Print this Article


කඳන ශ්‍රී සාංඝිකාරාමයේ ගොඩනැගිලි රැසකට මුල්ගල් තැබීම 11 දා

කඳන ශ්‍රී සාංඝිකාරාමයේ ගොඩනැගිලි රැසකට මුල්ගල් තැබීම 11 දා

හොරණ, කඳන ශ්‍රී සාංඝිකාරාම පුරාණ විහාරස්ථානයේ පුස්තකාලය දහම් පාසැල් ගොඩනැගිල්ල සහිත ධර්ම ශාලාව ඉදිකිරීමට මුල්ගල තැබීමේ මහා පින්කම මේ මස 11 වැනිදා උදේ 8.40 ට යෙදෙන සුබ මොහොතින් වරාය ,නාවික සහ මහා මාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරේ.

රයිගම් හේවාගම් සල්පිටි කෝරළත්‍රයේ අධිකරණ සංඝනායක තලගල සුමනරතන නාහිමියෝ පස්යොදුන්රට හා හොරණ බුදුරාවල ප්‍රධාන ප්‍රදේශවාසී මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම වන බව විහාරාධිපති ශාස්ත්‍රපති කුඹුක්වැවේ සුධම්ම හිමියෝ පැවැසූහ. ශ්‍රී‍්‍ර ලංකා මානව හිතවාදි බෞද්ධ පදනමේ ජාතික සංවිධායක දයානන්ද බෝඹුවල,හොරණ හදිසි මරණ පරීක්‍ෂක සුමේධ ගුණවර්ධන ධර්මපාල, කාර්ය සාධක සමිතියේ ජ්‍යෙෂ්ඨ උපදේශක කුලපාල වීරකෝන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ යන සම්භාවනීය දානපති ගිහි පැවිදි විශාල පිරිසක් මේ පින්කමට එක්වන බවද උන්වහන්සේ සඳහන් කර සිටිති.