Print this Article


බෝසත් සිරිත හා අසිරිමත් බුදු සිරිත ලිපි මාලාව 05 බෝධි සත්වයන් වහන්සේගෙන් වැඳුම් නොලැබුවේ ඇයි?

බෝසත් සිරිත හා අසිරිමත් බුදු සිරිත ලිපි මාලාව 05

බෝධි සත්වයන් වහන්සේගෙන් වැඳුම් නොලැබුවේ ඇයි?

“රජතුමනි, දේවියට පුතෙක් ලැබුණැ’යි ආරංචි විය. ඔහු බලමුදැ”යි විමසීය. රජතුමා මේ කුමරා අලංකාර ලෙස සරසා ගෙනැවිත් තාපසතුමාට වන්දනා කරවීමට යොමු කළහ. බෝධි සත්වයන් වහන්සේගේ පා කැරකී ගොස් තාපසතුමාගේ ජටාවෙහි වැදිණි.බෝධිසත්වයන් වහන්සේ විසින් එම ආත්ම භාවයේදි වැඳුම් කිරීමට කිසිවකු නැත. නැතහොත් බෝධිසත්වයන් වහන්සේ බුදුවන ආත්ම භාවයේදී උන්වහන්සේගෙන් වැඳුම් ලැබීමට කිසිවකුත් නැත.

බෝසත් සිරිත හා අසිරිමත් බුදුසිරිත ලිපි මාලාවේ පළමු ලිපිය ඉකුත් වෙසක් පෝයදා ද මැයි 31 වනදාජූලි 22 සහ ජූලි 29 වනදාද පළ විය.

බෝධිසත්වයන් වහන්සේ ආත්ම භාව තුනකදීම මව් කුසින් නික්මෙන විට කථා කරපු අවස්ථා දක්නට ලැබේ. මහෞෂධ ආත්ම භාවය, වෙස්සන්තර ආත්ම භාවය සහ මෙම බුදුවීමට පහළ වූ ආත්ම භාවය එම අවස්ථා තුනය.

මහෝෂධ ආත්ම භාවයේ දී මව්කුසින් නික්මෙන කොටම ශක්‍ර දිව්‍ය රාජයා පැමිණ සඳුන් අරටුවක් අත තබා යන ලදී. බෝසතාණන් වහන්සේ එය මිටෙහි තබාගෙන මව්කුසින් නික්මෙන ලදී.

මව් පිය දෙදෙනා මේ බෝසතාණන් වහන්සේගෙන් අහනවා, “මොනවා අරගෙනද” ආවේ ? යනුවෙන් බෝසතාණන් වහන්සේ කියනවා ඖෂධ අරගෙන , ඖෂධයක් අරගෙන ආපු මේ පුත්රුවනට “ඖෂධ දාරක” කියන නම තැබුවා. ඒ “ඖෂධ අරගෙන” හැලියකට දමන ලදී. ආපු ආපු අන්ධ, බිහිරි අයට එය ලබාදීමෙන් හැම රෝගයක්ම නැති කරන බෙහෙතක් විය. ඊට පසුව එය මහා ඖෂධයක් විය. ඒ මහා ඖෂධයක් යන වචනය නිසා මහෞෂධ යන නම ඇති වුණා.

බෝසතාණන් වහන්සේ වෙස්සන්තර ආත්ම භාවයේදී මව් කුසින් නික්මෙන විට දකුණු අත දික්කර මෑණියනි. “දන් දෙන්න යමක් මේ නිවසෙහි තිබේදැ’යි අසාගෙනම උපත ලැබීය. ඒ නිසා ඔහුගේ මව “පුත, ඔබ ධනවත් නිවසක ඉපදුනේ” ඒ මව පුතාගේ අත තමාගේ අත්තලය උඩ තබාගෙන දහසක් තැබුවා.

බෝසතාණන් වහන්සේ මේ අයුරින් ආත්මභාව තුනකදී සිංහ නාද කරන ලදී.මේ බෝධිසත්වයන් වහන්සේගේ තුන්වන ආත්ම භාවයයි.

බෝධිසත්වයන් වහන්සේ මව් කුසින් නික්මෙන විටම කථා කරන ලදී. පිළිසිඳ ගන්නා වේලාවෙත්, උපදින වේලාවෙත් දෙතිස් පෙර නිමිති පහළ විය.

යම් වෙලාවක අපේ බෝධිසත්වයන් වහන්සේ ලුම්බිණි උයනෙහි උපන්නද? ඒ වෙලාවෙම රාහුල මාතා දේවි, ආනන්ද හාමුදුරුවෝ ඡන්න ඇමතියා , කණ්ථක අශ්වයා , කාලුදායි ඇමැති, මහාබෝධිය යන සහජාත වස්තු හට ගත්තා. සතර මහා නිධානද හට ගත්හ.

සතර මහා නිධානවලින් එකක් ගවුවක් පමණ වේ. එකක් අඩ යොදුනක් ප්‍රමාණය වේ. තවත් එකක් ගවු තුනක් ප්‍රමාණයෙන් යුක්තය. එකක් යොදුනක ප්‍රමාණයෙන් යුක්තය. දෙව්දහ නගරයට යාමට නියමිත වුවත් කුමාරයාද සමඟ දෙපිරිසම එකතුවී නැවත කිඹුල්වත් පුරය බලා පිටත්විය.

මේ වෙලාවේ සුද්ධෝදන රජතුමාට පුතෙක් ඇති වුනා යැයි ද ඒ කුමරා බෝ මුල වැඩ හිඳගෙන බුද්ධත්වයට පත්වන්නේ යැයි තව්තිසාවේ දෙවිවරු සළු කරකවමින් නැටුම්හි යෙදුණහ.ඒ වෙලාවේ සුද්ධෝදන රජතුමාගේ ඉතාමත්ව කුළුපග අට්ඨ සමාපත්තිලාභි “කාලදේවල” තාපස තුමා ආහාර අනුභවයෙන් පසු දිවා විහරණය සඳහා තාවසිංහ භවනයට ගොස් සිටින වෙලාවෙහි දිවා විහරණයේදී ඒ දෙවිවරු කුමක් නිසා සතුටු සිතින් ඉන්නේදැයි විමසූහ. මටත් ඒ කාරණාව කියන්නැයි ඉල්ලීමක් කළේය. දෙවිවරු මෙසේ කීහ.“මා හා සමාන තැනැත්ත, සුද්ධෝදන රජතුමාට පුතෙක් පහළ විය. ඒ කුමරා බෝ මුල වැඩ හිඳ බුද්ධත්වයට පත්වන ධර්ම චක්‍රය දේශනා කරනු ලැබේ. ඒ උත්තමයාගේ අනන්ත වූ බුද්ධ ලීලාව දැකීමට අපටත් පින් තිබේදැයි සිත, සතුටු වෙනවා”. තාපසතුමා ඒ වචනය අසා වහාම දිව්‍ය ලෝකයෙන් නික්ම රජ මැදුරට ගොස් පනවන ලද අසුනෙහි අසුන් ගත්හ.

“රජතුමනි, දේවියට පුතෙක් ලැබුණැ’යි ආරංචි විය. ඔහු බලමුදැ”යි විමසීය. රජතුමා මේ කුමරා අලංකාර ලෙස සරසා ගෙනැවිත් තාපසතුමාට වන්දනා කරවීමට යොමු කළහ. බෝධි සත්වයන් වහන්සේගේ පා කැරකී ගොස් තාපසතුමාගේ ජටාවෙහි වැදිණි.

බෝධිසත්වයන් වහන්සේ විසින් එම ආත්ම භාවයේදි වැඳුම් කිරීමට කිසිවකු නැත. නැතහොත් බෝධිසත්වයන් වහන්සේ බුදුවන ආත්ම භාවයේදී උන්වහන්සේගෙන් වැඳුම් ලැබීමට කිසිවකුත් නැත.

යම් හෙයකින් නොදැනුවත් කමකින් හෝ තාපසතුමාගේ පා ළඟ බෝසත් හිස තැබුවේ නම් තාපස හිස සත්කඩකට පැළෙයි.මම නැසෙන්නට නුසුදුසුයි කියා ආසනයෙන් නැගිට බෝධිසත්වයන් වහන්සේ වෙත වැන්දාහ. රජතුමා එම ආශ්චර්ය දැක තම පුතනුවන්ට වඳින ලදී.

තාපස තුමා අතීතයේ හතළිස් කල්පයක් ද අනාගතයේ හතළිස් කල්පයක් ද යන කල්ප අසූවක් ස්මරණය කිරීමට දන්න කෙනෙක්. බෝධිසත්වයන් වහන්සේගේ ලක්ෂණ සම්පත්තිය දැක මේ කුමරා බුදුවනවාද? නැද්ද? යන ආවර්ජණය කර සැක නැතිවම බුදුවන බව දැනගෙන ආශ්චර්යවත් පුද්ගලයෙක් යැයි කියා සතුටු සිනහවක් පහළ කරන ලදී.

මේ බෝසතාණන් වහන්සේ බුදු වූවාට පසු දකින්නට ලැබේද? නැද්ද? යනුවෙන් කල්පනා කරන විට බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයෙන් පසු තමන්ට දකින්නට නොලැබෙන බව දැන ගෙන බුදු කෙනෙක් ඉපදුනත්, බුදුවරු දහසක් ඉපදුනත් ආලෝකමත් කළ නොහැකි අරූපාවචර ලෝකයෙහි ඉපදෙන බව දැනගෙන මේ වගේ ආශ්චර්යවත් පුද්ගලයෙක් දක්නට නොලැබේ යන හැගීමෙන් මට ලොකු හානියක් වන්නේ යැයි කල්පනා කරමින් හඬා වැළපුණා.

ඉතිරි කොටස පෙබරවාරි 22 වනදා පත්‍රයේ පළ වේ

සටහන: සීසර් සුදුසිංහ