Print this Article


දහම් පාසල් ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - අභ්‍යාසය - 1

දහම් පාසල් ධර්මාචාර්ය විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - අභ්‍යාසය - 1

1 කොටස

මෙම ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න

1(අ) ධර්ම ගුත්තික හා මහින්සාසක යන දෙනිකායන්හි ආදි පුරුෂයා ලෙස සැලකෙන භික්‍ෂුවගේ නම කුමක්ද?

(ආ) එම භික්‍ෂුව ප්‍රථම සංගීතිය ප්‍රතික්‍ෂේප කිරීමට බලපෑ හේතුව කුමක්ද?

2.ඇ) වසර 100ට පසු දෙවන ධර්ම සංඝායනාව පවත්වා තිබේ. එම සංඝායනාව පැවැත්වීමට හේතු වූ මතවාද ඉදිරිපත් කළ භික්‍ෂු පිරිස හැඳින්වෙන්නේ කවර නමකින් ද?

ආ) එම භික්‍ෂූන් වහන්සේලා ඉදිරිපත් කළ මතවාදය කුමක්ද?

3.අ) ශාසන ඉතිහාසයේ මහාදේව නම් ආචාර්යවරයාට වැදගත් තැනක් හිමිවීමට හේතුව කුමක්ද?

ආ) මහා දේව ආචාර්යවරයා ඉදිරිපත් කළ නව මතවාදය කුමක්දැයි ලියන්න

4 අ) මහායානිකයන් ඉදිරිපත් කරනු ලබන ‘පුද්ගල සංකල්පය’ නම් කුමක්ද?

ආ)පුද්ගල සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ කිනම් භික්‍ෂුව විසින්ද?

5 අ) සරවාස්ථිවාදයේ ප්‍රමුඛයෙක් ලෙස සලකනු ලබන භික්‍ෂුවගේ නම ලියන්න

ආ) සර්වාස්ථීවාදය භාරතයේ පැතිරී ගිය ප්‍රධාන ප්‍රදේශ 2 ක් ලියන්න

6.අ) බහුශ්‍රැතික හා පඤඤ්තිවාද යන නිකාය (02) දෙක බිඳී ගියේ කවර නම් නිකායෙන්ද?

ආ) මෙම නිකාය (02) දෙක ආරම්භ කරන ලද්දේ කවරෙකු විසින්ද?

7අ) කථාවත්තුප්පකරණය මගින් ඉදිරිපත් කරනු ලබන මූලිකම ඉගැන්වීම කුමක්ද?

ආ) කථාවත්ථුප්පකරණය කෘතිය සම්පාදනය කරන ලද්දේ කවර වකවානුවකදී දැයි ලියන්න

8 අ) ‘වලභි’ නමැති විශ්වවිද්‍යාලය පිහිටුවීමට අනුග්‍රහ දක්වන ලද රජවරුන් හඳුන්වනු ලබන්නේ කවර නමකින් ද?

ආ) ‘වලභි විශ්වවිද්‍යාලය’ ආරම්භ කිරීමට පුරෝගාමී වූ පඬිවරුන් දෙදෙනෙකුගේ නම් ලියන්න

9.අ) ක්‍රි.ව. 11 වන සියවසේදී පමණ දූත පිරිසක් ශ්‍රී ලංකාවට එවා බෞද්ධ ධර්ම ග්‍රන්ථ එරටට ගෙන්වා ගත් බුරුම රජතුමාගේ නම කුමක්ද?

ආ) මෙම රජතුමා පසු කාලයේදී බුරුමයේ සිට ශ්‍රී ලංකාවට එවූ භික්‍ෂු දෙනමගේ නම් ලියන්න

10.අ) බෞද්ධ කලා ශිල්ප අතර ‘ප්‍රතිමාඝර’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමක්ද?

ආ) ශ්‍රී ලංකාවේ ප්‍රතිමාඝර දක්නට ලැබෙන ස්ථාන 02 (දෙකක්) නම් කරන්න.

පිළිතුරු

1.අ) පුරාණ තෙරුන් වහන්සේ

ආ) බුදුරජාණන් වහන්සේ හමුවේ දී පිළිගන්නා ආකාරයෙන්ම ධර්මයත්, විනයක් දරන බව ප්‍රකාශ කිරීම

2.අ) වජ්ජිපුත්තක භික්‍ෂූන් වහන්සේලා

ආ) දස වස්තුව

3.අ) අරහත් නමැති සංකල්පය ඉදිරිපත් කිරීමය

ආ) රහත් බව හීන අධිගමයක් ලෙස දැක්වීමය

4අ) පරමාර්ථ වශයෙන් පුද්ගලයෙක් ඇත යන්නය

ආ) වාත්සිපුත්‍ර භික්‍ෂුවගේය

5.අ) උපගුප්ත හිමිය

ආ) කාශ්මීර හා ගන්ධාරයයි

6.අ) ගෝකුලික නිකායෙන් ය

ආ) යාඥවල්ක්‍ය හා මහා කාත්‍ය යන තෙරවරුන් විසින් ය

7.අ) පරමාර්ථ වශයෙන් පුද්ගලයෙකු යැයි කෙනෙකු නොමැති බව

ආ) තුන් වන ධර්ම සංගායනාවේදී එනම් අශෝක අධිරාජයාගේ කාලයේදී

8.අ) මෛත්‍රීක නමැති රජවරු

ආ) ගුණමතී හා ස්ථිරමතී යන තෙරුවරුන්ය

9.අ) අනවරථ හෙවත් අනුරුද්ධ රජතුමා

ආ)උත්තරජීව හා චප්පට යන තෙරවරුන් ය

10.අ) බුදුගෙය හෙවත් බුද්ධ ප්‍රතිමාවට කරන ලද ගෙයයි

ආ) අවුකන, පොළොන්නරුවේ ගල් විහාරය, හා බුදුරුවගල යන තැන්වල ය.

ඇ) මහායාන බුදු දහමෙහි ‘දස භූමි’ යනු කවරේදැයි හඳුන්වා ඒවා විස්තර කරන්න

බෝධි සත්වයෙකු බුද්ධත්වය ලැබීමට පෙර පත් විය යුතු භූමි හෙවත් අවස්ථා 10 ක් ඇත. මෙහි භූමිය යන්නෙන් එක්තරා තත්ත්වයක් අදහස් කරනු ලැබේ. දස භූමි සූත්‍රයේ දැක්වෙන දස භූ®මි මෙසේය.

1.ප්‍රමුදිතා – පී‍්‍රතිමත්

2.විමලා – නිර්මල

3.ප්‍රභාකරි – බබළන

4.අර්චිස්මතී – ඔප් නැගෙන

5.සුදුර්ජයා - අත්කර ගැනීමට දුෂ්කර

6.අභිමුඛී- මුහුණට මුහුණ ලා සිටින

7.දුරංගමා – ඈත ගමන් කරන

8.අචලා – නිශ්චල

9.සාධුමතී – යහපත් අදහස් ඇති

10. ධර්මේඝා - දහම් වලාකුළක් වැනි

බෝධිසත්වවරයකුට මනඞප්‍රණිධියක් සමඟ තමා නියත වශයෙන් බුදු වන බවත් සියලු සතුන් නිවන් දැක්විය හැකි බවත් වැටහේ. එබැවින් හෙතෙම පී‍්‍රතියෙන් පිනා යයි. බුද්ධබෝධි සත්වරුන් ඇසුරු කිරීමට පෙළඹේ. සිය වගකීම වටහා ගන්නා ඔහු පැවිදි වී ධ්‍යාන භාවනා වඩයි.

දස භූමිවල විමලා යනු නිර්මලත්වයයි. මහායාන බෝධිසත්වවරයා ග්‍රාම්‍ය වු සියලු ඇවතුම් පැවතුම් වලින් දුරු සීල පාරමිතාව පුරයි. දස කුසල් වඩයි.

ප්‍රභාකාරි යනු බැබළීමයි. ප්‍රඥාව වර්ධනය කරමින් භාවනා කරන බෝසත්වරයා බබළන්නට පටන් ගනී. අර්චිස්මති යනු ඔප් නැගෙන බවයි. බෝධි පාක්‍ෂික ධර්ම වලින් හෙතෙම දීප්තිමත් වේ. වීර්යය පාරමිතාව ප්‍රබලවම පුරයි.

සුදුර්ජයා යනු අත්කර ගැනීමට දුෂ්කර බවයි. සිය සිත මනාව පාලනය කර ගන්නා බෝධි සත්වයන් පරයා සියලු බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කර ගනී. අභිමුඛී යනු මුහුණට මුහුණලා සිටින යන්නයි. ප්‍රඥාව දියුණු තියුණු කර ගෙන ප්‍රඥා පාරමිතාව වඩමින් ලොව පිළිබඳ යථාභූත ඥාන දර්ශනය උපදවා ගනී.

දුරංගමා යනු ඈත ගමන් කරන යන අදහස ගෙන දේ. අචලා යනු නිශ්චල බවය. බුදු බව සඳහා අමුතු උත්සාහයක් නොදරන අතර විශ්ව මෛත්‍රිය පතුරුවයි. සාධුමතී යනු යහපත් අදහස් ඇති යන්නයි. අනුන්ට ධර්මය අවබෝධ කර දීමට අවශ්‍ය ශක්තිය ලබා ගනී. ධර්ම මේඝා අනුන්ට ධර්මය අවබෝධ කර දීමට අවශ්‍ය ශක්තිය ලබා ගනී. ධර්ම මේඝා යනු දහම් වළාකුලක් යන අර්ථය ගෙනදේ. විවිධ ප්‍රාතිහාර්යන් පෑමේ කුසලතාව ද ඔහු ට හිමිය. මෙම දස භුමි අනුව බෝසත්වරයෙකු ආධ්‍යාත්මිකත්වය උපරිම තත්ත්වයට පත්වන අයුරු මින් පැහැදිලි වේ.