Print this Article


සදහම් දැනුම

 

ප්‍රශ්නය - යුරෝපීයයන් තමන් උරුමකරගත් ආගම තම වැඩිහිටි වියෙහි දී අතහැර දමා බුදු සමය වෙතඇදී ඒමට ඔවුනට අතිශය ආකර්ෂණීය වූ තාර්කික වූ හේතු තිබෙන්නට පුළුවන. එසේ බුදු සමය වෙත ආකර්ෂණීය වූ සමහර අය ප්‍රසිද්ධියට පත් වූ අයයි. ශ්‍රී ලාංකිකයන් මෙන් පුද පූජා පිළිබඳ විශ්වාසයකින් තොර ව ඔවුන් බුදුසමය වෙත ආකර්ෂණීය වීමට හේතු පැහැදිලි කරන්න.

පිළිතුර - ලන්ඩන් විහාරාධිපති මැදගම ශ්‍රී වජිරඤාණ නාහිමි අභිනන්දන ග්‍රන්ථයේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා මෙම ප්‍රශ්නයට ලියූ පිළිතුරකි. මේ බටහිර විද්වතුන් තුළ බුදු සමය ජන විශ්වාසයන් අධිවාසනයෙන් සැලකීම හෙවත් සහනසීලීත්වය බටහිර ලෝකයේ ඊශ්වරවාදී හෙවත් සර්වබලධාරී දෙවිකෙනෙකු ගේ සර්වාධිපත්‍ය ගැන පූර්ණ විශ්වාසය තැබූ ආගම් ගැන පමණක් දැන සිටි ඔවුනට අමුතු ම අත්දැකීමක් වූ බව පෙනේ. තවද යුරෝපීය ජනයා දාහත්වන දහ අටවන සියවස්හි අති දරුණු යුද්ධ කිහිපයක් තම තමන් අතර යෙදුනාහ. එසේම පසළොස්වන සියවසින් පසුව ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය, ප්‍රංශය, එංගලන්තය වැනි රටවල යටත් විජිතයන් පිහිටුවාගෙන ඒ ඒ රටවල පැවැති ආගම් වෙනුවට තමන් අදහන ක්‍රිස්තියානි ධර්ම ස්වරූපය එම පෙදෙස්හි පතුරුවා හැරීමට මහත් ප්‍රයත්නයන්හි යෙදී සිටියහ. එම ප්‍රයත්නයන්හිදී වධහිංසා හා මනුෂ්‍ය ඝාතන නිරන්තර ව සිදු වූ ආකාරය ඉතිහාසයෙන් පෙනේ.

මින් කනස්සල්ලට පත් වූ යුරෝපීයයන්ට බුදු සමයෙහි එන මානව හිතවාදී සහනසීලී ආකල්පය මහත් සේ ආකර්ෂණීය විය. සුප්‍රකට දාර්ශනිකයෙකු වූ බර්ටර්න්ඩ් රසල් (1872 – 1970 ) විසින් මෙසේ කියා තිබේ. ඉතිහාසයෙහි දක්නා ලැබෙන ශ්‍රේෂ්ඨ ආගම් අතුරෙන් මගේ කැමැත්ත බුදුසමය වෙතට ය. කුමක් හෙයින් ද? එහි මුල් ස්වරූපයෙහි දී අන්‍ය පීඩනය අඩුවෙන් දැකිය හැකි බැවිනි.

යුරෝපීයයන් දැන සිටි කිතු සමය හා ඉස්ලාම් දහම් අනුගමනය කළේ ‘දළ්හ ද්ට්ඨික’ නොහොත් පරමත නොඉවසන දැඩි පිළිවෙතකි. මේ ගැන ඉංගී‍්‍රසි ජාතිකයෙකු වූ ෆ්රැන්සිස් ස්ටෝරි මහතා (1910 – 71 ) පසුව අනගාරික සුගතානන්ද ලෙස බුරුමයේ විසූ දක්වා ඇති පරිදි නිර්වාණ සාධනය සඳහා ඇත්තේ ඒකායන මාර්ගය බව පවසන බව සැබෑ ය. එහෙත් ඒ නිසා ම අන්‍ය ආගම් අදහන සියලු දෙනා ම දෙව්ලොව දෙව් සැප ආදියෙන් වෙන් කොට අපායගාමී වන බවක්, බුදු සමයේ නොදැක්වූ මනුෂ්‍යයාට ඇත්තේ එකම එක භවයක් ය කියා බුදු සමය උගන්වන්නේ නැති හෙයින් තමන් උපන්නා වූ හා තමන් ජීවත් වන්නා වූ දේශය සමාජය පවුල හා යුගය ආදී කරුණු නිසා එක් භවයකදී බුදු වදන් ගැන අසන්නට නොලැබුණු කෙනෙකු සදාකාලික ‘නිරයට’ යනවා යැයි යන අසාධාරණය විශ්වාසය බුදු සමය තුළින් පැන නොනගින්නකි. අන්‍යාගම් කෙරෙහි සහනසීලීවීම යනු අවිචාරශීලී කටයුත්තක් ලෙස බුදුසමය උගන්වන්නේ නැති බව ෆ්රුන්සින් සිටොරි’ තව දුරටත් ප්‍රකාශ කරනුයේ මෙසේ නිදසුනක් ද ගෙන හැර පාමිනි.