සොඳුරු මල පවසන
දිවියක අරුත
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ
මහාචාර්ය ඉඳුරාගාරේ
ධම්මරතන හිමි
මෙම පාඩම නිවන් දැකීම සඳහා හරිම ගැඹුරු පාඩමක්. බුදුපියාණන් වහන්සේ
ලෝකයේ තිබෙන එකම ඇත්ත එක් එක් සාම්පලයන්ගෙන් විග්‍රහ කළා.
ඒ සාම්පලය උදාහරණයක් වශයෙන් “කිසාගෝතමිය” නිවන් දුටුවේ අබ සාම්පලයකින්.
“චුල්ල පන්ථක” වයස අවුරුදු හතේ පොඩි හාමුදුරුවන් නිවන් දුටුවේ සුදු
රෙදි කඩක සාම්පලයකින් “සුභා තෙරණිය” නිවන් දැක්කේ පහන් තිරයක
සාම්පලයකින්. එක් එක් නියදි සාම්පල් අධ්‍යයනය බුදුහාමුදුරුවන්ගේ එක
ක්‍රමයක්. මලත් එහෙම සාම්පලයක් පමණයි. නිදර්ශනයක්, උදාහරණයක් උපමාවක්,
නිදර්ශකයක් සාම්පලයක් සත්‍ය වශයෙන්ම උදාහරණයක් වශයෙන් තමයි මෙම මල
පාවිච්චි වෙන්නේ
”මල” කියන්නේ නිදර්ශනයක් යැයි සිතමු. ලෝකයේ මල් පුදන්නේ
බුදුහාමුදුරුවන්ට පමණයි. ලෝකයේ මල් පූජා කරන්නෙත් බෞද්ධයෝ පමණයි. වෙනත්
බැති මතුන්, මල් පුදන්නෙ නැහැ. ඔවුන් මල් පාවිච්චි කරන්නේ අලංකාරයක්
ලෙස පමණයි. ලෝකයේ මල් පූජා කරන්නේ බෞද්ධයන් පමණයි. බෞද්ධයන් මල් පූජා
කරන්නෙත්, බුදුහාමුදුරුවන්ට පමණයි. අනෙක් සියලු කටයුතු සඳහා බෞද්ධයන්
මල් පාවිච්චි කරන්නේ අලංකාර කටයුතු හා වෙනත් අවශ්‍යතා සඳහා පමණයි.
බෞද්ධයන් දෙවියන්ට විවිධ වර්ණවල මල් මාලා තබනවා මිසක් පුදන්නේ නැහැ.
දෙවියන්ට “වණ්ණගන්ධ ගුණෝ පේතං” ගාථාව කියන්නේ නැහැ. බුදුපියාණන්
වහන්සේට පමණයි ඒ ගාථාව කියන්නේ. මළගෙදරකදී මල් වඩම් පාවිච්චි කරනවා
වගේම, මඟුල් ගෙදරකදී මල්පුටු පාවිච්චි කරනවා. හිසේ පළඳීන්න මල්
පාවිච්චි කරනවා.
උඩගුලියන් ගොතා බඳින
නීල වරලසරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ
හිස් මිනිසුන් කුස් පුරවන,
සිත් පිනවන බස් දොඩවන
බොජුන්මේස මත සුවඳ හමන්නට
මා පිපුණේ නැත මේ දෙරණේ.
රට වෙනුවෙන් සටනට
වැද දිවිදුන්
රණවිරුවකුගේ අවසන් ගමනට යන
මහජනතා පා දූවිල්ලෙන් තැලී පෙලී
මියයන්නෙමි
ඒ මඟකට මා විසි කරන්න
මගේ පරම පැතුම එයයි
එලෙස මලක් ප්‍රකාශ කරයි.
මේ අර්ථයෙන් ගත් විට මල කියන දෙය පූජාවක් ලෙස බුදුපියාණන් වහන්සේගේ
මලසුන මත තිබෙන්නේ ඇයි? බෞද්ධයන් බුදුහාමුදුරුවන්ට මල් පූජා කරන්නෙත්
ලංකාවේ පමණයි. අනෙක් රටවල් මල් පූජා නොකරනවාම නොවෙයි.
නමුත් අලංකාරය සඳහා පමණක් යොදයි. බටහිර රටවල සිරිත් විරිත් අතර
රෝගියෙක් බැලීම සඳහා යන විට මල් පොකුරක් රැගෙන යනවා වගේ කරුණු අතින්
මල් නෙළා මල් වට්ටියකට තැන්පත් කර දෝවනය කර දෑතින් දෑතට යවලා, මලසුන මත
තියලා ‘වණ්ණ ගන්ධ’ ගාථාව කියලා බෞද්ධයන් බුදුහාමුදුරුවන්ට පූජා කරනවා.
ලාංකීය බෞද්ධයන්, ලාංකීය මිනිසුන් වැඩක් නැති වැඩක් කරල නැහැ. ඒ නිසාම
මෙම කාරණාව තුළත් විශාල අර්ථයක් ගැබ්ව ඇති බව වැටහෙනවා. එම අර්ථය
මොකක්ද කියන එක අපට පැහැදිලි නැහැ. එම අර්ථය සොයා යන අපට අමා මහ නිවන
දකින්න තරම් ලොකු අර්ථයක් අප අත ගහල පුදන මල්වල තියෙනවා.
පාසල්වල උගන්වන ගුරුවරුන් ඉගැන්වීමේදී ටීචින් මැටීරියල් හෙවත් ඉගෙනුම්
උපකරණ වර්ගයක් පරිහරණය කරනවා. වෘත්තයක් උගන්වන විට රවුම් වස්තුවක්
පෙන්වනවා. සිලින්ඩරයක් පෙන්වීම සඳහා සිලින්ඩරාකාර ඝන වස්තුවක්
පෙන්වනවා. මෙවැනි ආකාරයට දරුවන්ට ඉගැන්වීමේදී ඉගෙනුම් උපකරණ ගුරුවරුන්
පාවිච්චි කරනු ලබනවා. මෙම පූජාව ඉගෙණුම් උපකරණයක් ලෙස නිවන් දැකීම
සඳහා බෞද්ධයන්ට පාවිච්චි කළ හැකියි.
ඒක ඒ තරමටම වටිනා දෙයක්. මේ මල් පූජාව මේ තරම් වටින්නේ ඇයි? මොනයම්ම
හේතුවක් නිසා හරි ලාංකේය බෞද්ධයන් බුදුන් පුදන්නට මල් වෙනුවට වෙන මොනවා
හරි හොයා ගත්තා නම්, එය මිලදී ගත යුතු වෙනවා. එය හැමෝටම කළ නොහැකියි.
හැම වෙලාවකම හැම තැනකදීම කරන්න බැහැ. හැමදාම කරන්න බැහැ. හැබැයි ඒ
“මල්” හැමදාමම, හැමතැනකදීම, හැම කෙනකුටම, හැම වෙලාවෙම, නොමිලයේපූජා කළ
හැකි වීම පළමු වටිනා කමයි. එය අභ්‍යන්තරයේ තිබෙන දැවැන්ත අර්ථය දෙවන
වටිනාකමයි. මෙම පාඩම නිවන් දැකීම සඳහා හරිම ගැඹුරු පාඩමක්. බුදුපියාණන්
වහන්සේ ලෝකයේ තිබෙන එකම ඇත්ත එක් එක් සාම්පලයන්ගෙන් විග්‍රහ කළා.
ඒ සාම්පලය උදාහරණයක් වශයෙන් “කිසාගෝතමිය” නිවන් දුටුවේ අබ සාම්පලයකින්.
“චුල්ල පන්ථක” වයස අවුරුදු හතේ පොඩි හාමුදුරුවන් නිවන් දුටුවේ සුදු
රෙදි කඩක සාම්පලයකින් “සුභා තෙරණිය” නිවන් දැක්කේ පහන් තිරයක
සාම්පලයකින්. එක් එක් නියදි සාම්පල් අධ්‍යයනය බුදුහාමුදුරුවන්ගේ එක
ක්‍රමයක්. මලත් එහෙම සාම්පලයක් පමණයි. නිදර්ශනයක්, උදාහරණයක් උපමාවක්,
නිදර්ශකයක් සාම්පලයක් සත්‍ය වශයෙන්ම උදාහරණයක් වශයෙන් තමයි මෙම මල
පාවිච්චි වෙන්නේ. අප ළඟ තිබෙන ලී භාණ්ඩයක් සාම්පලයක් ලෙස ගත් විට,
ක්‍රමයෙන් දිරාගොස් විනාශ වී නැතිවෙනවා. වීදුරු භාණ්ඩ සාම්පලයක් ලෙස
ගත්විට, එහි පරම ඇත්ත වශයෙන් ගත් විට බිඳෙනවා වගේම නැතිවෙනවා. යකඩ
භාණ්ඩ සාම්පලයක මළ බැඳෙනවා. ක්‍රමයෙන් විනාශවී නැතිවෙනවා. රෙද්දක නම්
දිරනවා.
නැතිවෙනවා. මෙම සාම්පල් තියෙනවා, ටික ටික ක්‍ෂයවෙනවා. අවසානයේදී නැති
වෙනවා. මෙම කියන ස්වභාවය තමයි ලෝකයේ තිබෙන ජීවී, අජීවී සියල්ලෙහිම පරම
ඇත්ත. “උප්පාධ වයධම්මී” “වයධම්මී” යනු හැකිවීම ස්වභාවයයි. “උප්පාධ” යනු
ඇතිවීමයි. ඇතිවීමේ ස්වභාවය නැතිවීමයි. “උප්පාධ වයධම්මි” කියන ලෝකයේ පරම
ඇත්ත විවිධ සාම්පලයන්ගෙන් ග්‍රහණය කෙරෙන අවස්ථාව දෛනිකව තුන්වරුවෙම
දකින්න තමයි බුදු පිළිම වහන්සේ ඉදිරියෙහි බුදු පහන ළඟ මලක් නෙළල
තියන්නේ. එම පරම ඇත්ත පැහැදිලි ලෙස කියවෙනවා පුප්පං මිලායාති යාථා
ඉධම්මේ” කායෝ තථා යාති විනාස භාවං” මෙම මල මැලවී යන්නා සේ මේ මාගේ
ශරීරය විනාශ භාවයට යනවා. මෙය පරම සත්‍යයයි. පළමුවෙන්ම මල ගැන වර්ණනා
කරමින් මෙම මල වර්ණවත්, මේ මල සුගන්ධවත්, මේ මල හරි ලස්සනයි, මේ මල
සිත්ඇදගන්නා ලෙස මනස්කාන්තයි කියමින් මෙම සියලුම ඇගයීම් කරනවා. එම
ඇගයීම් කර අවසානයේදී කියනවා මේ මල කවදාහරි දවසක නැතිවෙනවා. මේ මල හරියට
මගේ ශරීරය වගෙයි. ඒකත් පරවෙනවා. ටික ටික හැකිළෙනවා, එයට පණුවො ගහනවා.
ඒක විසිකරනවා, කලුවෙනවා, කැතවෙනවා, ගඳ වෙනවා අවසානයේ දී එය නැතිවෙනවා
මා පූජා කළ මලේ ස්වභාවය එයයි. කියල හැම බුද්ධ වන්දනාවක් අවසානයේදී
කල්පනා කරන්න ඕනෑ. එසේ නම්, මල් පූජාව කෙතරම් බර දෙයක් ද? එය පින්
සිදුවන්න පමණක් කරන වැඩක් නොවෙයි. ලෝකය යථාව, අරුත මැනවින් ග්‍රහණය
කරගන්න පුලුවන්.
හඳුන්කූරු ගත්විට පටන්ගත්ත වේලාවේ ඉඳල පිච්චි පිච්චී අළුවෙනවා.
පටන්ගැනීම යනු ඉවරවීමෙහි ආරම්භයයි. පටන්ගත්ත වෙලාවේ ඉඳලම ඉවරවෙන එකයි
වෙන්නේ. දවස පටන් ගත්ත වෙලාවේ ඉඳලම වෙන්නේ, ඉවර වෙන එක. පටන්ගත්ත
වෙලාවේ ඉඳලම ඉවරවෙන එක වෙන්නෙ. මල පිපෙන්නේ මාසයක පළවෙනිදා නම්, මල
නටුවෙන් ගිලිහී, පරවීයන්නේ මාසයේ 30 වැනිදා නම්, මලේ ජීවිත කාලය සමානයි
දින තිහයි. මල නටුවෙන් ගැලවුනේ 30 වෙනිදා නම්, මල පරවෙන්න පටන් ගන්නේ
මල පිපුනු දවස වූ පළමුවෙනි දාමයි. මලේ ජීවිත කාලය සමානයි මලේ පරවූ
කාලය. ජීවිතය සමානයි මරණය මැරෙනවා කියන දවස පටන් ගන්නේ ඉපදෙන දවසේමයි.
”උපදිනවා” යනු කුඩා සිදුරක් තියෙන කළයකට වතුර දමල ගෙනත් තියනවා වගේ
වැඩක්. එම කළය පුරවපු වෙලාවෙ ඉඳලම සිදුවෙන්නේ වතුර කාන්දු වෙන එක.
කාන්දු වෙලා කාන්දු වෙලා අවසානයේදී ජලය ඉවර වෙලා කළය පමණක් ඉතුරු
වෙනවා. ඒ වගේම ශරීරය ඉපදුන වෙලාවෙ ඉඳලම වයස කාන්දු වෙනවා. එය මරණයයි.
එම පරම ඇත්ත හඳුන්කූරෙනුයි, මලෙනුයි කියන්නේ. හඳුන්කුර පිච්චි, පිච්චි
අලුවෙලා වැටෙන නිමේෂයේදීත් හඳුන්කූර කරන්නේ පරිසරයට සුවඳ දෙන එක.
කෙනකුට මලයි, හඳුන්කූරයි පමණක් නිවන් දකින්න ප්‍රමාණවත්. මල් ආසනයේත්
අලංකාරයේත් වෙනස එයයි.
සටහන
හේමමාලා රන්දුනු |