිරිසුදු කිරීම, අලුත් බඩුමුට්ටු,
අලුත් ඇඳුම්,අලුත් ආහාරපාන, අලුත් අදහස්, අලුත් ගමන් බිමන්, අලුත්
විනෝදාංශ ආදිය මෙහිදී සියලුදෙනා තුළින්ම දැකිය හැකිය. ආගමික මුහුණුවර
යටතේ අලුත් දිනයට මුහුණ දීමට සූදානම් වන පිරිස අලුත් බලාපොරොත්තු සිත්
තුළ පුරවා ගැනීම ම ඉතා වැදගත් කරුණකි. ස්නානයෙන් ශාරීරික පාරිශුද්ධියත්
නව ඇඳුම් පැලඳුමෙන් අලංකාරය හා පෞරුෂත්වය ඔප්නංවා ගැනීමත් නව ආහරපාන
මඟින් ශාරිරික පෝෂණය අත්කර ගැනීමත්, හිස් තෙල් ගැල්වීම ආදිය මගින්
නිරෝගි දිවියකට එළඹීමේ ඇති අවශ්‍යතාවයත්, බාහිර වශයෙන් පිළිබිඹු කෙරෙන
අතරම අභ්‍යන්තරික වශයෙන් සිත් තුළ පවතින යම් යම් තරහ මරහ ඉවත් කරමින්
බුලත් හුරුළු මුල්කොට ගෙන දෙමාපියන් , වැඩිහිටියන්, හිතමිතුරන්
,අසල්වැසියන් වැනි සියලුදෙනා සමඟම අලුත් හැඟුමින් එක්වීමට වෙර දැරීම
අවබෝධයෙන් යුතු බෞද්ධයෙකු සතු චිත්ත පාරිශුද්ධියම මිස අන් දෙයක් නොවේ.
සම්මා සම්බුදුරදුන් විසින් දේශිත දහම අනුව යමින් යම් යම් කරුණු මත
විරසක වූ හදවත් එක්තැන් කිරීමේලා ක්‍රෝධය, ද්වේෂය,වෛරය සිතින් ඉවත්
කිරීම තමාට පමණක් නොව තම බාල පරපුරටද ලබාදෙන මහඟු දායාදයකි. අනතුරුව
පවත්වන විනෝදාත්මක ක්‍රීඩා හා ක්‍රියාකාරකම් මඟින් ජන හදවත්වල
සාමූහිකත්වය වැඩිදියණු කර ගැනීමට අවකාශ උදාකරගෙන ඇත. ඕනෑම රටක
සංස්කෘතිය යන්න නිතරම වෙනස් වන්නකි. කෙබඳු ආගමික පසුබිමක් තිබුණත්
සංස්කෘතික ලක්ෂණ සම්මිශ්‍රණාත්මක ලෙස වෙනස්කම්වලට භාජනය වෙමින් සමාජය
තුළ දෝලනය වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්‍යෝන්‍ය ජනසමාජවල සිදුවන යම්
යම් ක්‍රියාකාරකම් වසරින් වසර වෙනස් මුහුණුවරක් ගනී.
ඉතාම ඈත අතීතයේ පැවැති අවුරුදු උත්සව පිළිබඳව විමසා බැලීමේදී දක්නට
ලැබෙන ඉතාම අවිහිංසක සීමාසහිත ගුණදහමින් පෝෂිත වූ ස්වභාවය අද දක්නට
ලැබෙන්නේ නැත. අද එය ඉතාම සංකීර්ණ ස්වරූපයක් ගෙන ඇත.රටේ තොටේ පමණක් නොව
අන්‍ය ජන සමාජයන්හි පවත්නා යම් යම් ප්‍රතිඵල හෝ ප්‍රබල ලක්‍ෂණ අනුකරණය
කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙසේ වී යැයි පිළිගැනීමට සිදුවේ. වර්තමාන
ගෝලීයකරණයද මෙබඳු ප්‍රතිඵල අත්කර දීමට ඉවහල් වූ බව කිව නොහැක්කේ කාටද?
විශේෂයෙන් අවුරුදු උත්සවයට තෝතැන්න බවට පත්වන්නේ ගමයි. ගම යනු මිනිස්
ප්‍රජාවගේ කුඩා ඒකකයකි. එහි ජීවත්වන හැමදෙනා අන්‍යෝන්‍ය වශයෙන් නෑ හිත
මිතුරෝය. එකිනෙකා හඳුනන්නෝය. සමඟිය සහ රැස් වී කටයුතුකිරීම මෙහි
ප්‍රධාන ක්‍රමවේදය වේ. සිඟාලෝවාද සූත්‍රයේදි ඉගැන්වූයේද මෙයයි. එකම
දිනක එකම වේලාවට ක්‍රියාත්මක කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් අවුරුදු
සිරිත් විරිත් වලට අනුගතව හැර වෙනත් කිසිදු අවස්ථාවකදි සිදුවන බවක්
කිවනොහැකිය.මේ අයුරින් හැම ගමකම මිනිස් ප්‍රජාව පොදු ස්ථානයකට ඒකරාශි
වී සිදුකරන විවිධ ස්වරූපයේ ක්‍රීඩා හා විනෝදාංශ සාමූහිකත්වය පදනම්
කරගෙනම සිදු කෙරෙන ඒවාය. ලොකු කුඩා බාල මහලු ස්ත්‍රි පුරුෂ ආදි භේදයක්
මෙහිදී දක්නට නොලැබේ. කවුරුත් එකිනෙකා වෙත හොඳ හිත පළ කරන්නේ
ලබැඳියාවෙනි. සමාදර සිතින් යුක්තව ඥාතිත්වය, මිත්‍රත්වය පළ කිරීමට
ගන්නා උත්සාහය අතිශයින් ප්‍රශංසනීයය. සමාජ ප්‍රගමනයෙහිලා මෙම අවංක භාවය
අතිශයින්ම පලදායක වන්නේය. මෙම උත්සව අවස්ථාවේදි ඒ ඒ ප්‍රදේශවලට ආවේණික
වූ විවිධ අංග ඇතුළත් කර ගැනීම සිදුවන්නේ ගැසට් නිවේදනයකට චක්‍රලේඛනයකට
හෝ නීතිවේදනයකට අනුගතව නොවේ. මෙහි ඇති එකම සාධනීයත්වය ද එසේ
නොවීමයි.අවරුදු උත්සවය පැවැත්වෙන දින දෙක හෝ සතිය පුරාම නිදහස් නිවහල්
කාලයක් ගත කිරීමෙන් හැමදෙනාම ලබන ආශ්වාදය සුළුපටු නැත.ගැමිකමේ අසිරිය
විඳගනිමින් සතුට බෙදාහදා ගන්නේ පිරිසුදු හදවතින්මය.අලුතෙන් පිළියෙල
කරගනු ලබන කෑම්බීම් ආදියෙන් ඒ ඒ අයගේ ශක්ති ප්‍රමාණය අනුව කෑම මේස පිරී
ඉතිරී ගොස්ය. ඒවා සෙස්සන් සමග බෙදාහදා ගෙන කෑම බීම සිදුවන්නේ මුදලට
නොවේ.එමෙන්ම ගේ දොර මුළුතැන්ගෙයද යම් යම් අමුද්‍රව්‍ය වර්ගවලින්
අඩුපාඩුවකින් තොරව පිරී ඉතිරි ගොස්ය. වෙනත් දිනවල කුසගිනි නිවා ගැනීමට
ගෙතුළ හාල්මිටක් එළවළුවක් සොයා ගැනීමට නොහැකිව ලතවෙන අම්මලා මෙදින අත
දිගහැර පාවිච්චි කිරීමට ඒ සියල්ල සපයා තබා ගන්නේ අදින් ඇරැඹෙන අවුරුද්ද
පුරා ගතවන හැම දිනයක්ම අඩුපාඩුවකින් තොරව සියල්ලෙන් සම්පූර්ණව තම දිවිය
ගෙවන්නට හැකිවේවා යන අදිටනිනි.
අතීතයේ ඕනෑම යහපත් කටයුත්තකදී ආගම, දහමට, සිරිතට, විරිතට සුවිශේෂී
තැනක් ලබා දුන්නේ යහපත් ප්‍රතිඵල අපේක්ෂාවෙන්මය. එසේම එම යහපත්
ප්‍රතිඵල ඔවුහු භුක්ති වින්දාහ. බුදුදහම තුළ කවර තැනක හෝ මිනිසුන්ගේ
ලෞකික ජීවිත වින්දනයට බලපාන කිසිදු කාර්යයකට තහංචි පනවා නැත. ලෞකික
ජීවිත අත්දැකීම් තුළම පිහිටා සිට ආධ්‍යාත්මය සාක්ෂාත් කළ යුතු බව බෞද්ධ
ඉගැන්වීමයි. ඒ අනුව සිංහල අවුරුදු සමය තුළ වුවද අනුගමනය කරනු ලබන යම්
යම් ධනාත්මක සිරිත් විරිත් තුළ ආධ්‍යාත්ම සංරක්‍ෂණය තහවුරු කිරීමට අදාළ
වටිනාකම් රාශියක් ගැබ්ව අති බව අවිවාදයෙන් පිළිගත යුතුය. ඒවා හරිහැටි
තේරුම් කර ගනිමින් ක්‍රියාත්මක වීම තුළම යහපත් සිතිවිලි ගොඩ නඟා
ගනිමින් ජීවිතය සාරවත් කර ගැනීමට ඕනෑතරම් ඉඩකඩ ඇති බවද තහවුරු කර ගත
හැකිය.
සාමකාමීත්වය හෝ පොදු පරමාර්ථය හෝ සහයෝගීතාවය ගොඩනඟා ගැනීම උදෙසා අප
සැමට එළඹෙන කදිම අවස්ථාවකි සිංහල අවුරුද්ද. සියලු වාද භේද දුරැලා
මනුෂ්‍යත්වය කෙරෙහි යහපත් ආකල්ප පෙරදැරි කොටගෙන කටයුතු කිරීමට සිංහල
අවුරුදු දිනය ප්‍රයෝජනයට ගැනීම ලොකු කුඩා අප සැමදෙනාගේම ඒකායන පරමාර්ථය
විය යුතුය. |