මානසික ආතතිය දුරු කර ගැනීමට යහපත් ක්‍රමය බෞද්ධ භාවනාවයි
ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ලොස් ඇන්ජලීස් නුවර ධර්ම විජය බෞද්ධ
විහාරාධිපති
කැලිෆෝනියා සංඝ සම්මේලනයේ සභාපති
ත්‍රිපිටක විශාරද ධර්ම
කීර්ති ශ්‍රී සද්ධර්ම ශිරෝමණී
ආචාර්ය අග්ග මහා පණ්ඩිත
වල්පොළ පියනන්ද නා හිමි
පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් දිනා 1972 දී ඉන්දියාවේ කල්කටා
විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහිදී ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් වල්පොළ
පියනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1976 වසරේ දී ඇමරිකාවට වැඩම කර
ඇමරිකාවේ චිකාගෝ නුවර නෝත් වෙස්ට් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රපති
උපාධිය ලබා කැලිෆෝනියා සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ලොස් ඇන්ජලීස් නුවර
වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආගමික වතාවත් නොපිරිහෙළා ඉටුකරමින් ධර්ම
ප්‍රචාරක කටයුතු සිදු කෙරිණි. උන්වහන්සේ 1982 දී ලොස් ඇන්ජලීස් නුවර
ධර්ම විජය බෞද්ධ විහාරස්ථානය ආරම්භ කිරීමට මුල් වූහ.
ආචාර්ය අග්ග මහා පණ්ඩිත වල්පොළ පියනන්ද නාහිමියන් සමඟ කළ සාකච්ඡාවක්
ඇසුරෙන් සැකසුන ලිපියකි මේ. එහිදී උන්වහන්සේ පැවසූ අදහස් මෙසේ ය.
විදේශීය ජනතාවට බුදුදහමේ පණිවුඩය ලබා දෙන්නේ කෙසේද?
ඇමරිකන් ජනතාව ඉතා ස්වාධීනයි. රැකියාදියෙන් දිවි ගෙවන ඒ ජනතාවට පැවිදි
සාම්ප්‍රදායික ජීවිත ගත කිරීම අපහසුවක් වන්නට පුළුවන්.
අප කිසිවිටෙක කිසිවකු බුදුදහමට බලහත්කාරයෙන් ඇතුළත් කර ගනු නොලැබේ.
සම්බුදු දහම පිළිබඳ බලවත් ප්‍රසාදයට පත් වී අප හමුවට එන සියලු දෙනාට අප
උපදෙස් දෙනු ලබන්නේ සියලු ආගම්වලට ගරු කළ යුතු බවයි. කෙසේ වුවත්
බුදුදහමට අනුව දිවි ගෙවීමට කැමැත්තක් දක්වන අය පන්සිල් හි පිහිටුවා
උපාසක උපාසිකා නාමයෙන් හඳුන්වන අතර ඔවුන්ගේ ශ්‍රද්ධාව තව තවත් වර්ධනය
වන අයුරින් වන්දනා ගාථා ආදිය පාලි සහ ඉංගී‍්‍රසි භාෂාවෙන් පුහුණු කරවා
ඊට සුදුසු වැඩපිළිවෙළක් යොදනු ලැබේ.
ඔවුන් එසේ අවම තරමින් වසර දෙකක්වත් ගතවන විට අඩු තරමින් මජ්ඣිම නිකායේ
සූත්‍ර පනහක්වත් හැදෑරීමෙන් පසු ඔවුන් “ධම්මචාරී” තනතුරට පත් කරනු
ලැබේ. තුන්වන කණ්ඩායම නම් මජ්ඣිම නිකාය හා අංගුත්තර නිකාය සම්පූර්ණ
කියවා අවබෝධයක්, දැනීමක් තිබෙන අය “බෝධීචාරී” තනතුරට පත් කරනු ලැබේ.
සම්බුදු දහම පිළිබඳ ලොව ඇති ප්‍රවණතාවය
බුදුදහම ඉතා දාර්ශනික ආගමක් විද්‍යාව. දියුණුවන්න, දියුණුවන්න,
බුදුදහමට ලොව ඉහළම ස්ථානය හිමිවනු ලැබේ. විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන
ඇල්බට් අයිස්ටයින් ගේ ග්‍රන්ථවල ඔහු සඳහන් කරනු ලබන්නේ බුදු දහම
ශ්‍රේෂ්ඨ ආගමක්. ඔහු යම් දවසක ආගමක් පිළිගන්නේ නම් ඒ බුදු දහම කියලා.
ඇමරිකන් මනෝවිද්‍යාඥයන් පවා බුදුදහමේ අගය පිළිබඳ විශේෂයෙන් සතිපට්ඨාන
සූත්‍රය සමඟ තුලනය කරමින් පොත් පත් ලියා තිබෙනවා. මනෝවිද්‍යාවත්,
බුදුදහමත් ඒකරාශීකර විවිධ පොත් ලියා තිබෙනවා.
විශ්වවිද්‍යාලවලදී මනෝවිද්‍යාව ඉගෙන ගන්නවා නම් ඒ අයට අභිධර්මය ආදියත්,
කලාව, ඉතිහාසය ආදී විෂයක් ඉගෙන ගත්තත් ඒ හදාරන විෂය තුළදී බෞද්ධ කලා
ශිල්ප හැදෑරීමෙන් ඈත් වන්නට බැහැ. ඉතිහාසය පිළිබඳව වුවත් එසේමය. ඒ අනුව
විශ්වවිද්‍යාල අතරේ පවා බුදුදහමට යම් වටිනා ස්ථානයක් හිමි වී තිබෙනවා.
අසහනකාරී ජීවිත රටාවෙන් මිඳීමට එක් මාර්ගයක් ලෙස ඒ අය අනුගමනය කරන්නේ
භාවනාව. ‘බෞද්ධ’ යන නම අවශ්‍ය නොවුවත් බුදුදහමේ භාවනා ක්‍රම තුළින් ඒ
අය බොහෝ දුරට ප්‍රයෝජන ගනු ලබනවා. මානසික ආතතිය නැති කරන්නට තිබෙන
යහපත් ක්‍රමය බෞද්ධ භාවනාව. දෙවන කරුණ නම් සෞඛ්‍යය ආරක්‍ෂා කර ගන්නට
තිබෙන එකම මාර්ගය බුදුදහම කියන කරුණත් ඒ අය දන්නවා. පිළිකා වැනි
රෝගයකදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. භාවනා තුළින් සුවය ලැබූ බවට
අනන්ත අප්‍රමාණ පොත් ලියැවී තිබෙනවා. ඒ අය ඊට විද්‍යාත්මක විවරණ ලබාදී
තිබෙනවා.
උදා – ‘ස්ටීවන් හවුල’, කියන වෛද්‍යවරයා ට පිළිකාවක් වැළඳුනු විට ඔහු හය
මාසයකින් මිය යන බව වෛද්‍යවරු දක්වා තිබෙනවා. නමුත් ඊටබෞද්ධ භාවනා
ක්‍රම කරන්නට කියලත් උපදෙස් දී තිබෙනවා. බෞද්ධ භාවනා ක්‍රමවල ඔහු නිරත
වන අතරේ ඖෂධත් ලබා ගත්තා. නමුත් මාස හයකින් ඔහු මිය ගියේ නෑ.
වෛද්‍යවරු ළඟට හය මාසයකට පසුව ගොස් පරීක්‍ෂා කර බලන විට ඔහුට අසනීපයක්
ඇත්තේත් නෑ. අවසානයේ දී එය පරීක්‍ෂා කර ග්‍රන්ථ කීපයක් ලියා තිබෙනවා.
බුදුදහමට මූලික තැනක් තිබේ. එමෙන්ම බුදුදහමේ නිවැරැදි පණිවුඩය ස්ථාපිත
කිරීමට ද අප ප්‍රවේශම් විය යුතුයි.
භාවනාව සඳහාම යොමුවීමට ප්‍රධාන හේතුව
ධනය අතින් ආඩ්‍යයයි කියල කිව්වත්, එතැනින් සැනසීමක් නෑ.
සීත සෘතුව දිනක හිමිදිරියේ බුදුපියාණන් වහන්සේ රුක් සෙවනක සැතපී වැඩ
සිටි වෙලාවක උන්වහන්සේ එසේ වැඩ සිටිනවා දැක රාජකුමාරයකු අසනවා
බුදුපියාණන් වහන්ස, මේ සීත සෘතුවේ ඊයේ රාත්‍රිය තුළ මේ රුක් සෙවණ යට
නින්ද ගියාද? උන්වහන්සේ දේශනා කරනවා. මට හොඳට නින්ද ගියා. ඔබතුමාටත්
එසේ නින්ද ගියා ද? කියලා.
සීත සෘතුව පාලනය කරගත හැකි නොයෙක් ක්‍රම ඒ රාජ කුමාරයාට තිබෙන්නට ඇති.
එහෙත් විවිධ ප්‍රශ්න තිබෙන්නට ඇති. ඒ නිසා නින්ද ගියේ නැහැ කියල ඒ
කුමාරයා පිළිතුරු දෙනවා. ඒ වගේ බොහෝ ප්‍රශ්න පිටට නොපෙනුනත් ආර්ථික
අතින් දියුණු වුවත් ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. එයින් මිදීමට ඒ ඇත්තන්ට
සහනයක් උදා කරනුයේ භාවනා කරන කාලයත්, බුදුදහමට අයත් පොත පත කියා
සැනසිල්ලේ සිටින කාලයත් පමණයි.
සටහන: සීසර් සුදුසිංහ |