Print this Article


විමුක්ති ආධ්‍යාත්මික පදනමේ සංවත්සරය

විමුක්ති ආධ්‍යාත්මික පදනමේ සංවත්සරය

විමුක්ති ආධ්‍යාත්මික පදනමේ 25 වන සංවත්සරය වෙනුවෙන් මාර්තු 06 වන දා සිට 10 වන දා දක්වා අනුරාධපුර මහමෙව්නා උයනේ දී විශේෂ පින්කම් රාශියක් සංවිධානය කර ඇත. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, රුවන්මැලි මහා චෛත්‍ය හා ථූරපාරාම චෛත්‍යය අසල සීල සමාදාන, විශේෂ ධර්මදේශනා, සත්බුදු පූජා, භාවනා, චෛත්‍ය වටා කංචුක පූජා, අටපිරිකර පූජා ඇතුළු විශේෂ පින්කම් රාශියක් පැවැත්වීමට නියමිතය.