ජනාධිපතිමාධ්ය සම්බන්ධීකරණ නිලධාරී
බුද්ධික සංජීව මහාවිහාර පිරිවෙනින් ආරම්භ වූ මෙරට පිරිවෙන් අධ්‍යාපනය
අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, කෝට්ටේ හා මහනුවර ආදි රාජධානි
යුගවල විශ්වකීර්තියට පත් විය. එහෙත් බටහිර ජාතීන් ලක්දිව පාලනය
නතුකරගත් පසුව පිරිවෙන් අධ්‍යාපනය පරිහානියට පත්විය.
එහෙත්, වර්ෂ 1717- 1789 කාලයේදී වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී
සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේ විසින් නියමකන්දෙහි පිහිට වූ
ශාස්ත්‍රාශාලාවෙන් පිරිවෙන් අධ්‍යාපනයේ නව යුගයක් ආරම්භ වන්නට පටන්
ගැනිණි.
මෙරට පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ජනාධිපතිතුමන් සහ රජය විසින් සිදුකළ
මහත් මෙහෙවර අගයා පිරිවෙන් ගුරුවරුන් විසින් සකස් කළ සංදේශයක් පෑලියගොඩ
විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්
විසින් ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන ලද අවස්ථාව. |
උන්වහන්සේගේ ශිෂ්‍ය, ගෞරවාර්හ ගාල්ලේ මේධංකර මහා ස්වාමීන්ද්‍රයන්
වහන්සේ විසින් පැල්මඩුල්ලේ ශාස්ත්‍රශාලාව පිහිටුවීමත්, වර්ෂ 1875 දී
වලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමිපාණන් වහන්සේ විසින් රත්මලානේ
පරමධම්මචේතිය පිරිවෙන ආරම්භ කිරීමත් නිසා මේ ආරම්භය වඩාත් ශක්තිමත්
වූයේ හාස්කමක් ලෙසිනි.
ඉංගී‍්‍රසි පාලනය යටතේ වර්ෂ 1873 දී පොදු අධ්‍යාපන දෙපාර්තමේන්තුව
පිහිටුවීමත්, බටහිර පාලකයන් විසින් විටින් විට සකස් කරන ලද අධ්‍යාපනයට
ස්ථාවර පදනමක් වැටුණු අතර, ජාතික පුනරුදයක් පිළිබඳ උද්යෝගය
පසුබිම්කරගෙන වර්ෂ 1873 දී විද්‍යෝදය පිරිවෙන ද, වර්ෂ 1875 දී
විද්‍යාලංකාර පිරිවෙන ද පිරිවෙන් අධ්‍යාපනය තහවුරු කිරීමේ ක්‍රියාවලියට
එක්විය.
වර්ෂ 1943 දී නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමත් සමඟම
පිරිවෙන් අධ්‍යාපනය ද ව්‍යවස්ථාපිත අනුග්‍රහයක් ලබාදීමේ අවශ්‍යතාවය
ප්‍රකට වන්නට වූයේ ය. වර්ෂ 1947 සැප්තැම්බර් මස 24 වැනි දින අංක 9773
දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ ආධාර ලබන පිරිවෙන් ව්‍යවස්ථා
සංග්‍රහය රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් සම්මත කරවා ගත් ආචාර්ය සී.ඩබ්ලිව්.
ඩබ්ලිව්. කන්නන්ගර අධ්‍යාපන ඇමැතිතුමන් විසින් එකී අවශ්‍යතාව ඉටු කිරීම
සඳහා ආරම්භක පියවරක් තැබුවේ ය.
මේ ආකාරයෙන් ව්‍යාප්ත වන්නට යෙදුන පිරිවෙන් අධ්‍යාපනය, වර්ෂ 1959
අගෝස්තු මස 07 වෙනි දින අංක 11828 දරන ගැසට් පත්‍රයෙන් පළවුණු පිරිවෙන්
නියෝග මාලාව අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයානන්ද දහනායක මහතා විසින්
පාර්ලිමේන්තුවේ සම්මත කරවා ගැනීමත් සමඟම ජාතික පොදු අවශ්‍යතා ඉටු
කිරීමට සමත් අනුබද්ධ ආයතන සමූහයක් පිරිවරාගත් අධ්‍යාපන පද්ධතියක් ලෙස
සංවර්ධනය විය. එමෙන්ම 1971 පිරිවෙන් කමිටු වාර්තාව පදනම් කොට ගෙන මේ
1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනත ප්‍රභවය ලැබීය.
නව පනත යටතේ පිරිවෙන් අධ්‍යාපනයේ අනන්‍ය ලක්‍ෂණ තහවුරු කිරීම සඳහා
මූලික පිරිවෙන් පාඨමාලාව හඳුන්වා දෙන ලදී. ඒ අනුව, සියලු ම ගුරුභවතුනට
වැටුප් ගෙවීමේ කටයුතු සම්පාදනය විය. මූලික මහා, විද්‍යායතන යනුවෙන්
පිරිවෙන් වර්ගීකරණය විය. පිරිවෙන් අභ්‍යාස ආයතන ව්‍යවස්ථාපිත තත්ත්වයකට
පත් කෙරිණි. පිරිවෙන් විධිමත් පරිපාලන ක්‍රමයක් තුළ සංවර්ධන කරා යොමු
කරනු ලැබීය.
අධ්‍යාපන අමාත්‍යතුමන් අතින් පිරිවෙන් සඳහා
සීනු පිරි නැමූ අයුරු. |
ඒ අනුව, සිංහල, පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්මය, ඉංගී‍්‍රසි හා ගණිතය
යන විෂය 06 අනිවාර්ය කෙරුණු මූලික පිරිවෙන් අවසාන විභාගය පාසල්වල
අ.පො.ස. (සා.පෙ) විභාගයට සමගාමීව පිරිවෙන් ක්‍ෂේත්‍රයට ඒ මට්ටමෙන්
හඳුන්වා දෙනු ලැබුණේ නව පනත යටතේ වීමද විශේෂත්වයකි.
මේ ආකාරයෙන් ව්‍යාප්ත වූ මෙරට පිරිවෙන් අධ්‍යාපනයට මෙන්ම සමස්ත ශ්‍රී
ලාංකීය අධ්‍යාපන රටාවටම නැවුම් වූ අර්ථකතනයක් එක් කරන්නට වර්ෂ 2005 දී
එක්තරා සුවිශේෂී ප්‍රතිඥාවක් එළි දැක්විණි. එනම්.... මහින්ද චින්තනයයි.
‘මිනිසා භෞතික වශයෙන් පමණක්ම නොව, අධ්‍යාත්මික වශයෙන් ද ගොඩ නැගීම සඳහා
පුද්ගලයාට ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥාව ද ලබා දිය යුතුය” යන්න තේමා කර
ගනිමින් එදා එළි දැක්වූ ඒ උදාරතර චින්තනයෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය
ඔසවා තබන්නට මනා පාදමක් වූයේ ය.
සියලු ආගම්වලට අයත් දරුවන් ඔවුනොවුනගේ ආගම්වලට අනුකූලවූ ධාර්මික
අධ්‍යාපනයක් ලබනවා දැකීම අභිලාෂය කරගත් ඒ අග්‍රගන්‍ය වූ ප්‍රතිපත්තියට
අනුව යමින් ක්‍රමවත් රටාවක් ඔස්සේ මෙරට අධ්‍යාපනයේ නිම් වළලු පුළුල්ව
ගම් දනව් සිසාරා විසිර පැතිර යන්නට විය. සැබැවින්ම අධ්‍යාපනයේ හෙට දවස
ප්‍රභාෂ්වර විය.
මෙවන් කාලවකවානුවක උදා වූ 2013 නොවැම්බර් මස 21 වෙනිදා පස්වරුවේ අතිගරු
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත
සම්ප්‍රාප්ත වූයේ 2014 වර්ෂය වෙනුවෙන් වූ අයවැය ඉදිරිපත් කිරීම සඳහා ය.
ඉතාමත් සුවිශේෂී වූ මෙවර අයවැය, ශ්‍රී ලාංකීය ඉතිහාසයේ හැට අට වෙනි
අයවැය වූ අතර, සන්ධාන රජයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කළ
නවවෙනි අයවැය ද වශයෙන් ඉතිහාසයට එක්විණි.
එළඹෙන වර්ෂය වෙනුවෙන් ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම් හා වියදම් එළි දක්වන
අතරතුරේ දී පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ද වඩා වැදගත් වූ ශිර්ෂයන්
කිහිපයක්ම මෙවර අයවැයට එක්වී තිබීම මෙරට ශාසනික වශයෙන් ගිහි පැවිදි
සමාජය ලැබුවා වූ විජයග්‍රාහී කඩඉමකි.
උත්සව අවස්ථාවට වැඩමවා සිටි ආරාධිත ගෞරවනීය මහා සංඝරත්නය |
ඒ අනුව පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා රාජ්‍ය අනුග්‍රහය
ලබාදෙමින් 2014 අයවැයෙන් පිරිවෙන් ආධාර වැඩි කරන්නට සමත්විණි. එදා 2005
දී සන්ධාන රජය බලයට පත්වෙන අවස්ථාවේ දී පිරිවෙනක අධ්‍යාපනය ලබන පැවිදි
ශිෂ්‍යයෙකුට දිනකට ලබා දී තිබුණේ රුපියල් 03 යි ශත 42 ක් පමණකි.
එමෙන්ම, ගිහි ශිෂ්‍යයෙකු වෙනුවෙන් ගෙවා ඇත්තේ ශත 68 ක් පමණකි. නමුත් එම
මුදල් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා 2010 දී පැවිදි ශිෂ්‍යයෙකුට
දිනකට රුපියල් 06 යි ශත 84 දක්වාත්, ගිහි ශිෂ්‍යයෙකුට රුපියල් 01 යි ශත
37 ක් දක්වාත් පිරිවෙන් ශිෂ්‍යාධාර 100% කින් වැඩි කරන්නට සන්ධාන රජය
සමත්විණි.
මේ ආකාරයෙන් පිරිවෙන් අධ්‍යාපනය සාර්ථක වෙද්දී, මේ සම්බන්ධයෙන්
තවදුරටත් අවධානය යොමු කළ අතිගරු ජනාධිපතිතුමන්, මෙම මුදල් අදට ගැළපෙන
පරිදි ප්‍රමාණවත් නොවන නිසා පිරිවෙන් අධ්‍යාපනය ලබන පැවිදි ශිෂ්‍යයාත්,
ගුරුභවතුනුත් ධෛර්යයමත් කිරීම සඳහා මෙන්ම ඔවුනොවුන් වෙනුවෙන් යම්
සාධාරණීකරණයක් ඇති කරළීම උදෙසා මෙවර 2014 අයවැයෙන් පැවිදි ශිෂ්‍යයෙකුට
දිනකට රුපියල් 15 දක්වා 219%කිනුත්, ගිහි ශිෂ්‍යයෙකුට රුපියල් 05 දක්වා
364% කිනුත් රජයේ ශිෂ්‍යාධාර දීමනා වැඩි කරන්නට සමත්විණි.
එමෙන්ම, පිරිවෙන්වල සනීපාරක්‍ෂක කටයුතු සඳහා රුපියල් මිලියන 50ක් ද,
පිරිවෙන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය සඳහා මෙන්ම වෙනත් යටිතල පහසුකම්
වෙනුවෙන් රුපියල් මිලියන 300 ක් ද මෙවර අයවැයෙන් ලබාදී තිබේ.
මේ රටේ දස සිල් මාතාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජය රුපියල් මිලියන 20 ක්
ද මෙවර අයවැයෙන් වෙන් කර තිබීම සැබැවින්ම අප ප්‍රශංසාවට ලක් කළ යුතු
උත්තුංග කාරණයකි. එමෙන්ම, පාසල් ගුරුවරුන්ට ලබාදෙන වරප්‍රසාදයන්
සියල්ලක්ම පිරිවෙන් ගුරුවරුන්ටත් ලබාදීමට සන්ධාන රජය කටයුතු කර තිබීම
විශේෂත්වයකි.
වත්මන් රජය පිරිවෙන් ආධාර වැඩි කිරීමෙන් ද, පරිවේනාචාර්යවරුන්ට විවිධ
වරප්‍රසාද ලබාදීමෙන් මෙන්ම තවත් බොහෝ දේ හරහා මෙරට පිරිවෙන් නඟා සිටවීම
සඳහා අවශ්‍ය වන්නා වූ රාජ්‍ය අනුග්‍රහකත්වය දක්වා තිබේ.
මීට සියවස් ගණනාවකට පෙරාතුව අරැඹි අපේ රටේ මේ පිරිවෙන් අධ්‍යාපනය, මේ
වන විට දිවයින පුරා පිරිවෙන් 750 කටත් වඩා ව්‍යාප්තව තිබේ. එමෙන්ම මේ
පිරිවෙන්වල ඉගෙන ගන්නා ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා මෙන්ම ගිහි
ශිෂ්‍යයන් වෙනුවෙන් ගුරුහරුකම් ලබාදෙන්නට අවැසි ආචාර්ය මණ්ඩලය වශයෙන්
ගුරුවරුන් 6300 ක් පමණ සේවයේ නිරතව සිටිති. එමෙන්ම, මේ පිරිවෙන්වල
අධ්‍යාපනය හදාරන ගිහි පැවිදි ශිෂ්‍යයන් සංඛ්‍යාව 64, 000 ක් පමණ වේ.
වත්මන් රජය පිරිවෙන් වෙනුවෙන් මේ ආකාරයෙන් මුදල් ප්‍රතිපාදනයන් වෙන්
කරමින් සුවිශේෂී අවධානයක් යොමු කර කටයුතු කරනු ලබන්නේ පිරිවෙන්
අධ්‍යාපනය ලබන ගිහි පැවිදි ශිෂ්‍යයන්ගේ මානසිකත්වය නූතන යුගයට ගැළපෙන
ආකාරයෙන් සකස් කිරීමට මෙන්ම, ඒ තුළින් ආකල්පමය වෙනසක් ඇති කිරීම
උදෙසාය.
මෙවන් පරම පිවිතුරු චේතනාවන් පෙරදැරි කරගනිමින් රජයේ මේ අතිමහත්
කැපකිරීම සාක්‍ෂාත් කරගන්නට පිරිවෙන්හි අධ්‍යාපනය ලබන ගිහිපැවිදි
ශිෂ්‍යයන් තම තමන්ගේ කාර්යභාරය වඩාත් ප්‍රශස්ත අයුරින් ඉෂ්ට සිද්ධ
කිරීම වටී. එසේ සිදු කිරීමෙන් රජය දියත් කර ඇති දැවන්ත සංවර්ධන
ක්‍රියාවලියට ද මනා දායකත්වයක් ලබා දීමට අවකාශ උදා වේ.
පිරිවෙන වත්මන් යුගයට සරිලන පරිද්දෙන් ව්‍යාප්ත වෙද්දී, විහාරස්ථානය
වත්මන් යුගයට ගැළපෙන අයුරින් ව්‍යාප්ත වෙද්දී එතුළින් බිහිවෙන අනාගත
යතිවරයාණන් වහන්සේලාගේ පරපුර තව තවත් ශෝභාමත් වනු නොඅනුමානය.
මෙවන් වූ සද්කාර්යයක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන්
අධ්‍යාපන ශාඛාවේ කැපවීම වඩාත් ශ්‍රේෂ්ඨ වේ. මූලික පිරිවෙන් අවසාන
විභාගයෙන් සමත්වන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් විදෙස් අධ්‍යාපන
චාරිකාවන් ලබා දීමට අවැසි කටයුතු සම්පාදනය කර දීමේ නවතම
ක්‍රියාපටිපාටියක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.
ඒ අනුව 2012 වර්ෂයේ පැවැති මූලික පිරිවෙන් අවසාන විභාගයේ ඉහළම ලකුණු
ලබාගත් පැවිදි ශිෂ්‍ය භික්‍ෂූන්වහන්සේලා දස නමක් වෙත කොරියාවේ සුවිශේෂී
අධ්‍යාපන චාරිකාවක් පිරිනැමීමට හැකි වූ අතර, එහි ගුවන් ටිකට්පත් පූජා
කිරීම අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් අරලියගහ මන්දිරයේ දී පසුගිය
ඔක්තෝම්බරයේ සිදු කෙරිණි.
එමෙන්ම, එහි දෙවෙනි පියවර වශයෙන් අප්‍රේල් මාසයේ දී තවත් එක් විදේශීය
සංචාරයක් ලබා දීමට දැනටමත් කටයුතු යොදා තිබේ. එනම්.... 2012 ප්‍රාචීන
ප්‍රාරම්භ විභාගයෙන් උසස් ලෙස සමත් වූ ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා දස නමකට
මැලේසියාවේ අධ්‍යාපන චාරිකාවකි.
එමෙන්ම, ත්‍රිවිධ ශාසනය සුරකිමින් අනාගත ලෝකයේ අභියෝග ජය ගත හැකි
ප්‍රජාවක් බිහි කරලීමේ උතුම් අරමුණෙන් යුතුව පිරිවෙන් අධ්‍යාපනය
යාවත්කාලීන කිරීමත් මෙන්ම සංවර්ධනය කිරීමත් ඉලක්ක කරගනිමින් (2014
–2016) තුන් අවුරුදු පිරිවෙන් අධ්‍යාපන සැලසුමක් පසුගියදා අතිගරු
ජනාධිපතිතුමන් වෙත පිළිගැන්විණි.
මේ සියල්ල සිද්ධ වෙන අතරතුරේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගියදා සිදු
කරනු ලැබූ ඵලදායිතා ප්‍රවර්ධන අභියෝගයේ දී සමස්ත අමාත්‍යාංශයේම ඇති
ශාඛා 54 අතුරෙන් ඉතාමත් විශිෂ්ට කාර්යක්‍ෂමතාවයක් ශාඛා අතරින්
අභිමානවත් පස්වෙනි ස්ථානය කරා පැමිණෙන්නට ‘පිරිවෙන් ශාඛාව‘ ට හැකි විය.
මෙවන් ඉහළ ස්ථානයක් කරා පිය මැනීමට පිරිවෙන් ශාඛාවට හැකි වූයේ මෑත
ඉතිහාසයේ පළමු වතාවට වීම ද සැබැවින්ම විශේෂත්වයකි.
පසුගිය වසර දක්වා ඉතාමත් සීමිත ඉඩකඩක අඩුපාඩු රැසක් මධ්‍යයේ පවත්වාගෙන
ගිය මෙම පිරිවෙන් ශාඛාව, වර්තමානය වන විට කාර්යක්‍ෂම බවින් පිරිපුන් කර
ඇත. පිරිවෙන් සම්බන්ධයෙන් දිවයිනේ සිව් දෙසින් දෛනිකව ලැබෙන
විවිධාකාරයෙන් වූ ලිපි එදිනම පරිගණක ජාල ගත කරනු ලබන අතර, ඒ වෙනුවෙන්
අදාළ විසඳුම් කඩිනමින් ගෙන එම පිරිවෙන් වෙත ක්‍ෂණිකව දන්වා යවමින් අද
මේ පිරිවෙන් ශාඛාව ප්‍රශංසනීය මෙහෙවරක නිරතව සිටී.
ක්‍රමානුකූල රටාවක් ඔස්සේ කාලීන තාක්‍ෂණික ක්‍රමවේදයන් ද උපයෝගී කොට
ගනිමින් නිසි කළමනාකාරිත්වයකින් යුක්තව වඩාත් ඵලදායී කඩිනම් සේවාවක
නිරතවීම, පිරිවෙන් ශාඛාව ලද විජයග්‍රහනයේ රහස වී ඇත. සීමිත සේවක
පිරිසකගෙන් උපරිම කාර්යක්ෂමතාවයක් මෙන්ම ඵලදායීතාවයක් අපේක්‍ෂාවෙන්
සිදුකරන ලද මෙම ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේ සාර්ථකත්වය අද වන විට
සියල්ලන්ටම මනාව පසක් වී හමාරය.
ලිපි ගොනු නිසි ආකාරයකින් තැන්පත්කොට තිබීමත්, දුරකතන නාමාවලි මෙන්ම
පිරිවෙන් ආශි‍්‍රත අනෙකුත් තොරතුරු ද ක්‍ෂණිකව ලබා ගත හැකිවන පරිද්දෙන්
ස්ථානගත කර තිබීමත් හේතුවෙන් වර්තමාන පිරිවෙන් පද්ධතියේ වඩාත්
ඵලදායීතාවයක් අත්පත් කරගැනීමට මෙම පිරිවෙන් ශාඛාවට හැකියාව ලැබී තිබේ.
එමෙන්ම, පිරිවෙන් ශිෂ්‍යයන් අතරේ පැවැත්වෙන සමස්ත ලංකා අන්තර්
පාර්වේනික භාෂා හා සාහිත්‍ය තරග මට්ටම් වලින් ජය ලබන සිසුන්ට මෙන්ම
වැඩිස්ථාන ප්‍රමාණයක් හිමි කරගන්නා පිරිවෙන් වෙත වඩාත් සුවිශේෂී ත්‍යාග
ක්‍රමයක් හඳුන්වාදීමට දැනටමත් කටයුතු යොදා තිබේ. මෙතෙක් ලබා දුන්
ත්‍යාග රටාවන් වලට වඩා බෙහෙවින් වෙනස් මඟක් ගන්නා මේ ත්‍යාග රටාවෙන්
බොහෝ සෙයින් බලාපොරොත්තු වන්නේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ගිහිපැවිදි
සිසුනගේ දක්‍ෂතාවයන් වෙනුවෙන් ලැබිය යුතු ඉහළම වටිනාකම ලබාදීමයි.
මෙරට අතිදැවැන්තම ජාතික සංවර්ධන ප්‍රදර්ශනය වන ‘දැයට කිරුළ’
ප්‍රදර්ශනයේ අද්විතීය ස්ථානයක් හිමි කරගනිමින් මෙවර කුලියාපිටියේ පැවති
අට වන දැයට කිරුළ ප්‍රදර්ශනයේ සිට ඉදිරියේ පැවැත්වෙන සෑම
ප්‍රදර්ශනයකදීම අධ්‍යාපන අමාත්‍යාංශ කුටියේ ‘පිරිවෙන් කුටියක්’ ස්ථාපිත
කරන්නටත් කටයුතු කළ පිරිවෙන් ශාඛාව, එමඟින් මහත් ප්‍රගතියක් ලැබුවේ
පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් පැමිණි නරඹන්නන්
සියල්ලන් වෙතම අවබෝධ කරවමිනි.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමන්ගේ සංකල්පයක් මත එළඹෙන
වර්ෂයේ සිට සෑම වසරකදීම දිස්ත්‍රික් මට්ටමින් ‘පිරිවෙන් ප්‍රතිභා’
නමින් ප්‍රදර්ශනයක් ද දියත් කරන්නට බලාපොරොත්තු වෙන අතර, එමඟින්
පිරිවෙන් ගිහිපැවිදි සිසුනගේ සහජ දක්‍ෂතාවයන් කළඑළි දක්වන්නට අවස්ථාවක්
උදා කර දෙනු ලැබේ.
පසුගියදා එළිදැක්වුණු පිරිවෙන් තුන් අවුරුදු සැළැස්ම මල්ඵල ගන්වමින්
පිරිවෙන් ආශි‍්‍රත තොරතුරු මෙන්ම වත්මනට ඔබින පරිදි පිරිවෙන් වඩාත්
ශක්තිමත් ආයතන බවට පත් කරලීමට අවශ්‍ය කරනු ලබන තොරතුරු ලබා ගැනීම උදෙසා
ලැප්ටොප් පරිගණක බෙදා දීමක් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ
දී සිදුකෙරිණි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ගෞරවාර්හ
වටිනාපහ සෝමානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අදහසකට අනුව අධ්‍යාපන
අමාත්‍යාංශයේ සැලසුම් හා කාර්යසාධන සමාලෝචන අතිරේක ලේකම් එස්.යූ.
විජේරත්න මහතා අතින් මෙම ලැප්ටොප් පරිගණක බෙදාදීම සිදු කරනු ලැබීය.
අදට ගැළපෙන අයුරින් තොරතුරු තාක්‍ෂණයෙන් මනාව පොහොසත් වන භික්‍ෂුවට,
බුදුරජාණන් වහන්සේ සරණ ගිය ආර්ය මහා සංඝරත්නය වශයෙන් ලෝකෝත්තර නිවන්
සුවය සදා දෙන සදහම් පණිවිඩය ලෝකයා අතර පතුරුවාලීම සඳහා මනා පිටිවහලක් ද
වන බව නොඅනුමානය.
අතිගරු ජනාධිපතිතුමන් නොවැම්බරයේ දී ඉදිරිපත් කළ 2014 අයවැයේ පිරිවෙන්
සම්බන්ධයෙන් වූ යෝජනාවන් සිව් මසක් ගතවන්නටත් මත්තෙන් යථාර්ථයක් වන්නට
පටන් ගැනිණි. මැදින් පුරපසළොස්වක පෝදා ගෙවී උදා වූ කිවි දින
සන්ධ්‍යාවේදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය කසාවතින් සහ සුදු වතින්
ලෙළදෙන්නට වූයේ අතිගරු ජනාධිපතිතුමන් පිරිවරාගත් අනාගත සුබ මං තැනීමේ
මංගල පියවර තබන්නටය.
දිවයිනේ සතර දෙසින් වැඩම කළ ගෞරවනීය මහා සඟරුවන මෙන්ම කෘත්‍යාධිකාරී,
පරිවේණාධිපති, නියෝජ්‍ය හා පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් සහ
පිරිවෙන් ගිහි පැවිදි පරිවේණාචාර්යවරුන් මෙන්ම ගිහි පැවිදි ශිෂ්‍ය
ස්වාමීන් වහන්සේලාගේ ද වැඩම වීමෙන් ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ ට අනුව
2014 අයවැය මඟින් පිරිවෙන් සංවර්ධනය උදෙසා ඉදිරිපත් කරන ලද
දිරිගැන්වීමේ සහ සහන ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක වැඩසටහන,
තෛ‍්‍රනිකායික මහා නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ ආශිර්වාදයන්
මධ්‍යයේ පවත්වන්නට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කෙරිණි.
ඒ අනුව, හෙළ සංස්කෘතිකාංගයන්ට මුල් තැනක් ලබා දෙමින් අභිමානවත් බවින්
පිරිපුන් විචිත්‍රවත් උත්සවයක් ලෙස සංවිධානය කර තිබූ මෙම උත්තුංග උත්සව
අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් පිරිවෙන් අධ්‍යාපනය ජාල ගත
කර වඩාත් ඵලදායී පිරිවෙන් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙන් පිරිවෙන්
කෘත්‍යාධිකාරී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා වෙත සංකේතාත්මකව පරිගණක
පිරිනැමීය.
එමෙන්ම, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් පිරිවෙන් වෙතසීනු
මෙන්ම පැවිදි සාමණේර ශිෂ්‍ය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා වෙත සිවුරු
රෙදි කට්ටලය බැගින් පිරිනමනු ලැබූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අනුර
දිසානායක මහතා අතින් පිරිවෙන් අධ්‍යාපන හදාරණ ගිහි ශිෂ්‍යයන් වෙත නිල
ඇඳුම් කට්ටල පිරිනැමීම සිදු කරන ලදී.
පිරිවෙන් අධ්‍යාපනයේ වත්මන් ප්‍රගතිය මෙන්ම සුබවාදී ඉදිරි මං පෙත්
සම්බන්ධයෙන් ද මෙහිදී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා විසින් කරුණු ගෙනහැර
දැක්වූයේ ප්‍රෞඩ ඉතිහාසයේ අභීත අභිමන මතු පරපුරට ද මනාව සිහිපත්
කරවමිනි.
පිරිවෙන් තුන් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරවන අතරවාරයේ වඩාත් හරවත්
වූත්, වඩ වඩාත් අගනා වූත් පිරිවෙන් පනතක අභිලාෂයන් මුදුන්පත් කරවමින්
ඉදිරියේ දී සිදු කරන්නට නියමිත කර්තව්‍යයන් සම්බන්ධයෙන් අධ්‍යාපන
අමාත්‍යතුමන් මෙහිදී සිය අදහස් දැක්වීමේ දී කරුණු පහදා දෙන්නට විය.
තුන් හෙළේ වැසියනට නිදහස් නිවහල් දේශයක් තනා දුන් යුගයේ අසිරිමත්
යුගපුරුෂයාණන් ද මේ සමාරම්භක උත්සව අවස්ථාවේ දී තම හඬ වා තලයට මුසු කළේ
පිරිවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් තම හද පත්ලේ ඇති මහත් වූ ඕනෑකම ඉස්මතු
කරවමිනි. නිග්‍රෝධ සාමණේරයාණන් වහන්සේගේ කථාව ඔස්සේ අරුත්බර අර්ථයක්
සමාජගත කරන්නට අතිගරු ජනාධිපතිතුමන් සිය අදහස් දැක්වීමේ දී සමත් වූ
අතර, ඒ වෙනුවෙන් සියල්ලන්ගේම අවධානය යොමු වූයේ නිරායාසයෙනි.
මෙරට පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් සහ රජය විසින්
සිදුකළ මහත් මෙහෙවර අගයා පිරිවෙන් ගුරුවරුන් විසින් සකස් කළ සංදේශයක්
කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ
කුලපති, විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම
නාහිමියන් විසින් මෙහිදී අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබූහ.
සියල්ලන්ටම පෙර රට ගැන සිතන එමෙන්ම, සෑම සුබ කටයුත්තක් අරඹන්නට
පෙරාතුවම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගන්නට අමතක නොකරන මේ අනභිභවනීය
රාජ්‍ය නායකයාණන්ට ආශිර්වාදයන් නිබඳවම එක් කරමින් ඉදිරි කාර්යයන්
සාක්‍ෂාත් කර ගැනීම උදෙසා සෙත් පිරිත් සජ්ඣායනා කොට ගෞරවනීය මහා සඟරුවන
සෙත් පැතූයේ සකල සිරින් පිරි සිරි ලංකාවක අරුණළු උදා වී ඇති හෙයිනි. |