Print this Article


ආර්ය මාර්ගය නිවැරැදිව හඳුනා ගනිමු

ආර්ය මාර්ගය නිවැරැදිව හඳුනා ගනිමු

ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා, බාහිර සමාජයෙන් ලැබෙන විට ඒවායෙහි ඇලීම සාමාන්‍ය ලෝක ස්වභාවයයි. තමන්ට ලැබෙන ලාභ පිළිබඳව, අනෙක් අයගෙන් ලැබෙන සත්කාර පිළිබඳව, සමාජයෙන් ලැබෙන කීර්ති ප්‍රශංසා පිළිබඳව ආශාවක් ඇති කරගත් විට ඒවාටම නැවත නැවත පුද්ගලයා නතු වේ. එම නතුවීම නිසා තමන් කරන කියන වැඩකටයුතු අමතක කොට ඇතැම් වෙලාවට සමාජයේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර දීමට පෙළඹෙනවා. සමාජයේ සියලු අවශ්‍යතා කරදීමට පෙළඹෙන කෙනෙකුට තමන් පිළිපන් ආර්ය මාර්ගය අමතක වේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිව වදාරණ ලද්දේ ලාභ ප්‍රයෝජන උපදවා ගනිමින් ශාසනයේ රැඳෙන ක්‍රමය එක ක්‍රමයක් බවයි. නිර්වාණගාමී මාවතට මනසින් පිවිසී ඒ මාර්ගයේ ගොස් නිවන් ලබා ගැනීම තවත් ක්‍රමයක් බවය

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දේශනා කළ ආර්ය මාර්ගයෙහි ගමන් කරන සිය ශ්‍රාවකයන් වහන්සේ පිළිබඳව බොහෝ අවස්ථාවලදී ගුණකථන දේශනා කොට ඇත. සම්බුදුපියාණන් වහන්සේ එලෙස සිය ශ්‍රාවකයන්ගේ ගුණ කථන දේශනා කොට ඇත්තේ එම ශ්‍රාවකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුගතව සිය ප්‍රතිපත්ති සකස් කරගෙන නිර්වාණ ගාමී මාවතට ප්‍රවේශ වූ හෙයින් අරහත් භාවයට පත් වූ නිසාය. සාමාන්‍ය සමාජයක් තුළ සිදුවන ඇවැතුම් පැවැතුම් වලට වඩා ආර්ය මාර්ගයට ප්‍රවේශ වූ කෙනෙකුගේ ඇවැතුම් පැවැතුම් වෙනස් වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. සාමාන්‍ය ලෝකයේ ජීවත්වන කෙනකු සිතන පතන ආකාරයට වඩා, ආර්ය මාර්ගයට පිළිපන් කෙනකු සිතන පතන ආකාරය වෙනස් වේ.

එම වෙනස නිවැරැදිව දැන හඳුනාගන්නේ ආර්ය මාර්ගය අනුව තමන්ගේ ගමන නිවැරැදිව ගමන් කරන පිරිස පමණයි. ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා, බාහිර සමාජයෙන් ලැබෙන විට ඒවායෙහි ඇලීම සාමාන්‍ය ලෝක ස්වභාවයයි. තමන්ට ලැබෙන ලාභ පිළිබඳව, අනෙක් අයගෙන් ලැබෙන සත්කාර පිළිබඳව, සමාජයෙන් ලැබෙන කීර්ති ප්‍රශංසා පිළිබඳව ආශාවක් ඇති කරගත් විට ඒවාටම නැවත නැවත පුද්ගලයා නතු වේ. එම නතුවීම නිසා තමන් කරන කියන වැඩකටයුතු අමතක කොට ඇතැම් වෙලාවට සමාජයේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර දීමට පෙළඹේ. සමාජයේ සියලු අවශ්‍යතා කරදීමට පෙළඹෙන කෙනෙකුට තමන් පිළිපන් ආර්ය මාර්ගය අමතක වේ.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිව වදාරණ ලද්දේ ලාභ ප්‍රයෝජන උපදවා ගනිමින් ශාසනයේ රැඳෙන ක්‍රමය එක ක්‍රමයක් බවයි. නිර්වාණ ගාමී මාවතට මනසින් පිවිසී ඒ මාර්ගයේ ගොස් නිවන් ලබා ගැනීම තවත් ක්‍රමයක් බවය.

අඤ්ඤාහි ලාභූපනිසා අඤ්ඤා නිබ්බාණාගාමිනී
එවමෙතර අභිඤ්ඤාය භික්‍ඛු බුද්ධස්ස සාවකො
සක්කාරං නාභින්දය්‍ය විවේකමනු බ්‍රෑහයෙ’ති

ලාභ උපදවන මග එකක් බවත්, නිවන් මග තව එකක් බවත් ය. මෙම කාරණාව ආර්ය මාර්ගයට නොපිළිපන් කෙනෙකුට බොහෝ දුරට පැටළවෙනවා. මෙම පැටළීම නිසා ආර්ය මාර්ගයෙහි යාමට මාර්ගයට පිවිසුණත්, ඒ මාර්ගයෙහි නොගොස් ලාභ, ප්‍රයෝජන, කීර්ති, ප්‍රශංසා ඔස්සේ මනස යවනවා. ආර්ය මාර්ගයට පත්, ආර්ය මාර්ගයෙහි ගමන් කරන, ආර්ය මාර්ගයෙහි ඇල්මක් දක්වන පුද්ගලයා මෙම කාරණා දෙක නිවැරැදිව හොඳින් අවබෝධ කරගනු ලැබේ. ලාභ ප්‍රයෝජන ලබාගැනීම යන තමන්ගේ නිවැරැදි මාර්ගය කුමක්ද? යන බව නිවැරැදිව, පැහැදිලිව අවබෝධ කොට ගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල ප්‍රශංසාවට ලක්කරනු ලැබුවේ තමන් වහන්සේ දේශනා කරනු ලැබූ ප්‍රතිපත්ති මාර්ගය නිවැරැදිව පිළි අරගෙන ඒ මාර්ගයෙහි ගමන් කරන පිරිසටය. බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී මෙම කරුණු කාරණාත් උපමා ආදියෙන් සමාජයට පැහැදිලි කර දෙනු ලැබූහ.

බුද්ධ කාලයේ දී ආර්ය මාර්ගය වරදවා ගත් භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටින ලදී. යා යුතු මාර්ගයේ යන බවට ප්‍රතිඥා දී මඳ දුරක් යන විට ලෞකික සැප සම්පත්තී හි ඇලේ. පසුකාලීන ඒවායින් මිදෙන්න බැරි වේ. ගිහි ජීවිතය ගත කරන කෙනකු විඳින ලෞකික බැඳීම්වලටත් වඩා වැඩියෙන් ඒ අය ලෞකික බැඳීම්වල බැඳේ. එදා බුද්ධ කාලයේ දි වගේ මෙන් මෙදාත් එලෙසමයි. මෙම ආර්ය මාර්ග මුදල් හම්බ කරන්න ලාභ ප්‍රයෝජන ලබන්නත් හොඳ මාර්ගයකි. තමන්ගේ මනස කපටිකමෙහි යොදවපු බොහෝ අය ආර්ය මාර්ගය විකුණගෙන කනවා.

ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවන මාර්ගයක් ලෙස සමහර පිරිසක් තෝරාගනු ලැබේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ ලාභ ලබන මාර්ග එකක් බවත්, නිවන් මාර්ගය වෙනත් එකක් බවත්ය. මේ මාර්ග දෙක හොඳින් අවබෝධ කරගත් පුද්ගලයා උතුම්ය. එම ඥානය, එම ප්‍රඥාව කෙනකුට ලැබෙන්නේ සද්භාවය වඩා හොඳින් වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි.

සටහන: හේමමාලා රන්දුනු