ජනක වෙත්තසිංහ වාතයෙන් ගමන්කළ රථය ගොඩබැස්සවූ ස්ථානය නොහොත් ගුවන්තොටුපොළ
‘වාරියපොල’ නමින් ග්‍රාම නාමයක් ඇතිවූ බව ජනප්‍රවාදයේ කියැවෙයි.
ක්‍රි.පූර්ව යුගයේ දී ලංකාවට ගුවනින් පැමිණි රාවණා රජතුමා අයෝධ්‍යාවෙන්
නැංවූ දඬුමොණර ගුවන් යානය භූ®මිගත කළේ මෙම ස්ථානයේදී බව මෙම ජනප්‍රවාදය
විග්‍රහකිරීමේදී එහි තවදුරටත් සඳහන් වෙයි.
රාම රාවණා පුරාවෘත්තයද සමහර විටක නිර්මාණශීලි සිතළුවක් වීමටද පුළුවන.
තවමත් ඒ පිළිබඳව නිශ්චිත පුරාවිද්‍යා සාධක සොයා ගෙන නොමැත.
එය කෙසේ වෙතත් අපගේ මාතෘකාවට හසුවන වාරියපොල රජ මහා විහාර භූමිය ඉතා
රමණීය භූමියකි. මෙහි හාත්පසට විහිදුනු සුවිසල් ගල්තලාවක් දැක ගැනීමට
ලැබෙයි. මෙම නම සෑදීමට ඒ සුවිසල් ගල්තලාව පාදක වූවා යැයි සිතිය හැකි
වේ.
රාවණාගේ කාලය දක්වා මෙහි ඉතිහාසය දිවෙන්නේ නම් සහ ජනප්‍රවාදය සත්‍යනම්
වාරියපොල ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ යුගය දක්වා දිගේලි වෙයි.
පැරැණි ලේඛනයන්හි මෙය හඳුන්වන්නේ ශෛලතලාරාමය වශයෙනි. පුරාවිද්‍යාත්මක
තොරතුරු අනුව ක්‍රි.වර්ෂ එක්දහස් හයසිය ගණන් වලට අපව කැඳවාගෙන යයි.
මෙම රජ මහා විහාරයේ ඇති පැරැණි විහාර මන්දිරයේ ඇති කළුවර ලී කණු වල
අලංකාරය සඳහා කැටයම් කොටා තිබේ. එහි ඇතැම් කැටයම් අතර ලන්දේසි භටයන්ගේ
රූප සහ ලන්දේසි සටන් කැටයම් දකින්නට ලැබේ. මේ ලක්‍ෂණ අනුව අපව සාක්‍ෂි
සහිත ක්‍රි.වර්ෂ එක්දහස් හයසිය ගණන් දක්වා අතීතයකට කැඳවාගෙන යයි. විහාර
මන්දිරය තුළ දැනට දකින්න ලැබෙන්නේ නුවර යුගය නියෝජනය කරනා බිතු සිතුවම්
මෙන්ම පිළිම කලාවයි. බුදු සිරිතේ ඇතැම් සිතුවම් නුවර යුගයේ කලා
ශිල්පියාගේ විශේෂිත ලකුණු පිළිබිඹු කරයි. මෙහි ඇති චෛත්‍යය පැරැණි
බෝධින් වහන්සේ මේ ගල්තලාවක් මත රමණීය දසුනක් නිර්මාණය කර තිබේ. විහාරය
සහ බැඳුණු තවත් ජනප්‍රවාදයක් වන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ
දේවිය පිළිබඳ කතන්දරයකි. දේවියගේ කකුලේ මහපොට ඇඟිල්ලේ ගෙඩියක් සෑදි
තිබුණි. සුවකිරීමට අපහසු වූ එය සුවකළේ එවකට මෙම විහාරයේ වැඩ සිටි
භික්‍ෂූන් වහන්සේ නමකි. දේවියගේ සුවය වෙනුවෙන් රජතුමාගෙන් ලද තිළිණය
රනින් කළ පිළිමයකි. එම පිළිමය පෙරහරින් වඩමාගෙන ආ බව කියැවෙයි. එය
වඩමවාගෙන පැමිණි පිළිම කූඩුව මෙහිදී දකින්නට ලැබේ. රන් ආලේපිත පිළිමයද
ආරක්‍ෂිතව තැන්පත් කර තිබේ. එයට පූජා වශයෙන් ඉඩකඩම් රැසක් ද රජතුමා
විසින් විහාරයට පරිත්‍යාග කර තිබේ. කලක් යාමේදී විහාරස්ථානය වල්බිහිවී
පාළුවට ගොස් ඇත.
ඒ වකවානුවේ දළදා වහන්සේගේ තේවාව භාරව කටයුතු කළ අස්ගිරි පාර්ශ්වයේ
අනුනායක පදවියෙන් පිදුම් ලැබූ වාරියපොල ශ්‍රී සුමංගල නා හිමියන් වැඩ
වාසය කළේ මහනුවර සුදුහුම්පොළ විහාරයේය. එහෙත් තම ගමේ පන්සල උන්වහන්සේට
භාරවිය.
රාවණා යුගයට සම්බන්ධතා පැවැත්වුවද ලන්දේසි යුගයේ මතක සටහන් පැවැතුනද
වාරියපොළ රජ මහා විහාරයට ඓතිහාසික සුවිශේෂිතාවයක් එකතු වන්නේ වාරියපොල
ශ්‍රී සුමංගල නම් ලංකාවේ භික්‍ෂු වංශ නාමාවලිය අභිමානයට තෙදවත් බවට පත්
කළ ශ්‍රී සුමංගල නාමයත් සමඟය.
වාරියපොල සුමංගල කියූ පමණින් ඇතැම් රටවැසියාගේ නිදිගැන්වූ මතක
ප්‍රභාරැස් දහරකට හසුවී අවධිවෙන්නාසේ ලේ ධාතුව උණුසුම් කරයි.
නොයෙකුත් විදේශ ආක්‍රමණිකයන්ට හසු වුවද පරාජය නොවූ අප මාතෘ භූමිය 1815
දී තෑගි ඔප්පුවක් මගින් බන්දේසියේ තබා පාවාදීම සිදුවූයේ උඩරට රාජධානියේ
ඇතැම් ප්‍රභූන්ගේ අමනකමින් සුද්දා ‘කල දුටු කළ වළ ඉහ ගැනීමේ’ යටත්
විජිත කරන නීච න්‍යායට මුළා වෙමින් ය.
1815 මාර්තු මස 2 වැනිදා සන්ධ්‍යාව මේ බිමට උදාවූ ඉතා අඳුරු
සන්ධ්‍යාවක් ලෙස ඉතිහාසයට එක්වී තිබේ.
එදා ගිවිසුම මගින් රට සුද්දාට පාවාදීමට, මුළාවූ උඩරට නිලමේවරුන් අත්සන්
කිරීමට මොහොතකට පෙර ඒ නිමේෂය එළඹෙනතුරුවත් බලා සිටීමට නො හැකි වූ සුදු
සෙනෙවියකු වසර දෙදහස් ගණනාවක් හැල හැප්පීම් මැද හෝ මේ බිමේ අහසේ නිදහසේ
ලෙළදුන් ජාතික කොඩිය හකුළා මාතෘ භූමියට උඩු වියන සෑදූ අහස් තලය
අඳුරුවී ඉකි ගසද්දී ඒ ආකාශය අපේක්‍ෂා නො කළ ඉංගී‍්‍රසි කතිර කොඩිය
බලහත්කාරයෙන් එසවීය.
ශ්‍රී ලාංකික දේශයටත් අපගේ ජාතික සංස්කෘතිය හා බැඳි සම්බුද්ධ ශාසනයටත්
කරන ලද අවමානය හමුවේ නැගී සිටීමට කිසිදු සිංහල ප්‍රභූවරයෙකුගේ කොන්ද
කෙලින් වූයේ නැත.
එහෙත් මෙම දසුන දුටු එක් අභීත ලංකා පුත්‍රයෙක් දළදා මාලිගයේ නැගෙනහිර
දොරටුවෙන් පිට වී ලහි ලහි යේ මඟුල් මඩුව අසළට පැමිණියේය.
අහසේ අන්ද මන්ද වෙමින් සැලෙමින් තිබණු ඉංගී‍්‍රසි කතිර කොඩිය බිම හෙළු
ඒ අභීත පුත්‍රයා නැවත සිංහල කොඩිය ඔසවා මෙසේ සිංහ නාද කළේය.
“තොපට තොපේ කොඩිය දැන්ම මෙහි ඔසවන්නට ඉඩක් නැහැ. කවුද තොපිට මෙය නියම
කළේ? ඉංගි‍්‍රසි ආණ්ඩුකාරයා ඇතුළු ඉංගි‍්‍රසි ප්‍රභූන් සහභාගි වූ මේ
මොහොත රාජතාන්ත්‍රික ප්‍රබල මොහොතක් විය. මෙතන සිදුවූ සිද්ධිය එතරම්
තැකිය යුතු නිර්භීත ක්‍රියාවක් නොවූ බව ඇතැමකුට තර්ක කළ හැක. එහෙත් ඒ
නිමේෂය විසින් ඇති කළ ප්‍රතිඵලය මත වාරියපොළ ශ්‍රී සුමංගල නාමය ජාතික
වීරවරයන් ගේ නාමාවලිය මුවහත් කළ රන් කගපතක් සේ අදත් දීප්තිමත්ව
ලෙළදෙන්නේ ඇයි? එක් අතකින් එය මේ මාතෘභූමිය යටත් වීමේ අළුගොසු අත්සනට
විරුද්ධව නැගී සිටීම සහ ජාතියේ වීරෝදාර ගමන් මගේ පහන් කණුවන් සේ වූ
අභීත භික්‍ෂූත්වයේ අභිමානය පෙන්වා දීමකි.
ඒ මොහොතේ සිට රාජ්‍යයේ බලය - ශක්තිය , නීතිය ඕනෑම අතකට පදම් වෙන්නේ
සුද්දාගේ දෑත මතිනි. ඒ නිමේෂයේදී සුදු සෙබළාගේ කොපුවෙන් ඇදගත් කඩුවෙන්
සුමංගල භික්‍ෂූන් වහන්සේගේ හිස කඳෙන් වෙන්ව යාමටද ඉඩ තිබුණි. එය එසේ
නොවේ යැයි උන්වහන්සේ කෙසේ සිතන්නද? ඇත්තෙන්ම එය එසේ නොවූයේ ඉංගී‍්‍රසි
ජාතික ‘ඩොයිලි’ නම් නිලධාරියාගේ මැදිහත් වීම නිසාය.
මාතෘ භූමියේ ගරුත්වය වෙනුවෙන් දෙපයින් සිට මියැදෙන්නට වුණත් ඒ මොහොතේ
උන්වහන්සේ සූදානම් වූ බව පැහැදිලි සත්‍යයකි.
එසේම ඊට පසු එළඹෙන යුගයේදීද වාරියපොළ සුමංගල ජාතියේ මුරදේවාතාවුන්
වහන්සේ ගේ ක්‍රියා පිළිවෙතෙහි වීරෝදාර උදාර ගතියෙහි කිසිදු අඩුවක්
නොවුණි.
1818 අධිරාජ්‍ය විරෝධි සටනේදී මේ බිමේ විප්ලවීය ඔටුන්න පැළදීමට
අපේක්‍ෂා කළ වීර කැප්පෙටිපොළ නිලමේතුමා ගේ ජයග්‍රහණය තිරසාර කිරීමේ
අපේක්‍ෂාවෙන් උන්වහන්සේ අපගේ ආගමික ජාතික උරුමයේ සංකේතය වූ දන්තධාතුන්
වහන්සේ කරඬුවෙන් සොරාගත්තේ එළඹෙන මරණ දණ්ඩනයට වුව යටත් වීමේ
අපේක්‍ෂාවෙනි.
සටනින් කැප්පෙටිපොළ නිලමේතුමා පැරදී දන්තධාතුන් වහන්සේගේ සුරක්‍ෂිත බවට
ප්‍රශ්නයක් මතුවේ යැයි සිතූ මේ අභීත බුද්ධ පුත්‍රයා නැවත දන්තධාතුන්
වහන්සේ තමා සන්තකයට ගෙන සිවුරේ කොණක ගැට ගසා විපත් මධ්‍යයේද මේ පූජනීය
වස්තුවට ගරුකිරීමක් මෙන්ම ආරක්‍ෂාව වශයෙන් තම උර ධාතු කරඬුවක් කර
ගනිමින් එය උරමත සඟවාගෙන කාලයක් නොයෙකුත් දුක් ගැහැට මැද දඹුලු කැළයේ
සැඟවී සිටි සේක.
කෙසේ හෝ අධිරාජ්‍යවාදි හමුදාවන්ට උන්වහනසේ හසුවන විට තම උරමත සඟවාගෙන
තිබූ ශ්‍රී දළදා වහන්සේට ගෞරවයක් වශයෙන් වසර ගණනාවක් හිස පැත්තකට
හරවාගෙන සිටි නිසා උන්වහන්සේගේ ගෙල පැත්තකට හැරවී දැඩි වේදනාවකින්
පෙළුණු බවක් ද කියවේ.
අවසානයේදි වාරියපොළ සුමංගල නාහිමි යාපනයේ සිරගෙදරකදී දුක්ඛිත ලෙස අපවත්
වූ බව සඳහන් වෙයි. මේ කිසිත් නොකර සුද්දාට කත් ඇද්දේ නම් උන්වහන්සේට
ගරු නම්බුනාම සහිතව සුඛ විහරණ මැද වැජඹෙන්නට ඉඩ තිබුණි.
එහෙත් ඒ සුඛ විහරණ කතිර කොඩිය මෙන්ම පයට පාගා දමා මාතෘ භූමියේ නිදහසේ
අවසන් හුස්ම පොදට අභිමානයක් එක්කල වාරියපොළ ශ්‍රී සුමංගල උදාර භික්‍ෂු
චරිතය නිසාම අද වන විට වාරියපොල යන නාමයටද ගරුත්වයක් එකතු වී තිබේ.
ඒ හා බැඳෙන උන්වහන්සේගේ විහාරාධිපතිත්වය දැරූ වාරියපොල රජමහා විහාරය යන
නාමයටත් සුවිශේෂී වටිනාකමක් එකතු වී ඇත.
ඒ නිසාම වාරියපොල රජ මහා විහාරය වන්දනා කිරීමට බෞද්ධ ජනතාව සැදැහැයෙන්
පිය ඔසවන්නේ ගෞරවනීය බහුමානීය ශ්‍රී‍්‍ර සුමංගල නාමය සිහියේ රඳවා
ගනිමින්මය.
වාරියපොල අහස්කුසෙන් නැගී එන අරහත් ධජයේ ආලෝකය කහ පැහැයෙන් දිදුලයි.
ජාතික වීර නාමාවලිය ප්‍රභාශ්වර කළ ශ්‍රී‍්‍ර සුමංගල නාමය ඒ රැස් දහරේ
දීප්තිමත් ආලෝක ප්‍රභවයක් බඳු ය. |