Print this Article


බුදුසරණ: බොදු පුවත් | ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය ජනවාරි 15 වැනිදා (පසළොස්වක පෝදා) උදේ 10.26 ට උතුර දිශාභිමුඛව පැවැත්වේ. මෙම ශුභ වේලාවට ශ්‍රී දළදා මැදුර ප්‍රධාන කොට ඇති විහාර දේවාලයන්හි අලුත් සහලින් පිසින ලද ප්‍රණීත මුල්තැන් බුද්ධ පූජා මංගලය්‍ය සිදු කෙරෙන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අණ පරිදි ශ්‍රී දළදා මාලිගාවේ කාරිය කෝරාල වන කේ. එම්. සී. කරුණාතිලක මහතා විසින් නිකුත් කර ඇති දැන්වීමෙන් ප්‍රකාශ කර ඇත. - කේ. බණ්ඩාරනායක