Print this Article


නුවණ ලබන හැටි

නුවණ ලබන හැටි

(මෙම ලිපියේ දෙවන කොටස ඔක්තෝබර් 26 වනදා පත්‍රයේ පළ විය)

එයින්,

1. වයස නම් – භද්‍ර යෞවනයාගේ අවසානයෙහි පටන් මහලු වයසේ මුල දක්වා ඇති ආයුෂයි. මේ වයස් බෙදීම ආගමයෙහිත්, ශාස්ත්‍රයෙහිත් පෙරත් දැනුත් මඳ මඳ වෙනස් ඇති වැ දක්නා ලැබේ. ආගමයෙහි මුල් වයස තිස් තුන දක්වාද, මැදුම් වයස එතැන සිට හැට හත දක්වාද අග වයස එතැන සිට සියය දක්වා දැයි තුනකට බෙදේ. එහි මන්‍ය දශකාදී වශයෙන් කොටස් දසයෙකි. මෙයින් සොළොස (16) ගෙවෙන තෙක් ළමයෙකි. එතැන පටන් තුරුණු බවෙහි පා තැබූවද විස්ස දක්වාම ළමා තතු ඇත්තේ ය. විස්සෙහි සිට මිනිසෙකැයි ගැණෙන බැවින් උප සම්පදාව විසි වයස් පිරුණු තැනැත්තහුටම නියම කළ සේක. දැන් ශීතාධික රටවල සම්මතයේ හැටියට විසි එක මිනිසෙකු වීමේ වයස මෙන් පිළිගනු ලැබේ. එතැන් පටන් වැඩි තිස්තුනට පැමිණියේ භද්‍ර යෞවනයෙන් (ඉතාම හොඳ සම්පූර්ණ තරුණ බවෙන්) යුක්ත යැයි සලකනු ලැබේ. එහෙත් හේ සතලිස දක්වාම වැඩේ. ඉන්පසු වැඩීමක් නැතත් නිරෝගී තැනැත්තෙක් නම් සැත්තෑව දක්වාම මහලු යැයි නොකියනු ලැබේ. දැන්නම් සැටෙන් පසු මහලු ගණයට වැටේ.

මේ කියවුණු කොටස් වලින් උප්පත්තියෙහි පටන් අටළොස් (18) වැන්නත් ඉක්මෙන තෙක් ළමා වයස් හී ශරීරයද මොළයද චංචල ස්වභාවයෙහි බවත්, සතළිස් දක්වා වැඩුණු පසුම අචල වැ සුපිහිටි වැඩුණු කයක් හා ස්ථිර මොළයක් ඇතිවන බවත් සාමාන්‍ය සම්මතය වේ. සතළිහේ සිටි සැත්තෑව දක්වා ප්‍රෞඪ වයස යැයි ද එතැන පටන් මහලු යැයි ද, සැලකෙන්නේ එබැවිනි. මෙසේ සොළොස (16) හෝ අටළොස (18) දක්වා නොතැන්පත් (දගලන - කලබල) ළමා කාලය බවත් එතැන සිට සතළිස් දක්වා වැඩෙන තරුණ කාලය බවත් එතැන සිට සැත්තෑව දක්වා කයත් මොළයත් වැඩුණු පැසුණු තැන්පත් ප්‍රෞඪ කාලය බවත් එතැන සිට දිරාපත් මහලු කාලය බවත් පිළිගත යුතු ය.

මෙසේ බැවින් කොතරම් තියුණු ප්‍රඥා බීජයක් ඇත්තකු වුවත් සතළිස ඉක්මීමෙන්ම තැන්පත් මුහුකළ නුවණ ඇති අනුශාසකත්වයට සුදුස්සකු වන බව පිළිගත යුතු ය. උපසම්පදාවෙන් දසවස් පිරීමෙන් ස්ථවිර සම්මතිය ලැබෙතත් විසි වස් පිරීමෙන් හෙවත් උපතින් සතළිස් වස් පිරීමෙන්ම හෙවත් උපතින් සතළිස් වස් පිරීමෙන්ම ශාසනයෙහි ‘මහා ස්ථවිර’ සම්මතිය ලැබේ. බුදුන් වහන්සේ පවා බුදුබවට පැමිණියේ පන් තිස් වැන්නෙහිය. අනුශාසක වූයේ එතැන සිටය. කොතෙක් උගතත් වයස තිසෙන් මෙපිට වත් සැත්තෑ වෙන් එපිට වත් පද්‍ය රචනා, ගද්‍ය රචනා ග්‍රන්ථකරණාදියට නුසුදුසු බව පෙර දිග කවීන්ගේ සම්මුතියයි. තිස ඉක්මෙන තෙක් මොළය නිසි පමණට නොවැඩුණු බවත් සැත්තෑවෙන් පසු එය දිරාපත් වන හෙයින් දුබල වන බවත් සලකා ඒ සම්මතිය කරන ලදැයි සිතිය හැකිය. බුද්ධාගමෙහිද ‘විපපවාසා සතාදීනං’ යන ආදීන් සැත්තෑවෙන් පසු මහලු කල්හි දිරාපත් දුබල වූ චරිතයෙහි සිතද දුබල වන බැවින් බෙහෙවින් බාලයකු වැනි බවට පැමිණැමතිසමෘති විප්‍රවාසය (නුවණත් සිහියත්) තොරවන බව දක්වා තිබේ. මෙසේ බැවින් නුවණ පැහැදීමට පිරිසුදු වීමට මිහි කිරීමට කරුණු වන වයස යැයි ගිණිය යුතු වන්නේ සතළිස පටන් සැත්තෑව දක්වා ඇති කාලයයි. බුද්ධාගමයෙහි නියම ප්‍රඥා දශකය ලෙස සැලකෙන්නේ සතළිස පටන් පනස දක්වා ඇති දස වසයි. එය ඉතාම හොඳ කාලය වන බැවිනි.

2. යසස නම්, මෙතන්හි කීර්ති මාත්‍රය නොවේ. මෙ තන් හි කිර්ති මාත්‍රය නොවේ. ‘ඉසසරිය , භොග, සමමාන, යසබාතෙ, චෙ’ ව කිතති වණණ සඞබාතොව ය සො’ (ධ.අඨ. පි. 119) යනු අටුවා හෙයින් ඓශ්චර්යය හෙවත් අධිපතිභාවයැ, උප භොග එරි භොග වස්තු නම් වූ ධනය යැ, ගරු බුහුමන් යැ, කීර්තිය දැයි යන සතර ම යසස නම් වේ.

මෙම ලිපියේ ඉතිරි කොටස නොවැමිබර් 10 වනදා පත්‍රයේ පළ වේ