සැපත දුකක් බවට
පත්කර ගන්නේ කවුද?
මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි
උතුම්
පුද්ගලයා මොන දේ
තිබුණත් සැප සම්පත් භුක්ති විඳිනවා. නමුත් ඒවා කෙරෙහි දැඩි එල්බ
ගැනීමක් අල්ලාගෙන සිටීමක් නැහැ. නමුත් උතුම් ගති නැති පුද්ගලයෝ අනුන්ගේ
දෙයට වුණත් ඇල්මක් ආසාවක් ඇතිකරගෙන තමන්
පල ප්‍රයෝජනයක් ගන්නේත් නැතිව නිකම්ම නිස්කාරණයේ කාලය
ගෙවනවාය කියලා. මෙම
කාරණාව වර්තමානයේ ජීවත්වන අපට වැදගත්. ජීවිතය පිළිබඳව තමන්ම නැවත හැරී
බලන විට මෙබඳු අඩුපාඩු තමා තුළත්
තිබෙනවාය කියා සොයා විමසා බලා තියෙන අඩුපාඩු
හදාගන්න උත්සාහ කරන්න අපටත් පුළුවන්.
බුද්ධකාලයෙහි දඹදිව පැවතුන සෞභාග්‍යයෙන් අනූන නගර අතර වේරංජා නුවරට
ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. එහි ජීවත් වූ අයත් සාමකාමී ධනවත් වැසියන්
වේ.වේරංජා නුවර වස් වසා වැඩ ඉන්නට යැයි උදය නමැති බමුණා බුදුපියාණන්
වහන්සේට ආරාධනා කළා. එම ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්‍ෂු
පිරිස වේරංජා නුවර වස් සමාදන් වුණා. බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස
මෙලෙස වස් සමාදන් වූයේ ඒ බමුණාගේ ආරාධනාවෙනි. එහෙත් එම ආරාධනාව කළ උදය
බමුණා වස් කාලය තුළ පන්සල පළාතකටවත් ආවේ නැහැ.
බමුණා ආවේ නැති නිසා භික්‍ෂූන් වහන්සේලාට වස්කාලය තුළ දාන මාන ආදිය
අඩුපාඩුව පැවතුණි. උන්වහන්සේලාට දානවේලක් ලැබුණේ නැහැ.මේ ආරාධනාව කළ
උදය බමුණා පන්සලට නොපැමිණියේ උදය බමුණා ට මාරයා ආවේශ වීමෙන් තමන් කළ
ආරාධනාව උදය බමුණාටම අමතක වීම නිසා. සමහර විට බොහෝ අය තමන් කරනවා යැයි
කියන කාරණා ඒ අය විසින්ම අතපසු කරල දමනවා. එහෙම නැත්නම් ඒක අමතක වෙලා
යනවා. උදය බමුණටත් වූයේ එවැනි සිදුවීමකි. මාරයා ආවේශ වීම නිසා උදය
බමුණාට තමන් විසින් කරපු ක්‍රියාව අමතක වී ගියා.වස් කාලය අවසන් වුණාට
පසුව වස් සමාදන් වූ කාලය අවසාන වුණාට පසුව මහා පවාරණයෙන් වස් පවාරණය
කරන ලද භික්‍ෂූන් වහන්සේලා තමන් වහන්සේලාගේ වස්කාලය අවසන් වූ බව දන්වා
සිටීමට උදය බමුණා ළඟට ගියා. බමුණාගේ නිවසට ගියාට පසුව බමුණාට මතක් වුණා
බමුණා විසින් කරන ලද වස් ආරාධනාව නමුත් වස් කාලය අවසාන නිසා දැන්
ප්‍රමාද වැඩියි. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා වේරංජා
නුවරින් නික්ම යන්න සූදානම් වන බව දැනගත් විට ඉතාමත් කම්පා වුණා. ඒත්
කරන්න දෙයක් නැහැ. වස්කාලය අවසන් වී ජේතවනාරාමයට වැඩම කළ භික්‍ෂූන්
වහන්සේට ඉතාම හොඳීන් සිවුපසය පූජාකරන්න ඒ වටේ හිටපු දායක කාරකාදීන්
කටයුතු කළා. තුන් මාසයක් නියමාකාරයෙන් දාන වේලක් ලැබුණේ නැති නිසා කටුක
ආහාර වේලක් වළඳමින් තුන් මාසයක් ගතකළ මෙම භික්ෂූන් වහන්සේ පිරිසට, ඉතාම
හොදින් ප්‍රණීත දාන වේලක් භික්‍ෂූන් වහන්සේලාට පූජා කළා. එහෙම
භික්‍ෂූන් වහන්සේලාට වැඩි වැඩියෙන් දානය ලැබෙන විට භික්‍ෂූන් වහන්සේලා
වළඳා ඉතිරිවන දාන ප්‍රමාණයත් වැඩියි. ඒ නිසා පළාතේ හිටිය යාචකයන්
පිරිසක් පන්සලට පුරුදු වුණා. එම යාචකයන් භික්‍ෂූන් වහ්නසේලා වළඳල
ඉතිරිවන දාන මාන හොඳින් කෑමට පටන් ගත්තා . ඒ ආහාර අනුභව කරමින් ඉතාමත්
සතුටෙන් ඒ අය තම තමන්ගේ වැඩ කටයුතු කළා. භික්‍ෂූන් වහන්සේලා දාන වේල
වළඳලා නිසොල්මනේ නිශ්ශබ්දව තමන් වහන්සේ අදහන දහමට අනුකූලව බණ භාවනාවට
අනුගත ආගමික ජීවිතයේ ප්‍රතිපත්තිවලට අනුගතව වැඩකටයුතු කරන්න පටන්
ගත්තා. හාමුදුරුවන් වළදා ඉතිරිවන දානය කමින් සිටි හිඟන්නන් බඩ පුරවගෙන
කෑකොස්සන් ගහමින්, තමන්ට හිතුන තරම් වෙලා නිදාගන්නවා, හිතුන වෙලාවට
අවදිවෙනවා තමන්ට හිතෙන හිතෙන ආකාරයට හැසිරෙනවා හිත්වල සංවරයක් නැහැ.
කටේ සංවරයක් නැහැ, කයේ සංවරයක් නැහැ. ඔවුනොවුන්ට උසුළු විසුලු කරමින්
නිස්කාරණයේ කාලය ගතකරන්න පටන් ගත්තා. භික්‍ෂූන් වහන්සේලා වළඳා ඉතිරිවන
එම ආහාර කන බොන මෙම හිගන්නන් සමාජයට කරන නරක නපුරු ක්‍රියා අනුන්ගෙන්
ලැබෙන දේවල් කාලා කිසිදු බණක් භාවනාවක් අධ්‍යාත්මික සංවර්ධනයක් නැතිව
නිස්කාරණයේ කාලය ගත කරන මෙම පිරිස පිළිබඳ ගමේ අයත් නිතර කතාකරන්න පටන්
ගත්තා. භික්‍ෂූන් වහන්සේලාත් මේ පිළිබඳව යම් යම් අදහස් ප්‍රකාශ කළා.
පසුකාලීනව මෙම කාරණාව බුදුරජාණන් වහන්සේ ලඟටත් ගියා. බුදුරජාණන් වහන්සේ
දේශනා කළා, උතුම් ගති තියෙන අය හැම දෙයකම ඇල්ම හැර තමන් කැමැති ආකාරයට
ජීවත් වනවාය කියා උතුම් ගති නැති අය පුංචි දේවල් කෙරෙහි පවා ඇල්ම
ඇතිකරගෙන තමන්ට ලැබෙන සෑම සැපතක්ම දුකක් බවට පත්කරගෙන ජීවත් වනවාය කියන
කාරණාව. මෙහිදී පැහැදිලි කරනු ලබන්නේ උතුම් පුද්ගලයයි උතුම් නොවන
පුද්ගලයායි. කටයුතු කරන ආකාරය පිළිබඳව උතුම් පුද්ගලයා මොන දේ තිබුණත්
සැප සම්පත් භුක්ති විඳිනවා. නමුත් ඒවා කෙරෙහි දැඩි එල්බ ගැනීමක්
අල්ලාගෙන සිටීමක් නැහැ. නමුත් උතුම් ගති නැති පුද්ගලයෝ අනුන්ගේ දෙයට
වුණත් ඇල්මක් ආසාවක් ඇතිකරගෙන තමන් පල ප්‍රයෝජනයක් ගන්නේත් නැතිව
නිකම්ම නිස්කාරණයේ කාලය ගෙවනවාය කියලා. මෙම කාරණාව වර්තමානයේ ජීවත්වන
අපට වැදගත්. ජීවිතය පිළිබඳව තමන්ම නැවත හැරී බලන විට මෙබඳු අඩුපාඩු තමා
තුළත් තිබෙනවාය කියා සොයා විමසා බලා තියෙන අඩුපාඩු හදාගන්න උත්සාහ
කරන්න අපටත් පුළුවන්.
සටහන
හේමමාලා රන්දුනු |