විතාරන්දෙණියේ වජිරවංස හිමියන් ලියූ
‘දැහැමි දිවිය’ කෘතියේ මුල් පිටපත පාර්ලිමේන්තුවේ කථානායක
චමල් රාජපක්‍ෂ මහතාට පිළිගැන්වීමේ උළෙල පසුගියදා හම්බන්තොට
සිංහගිරි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
එහිදී වජිරවංස හිමියන් එම කෘතිය කථානායකවරයාට පිළිගැන්වූ
අවස්ථාව මෙම අවස්ථාවට කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය මහින්ද
යාපා අබේවර්ධන, දකුණු පළාත් සභා මන්ත්‍රී ආනන්ද විදානපතිරණ
මහත්වරු ඇතුළු ගිහි, පැවිදි ආරාධිතයෝ විශාල පිරිසක් සහභාගී
වී සිටියහ. |
හම්බන්තොට සිංහගිරි විහාරස්ථ
සිංහගිරි දහම් පාසලේ ත්‍යාග ප්‍රදාන උළෙල සහ සිසු ලාංඡන
පැළඳවීමේ උළෙල සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ
ආචාර්ය ශාස්ත්‍රපති, විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ
ප්‍රධානත්වයෙන් පසුගිය දා සිංහගිරි විහාරස්ථානයේ දී
පැවැත්විණි. එහිදී හම්බන්තොට මහ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර
ප්‍රනාන්දු මහතා ජයග්‍රාහී ශිෂ්‍යාවකට ත්‍යාගයක් ප්‍රදානය
කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. ආපදා කළමනාකරණ අමාත්‍ය
මහින්ද අමරවීර, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ආනන්ද
විදානපතිරණ, දකුණු පළාත් සභා මන්ත්‍රී සිරිපාල ජයවීර යන
මහත්වරු ද මීට සහභාගි වී සිටියහ. |
දෙමටගොඩ තරුණ සංසදය
විසින් තිඹිරිගස්යාය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ දහම් පාසල්
අතර පැවැත් වූ විවාද තරගාවලියෙන් කොළඹ 05, හැව්ලොක්ටවුන්හි
ඉසිපතනාරාම විහාරස්ථ ශ්‍රී සරණපාල දහම් පාසල ශූරතාව හිමි
කරගන්නා ලදී. සමස්ත තරගාවලියේ දක්‍ෂතම කථිකයාට හිමි
සම්මානය ශ්‍රී සරණපාල දහම් පාසලේ විවාද කණ්ඩායමේ නායක
අවිශ්ක උදාර විසින් දිනා ගන්නා ලදී. ජයග්‍රහණය කළ කණ්ඩායම
මෙහි සිටිති. ඉදිරිපෙළ වමේ සිට, උපුල් පත්මේන්ද්‍ර මයා
(ආචාර්යය) අනුශාසක කිහිඹියේ විජිත නා හිමි, ප්‍රධානාචාර්ය
වග විජිතවංස හිමි, චන්දන පුෂ්පකුමාර මයා (ආචාර්ය) පසුපෙළ
වමේ සිට, ගද්‍යා යෝෂිකා, සචිනි විජේසේකර, අවිශ්ක උදාර,
දිල්ශාන් මධුවන්ත, සඳුනි දුලාංජලී, අමෝධ්‍යා නිලාංජලී යන
අයයි.
- ප්‍රධානාචාර්ය, වග විජිතවංස හිමි |