ලක්දිව බෞද්ධ ස්තූපයේ ආරම්භය, ව්‍යාප්තිය හා සංකේතාර්ථ
ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි
විශ්ව විද්‍යාලයේ
භාෂා අධ්‍යයන පීඨාධිපති
කුඩා කටුවන්නාව ශ්‍රී‍්‍ර වර්ධනාරාම රාජ මහා විහාරාධිපති
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
උතුරාවල ධම්මරතන හිමි
මෙම ලිපියේ පළමු කොටස පෙබරවාරි 22 පත්‍රයේ පළ විය.
1.ශ්‍රද්ධා බල :- සෝවාන් ආදි අංග සතර දැඩි සේ විශ්වාස කොට
අශ්‍රද්ධාවෙන් නොවැලැක්විය හැකිසේ සිත බලවත් කිරීමය. එය ශ්‍රද්ධා බල
නමි.
2.වීර්ය බල :– සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කුසීත තාවයෙන් නැවැත්විය
හැකිසේ සිත බලවත් කිරීමය
3.සති බල :– සතර සතිපට්ඨානයෙහි දී සිහි මුලායෙන් නොවැලැක්විය හැකි සේ
බලවත්ව සිත පවත්වා ගැනීමයි
4.සමාධි බල :- ප්‍රථම ධ්‍යානාදියෙහි සිත එකඟ කර උද්ධච්චයෙන්
නොවැලැක්විය හැකි සේ සිත බලවත් කරන සමාධියයි. ඒකාග්‍රතාවයයි.
5.පඤ්ච බල :- චතුරාර්ය සත්‍යාවබෝධයේ හිදී අවිද්‍යාවෙන් නොවැලැක්විය
හැකි සේ සිත බලවත් කිරීමේ ප්‍රඥාවයි.
06. සත්ත බොජ්ඣංග ධර්ම
1. සති සම්බොජ්ඣංගය :- කාය,වේදනා, චිත්ත හා ධර්ම යන සතර සතිපට්ඨානය
අරමුණු කොට භාවනා වශයෙන් වැඩි දියුණු කළ සිහි කල්පනාවයි. එය බෝධි
අංගයකි.
2. ධම්මවිචය සම්බොජ්ඣංගය :- විදර්ශනාවට අරමුණු වන ආධ්‍යාත්ම බාහිර
තෛ‍්‍රභූමික සංස්කාරයන් ස්වලක්ෂණ වශයෙනුත් අනිත්‍යාදි සාමාන්‍ය ලක්ෂණ
වශයෙනුත් වෙන වෙන ම බලන ප්‍රඥාවයි. එය බෝධි අංගයකි.
3. විරිය සම්බොජ්ක්‍ධංගය :- සතර සම්‍යක් ප්‍රධාන වශයෙන් වෑයම් කරන වීර්ය
යයි. කුසල ප්‍රතිපදාව වැඩීමට අවශ්‍ය කරන උත්සාහයයි. එය බෝධි අංගයකි.
4. පී‍්‍රති සම්බොජ්ඣංගය :- කුසල් අරමුණෙහි සිත පිහිටුවා පිනවන
පී‍්‍රතියයි. සතුටයි. භාවනා වඩන කල්හි ඇතිවන ප්‍රමෝධය නිසා පිබිදෙන
සිතෙහි ප්‍රබෝධමත් ස්වභාවය යි. එය බෝධි අංගයකි.
5. පස්සද්ධි සම්බොජ්ඣංගය :- චෛතසිකයන් කෙරෙහි පවත්නා කෙලෙස් දැවිල්ල
සංසිදුවා සිහිල් කරවන කාය පස්සද්ධි – චිත්ත පස්සද්ධි දෙකයි. එය
භාවනාවෙන් වැඩුණු විට චිත්ත චෛතසිකයන් පිළිබඳ අශාන්ත භාවය දුරු කොට
උපශාන්ත භාවය ඇති කරයි. මාර්ග ඥානය උපදවයි. එය බෝධි අංගයකි.
6. සමාධි සම්බොජ්ඣංගය :– සිතේ අශාන්ත බව, වික්ෂිප්ත බව දුරු කොට සිත
භාවනා අරමුණෙහි හොඳින් පිහිටුවාලන ඒකාග්‍රතාව සමාධියයි. එය භාවනා
අරමුණෙහි වැඩී ගිය විට සිතේ උඩඟු බව දුරු වී මාර්ග ඥානය උපදී. එය බෝධි
අංගයකි.
7. උපෙක්ඛා සම්බොජ්ඣංගය :- භාවනා අරමුණෙහි සිත සමව තබා ගන්නා
තත්‍රමජ්ක්‍ධත්තතාවයයි. එනම් සිතෙහි මධ්‍යස්ථ බවයි. එය බෝධි අංගයකි.
බෝධි අංග යන වචන දෙක එකට එකතු වීමෙන් බොජ්ඣංග යන පදය සැදී තිබේ. මෙහි
“බෝධි” යන වචනයට අර්ථ රැසකි. එහෙත් මෙහිදී නිර්මාණය ප්‍රත්‍යක්ෂකරණය
ධර්ම යන අර්ථයම ගැනේ. එකී ධර්ම හත, සත්ත බොජ්ක්‍ධංග නම් වේ.
07. ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම
මාර්ගාඞ්ග, මාර්ග+අඞ්ග නම් නිවනට පමුණුවන මාර්ගය පිළිබඳ අඞග 8 යි.මේ
අංග අට හිමි වන්නේ ලොකෝත්තර වශයෙන් සෝවාන් ආදි ආර්ය පුද්ගලයන්ට අයත්
බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය යයිද කියනු ලැබේ. ලෞකික දියුණුව ද මෙයින්
ඇතිවේ.
1.සම්මා දිට්ඨි :- යහපත් පිරිසුදු දැක්මය. එනම් චතුරාර්ය සත්‍ය දක්නා
යහපත් ඥානයයි. ප්‍රඥාවයි.
2.සම්මා සංකප්ප :- යහපත් පිරිසුදු කල්පනාවයි. එය නෙක්ඛම්ම
,අව්‍යාපාද,අවිහිංසා , යයි තෙවැදෑරුම් වේ. විතර්ක චෛතසික යයි.
3.සම්මා වාචා :- යහපත් පිරිසුදු වචනයයි. එය බොරු කීම,කේලාම් කීම, පරුෂ
වචන කීම, ප්‍රලාප වචන කීම යන මෙයින් වැලකී සිටීමය.
4.සම්මා කම්මන්ත :- යහපත් පිරිසුදු කර්මාන්තයි. සතුන් මැරීම, සොරකම්
කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යන කාරණා තුනෙන් වැලකී සිටීමය.
5.සම්මා ආජීව :- යහපත් පිරිසුදු දිවි පැවැත්මය. එය ජීවත්වීම සඳහා කරන
සත් ආකාර දුශ්චරිතයන්ගෙන් වැලකී සිටීමය.
6.සම්මා වායාම :- යහපත් පිරිසුදු දිවි පැවැත්මය. එය සතර සම්‍යක්
ප්‍රධාන වීර්ය මුල්කොට පවතී. වීර්ය චෛතසිකයයි.
7.සම්මා සති – යහපත් පිරිසුදු සිහි කල්පනාවයි. එය සතර සතිපට්ඨාන මුල්
කොට පවතී. සති චෛතසික යයි.
8.සම්මා සමාධධි :- යහපත් පිරිසුදු සමාධිය හෙවත් සිතේ එකඟ බවයි.
ඒකාග්‍රතා චෛතසික යයි. මේ මාර්ග අංග අටෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත,
සම්මා ආජීව, යන තුන සීලයත්, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන
තුන සමාධියටත් සම්මා දිට්ඨි , සම්මා සංකප්ප යන දෙක ප්‍රඥාවටත් අයත් වේ.
05. හතරැස් කොටුව – සිව්වනක් පිරිස
ස්තූප ගර්භය මත පස්වන අංකය හැටියට ඇත්තේ හතරැස් කොටුවයි. ඉන් සංකේතවත්
කොට තිබෙන්නේ චතුරාර්ය සත්‍ය බව පුරා විද්‍යාඥයෝ පවසති. ස්තූප
ගර්භයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම කියවෙන නිසාත් සම්මා දිට්ඨීයෙන්
චතුරාර්ය සත්‍ය ප්‍රකට වන නිසාත් හතරැස් කොටුවට නැවත චතුරාර්ය සත්‍යය
දැක්වීම යුක්ත නොවේ.
අපගේ අදහස වන්නේ සිව්වනක් පිරිස හෙවත් භික්ෂු, භික්ෂුණී. උපාසක,
උපාසිකා, යන පිරිස හතරැස් කොටුවෙන් පිළිබිඹු කොට තිබේ යන්නයි. මෙතෙක්
විස්තර කළ ධර්ම කොටස් අනුගමනය කරන්නේ මේ සිව්වනක් පිරිසයි. ඒ පිරිස
බුදු දහමේ හඳුන්වනු ලබන්නේ භික්ෂු භික්ෂූණී, උපාසක, උපාසිකා යන නමිනි.
06. දේවතා කොටුව - දිව්‍යලෝක
ඉහත කී භික්ෂු, භික්ෂුණී උපාසක, උපාසිකා, යන පිරිස යථෝක්ත ධර්ම අනුගමනය
කිරීමෙන් උතුම් වූ සෝවාන් මාර්ග ඵල හා නිවන අවබෝධ කර ගනිති. නැතහොත් ඒ
පින් බලෙන් දිව්‍ය ලෝකවල හා බ්‍රහ්ම ලෝකවල උපත ලබති. හතරැස් කොටුව මත
හයවන අංකය හැටියට දැක්වෙන්නේ දේවතා කොටුවයි. ඉන් සංකේතවත් කොට
තිබෙන්නේ.
මතු සම්බන්ධයි |