සංඛාර ධර්ම
අම්බලන්ගොඩ, ගල්දූව ආරණ්‍ය සේනාසනයේ
කහගොල්ලේ සෝමවංස හිමි
සංඛාර යනු හේතු ප්‍රත්‍යයකින් හටගත් දේවල්ය. නිර්වාණය හැර ඉතිරි සියල්ල
සංඛාර පදයට ඇතුළත්ය. මහා සාගරය, ඉර, හඳ, තාරකා, ගස්වැල්, මහා පෘතුවිය,
මිනිස්සු, දේව, බ්‍රහ්ම ආදී සියල්ල සංඛාර නම් වේ. සංඛාර කොටස් කීපයක්
මෙසේ සඳහන් කළ හැකිය.
1.අජ්ඣත්තික සංඛාර (තමාගේ දේවල්) 2.බාහිර සංඛාර (බාහිර සියල්ල)
3.ඛුද්දිකා සංඛාර (කුඩා දේවල්) 4.මහන්ත සංඛාර (මහත් දේවල්) 5.සවිඤ්ඤාණක
සංඛාර (සිත ඇති දේවල්) 6.අවිඤ්ඤාණක සංඛාර (සිත නැති දේවල්) 7.කාය සංඛාර
(කයින් සිදුවන දේවල්) 8.වචී සංඛාර(වචනයෙන් සිදුවන දේවල්) 9.චිත්ත සංඛාර
(සිතින් සිදුවන දේවල්) 10.පුඤ්ඤාභිසංඛාර(කුසල්) 11.අපුඤ්ඤාභි
සංඛාර(අකුසල්) 2.ආනේඤ්ජාභි සංඛාර (අරූපාවචර කුසල්) 13.සංඛත සංඛාර
(හේතුවකින් හටගත් දේවල්) 14.අභිසංඛත සංඛාර (රැස් කරණ දේවල්)
15.අභිසංඛරන සංඛාර (විශේෂයෙන් රැස් කරණ දේවල්) 16.පයෝගාභි සංඛාර
(ප්‍රයෝගයෙන් කරණ දේවල්)
මෙසේ සංඛාර සෝලස ක්‍රමයකට පැහැදිළි වෙති. කෙසේ වෙතත් සංඛාර යන පදය
විශේෂයෙන්ම යම්කිසි දෙයකින් හටගත් යන තේරුම වටහා ගත යුතුය. මේ ලෝකය ගැන
සලකා බැලීමේදී මුළු මහත් ලෝකය සංඛාර පදයට ඇතුළත්ය. සංඛාර යන පදය කුඩා
වුවත් අර්ථය අති විශාලය. මෙහි යථා ස්වභාවය නම් ගෙවී යාමයි.
සංස්කාරයන්ගේ ස්වභාව අර්ථය ගෙවී යෑම, සිඳීයෑම, විනාශ වීම යනුයි. ඒ
පැහැදිලි අර්ථය වටහා ගෙන උතුම් භාවනාවක් කරගත හැකිය. එනම් සියලු
සංස්කාරයෝ අනිත්‍යයි. දුක්ඛයි. අනාත්මයි යනුවෙන් සිව් ඉරියව්වේදීම නිතර
නිතර මෙනෙහි කිරීමට පුරුදු විය යුතුයි. එසේ මෙනෙහි කරණු ලබන ඥානයට සම්ම
යන නම් වූ විපස්සනා ඥානය යැයි කියනු ලැබේ. ඇති වීම, නැති වීම දකින ඥානය
උදයබ්බය ඥානයයි. එසේ නම් විපස්සනා ඤාණ පහළ කර ගැනීමට මේ උතුම් භාවනාව
මහෝපකාරී වේ.
එම ක්‍රමය අනුගමනය කිරීමෙන් ලැබෙන පින අප්‍රමාණ ය. සියලුම පින්කම්
පරදවා ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමෙන් ලැබෙන පින ප්‍රථමස්ථානයට පත් වේ. එම
නිසා සියලුම දෙනා මේ උතුම් භාවනාව දියුණු කිරීම ඉතා වැදගත්ය. බොහෝ
දෙනාට මේ ක්‍රමය කියා දිය හැකි ය. සියලුම කෙලෙස් සංසිඳවා ගැනීමට උපකාරී
වන අතර, ගත සිත නිවා ගැනීමට ද රුකුලක් වේ.
|