Print this Article


ගෙය යි නිවස යි දෙකක්මිස එකක් නොවෙයි

ගෙය යි නිවස යි දෙකක්මිස එකක් නොවෙයි

පොඩි දුවගේ සිනා වැලයි,      පොඩි පුතුගේ කතා පෙළයි...
පි‍්‍රය බිරිඳගේ සෙනේ විලයි      මගේ නිවන මගේ පැල්පතයි...
කටුමැටි ගෑ බිත්ති පුරා-          පළිඟු මැණික් එළිය දිදී...
ගොම මැටි ගෑ ගෙබිම පුරා   මට නිමි නැති සුවය දැනේ...

මේ නිවස ඒ තරම් ආදරණීයයි. ඒ තරම් ස්නේහේවන්තයි මේ නිවස. ඔවුනොවුන් කෙරෙහි පී‍්‍රතියෙන් ඔවුනොවුන් කෙරෙහි ස්නේහයෙන් ඔවුනොවුන් කෙරෙහි ආදරයෙන්, ඔවුනොවුන් කෙරෙහි විශ්වාසයෙන්, එකිනෙකාට දොස් නොකියමින්, එකිනෙකාගේ අවශ්‍යතා පිළිබඳ පැහැදිලි ස්නේහයෙන් එයයි නිවසක අරුමය.

ගෙයක් යනු නිවසක් නොවෙයි. නිවසක් යනු ගෙයක් නොවෙයි. ගෙය කියන්නෙ House නිවස කියන්නේ Home මඟුල් ගෙදරක් දවසට පාවිච්චි කරන්නේ at Home කියල. at House කියන්නේ නැහැ. Home Comeing කියනවා මිසක් House Comeing කියන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? එන්නේ ගෙදර නම්, ඇයි  House Comeing කියන්නේ නැත්තේ. මඟුල් ගෙදර තියෙන්නෙ ගෙදර නම්  at House කියන්නෙ නැත්තේ ඇයි? දරුවා ඉපදෙන රෝහල Nursing Home කියන්නේ ඇයි? ඇයි මේ ස්ථානවලට House නොකියන්නේ. ගෙදරක් නිවසක ස්වභාවයෙන් නොවෙයි පිහිටල තියෙන්නේ. නිවසක් පිහිටල තියෙන්නෙත් ගෙදරක ස්වභාවනේ නොවෙයි.

සිමෙන්ති, ගල්, වැලි, යකඩ, තීන්ත, වීදුරු බාස්ල සහ මේ සියල්ල සඳහාම වන මුදල් ගෙදරක් සෑදීම සඳහා අවශ්‍ය වෙනවා සතුට, සිනාව, කඳුලු, හැඬුම්, ඒ වගේම සිනාසීම්, සන්තෝෂවීම්, අම්ම, තාත්තා, සහෝදර සහෝදරයින්, ප්‍රේමය, දයාව, කරුණාව, මව්කම, පියකම, සහෝදරකම, යන සියල්ල නිවසක් සෑදීම සඳහා අවශ්‍යයයි. නිවසක් භෞතිකව දකින්න පුළුවනි. ගෙදරක් අධ්‍යාත්මිකව අත්විඳින්න පුළුවනි. එහි වෙනස එයයි. ඇස් දෙකට පෙනෙන්නේ නිවසක්. හිතට දැනෙන්නේ ගෙදරක්. මෙම කියන නිවස ඇතුළත ගෙදරක් තිබුණොත් මිනිස්සුත් හැන්ඳෑවට ගෙදරට යන්න කැමතියි. ඒත් නිවස ඇතුළත ගෙදරක් නැත්නම් මිනිසුන් හැන්දෑවට ගෙදර යන්න කැමතිත් නැහැ. ස්වාමිපුරුෂයන් හවසට ගෙදර එනවට භාර්යාවන් කැමතිත් නැහැ. දරුවන් මව සහ පියා එකම ළඟ සිටිනවාට කැමති වෙන්නෙම නැහැ. ඒ ඇයි? නිවස ඇතුළත ගෙදරක් නොමැති නිසා,

“පොඩි දුවගේ සිනා වැලයි,
පොඩි පුතුගේ කතා පෙළයි
පි‍්‍රය බිරිඳගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි.”

පැල්පත කියන්නේ කොතරම් චූටි තැනක්ද? බිමට ගොම ගාපු, බිත්තිවලට වරිච්චි තියපු වහලයට පොල් අතු බැඳපු ස්ථානයකි. එය හඳුන්වන්නෙම පැල්පතක් කියලයි. එම පැල ‘මගේ නිවන මගේ පැල්පතයි’ ඒ නිවන තමයි නිවස. පොඩි දුව හරිම සතුටින් නිතරම හිනාවෙනවා. හරිම සන්තෝෂයි. චූටි පුතා කතා පෙළයි. මල් කොහෙන්ද එන්නේ ඉර කොහෙන් ද එන්නේ හඳ බහින්නේ ඇයි අම්මේ. ගස්වැල් හටගන්නේ කොහොමද අම්මේ. ඇයි මල් පාට වෙන්නේ. තොර තෝංචියක් නැතිව විමසන ප්‍රශ්නවලට අම්මට තාත්තට පිළිතුරු දෙන්න බැහැ. ඒ පොඩි පුතුගේ කතා පෙළයි. ඒ සමඟම පි‍්‍රය බිරිඳගෙ ස්නේ විලක්. ස්වාමිපුරුෂයාගේ සෙනේ විලක්. පැල්පත නිවනක් එයයි නිවසක හැඩය.

කටුමැටි ගෑ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දීදී

මේ නිවස ඒ තරම් ආදරණීයයි. ඒ තරම් සෙනේහේවන්තයි මේ නිවස. ඔවුනොවුන් කෙරෙහි පී‍්‍රතියෙන් ඔවුනොවුන් කෙරෙහි ස්නේහයෙන් ඔවුනොවුන් කෙරෙහි ආදරයෙන්, ඔවුනොවුන් කෙරෙහි විශ්වාසයෙන්, එකිනෙකාට දොස් නොකියමින්, එකිනෙකාගේ අවශ්‍යතා පිළිබඳ පැහැදිලි ස්නේහයෙන් එයයි නිවසක අරුමය.

ගොම මැටි ගෑ ගෙබිම පුරා
මට නිම් නැති සුවය දැනේ

ගොම මැටි ගෑ ගෙබිම පුරා මට නිම් නැති සුවය දැනේ. එයයි නිවසක අරුමය. ගෙවල් කියන්නේ තට්ටු තට්ටු වායුසමනය කරනලද, රූපවාහිනි යන්ත්‍ර තියන, විදුලිපංකා දමන, සැටිය තියපු, තාත්තා අන්තර්ජාලයේ විශාල වශයෙන් ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින, අම්ම අන්තර් ජාලය හරහා එය බලාගෙන ආහාර පිසනව, නංගි, අන්තර් ජාලයේ චැට් එකක, මල්ලී අන්තර්ජාලයේ ස්කයිප් එකක, නමුත් ඔවුනොවුන් අතර අන්තර් සම්බන්ධතාවයක් නැහැ. මෙම භෞතික සම්පත් එපාය, නරකය, හොඳ නැත කියන තර්කයක් මෙතතින් කියවෙන්නේ නැහැ. මෙම ගෙය ඇතුළත නිවස තිබිය යුතු බවයි ප්‍රකාශ කරන්නේ. ඉතාමත් විභව සම්පත්තියෙන් ආඩ්‍යය මිල මුදලින් ආඩ්‍යය ගෙයක් ඇතුළෙ නිවසක් තියෙන්න පුළුවන්. ඒ එකම දෙයක් නැති තැනකත් නිවසක් තියෙන්න පුළුවන්.

ගෙයක් ඇතුළත නිවසක් තිබිය යුතුමයි. ගෙදරක් අවශ්‍යයයි. නිවස අත්‍යවශ්‍යයි. මෙම නිවස ඇතුළත මොනවද තිබිය යුත්තේ. නිවස ඇතුළත පොලිසියක්, පාසලක්, රෝහලක් සහ උද්‍යානයක් තිබිය යුතු වන්නා සේම නිවස ඇතුළත බන්ධනාගාරයක් නොතිබියම යුතුයි.

නිවස ඇතුළත පාසල සෑදීමේ දී අම්මා තාත්තා ගුරුවරුන් විය යුතුයි. ගුරුවරු යනු වැටුප් ලබන ආචාර්යවරයා නොවෙයි. ගුරුවරයා යනු මඟ පෙන්වන්නෙක් වන නිසාම එම ගුරු කාර්යභාරය මවට සහ පියාට පැවරී ඇත. දවසේ පැය 24 න් 6 ක් පාසලේ නම් 18 ක් දරුවා නිවස තුළයි. දරුවා පැය 24 න් 1/4 ගුරුවරයා ළඟ නම් පැය 24 න් 3/4 දෙමාපියන් ළඟ සිටී. දත්ත ඥානය පාසල් කාමරයෙන් ලබාගෙන ගෙදරට පැමිණෙන දරුවා ගෙදර ගුරුවරුන්ගෙන් හෙවත් පූර්වාචාරවරුන්ගෙන් දරුවා යහපත් තැනකටමෙහෙය විය යුතුයි. අම්මා පත්තර නොකිවේවොත්, තාත්තා පොත් පත් නොකියෙව්වොත් දුවයි, පුතයි කියවන්නේම නැහැ. මවට සහ පියාට පැවරී ඇති ගුරු කාර්යභාරය එයයි.

එනිසා කියවීම සංස්කෘතියක් වෙන්නෙ නිවස පාසලක් වුණොත් පමණයි. ඉස්සර නිවසක් ඇතුළත පොත් රාක්කයක් තිබුණා. ඒත් වර්තමානය වන විට නිවසක සාලයේ තිබෙන්නේ රූපවාහිනි යන්ත්‍ර සී.ඩී, වී.සී.ඩී, ඩී.වී.ඩී, පමණයි. පොත් කියවීමේ සංස්කෘතියෙන් විනෝදාශ්වාදය ලබන සංස්කෘතියට මාරු වී ඇති අයුරුයි. ගෙදර තුළ තිබුණ පාසල ගෙදරින් ඉවත් වූ ආකාරයයි. එනිසා නිවස ඇතුළත පාසලක් තිබිය යුතුයි. දෙමාපියන් ගුරුවරුන් වුණා බොහෝ තැන්වල දරුවන් අධ්‍යාපනිකව ඉදිරියට යන්නේ එම ආභාෂය තුළිනුයි. බොහෝ අවස්ථාවල තාත්තා ව්‍යාපාරිකයකු නම් ඒ අය නිතර නිතර පොත පතේ ශාස්ත්‍රීය පරිශීලනයේ නියැලෙන්නන් නොවුණහොත් එම දරුවන් බොහෝ අවස්ථාවල ශාස්ත්‍රීය වෙන්නේ නැහැ. එනිසා ශාස්ත්‍රීය පරිශීලනය සහිත පරිසරයක් නිවස ඇතුළත තිබෙන එක දරුවන්ගේ ශාස්ත්‍රීය අනාගතයට වැදගත්.

නිවස තුළ රෝහලක් පවතින්නේ කොහොමද ඉස්සර කාලේ බඩේ අමාරුවක් හැදුණොත් දෙන්න ඉඟුරු කෑල්ලක්වත් තිබුණා. වර්තමානය වන විට ඉගෙනීම පාසලට පවරල නිරෝගීකම රෝහලට පවරල තිබෙන තත්ත්වයක් තුළ නිරෝගී පවුලක් නිර්මාණය කිරීම කළ නොහැකි. අවසානයේ ශ්‍රී ලාංකික නිවස තුළ සෞඛ්‍ය පිරිහෙලා ගොස් තියෙන්නෙම එම වගකීම රෝහලට පැවරී ඇති බැවිණි. ගෙදර ඉන්න අම්මට ප්‍රථමාධාර පිළිබඳ දැනුමක් තිබිය යුතුයි.

නිවස ඇතුළත පොලිසියක් තිබිය යුතුයි. දරුවා සාමකාමී කරමින් නීතිගරුක කිරීම දෙමාපියන්ගේ වගකීමකි.් නිවසක් වඩාත් අර්ථ සම්පන්න වෙන්න නම් එම නිවස ඉතාම මනස්කාන්ත ලෙස ඉහත කී ආයතනය තිබිය යුතු යි. අවාසනාවක තරම ඔය කියන ලද එකී ආයතන නිවස තුළ බන්ධනාගාරයක් තිබෙන්න පුළුවන්.එම නිවස තුළ බන්ධනාගාරයක් තිබීම නිසා දරුවන් වැඩිහිටියන්ගේ අත්අඩංගුවේ පසුවන තැනකට පත්වෙනවා. එනිසා ඉතාම බරපතළ විදිහට සමාජ අර්බුද නිර්මාණය වෙනවා. සහ අර්බුද නිර්මාණය වෙමින් තියෙනවා. එනිසා නිවාස පෙරකී ආකාරයේ ආකෘතියක තිබිය යුතු වන්නාසේම එම නිවස ඇතුළත ඉහත කී ආයතන ස්ථානගත විය යුතුයි.

- හේමමාලා රන්දුනු