Print this Article


බුද්ධ ධර්මය - ධම්ම පදය

2013 අ.පො.ස. (සා.පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර

* විභාගය සඳහා නියමිත ගාථා 8 කි. එම ගාථා 8 හි නිදාන කථා ද ් සිසුන්ගේ හා ගුරු භවතුන්ගේ ප්‍රයෝජනය සඳහා,ගාථාව, තේරුම, නිදාන කථාව, මෙම කොටසින් ඉදිරිපත් කරමි.

1 අභ්‍යාසය

1. ගාථාව - අකෙකාච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ,

යෙ තං උපනයහන්ති වෙරං තෙසං න සම්මති.

තේරුම - “ අසුවලා මට බැන්නේ ය. ගැසුවේ ය. මා පැරද වූයේ ය, මා සතු දෙය පැහැර ගත්තේය” යි යම් කෙනෙක් ක්‍රෝධය සිතෙහි දැඩි කොට බැඳගනිත් නම් ඔවුන්ගේ වෛරය නො සංසිඳේ.

2. ගාථාව - අකෙකාච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ,
යෙ තං උපනයහන්ති වෙරං තෙසුපසම්මති

තේරුම - “ අසුවලා මට බැන්නේය, ගැසුවේ ය, මා පැරද වූයේ ය, මා සතු දෙය පැහැර ගත්තේය” යි යම් කෙනෙක් ක්‍රෝධය සිතෙහි දැඩි කොට නො බඳිත් නම් ඔවුන්ගේ වෛරය සංසිඳේ.

නිදාන කථාව - මේ ගාථා අප බුදුරදුන් දෙවුරම් වෙහෙරදී තිස්ස තෙරුන් අරභයා දෙසන ලදී.

සැවැත් නුවර දෙවුරම් වෙහෙර ථුල්ලතිස්ස නම් තෙර නමක් විය. ඔහු මහලුව පැවිදි වූ කෙනෙකි. බුදුන්ගේ නැන්දනියකගේ පුත්‍රයෙකි. හෙතෙම බුදුරදුනට උපන් ලාභ සත්කාර පරිභෝග කොට, තරව, මහතෙරුන් කෙරෙහි ගරු සරු නැතිව වැඩුණු සිරුරු ඇතිව, වෙහෙර මැද උවටැන් හලෙහි වෙසෙයි. ආගන්තුක භික්‍ෂූන්ට කිසි සැලකීමකදු නො කරයි.එක් තරුණ භික්‍ෂු නමක් ඒ ගැන ඔහුට නිගා කළේය. තිස්ස තෙරහු කිපී බුදුරදුන් වෙත පැමිණ ඒ කාරණය බුදුරදුන්ට සැල කළහ. බුදුරදහු ඔහුගෙන් ම දොස් නිදොස් විචාරා “ වැරැද්ද ඔබ අතේම ය. මේ භික්‍ෂූන් කමා කර ගනුව“ යි වදාළ සේක. නමුත් ඔහු කළ වරද පිළිගැනීමට අකැමැති ව අකීකරු ව සිටියේ ය. එවිට බුදුහු “ මහණෙනි, මේ තෙම දැන් පමණක් අකීකරු වූයේ නොවෙයි. පෙරත් දේවල නම් තවුස් ව උපන් කල ද අකීකරු ව සිටියේ ය” යි අතීත කථාව ද වදාරා ඒ නිමිති කොට මේ ගාථාවන් වදාළ සේක.

3. ගාථාව - න හි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං,
අවෙරෙන ච සම්මන්ති එසධම්මො සනන්තනො

තේරුම :- මේ ලෝකයෙහි කවදාවත් වෛරයට වෛර කිරීමෙන් ඒ වෛරය නැති වන්නේ නැත. අවෛරයෙන් වෛරයෝ නැති වෙති. මේ අවෛරයෙන් වෛර සංසිඳුවීමට පෙර සිට පවතිනු බුද්ධාදී උතුමන්ගේ ගුණ ධර්‍මයෙකි.

නිදාන කථාව :- මේ ගාථාව අප බුදුරදුන් විසින් දෙව්රම් වෙහෙරදී වඳ ස්ත්‍රියක් අරභයා දෙසන ලදී.

සැවැත් නුවර එක් කෙළෙඹියෙක් සිටියේ ය. ඔහුගේ භාය¸ාව වඳ වූවා ය. “ දරු නැති කුලය හා ධනය නැසෙතැ” යි සැලකූ ඔහු තවත් තරුණඟනක් සරණ පාවා ගත්තේ ය. ටික කලකින් දෙවන බිරිඳට දරු ගැබක් පිහිටියා ය. ඒ දැක වඳ බිරිඳ ආහාර සමඟ ගැබ වැටෙන බෙහෙතක් යෙදීමෙන් ගැබ වැටුණේ ය.

දෙවන තෙවන වරත් එසේම කළා ය. තෙවන වර දැරි ස්ත්‍රිය ‘මෙයින් සැව, යකිනියක් ව තීගේ දරුවනුත් කන්නෙ’ යි ප්‍රාර්ථනා කොට ගෙන මළා ය. මෙසේ ඔවුන් දෙදෙනා නොයෙක් අත්බැව්හි මාරුවෙන් මාරුවට දරුවන් කා දමමින් සසර විසූහ. එකල වඳ ස්ත්‍රිය මෙකල සැවැත් නුවර කුලදුවක් ව උපන්නා ය. එකල දරු ඇත්තිය මෙකල යකිනියක් ව ඉපිද ඇගේ දරුවන් දෙවාරයක් කෑවාය. තෙවන වර ද දරුවා කෑමට පැමිණි යකින්නිය බුදුරදුන් වහන්සේ දෙවිරමට ගෙන්වා ධර්‍මදේශනා කොට ඔවුන්ගේ වෛරය සංසිඳුවා ඒ නිමිති කොට මේ ගාථාව වදාළ සේක.

2 අභ්‍යාසය

4. ගාථාව - සාරමතිනො සාරෙ චාසාරස්ද සසිනො,
තෙ සාරං නාධිගච්ජන්ති මිච්ඡාසංඞකප්ප ගොචරා

තේරුම – නිසරු දේ සරු දේ හැටියට,සරු දේ නිසරු දේ හැටියටත් වැරැදි කල්පනාවල එලඹුණු පුද්ගලයෝ ධර්‍මයක් නො ලබත්.

5. ගාථාව - සාරංච සාරතො ඤÀවා අදාරංච අසාරතො,
තෙ සාරං අධිගචඡන්තී සම්මාසඞකප්පගොචරා

තේරුම - සරු සේ සරු දේ හැටියටත්, නිසරු දේ නිසරු හැටියටත් දැන හැඳින නිතරම නිවැරැදි කල්පනාවල යෙදෙන නුවණැත්තෝ සාරධර්‍මයක් ම ලබත්.

නිදාන කථාව - මේ ගාථා දෙක අප බුදුරදුන් වේළුවනාරාමයෙහිදී සංජය පිරිවැජියාගේ නො ඊම අරබයා දෙසන ලදහ.

රජගහනුවර උපතිස්ස, කෝලිත නම් ඉසුරුමත් බමුණු කුමාරයෝ දෙදෙනෙක් වූහ. පසුව උපතිස්සතෙම සැරියුත් නම් විය. කෝලිත තෙම මුගලන් නම් විය. මේ දෙදෙනා බුදුරදුන් සරණ යන්නට පෙර සංජය නම් පිරිවැජියෙකු ඇසුරු කොට මෝක්‍ෂ ධර්‍මය සොයමින් විසූහ. පසුව ඔවුහු අස්සජි මහ තෙරුන්ගෙන් බණ අසා මඟඵල පසක් කොට සංජය වෙතට ගොස් “බුදුරදුන් දක්නට යමු” යැයි කීහ. සංජය තෙම ඊට නො කැමැති විය. ඒ දෙදෙනා බුදුරදුන් කරා එළඹ පැවිදිව රහත්ව අගසවු තනතුරු ලත්හ. පසු කලකදී අගසවු දෙදෙනා සංජයගේ අදහස බුදුරදුන්ට දැන්වූහ. බුදුන් වහන්සේ ඒ කාරණය නිමිති කොට මේ ගාථාවන් වදාළ සේක.

3 අභ්‍යාසය

6. ගාථාව -
උට්ඨානවතො සතිමතො සුචිකම්මස්ස නිසම්මකාරිනො,
සඤ්ඤතස්සච ධම්මජීවිනො අප්පමත්තස්ස යසොභිවඩ්ඪතී.

තේරුම - නො පසු බස්නා වීQය ඇති, එළඹ සිටි සිහිය ඇති, නිදොස් දේ කරන, විමසා බලා කටයුතු කරන, තැන්පත්, දැහැමින් දිවි පවත්වන, නො පමා පුද්ගලයාගේ යසස මනාව වැඩේ.

නිදාන කථාව - මේ ගාථා දෙක බුදුරදුන් ජේතවනාරාමයෙහිදී කුම්භඝෝෂක සිටාණන් අරබයා දෙන ලද්දකි.

රජගහ නුවර සිටුහුගේ ගෙයි අභිවාතක රෝගියෙක් උපන. එවිට සිටාණෝ තම පුත්‍රයා කැඳවා මේ රෝගය වැළඳුණු කෙනෙක් බේරෙන්නහු නො වෙති. “ අසවල් තැන සතළිස් කෙළක් ධනය නිදන් කර ඇත. තොප ඈත පෙදෙසකට ගොස් දිවි රැක පසුව අවුත් ධනය රැගෙන සැපසේ රැකෙව“ යි කියා කාලක්‍රියා කළහ. හෙතෙම පිය සිටුහුගේ වචනය පිළිගෙන දොළොස් වසක් ඈත පෙදෙසක වැස පසුව රජගහ නුවරට පැමිණියේ ය. එහිදි ඔහු කිසිවකුට හැඳිනගත නොහැකි විය. එහෙයින් ඔහු නිධන් ගත ධනය රැගෙන ජීවත් වීමට බිය විය. ඒ ගැන ප්‍රස්තාවක් එනතුරු බැලමෙහෙ කොට ජීවත් වෙමියි සිතා බැලයන්ගේ වීදියෙහි අලුයම මුරගා කම්කරුවන් අවදි කරවන ධුරය ලැබ පාන්දර මුරගා ඇවිදී. එවිට බිම්බිසාර රජතෙම ඔහුගේ හඬ අසා මහ ධනවතකුගේ හඬක් බව දැන ඔහු ගෙන්වා සියලු පවත් දැන ඔහුට සිටු තනතුරක් දින. පසුව රජතෙම ඒ සිටුහු සමඟ බුදුරදුන් කරා ගොස් ඔහුගේ ප්‍රවෘත්තිය දැන්වූ කල්හි බුදුන් වහන්සේ ඒ කාරණය නිමිති කොට මේ ගාථාව දේශනා කොට වදාළ සේක.

7. ගාථාව - චරං චෙ නාධිගචෙඡය්‍ය සෙය්‍යං සදිසමත්තනො
එකචරියං දළහං කයිරා නÀථි බාලෙ සහායතා

තේරුම - තමා හා එක්ව විසීමට නිසි කලණ මිතුරෙකු සොයා ඇවිදින්නකුට තමාට වඩා ගුණයෙන් උසස් කෙනෙක් හෝ තමාට සමාන කෙනෙක් නොලැබෙත් නම් තනිය ම විසිය යුතු ය. ගුණදම් නොපුරන බාලයන් හා යහළුකම – එක්වීම හොඳ නැත.

නිදාන කථාව - මේ ගාථාව අප බුදුරදුන් දෙව්රම් වෙහෙරදී මහකසුප් මහතෙරුන්ගේ අතවැසියෙකු අරභයා දෙසන ලද්දකි.

මහකසුප් මහතෙරුන් වහන්සේ ඇසුරු කොට අතවැසි දෙනමක් විසූහ. ඉන් එක නමක් සැදැහැති ය. නොපමාව වත් පිළිවෙත් කරයි. අනෙක් නම වත්පිළිවෙත් කිසිවක් නොකරයි. වළඳා නිදා සිට අනුන් කළ වත් පිළිවෙත් තමා කළා සේ මහතෙරුන්ට හඟවයි. එක් දවසක් තෙරුන් වහන්සේ මෙය දැන “ ඇවත අනුන් කළ වත් පිළිවෙත් තමා කළා සේ හැඟවීමත්,පිළිවෙත් නොපුරා කුසීීතව සිටීමත් නුසුදුසු යැයි” ඕ හට අවවාද කළහ. ඔහු එයට කිපී මහ තෙරුන්ගෙන් පලිගැනීම පිණිස උන්වහන්සේ පිඬු පිණිස වැඩිය කල පන්සලට ගිණිලා පලා ගොස් පසුව අපායේ උපන. භික්‍ෂූහු මේ පුවත බුදුරදුන්ට දැන්වූහ. බුදුරදුන් මෙබඳු බාලයන් සමඟ විසීමට වඩා තනිව විසීම යහපතැයි පවසා මේ ගාථාව වදාළ සේක.

8. ගාථාව - සුඛෝ බුද්ධානං උප්පාදො සුඛා සද්ධම්මදෙසනා,
සුඛා සංඝස්ස සාමග්ගි සමග්ගානං තපො සුඛො

තේරුම – සත්වයන්ට ලොව්තුරා සැප ගෙන දෙන බැවින් බුදුවරුන්ගේ පහළවීම සැපයෙකි. ධර්‍ම ශ්‍රවණය මිදීමට හේතුවන නිසා සදහම් දෙසීම සැපයෙකි. සංඝයාගේ සමඟිය ද සැපයෙකි. සමඟියෙන් කල් යවන්නන්ට සැපයෙකි.

නිදාන කථාව - අප බුදුරදුන් දෙවුරම් වෙහෙර වැඩ වසන සමයෙහි එක් දවසක් පන්සියයක් පමණ වහන්දෑ රැස්ව හිඳ “මේ ලෝකයෙහි කවර නම් සැපයක් උතුම් දැ?” යි කථාවක් ඉපිද වූහ. බුදුරදුන් එතනට වැඩ ඒ කථාව අසා “ මහණෙනි, මේ ලෝකයෙහි බුදුවරයන්ගේ පහළවීම, සඳහම් දෙසීම හා සංඝ සාමග්‍රිය උතුම් සැපයෝ ය” යි වදාරා මේ ගාථාව වදාළ සේක. ඒ භික්‍ෂූහු රහත් වූහ.