Print this Article


පූජාච පූජනීයානං

හේන්පිටගෙදර ඤාණාවාස නා හිමි

දිවුලපිටිය හේන්පිටගෙදර කොරනේලිස් පෙරේරා සකලසූරිය පවුලේ කනිටු පුතණුවන් ලෙස 1917 ජනවාරි 14 දින උපත ලැබූ පින්වත් දරුවා කරුණාතිලක සකලසූරිය නම් විය. සකලසුන්දරාරාම විහාරස්ථානය සඟසතුකර පූජා කරන අවස්ථාවේදී සකලසූරිය පවුලේ අය විසින් කරුණාතිලක සකලසූරිය කුඩා දරුවාද සසුනට පූජා කරන ලදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරන්ධරව වැඩ විසූ හිස්සැල්ලේ ඤාණෝදය මහා නා හිමියන් වෙතින් 1926 දී හේන්පිටගෙදර ඤාණාවාස නමින් පැවිදි විය.

මූලික අධ්‍යාපනය බලගල්ල සරස්වතී මහ පිරිවෙනින් ලැබූ අතර වැඩිදුර අධ්‍යාපන සඳහා රත්නපුර ශ්‍රී සුමන මහ පිරිවෙනට වැඩම කරවන ලදී. 1940 දී උපසම්පදා විය. 1946 දී රාජකීය පණ්ඩිත උපාධියත් 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධියත් 1964 දී දර්ශන විශාරද උපාධියත් ලබා ගත්තේය.

රත්නපුර ප්‍රදේශයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් ශ්‍රී සුමන විද්‍යාලය හා සුමන බාලිකා උසස් විද්‍යාලය ආරම්භ කිරීමේදී මූලිකව කටයුතු කළේය. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ පාලි අංශයේ මහාචාර්යවරයකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ අතර විදේශ රටවල් කිහිපයකම බුද්ධ ධර්මය පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ව්‍යවස්ථාව සකස් කිරීම, බෞද්ධ කොමිෂන් සභා වාර්තාව, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පිහිටුවීමේ ව්‍යවස්ථාව සකස් කිරීමේදී ද මුල්තැන ගෙන කටයුතු කළහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ නාහිමියන් නිකායේ දියුණුව උදෙසා ද මහත් සේවාවක් ඉටු කළේය.

1986 නොවැම්බර් මස 02 දින අපවත් වී වදාළ හේන්පිටගෙදර ඤාණවාස නාහිමියන් විසින් ඉටු කළ සේවාවන් අගය කිරීමක් වශයෙන් සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරි බුළුගහපිටියේ සුමංගල හිමියන් හා විහාරස්ථාදායක සභාව, ශ්‍රී සුමන දහම් පාසල බෞද්ධ කාන්තා සමිතිය ඒකාබද්ධව රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ කඨින පින්කමට සමගාමීව ගුණ සමරු විශේෂ පින්කම් මාලාවක් නොවැම්බර් මස 1,2,3 යන තෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත.


බෝපිටියේ වංශානන්ද අනු නා හිමි

පයාගල ශ්‍රී ධර්ම ගුප්ත පිරිවෙන් මහ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ඉÁද්‍රසභ වංසාවතංස විමලකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීස්වර ශාසනධජ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී බෝපිටියේ වංශානන්ද නාහිමියන්ගේ අසූ වෙනි ජන්ම දිනය 2013 ඔක්තෝබර් 29 වෙනි දිනට යෙදී තිබුණි.

කළුතර දිස්ත්‍රික්කයේ ඉත්තෑපාන පරෙයිගමදී 1934 ඔක්තෝබර් 29 දින ඉද්දගොඩ හේවගේ තෝමස් අප්පුහාමි සහ වැලිපැන්න විතානගේ ඇලිස්නෝනා හාමිනේ දම්පතින්ට දාව උපත ලැබූ කුමරුට ඉද්දගොඩ හේවගේ ධර්මසේන යන නම තබනු ලැබීය. මතුගම බෝපිටියේ කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලැබූ ධර්මසේන කුමරු 1946 මැයි මස 03 වන වෙසක් පුන් පොහෝදා පයාගල විමලවංශ නාහිමිගේ ආචාර්යත්වයෙන් හා මාතර ධර්මවංශ නාහිමිගේ උපාධ්‍යායත්වයෙන් බෝපිටියේ වංශානන්ද නමින් පැවිදි බිමට ඇතුළත් විය. පයාගල ධර්මගුප්ත පිරිවෙන, ඉඳුරුවේ ශ්‍රී විජය ධර්ම පිරිවෙන හා වැල්ලවත්ත ශ්‍රී ධර්මෝදය පිරිවෙන උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනට සෙවන දෙන ලදී. එවකට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ම¼ගින් පවත්වනු ලැබූ විනයාචාර්ය විභාගයෙන් ගෞරව පන්තියේ පළමුවෙනියාට හිමි “ඉÁද්‍රසභවරඤාණසාමි මහානායක” ත්‍යාගයද, “ශ්‍රී සරණංකරෝපසේන “ ත්‍යාගයද හිමිකර ගන්නා ලදී. 1958 බුරුම රජය ම¼ගින් පැවැත්වූ අභිධර්ම විභාගයෙන්ද ජය ගෙන සම්මානයට පාත්‍රවී ඇත.කොළඹ ප්‍රාචීන භාෂෝපකාර සංගමය ම¼ගින් පවත්වන ලද ප්‍රාචීන විභාගයෙන් උසස් ලෙසින් සමත්ව “රාජකීය පණ්ඩිත” උපාධිය හිමිකර ගන්නා ලදී. ඉතිහාසය පුරා විද්‍යාව, ශිලා ලේඛන යන විෂයයන්ගෙන් ප්‍රථමයා බවට පත්ව “ස්ටබ්ස්” ත්‍යාගයද හිමි කර ගත්හ.

ධර්ම ශාස්ත්‍රීය උසස් අධ්‍යාපනයෙන් අනතුරුව 1957 දී වැල්ලවත්ත ශ්‍රී ධර්මෝදය පිරිවෙනේ ආචාර්ය ධුරයකට පත්වූහ. එම පිරිවෙනෙහිම නියෝජ්‍ය පරිවේණාධිපති ධූරය ද උසුලන ලදී. 1968 සිට පයාගල ශ්‍රී ධර්ම ගුප්ත පිරිවෙන් පරිවේණාධිපති ධුරයේ කටයුතු කරමින් රට ජාතිය ආගම වෙනුවෙන් විශිෂ්ට සේවාවන් රැසක් ඉටු කිරීමෙහි යෙදෙන ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් රටට දායාද කිරීමට අනු නා හිමියන්ට හැකි විය.

1954 දෙසැම්බර් මස 21 දින කොළඹ ජේතවන මහ පිරිවෙනේ මූලිකත්වයෙන් කල්‍යාණ නදී උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදා භූමියට පත් වූහ. තම නිකායේ විවිධ තනතුරු හෙබවූ මුන්වහන්සේ දශක දෙකහමාරකටත් අධික කාලය තුළ කළුතර තොටමුණ දකුණ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් පුදා එම කාලය තුළ පළාතට අපක්‍ෂපාතී සේවාවක් සලසා තිබීම නිසා අදටත් මුන්වහන්සේ ගරු බුහුමන් ලබයි.

පුරා විසි පස් වසරකට අධික කාලයක් තුළ නිකායේ වගකිව යුතු විවිධ තනතුරු දරමින් සිදු කළාවූ අනුපමේය සේවාව වෙනුවෙන් 1999 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ විශේෂාධිකාර මණ්ඩල කාරක සභාව හා පාලක මහා සංඝ සභාව විසින් ඒකමතිකව වංසානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත “සිරි ඉන්‍ද්‍රසවංසාවතංස විමලකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීස්වර ශාසනධජ “ යන ගෞරව නාම සම්මුති පූර්කව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පදවිය ප්‍රදානය කරන ලදී.


නිකහැටියේ සද්ධාතිස්ස හිමි

කන්ද උඩරට නිකහැටිය ගම්පියසෙහි කොබ්බෑවලගෙදර නිලමේතුමාට හා සබරගමු පළාතේ මාගම හේරත් මුදියන්සේලාගේ පුංචිමැණිකේ මැතිනියට දාව 1916 ජනවාරි 05 දින මෙලොව එළිය දුටු මේ කුමරුවා ධර්මදාස බණ්ඩා නමින් හැඳින්විය.

වටරප්පල රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. අවුරුදු 29 දී නිකහැටියේ ගිරිලෙන් විහාරස්ථානයේ දී ආචාර්ය දොරලියද්දේ පඤ්ඤානන්ද සහ බෝතොට සුමනතිස්ස යන මහා හිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1945 දී නිකහැටියේ සද්ධාතිස්ස නමින් පැවිදි විය.

සහජයෙන්ම ජාතික, ආගමික සේවාවන් සඳහා කැපවූ මුන්වහන්සේ 1946 දී පමණ ගිනිගත්හේන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයට වැඩමවා තම ශාසනික සේවාව ඇරඹූහ. ගිනිගත්හේන ශ්‍රී අභිනවාරාමය කලුගල පිටවල ශ්‍රී විජිතාරාමය යන විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අඹගමුව කෝරලයට පමණක් නොව මධ්‍යම පළාතටත්, පොදුවේ සම්බුද්ධ ශාසනයටත් සැදැහැසිතින් අනූපමේය සේවාවක් කළ නිකහැටියේ සද්ධාතිස්ස හිමියෝ 2012 නොවැම්බර් මස 02 දින අපවත් වී වදාළහ. උන්වහන්සේගේ ගුණ සමරා ගිනිගත්හේන ශ්‍රී අභිනවාරාමයේ දී ශාස්ත්‍රවේදී මුරුතවෙල පියරතන හිමියන් ප්‍රධාන දායක පිරිස නොවැම්බර් මස 02 දින ගුණානුස්මරණ පින්කමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. උන්වහන්සේට නිවන් සුව අත්වේවා.


ඕවල සෝරත නා හිමි

සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් විසින් යටිනුවර ප්‍රධාන සංඝනායක පදවියට කඩුගන්නාව කදංගම ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරාධිපති ශාස්ත්‍රපති ඕවල සෝරත හිමි පත්කර ඇත. “ආරණ්‍ය වංශික සංඝකීර්ති ශ්‍රී‍්‍ර සරණංකර සීලානන්ද ධම්මරක්ඛිත” යන ගෞරවනාම සම්මුතිය සහිතව යටිනුවර ප්‍රධාන සංඝනායක පදවියට උන් වහන්සේ පත්වූහ.

අපවත් වී වදාළ යටිනුවර ප්‍රධාන සංඝනායක පදවිය ඉසිලූ ආරණ්‍ය වංශික සංඝකීර්ති ශ්‍රී සරණංකර ශ්‍රී සීලානන්දාභිධාන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1967 ජුනි මස 09 දින පැවිදි බිමට ඇතුළත්ව , එම නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය යටිනුවර ප්‍රධාන සංඝනායක අපවත්වී වදාළ ආරණ්‍ය වංශික සංඝකීර්ති ශ්‍රී සීලානන්දාභිධාන කහගල ශ්‍රී ධම්මරක්ඛිත නා හිමිපාණන් වහන්සේ දෙනමගේ ප්‍රධාන ශිෂ්‍යයා වශයෙන් 1975 මැයි මස 24 වෙනි වෙසක් පුර පසළොස්වක පොහෝදින මල්වතු මහා විහාරීය උපෝෂථාගාරයේදී ‘වාහලනාග’ නාමයෙන් උපසම්පදාව ලැබූ ඕවල සෝරත නාහිමි, 1978 පාඨශාලාචාර්ය තනතුර ලබා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ඇතුළත් විය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා යන උපාධි හිමිකරගත් සෝරත නාහිමියෝ, කොළඹ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා 1973 සිට විහාරස්ථ ශ්‍රී සීලානන්ද දහම් පාසලේ ආචාර්යවරයකු ලෙසත්, 1982 සිට මේ දක්වාම එකී දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස කටයුතු කරයි.

අපවත් වී වදාළ පුවක්පිටියේ ශ්‍රී සීලානන්ද නාහිමිපාණන් වහන්සේ විසින් 1942 දී දඹදිව බුද්ධගයාවේ සිට වැඩම කොට රෝපණය කරන ලද ඓතිහාසික බෝධින් වහන්සේගේ ආරක්‍ෂක ප්‍රාකාරය,රන්වැට, බුදුකුටි, ලක්‍ෂ පනහක් පමණ වැයකොට ඉදිකිරීමත්, ජරාවාසව පැවති විහාර මන්දිරය අභිනව විහාර මන්දිරයක් ලෙස, අටවිසි බුද්ධ ප්‍රතිමාද සහිතව නිමකරවා 2010 පොසොන්පුර පසළොස්වක පොහෝ දින, මල්වතු විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විවෘත කරවීමත්, විහාර මළුවේ ආරක්‍ෂාව සඳහා බැමි බැද බීරළු වැට සකස් කොට ඝාණ්ඨාර කුලුන ඉදිකරවීමත් සෝරත නාහිමිගේ සේවාවන් අතර වෙති

ප්‍රදේශයේ විහාරස්ථානවල මෙන්ම, දුර බැහැර පළාත්වල මෙන්ම ගුවන්විදුලිය, රූපවාහිනිය වැනි ජනමාධ්‍යවල ආරාධිත ධර්මදේශකයාණන් වහන්සේ නමක් වීමත් , ඇමරිකා එක්සත් ජනපදය, තායිලන්තය, මැලේසියාව , සිංගප්පූරුව යන රටවල බෞද්ධ විහාරස්ථාන,බෞද්ධ සංගම් වල ආරාධනයෙන් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා එතෙර වැඩම වීමත් උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරක සේවාවන් වන අතර , අවුරුදු තිස්තුනක් (33) පාඨශාලාචාර්යවරයෙකු වශයෙන් හා එයින් අවුරුදු 20 ක් මප/ දෙනු/අමුණුපුර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් සේවය කොට විශ්‍රාම ලබා ශාසනික සේවය සඳහා පූර්ණකාලීනව කැපවී සිටින යටිනුවර අභිනව ප්‍රධාන සංඝනායක කඩුගන්නාව කදංගම ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරාධිපති ශාස්ත්‍රපති ඕවල සෝරත නාහිමිපාණන්ට ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අනාගත චිරස්ථිතිය වෙනුවෙන් ලෝක ශාසනික සේවාවන් ඉටු කිරීමට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.