පින විසින් දිවියට සතුට ගෙන දෙනු ලැබේ
මාවරලේ භද්දිය හිමි
ඔබ සිත සතුටු කරගන්න ඕනෑ කෙනෙක් නම්
ඔබ පින් කරපු කෙනෙක් වෙන්න ඕනෙ
පින තුළින් සිත සතුටු වනවා. ලෝභ, ද්වේශ, මෝහ වලින් තමන්ගේ මනස
නිදහස් කරගැනීම සහ නිදහස් කරගෙන හෝ
යටපත් කරගෙන සිද්ධ කරන ක්‍රියාවන් හෝ
කර්මයන් තුළින් ඉක්බිතිව උදාවන ඵලය
සතුට වෙයි.
සතුට ඇතිවන ක්‍රමය සහ තැවීම ඇතිවන ක්‍රමය අප වටහා ගත යුතුයි.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව, සතුට උදාකරන්නේත්, අප මනස තුළ සතුට
පවත්වාගන්නට හැකියාව ලැබෙන්නේත්, අප සිදු කරන්නා වූ පින්කම් නිසා බව
බුදුරජාණන් වහන්සේ අවධාරණය කර තිබෙනවා.
“කතපුඤ්ඤෝ” කියන වචනය තුළ බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී ඇත්තේ පින්
කරපු සැදැහැවත් තැනැත්තා හෝ තැනැත්තිය කියන එකයි.
ධම්ම පදයේ අපට හමුවන
“ඉධ මෝදති පෙච්ච මෝදති
කතපුඤ්ඤෝ උභයත්ති මෝදති
සෝ මොදති සො පමදොති
දිසාවා කම්ම වී සුධි ම තතතො”
ලෝභකම හා කෝපය වගේම මුළාවක් බිඳීමින් කරන ක්‍රියා කාරකමක් ලෙසට පින්කම්
කිරීම බුදුසමය පෙන්වා දෙනු ලබයි. එම පින්කම් දාන, ශීල, භාවනා ලෙස අප
හඳුන්වනු ලබනවා. ඊට අමතරව දස වැදෑරුම් වූ පුණ්‍ය කර්මයන් පිළිබඳව
බුදුසමය දක්වා ඇත. දානය, ශීලය, භාවනාව, පින්දීම, පින් අනුමෝදන් වීම,
වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, බණ කීම, බණ ඇසීම සහ සම්‍යයක්
දෘෂ්ටිය ලෙස එය පැහැදිලි කරයි.
මෙම කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හෝ දස පුණ්‍ය ක්‍රියා හෝ යම් කිසි
කෙනෙකු සිද්ධ කරනවා නම්, එම පින් ක්‍රියාවන්ගෙන් සිදු වෙන්නේ ලෝභකම
හෙවත් ඇලීම, ද්වේශය හෙවත් ගැටීම, මෝහය හෙවත් කර්මඵල විශ්වාසය ඇති
නොකරවන මුළාව, කියන මනෝභාවයන් ක්‍රමයෙන් ක්‍ෂය වී යාමයි.
යම් පුද්ගලයකු එම මනෝභාවයන් ක්‍ෂය කරමින් හෝ යටපත් කරමින් යම් කිසි
කෙනෙකු තමන්ගේ තුන් දොර නිරන්තරයෙන් තමන්ටත් අනුන්ටත් හිත සුව පිණිස
යහපත පිණිස යොදවනවා නම්, ඔහු හෝ ඇය මේ ලෝකයේදීම එම ක්‍රියාව කරන
මොහොතෙම සහ ක්‍රියාව කර ඔහු මේ ලෝකය තුළ ජීවත් වන කාලය තුළම තමන් කරන
යහපත් ක්‍රියාව දැකල තමන්ගේ මනස තුළ සතුට උදාකරගන්නවා
ඒ අකාරයෙන්ම පරලොවේදීත්, දිව්‍යලෝකවලත්, බ්‍රහ්ම ලෝකවලත්, සුගති
සංඛ්‍යාත විශිෂ්ට මිනිස් භවය තුළ මහත් සැපතට පැමිණීම හේතු කොට ගෙන ලෝක
වශයෙන් ද ඔහුට සතුට උදාවනවා. සැප සම්පත් ලැබෙනවා. මෙලොව පරලොව කියන
දෙලොවම සතුටු වන එම තැනැත්තා තමන් විසින් කරන ලද පිරිසුදු වූ කුසල කර්ම
දැකල කළ සුසිරිතම මෙනෙහි කරලමෙලොව දවි රැකෙමින් සතුටු වෙනවා. ඒ
තැනැත්තා පරලොව ගිය පසු බොහෝ ස්වර්ග මෝක්‍ෂ සැපසම්පත් විඳල විශේෂයෙන්
සතුටු වෙනවා.
ඔබ සිත සතුටු කරගන්න ඕනෑ කෙනෙක් නම් ඔබ පින් කරපු කෙනෙක් වෙන්න ඕනෙ.
පින තුළින් සිත සතුටු වනවා. ලෝභ, ද්වේශ, මෝහ වලින් තමන්ගේ මනස නිදහස්
කරගැනීම සහ නිදහස් කරගෙන හෝ යටපත් කරගෙන සිද්ධ කරන ක්‍රියාවන් හෝ
කර්මයන් තුළින් ඉක්බිතිව උදාවන ඵලය සතුට වෙයි. ඔබ පින්කමක් කිරීමේදී
ඔබට පාප මිත්‍රයෙකු සමීප වන්නේ නැහැ. පින්කමකදී ඔබට ලැබෙන පළමු වන
ආනිසංසය ලෙස කල්‍යාණ මිත්‍ර සේවනය දැක්විය හැකි .
එනිසා එම උදාර කුසල් ඔබගේ ජීවිතය තුළදී ඔබ සිදුකරනවා නම්, ඔබට විශාල
සතුටක් ජීවිතය පුරාම භුක්ති විඳිය හැකි. පින්කිරීමට හෙවත් කුසල් කිරීමට
අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාව මුල් වූන මනසමයි.
ශ්‍රද්ධාව මුල් වුණ මනසින් යුක්තව ඔබට ජීවත්වීමට මනස සැකසෙනවා නම්
නිරන්තරයෙන්ම ඔබව පිනට යොමු කිරීම ඒ ශ්‍රද්ධාව මූලික වුණ මනස විසින්ම
සිද්ධ කරනවා. තුණුරුවන් කෙරෙහි අඛණ්ඩ ශ්‍රද්ධාව ඔබ ගොඩනගා ගැනීමට
වීර්යය කළ යුත්තේ ඔබට සතුට උදාකර දෙන සතුට නම් වූ මහා ප්‍රතිලාභය ලබා
දෙන උතුම් පින් සිද්ධ කරගන්න පුළුවන්කම් ලැබෙන්නේ ශ්‍රද්ධාව මුල්වුණ
සිතක් ඔබ තුළ ගොඩ නැගුණොත් පමණක් නිසා.
ඔබට තැවෙන්නට සිදුවන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව දේශනා
කරනවා.
“ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරි උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති
භීය්‍යෙ තප්පති දුග්ගතිං ගතෝ”
පාපකාරි යනු පව් කරපු තැනැත්තායි. පව් යනු සතුන් මැරීම, සොරකම කිරීම,,
ආදි වශයෙන් පස් වැදෑරුම් වූ පවක් සිල් පද පහ තළ අපට පෙන්වා දී තිබෙනවා.
ඊට අමතරව දස වැදෑරුම් වූ කුසල ධර්මයන්ද පෙන්වා දී තිබෙනවා. පව් කරන
අවස්ථාවේ ඉතාමත් බරපතළ මිහිරක් ඔහුගේ මනස තුළ ඇතිවන බව “ මධුවා මඤ්ඤති
බාලෝ යාවපාපං නපච්චති” කියන බුද්ධ වචනය තුළින් බුදුරජාණන් වහන්සේ දේශනා
කොට ඇත. එම ලාභයට අප මනස ගිජුවීම එයට හේතුවයි.
එම ගිජුවීමෙන් අපගේ මෝහය බලවත් වෙනවා. කරන අයහපත් ක්‍රියාව පිළිබඳව
අවබෝධ කරගන්නට අපට අවස්ථාව ගිලිහී යනවා. පව් කරපු තැනැත්තාට මෙලොවදීත්
කරන ලද කර්ම මතක් වන විට නිරන්තර පසුතැවිල්ලක් ඇතිවනවා. කිසියම් නරක
කර්මයක් කිරීමට ද්වේශය ලෝභය මුල්වෙලා ආරම්භ කළ මොහොතේ සිටම සුව විඳීනවා
යැයි කිසිසේත්ම කිව නොහැකි. එම මොහොතේ පටන්ම ඔහු තැවෙනවා. ඒ විතරක්ද
නොවෙයි, ඔහු පරලෝක වශයෙන් දුගතිය වැනි යම්කිසි ස්ථානයක උත්පත්තිය
ලැබුවෝතින් අනිවාර්යයෙන්ම ඔහුට විපාක විඳීමට සිදු වෙනවා.
ඒ විපාක විඳීමිනුත් ඔහුට පසුතැවිල්ලටම පත් වෙන්නට සිදුවෙනවා. ඒ
නිසාවෙන් පළමුවෙන්ම ඒ තත්වයට අප පොළඹවාලන මිත්‍යාදෘෂ්ටියෙන් ඉවත්වීම
සිදුකළ යුතුයි. මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් නොවුණනොත් අප අඛණ්ඩව පව් කරනු
ලබනවා.
අඛණ්ඩවම අකුසල් කළහොත් අඛණ්ඩව පසුතැවිල්ලට ලක් වෙමින් මේ ජීවිතය
ගෙවන්නට වෙනවා. පරලෝක වශයෙනුත් අඛණ්ඩ දුක් සමුදායක් අපට අත්විදින්නට
සිදුවෙනවා. එනිසාවෙන් තැවීම සහ සතුටුවීම තීරණය වන්නේ ඔබ කරන පව් සහ
පින් මතයි. පව් කළොත් ඔබට තැවිල්ල වෙයි. පින් කළොත් ඔබට සතුට උදාවෙයි.
එනිසා පින පව හඳුනාගෙන කටයුතු කරන කෙනෙකු බවට එක්වුණොත් ඔබට ලැබුන
ජීවිතය සතුටින් ගෙවල, ලැබෙන්නට තිබෙන ජීවිතයක් සතුටින් යුක්ත ජීවිතයත්
බවට පරිවර්තනය කර ගන්නට හැකියාව ලැබෙනවා.
සටහන
හේමමාලා රන්දුනු |