Print this Article


කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත මිළිඳු රාජ ප්‍රශ්නය – 1 සහ 2

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත මිළිඳු රාජ ප්‍රශ්නය – 1 සහ 2

“ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ” ග්‍රන්ථය ඇතුළු බෞද්ධ ග්‍රන්ථ රැසක් සම්පාදනය කර සැදැහැවතුන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි විසින් රචිත ‘මිළිඳු රාජ ප්‍රශ්නය – 1 සහ 2’ බෞද්ධ ග්‍රන්ථ ද්විත්වය මේ මස 11 වැනි අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්.මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.

මිළින්ද ප්‍රශ්නය වනාහි ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක්වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත් නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ කල්හිය.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ ‘මිළිඳු රාජ ප්‍රශ්නය 1 සහ 2’ බෞද්ධ ග්‍රන්ථ ද්විත්වය එදින විශේෂ අඩු මිලකට සැදැහැවතුන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.