වසර 110ක් සපිරෙන වැල්ලවත්ත පාමංකඩ ශ්‍රී ධර්මෝදය පිරිවෙන
විහාරාධිපති, ශාස්ත්‍රපති
කහපත්විලගම අරියනන්ද හිමි
කොළඹ, වැල්ලවත්තේ, පාමංකඩ ග්‍රාමවරයෙහි පිහිටි ශ්‍රී ධර්මෝදය පිරිවෙන්
විහාරස්ථානය ආරම්භවී 2013 වසරට වසර 110ක් සපිරේ. 1903 වසරේ දී ඉඳුරුවේ
විමලතිස්ස හිමිගේ අනුශාසකත්වයෙන් “ධර්මෝදයාරාමය” නමින් ආරම්භ කළ මෙම
කුඩා විහාරස්ථානය ක්‍රමයෙන් සංවර්ධනය වී 1925 වසරේ දී ශ්‍රී ධර්මෝදය
පිරිවෙන නමින් චිර ප්‍රසිද්ධියට පත්විය. ආගමික සිද්ධස්ථානයක්,
සංස්කෘතික මධ්‍යස්ථානයක්, සමාජ සේවා මධ්‍යස්ථානයක් මෙන්ම විශේෂයෙන්
ධර්ම ශාස්ත්‍රී අධ්‍යාපනය ලබාදෙන විද්‍යස්ථානයක් ලෙස වඩාත්
ප්‍රසිද්ධත්වයට පත් මෙම විද්‍යස්ථානය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
මූලස්ථානයක් ලෙසද වඩාත් ප්‍රකට ය.
අනුරාධපුරයේ, හුරුළු පළාතේ මහපුලියන්කුලම කන්ද මුදුනේ ඇති හඳගල රාජමහා
විහාරය එහි වැඩසිටි මහපුලියන්කුලමේ දීපංකර හිමි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා
නිකායේ උපසම්පාදව ලබා එම නිකාය කේන්ද්‍ර කරගෙන ශ්‍රී ලාංකීය සම්බුද්ධ
ශාසනයටත් රටටත් ජාතියටත් අපරිමිත ලබා එම නිකාය කේන්ද්‍ර කරගෙන ශ්‍රී
ලාංකීය සම්බුද්ධ ශාසනයටත් රටටත් ජාතියටත් අපරිමිත මෙහෙයක් ඉටු කළහ.
උන්වහන්සේ ආරම්භ කළ ධර්ම ශාස්ත්‍රීය ප්‍රචාරක වැඩ පිළිවෙළේ ප්‍රතිඵලයක්
ලෙස තම ශිෂ්‍යානු ශිෂ්‍ය පරපුරේ ඉඳුරුවේ විමලතිස්ස හිමි මෙහි වැඩමවීම
විශේෂ සිද්ධියකි.
මෙලෙස 1903 වසරේ දී ආරම්භ වූ මෙම ආරාමයෙහි අධිපතිත්වය පුරා වසර 25 ක්
දරුවේ විමලතිස්ස හිමියන් විසිනි. එතෙක් ධර්මෝදයාරාමය නමින් පැවති මෙම
විහාරය පිරිවෙනක් බවට පත් කර ධර්මෝදය පිරිවෙන නමින් ප්‍රකට විය. 1925
වසරේ දී රජයේ ලියාපදිංචි කර විධිමත්ව පවත්වාගෙන යනු ලැබූහ. 1925 වසරේ
සිට 1951 වසර දක්වා කාලය තුළ රස්නකවැවේ සිරි සද්ධම්මවංශ අනු නා හිමියන්
විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවත් ඉතා සාර්ථක ලෙස විහාරස්ථානය සංවර්ධනය කරන
අතර පිරිවෙන ආශ්‍රයෙන් ලංකාවේ නන් දෙසින් වැඩමවා වදාළ ශිෂ්‍ය භික්‍ෂූන්
වහන්සේලාට මෙන්ම විදේශීය ශිෂ්‍යයන්ට ද මෙහි අධ්‍යාපනය ලබා දී ඇත. වටිනා
ශාස්ත්‍රීය පොත්පත් රැසක් පිරිවෙන් ක්‍ෂේත්‍රයට මුදා හැර ඇත.
1941 වසරේ දී මෙහි තාවකාලික පරිවෙණාධිපති ධුරය බාරගත් ඉඳුරුවේ
උත්තරානන්ද හිමියන් තම ගුරු දේවයන්ගේ ආභාසය ලබමින් පිරිවෙන් අධ්‍යාපනය
නඟා සිටුවීමට අපමණ සේවයන් ඉටු කළහ. 1941 වසරේ දී වංග ජාතික අරියමිත්ත
හිමියන් ලවා හින්දි, වංග හා ඉංගී‍්‍රසි භාෂාවන් ඉගැන්වීම ආරම්භ කළහ.
මෙතෙක් ධර්මෝදය පිරිවෙනෙන් සිදු වූ සේවාව සැලකිල්ලට ගනිමින් ආණ්ඩුව
1947 සැප්තැම්බර් 15 වන දින මෙම පිරිවෙන උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්
කරන ලදී. 1951 වසරේ දී රජයේ ලියාපදිංචියෙන් ඉවත් කර ස්වාධීන අධ්‍යාපන
ආයතනයක් ලෙස පිරිවෙන පවත්වාගෙන යාමට ඉඳුරුවේ උත්තරානන්ද හිමියන් කටයුතු
කරන ලදී. විද්‍යාරණ්‍ය විනයක්‍රම සභාව ආරම්භ කළ උන්වහන්සේ ගිහි පැවිදි
දෙපාර්ශයටම උසස් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනයන් ලබා දුන්හ. පාලි,
සංස්කෘත, සිංහල, දෙමළ, හින්දි ඇතුළු භාෂා ගණනාවක් උගන්වන විද්‍යා
පීඨයක් ලෙස විද්‍යාරන්‍ය විනයක්‍රම ආයතනය පවත්වන්නට වූහ.
1951 වසරේ දී රස්නකවැවේ සිරි සධ්ධම්මවංශ අනු නා හිමියන්ගේ අපවත් වීමෙන්
පසු මෙහි විහාරාධිපතිත්වය වැල්ලවත්තේ සිරි විභාවි හිමි වෙත පැවරුණි.
උන්වහන්සේ විහාරාංග රැසක් විහාරස්ථානයට ඇති කොට අංග සම්පූර්ණ විහාරයක්
බවට පත් කළහ. 1964 වසරේ දී නැවත පිරිවෙන රජයේ ලියාපදිංචි ආයතනයක් බවට
පත් කර පිරිවෙන අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබූහ. 1947 වසරේ දී රස්නකවැවේ
සිරි සධ්ධම්මවංශ ගුරු මාහිමියන් ආරම්භ කළ ශ්‍රී ධර්මෝදය දහම් පාසල
වඩාත් සංවර්ධනය කරමින් ප්‍රදේශයේ දූ දරුවන්ගේ ධර්ම ඥානය දියුණු කරලීමට
ගත් වෙහෙස අප්‍රමාණය. වැල්ලවත්තේ සිරි විභාවි හිමි 1989 වසරේ දී අපවත්
වීමෙන් පසු එහි ආධිපත්වයට පැවතුණේ ගුරුදෙනියේ උදිත හිමි වෙතය.
2013 වසර වන විට ශ්‍රී ධර්මෝදය පිරිවෙන් විහාරය ආරම්භ වී වසර 110 ක්
සපිරේ. එදා මෙදා තුර සංවර්ධනය කරමින් එමඟින් ලෝක ශාසනික සේවාවන් සලසා
ලූ අප මාහිමිපාණන් වහන්සේලා නමස්කාර පූර්වකව සිහිපත් කරමි.
ඒ හැමගේ සේවය අගයමින් ඔවුන් පතන බෝධියකට පත් වී නිවන් පසක් කර ගැනීමට
පුණ්‍යානුමෝදනා කිරීමට නොවැම්බර් 07 දින දක්වා ධර්ම දේශානා මාලාවක් ද,
07 දා ගුණානුස්මරණ පින්කමක් ද , 08, 09 දෙදින සර්වරාත්‍රික පරිත්‍රාණ
දේශනාව, කඨින මහා පූජාව සහ සඟසතු මහා දානයක් ද පිරිනැමීමට කටයුතු
සංවිධානය කොට ඇත.
|