බණ
අසන්නේ ඇයි?
කැලණිය විශ්වවිද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
චේතනාවේදී අපට හැසිරෙන්න දෙයක්
නැතිවෙන්න පුළුවන්. හැසිරෙන්නෙත්
නැත්නම්, දැනගන්නෙත් නැත්නම්,
ධර්මානුශාසනාවක ඵලය කුමක්ද?
ධර්ම දේශනාවකදී යම් කාරණාවක් අප
ඇසුවිට, අප දැනගත යුතුවා සේම අප
හැසිරිය යුතුවා සේම, අවබෝධ කරගත
යුතුමයි. බණක පිළිපැදිය යුතු කරුණු
ඇතුවා සේම, අවබෝධ කරගත
යුතු කරුණුත් තියෙනවා. විනෝදය
සඳහා නොවෙයි, වින්දනය සඳහා
නොවෙයි, තව කෙනකුට රිද්දවීම
සඳහාත් නොවෙයි, හුදෙක්
දැනගැනීම සඳහාම පමණක්ම
නොවෙයි. බණ අහන්නේ, හුදෙක්
නොදන්නා දෙයක් දැනගැනීම
සඳහාම පමණක් නොවෙයි යන්න
දැනගත යුතු කාරණාවයි
ලෝකස්වාමී වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත අසූහාරදහසක් පමණය යැයි
ගණන් බලා තිබෙන ධර්මස්කන්ධය අතර එක්කාරණාවක් පිළිබඳ විශ්ලේෂණාත්මකව
කරුණු දැන ගනිමු.
ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමත් වෙනත් දේශනාවක් ශ්‍රවණය කිරීමත් අතර
ලොකු වෙනසක් තිබෙනවා. අපේ ශ්‍රවණේන්ද්‍රිය වූ කනෙන් නොයෙක් දේ අහනු
ලබනවා. බණ අහනවා, කතන්දර අහනවා, කවි, ගී අහනවා, තවත් බොහෝ විනෝදාශ්වාදය
ගෙන දෙන දේවල් අහනවා. තවත් තොරතුරු හා ප්‍රවෘත්ති අහනවා, මාධ්‍යයන්ගෙන්
හා පුද්ගලයන්ගෙනුත් අහනු ලබනවා. මේ බණ අසන කරුණු හා වෙනත් බොහෝ දේ අසන
කරුණු අතර අසන විදිහ සහ ඇසූ පසු විදිහ වෙනස්. තොරතුරක් අසනු ලබන්නේ
දැනගැනීමට . එහි කුතුහලයක් තිබෙන නිසා ඒ තොරතුරේ තවදුරටත් තොරතුරු
දැනගන්න කුතුහලයක් ඇතිවෙනවා.
තොරතුරු දැනගන්නේ, දැනගැනීම සඳහා මිසක් පිළිපැදීම සඳහා නොවෙයි. ගීත
අසන්නේ රසවින්දනයට මිස තොරතුරු දැනගන්න නොවෙයි. ඒවගේ ම ප්‍රවෘත්තියක්
අහල තොරතුරක් දැනගන්නවා මිසක් වින්දනයක් ලබන්නේ නැහැ. නරක
ප්‍රවෘත්තියක් ඇසූ විට ලැබෙන දෙයට වඩා වෙනස් හොඳ ප්‍රවෘත්තියක්
අහපුවහම. ඒ වගේ ප්‍රවෘත්ති තුළින් දැනුවත්කමකුත්, ගීත ඇසීමෙන් හා
කතන්දර ඇසීමෙන් ලැබෙන්නේ වින්දනයයි.
ඒ වගේම පරිත්‍රාණ සජ්ඣායනාවක් හෝ වෙනත් එවැනි ආගමික සජ්ඣායනාවක් ඇසූ
විට වින්දනයක් හෝ දැනුවත් භාවයක් නොලබන අතරම ඒ තුළ කුතුහලයකුත් අපට
නැති නිසාම එහි ආශිර්වාදයක් අපට ලැබෙයි. අප අසන ඇතැම් දේශනා
දැනගැනීමටත්, ඇතැම් ඒවා වින්දනයටත් සමහර ඒවා කුතුහලය නැති කර ගැනීමටත්
අසනු ලැබුවත්, බණක් අසන්නේ ශ්‍රද්ධාව ඇතිකර ගැනීම සඳහා යැයි කෙනකුට කිව
හැකිය.
බණ ඇසුවාට පමණක් ප්‍රයෝජනයක් නොවන අතර, බණ ඇසිය යුත්තේ ඇයිද? යන්න
වඩාත් නිවැරැදිව ප්‍රකාශ කරනවා නම්, ශ්‍රද්ධාව ඇතිකර ගැනීමට, එය වැඩිකර
ගැනීම ට හෙවත් සන්සිඳුවා ගැනීමට නොවේ. ශ්‍රද්ධාව නැතිව බණක් ඇසුවාට
ප්‍රයෝජනයක් වෙන එකක් නැතැයි සිතුවට ශ්‍රද්ධාව සඳහාම බණ අසන්නේ නැහැ.
ආශිර්වාද ලබාගැනීම සඳහා පිරිත් අසන බව ඇත්ත වුවත්, ඒ සඳහා බණ අසන්නේ
නැහැ. ආශිර්වාද ලබාගැනීම සඳහා පිරිත් අසන බව ඇත්ත වුවත්, ඒ සඳහා බණ
අහන්නේ නැහැ. සිරිතක් වශයෙන් බණ ඇසීමේ වරදක් නැතත් , බණ ඇසිය යුත්තේ
සිරිතක් වශයෙනුත් නොවේ. බණ අසන්නේ නොදන්නා දෙයක් දැනගැනීම සඳහාම පමණක්ම
නොවෙයි. නොදන්න බොහෝ දේවල් බණවල දී දැනගැනීමට ලැබුණත් නොදන්නා බොහෝ දේ
ද එහිදී දැනගත යුතු වෙයි. නොදන්නා දේ දැනගැනීම ඉතා හොඳ දෙයක් ලෙසට
අනුමත කළ හැකියි. නමුත් බණක් අසන්නේ නොදන්නා දෙයක් දැනගැනීම සඳහාම
පමණක් නොවෙයි. නොදන්නා දේ දැනගැනීමට දේශනයකින් හැකි නම් බණ අසනු ලබන්නේ
කුමකටද? ඔබ බණ අහන්නේ බණ පිළිපැදීම සඳහා යැයි කියයි. සුනාථ, ධාරේථ,
චරාථ, එහි වරදක් නැත.
බණ ඇසිය යුතුයි, දැරිය යුතුයි, සේම එහි හැසිරියද යුතු වෙයි. හැසිරෙන්න
අවශ්‍ය කරුණු දැනගත් විට අසන එකට වඩා හැසිරෙන එක වටිනාකමක් තිබුණත්
සමහර කරුණු තියෙනවා හැසිරෙනව යන වචනයේ අපට දැනෙන තේරුමට වඩා ගැඹුරු
තේරුමක් තිබෙනවා. හැසිරෙනවා යන්න කරන්න පුළුවන්කම තියෙන්නේ නරක
හැසිරීම් නැති කරල යහපත් හැසිරීම් ඇති කරගන්නවා යන අර්ථයකින් නම්, සමහර
කාරණා තියෙනවා, ඇත්තවශයෙන්ම හැසිරෙන්න දෙයක් නැති.
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” චේතනාවේදී අපට හැසිරෙන්න දෙයක් නැතිවෙන්න
පුළුවන්. හැසිරෙන්නෙත් නැත්නම්, දැනගන්නෙත් නැත්නම්, ධර්මානුශාසනාවක
ඵලය කුමක්ද? ධර්ම දේශනාවකදී යම් කාරණාවක් අප ඇසුවිට, අප දැනගත යුතුවා
සේම අප හැසිරිය යුතුවා සේම, අවබෝධ කරගත යුතුමයි. බණක පිළිපැදිය යුතු
කරුණු ඇතුවා සේම, අවබෝධ කරගත යුතු කරුණුත් තියෙනවා. විනෝදය සඳහා
නොවෙයි, වින්දනය සඳහා නොවෙයි, තව කෙනකුට රිද්දවීම සඳහාත් නොවෙයි,
හුදෙක් දැනගැනීම සඳහාම පමණක්ම නොවෙයි. බණ අහන්නේ, හුදෙක් නොදන්නා දෙයක්
දැනගැනීම සඳහාම පමණක් නොවෙයි යන්න දැනගත යුතු කාරණාවයි.
හේමමාලා රන්දුනු |