සුවය ගෙනෙන
බෞද්ධ භාවනාව
මනෝ චිකිත්සාවකි
වෛද්‍ය කීර්ති බණ්ඩාර රත්නායක
ආයුර්වේද අංශ ප්‍රධාන, මහ නගර සභාව, මීගමුව
මනෝ රෝග චිකිත්සාව යනු මානසික අපිළිවෙළවලට බෙහෙත් වර්ග හෝ වෛද්‍ය
ප්‍රතිකාර ලබා දෙනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිකාර ලබාදීමයි. මහා
කාශ්‍යප හිමියන් හා මුගලන් හිමියන් දැඩි සේ ගිලන්ව සිටි අවස්ථාවන්
දෙකකදීම බුදුන් වහන්සේ එතුමන් වහන්සේලා
බැහැ දැකීමට වැඩමවා සුව දුක් විචාලා එම රෝගී තත්ත්වයන්ගෙන් මිදීම සඳහා
බොජ්ඣංග භාවනාව වඩන ලෙස උපදෙස් දී ඇත.
මනෝරෝග චිකිත්සාවේ දී බෙහෙත් වර්ග හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවාට වඩා
සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිකාර ලබාදීම වඩාත් උචිත බව බුදුන් වහන්සේ
විසින් බොජ්ඣංග භාවනාව වඩන ලෙස
උපදෙස් දීමෙන්ම පැහැදිලිවේ
එදිනෙදා ජීවිතයේ දී ඇතිවන අවුල් වියවුල් දුරලා මානසික සුවයෙන් ජීවත්වීම
සියලු දෙනාගේම අභිප්‍රායයි. ඒ සඳහා බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගය වනනේ
භාවනාවයි. සිත වර්ධනය කර සමාධිය වෙත යොමුකර ඉමහත් ප්‍රතිඵල ලබා ගැනීමට
භාවනාව බෙහෙවින් උපකාර වේ. මෙම භාවනාව නූතන මනෝවිද්‍යාව තුළ
මනෝචිකිත්සාවක් වශයෙන් යොදා ගත හැකිය.
බුදුන් වහන්සේ රෝග සූත්‍රයේදි දේශනා කොට ඇත්තේ මිනිසාගේ රෝගාබාධ මානසික
හා ශාරිරික වශයෙන් දොකොටසකට බෙදිය හැකි බව යි. මනුෂ්‍ය වර්ගයා අතුරෙහි
යමෙකු ස්වස්ථයා යයි කීමට සුදුසු ද ඔහුගේ මානසික හා ශාරීරික ක්‍රියා
සමවිය යුතු යැයි සුශ්‍රැත සංහිතාවේ සඳහන් වේ. එබැවින් රෝග විඥානයටත්,
ස්වාස්ථ්‍ය විඥානයටත් රෝග නිදාන පිළිබඳ දැනීම වැදගත්වේ. මෙම රෝග නිදාන
දැන ගැනීමෙන් රෝග කාරක හේතු වළක්වාලීම හෙවත් චිකිත්සාව පහසුකරයි.
බුදුන් වහන්සේ පෙන්වා වදාරන ලද රෝගාබාධ දෙකොට්ඨාසයෙන් ශාරිරික රෝග
සඳහා, ඖෂධ වශයෙන් කරනු ලබන ප්‍රතිකර්ම නිර්දේශ කොට ඇත. ඒ සඳහා විනය
පිටකයෙහි එන ‘භේසජ්ජඛන්ධකයත්’ පසුකාලීන ආයුර්වේදය පිළිබඳ පූර්ණ කෘතියක්
වන ‘භේසජ්ජමඤ්ජුසාවත්’ මෙහිලා ප්‍රමුඛ ස්ථානයන් ගනී. එලෙසටම මානසික
චිකිත්සාව ද විවිධ සුත්‍ර ඇසුරින් දේශනා කර ඇත. මානසික චිකිත්සා ක්‍රම
අධ්‍යයනයට ප්‍රථමයෙන් පුද්ගලයාගේ මානසික ක්‍රියාකාරිත්වය බුදුදහමට අනුව
විමසා බැලීමත්, පැහැදිලි කර ගැනීමත් අවශ්‍යය.
බුදු දහමට අනුව පුද්ගලයා යනු යථාර්ථ වශයෙන් පඤ්චස්කන්ධයට යෙදෙන
ව්‍යවහාරයක් වේ. රූප,වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යනු
පඤ්චස්කන්ධයයි. මෙයින් රූප යනු ඇස, කණ, නාසය, දිව, ශරීරය, යන
ඉන්ද්‍රියයන් හා ඉන්ද්‍රියන් සමඟ නිරතුරුව සම්බන්ධ වන බාහිර ලෝකයේ වර්ණ
හා හැඩයන්,ශබ්ද, ගන්ධ, රස, හා ශීත උෂ්ණාදී ස්පර්ශයන් ද අදහස් කරනු
ලැබේ. මෙහි සඳහන් වූ වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන ස්කන්ධයන්,
පුද්ගලයාගේ මානසික අංශයට සම්බන්ධ වූ එම කොටස් හතර වේ. ඒ මගින්
පුද්ගලයාගේ මානසික ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරයි.
නූතන මනෝ විද්‍යාඥයන්ගේ අදහස් අනුව මිනිස් අවශ්‍යතා තුන් අකාර වේ.
එනම්,
1.පුද්ගල පැවැත්ම සඳහා අවශ්‍ය වන ආහාර හා වස්ත්‍ර ආදිය
2.කීර්තිය හා ප්‍රශංසාව වැනි අපේක්‍ෂා හා බලාපොරොත්තු
3.ආධ්‍යාත්මික මිනිසාගේ අවශ්‍යතා අතර මානසික අවශ්‍යතා සෙසු
අවශ්‍යතාවයන්ට වඩා පුළුල් හා ප්‍රබල වන බව .
චරක සංහිතාවේ ආසාත් ම්‍යෙන්ද්‍රියාර්ථ සංයෝගය වශයෙන් දක්වා ඇත්තේ ද මෙම
අදාළත්වයම ය. එනම් ඇස, කණ, නාසය, දිව, සම යන මේ පසිඳුරන් ගේ් විෂය
(ගෝචර ) යන් වන වර්ණ හා හැඩයන්, ශබ්ද, ගන්ධ ,රස හා ශීත උෂ්ණාදී
ස්පර්ශයන්ද යන මේවා මුළුමණින්ම නොවිඳීම හෝ ඉතා අල්ප වශයෙන් විඳීම
ඉන්ද්‍රිය අයෝගය (හීන යෝගය) වේ. මේ පසිදුරක් ගේ විෂය (ගෝචර ) යන්
අතිම්‍රාත්‍රයෙන් විඳීම ඉන්ද්‍රිය අයෝගය (හීන යෝගය) වේ. මේ පසිඳුරන් ගේ
විෂය (ගෝචර) යන අතිමාත්‍රයෙන් විඳීම එම ඉන්ද්‍රියන්ගේ අතියෝගයයි.
එලෙසටම ඇස, කණ, නාසය, දිව, සම යන මේ පසිඳුරන් ගේ විෂය (ගෝචර) යන් වන
වර්ණ හා හැඩයන් ශබ්ද, ගන්ධ, රස හා ශීත උෂ්ණාදී ස්පර්ශයන්ද යන මේවා
විකෘති අයුරින් විඳීම එම ඉන්ද්‍රියයන්ගේ මිථ්‍යායෝගයයි. මෙම අසාත්
ම්‍යෙන්ද්‍රියාර්ථ සංයෝගය රෝග නිදානයකි.
බුදු සමයට අනුව අපට සහජයෙන්ම උරුම වූ මානසික ලක්‍ෂණ කිහිපයක් ඇත. එනම්,
රාගය, ද්වේශය, මෝහය හා අස්මීමානයයි. රාගය යනු ඇල්ම වශයෙන්ද ද්වේශය යනු
විරුද්ධවීම වශයෙන්ද, මෝහය යනු රාගය, ද්වේශය නිසා සිතෙහි හටගන්නා අසහන
තත්ත්වය වශයෙන්ද අසමීමානය යනු මම යන හැඟීම වශයෙන්ද සලකා ගත හැකි ය.මෙම
ලක්‍ෂණ අඩු කරගත් තරමට ලෞකික ජීවිතය සාර්ථක වන අතර මෙම ලක්‍ෂණ වැඩි වන
නිසාම ජීවිතයේ බොහා් ගැටලු වලට මුහුණ පෑමට සිදුවේ.
‘සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා “සියලුම පෘථග්ජන පුද්ගලයන් මානසික ලෙඩුන්
ලෙස සේල සුත්‍රයෙන් බුදුන් වහන්සේ දේශනා කළේ එබැවිනි.එසේම සල්ලේඛ
සූත්‍රයේදි මානසික රෝග හතලිස් හතරක්, බුදුන් වහන්සේ නම් වශයෙන් දක්වා
ඇත. මෙම මානසික රෝග වලට ප්‍රතිකාර කිරීම මනෝ රෝග චිකිත්සාවයි.
මනෝ රෝග චිකිත්සාව යනු මානසික අපිළිවෙළවලට බෙහෙත් වර්ග හෝ වෛද්‍ය
ප්‍රතිකාර ලබා දෙනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිකාර ලබාදීමයි. මහා
කාශ්‍යප හිමියන් හා මුගලන් හිමියන් දැඩි සේ ගිලන්ව සිටි අවස්ථාවන්
දෙකකදීම බුදුන් වහන්සේ එතුමන් වහන්සේලා බැහැ දැකීමට වැඩමවා සුව දුක්
විචාලා එම රෝගී තත්ත්වයන්ගෙන් මිදීම සඳහා බොජ්ඣංග භාවනාව වඩන ලෙස
උපදෙස් දී ඇත. මනෝරෝග චිකිත්සාවේ දී බෙහෙත් වර්ග හෝ වෛද්‍ය ප්‍රතිකාර
ලබා දෙනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රතිකාර ලබාදීම වඩාත් උචිත බව
බුදුන් වහන්සේ විසින් බොජ්ඣංග භාවනාව වඩන ලෙස උපදෙස් දීමෙන්ම
පැහැදිලිවේ. භාවනා සම්බන්ධයෙන් ත්‍රිපිටකයෙන් උපුටා ගත හැකි සූත්‍ර
දේශනා රාශියක් දැකිය හැකි ය. සතිපට්ඨාන සූත්‍රය, ඉන්ද්‍රිය භාවනා
සූත්‍රය, මධුපිණ්ඩික සූත්‍රය, ආනාපනා සති සූත්‍රය, මෙත්තානිසංස සූත්‍රය
යනාදි ය ඉන් කිහිපයකි.
“භාවෙති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා යනු යම් චේතනාවක් කරණ
කොට ගෙන කුසල ධර්මයක් වැඩුවේ ද ඒ චේතනාව භාවනාව නම් වේ. මේ වැඩීම සඳහා
මූලික පදනමක් ඇත. එම මූලික පදනම ශීලයයි. තුන් දොර සංවර කරගෙන මෙම ශීල
ප්‍රතිපදාව ආරම්භ කළ හැකි ය. භාවනාවේ මූලිකම අරමුණ සහ අපේක්‍ෂාව දුක
නැති කර ගැනීමයි. බුදුදහමේ පරම අපේක්‍ෂාව ද එයම වේ. යම් පුද්ගලයෙක්
ශීලයෙහි පිහිටා සමාධිය ද විදර්ශනා ප්‍රඥාව වඩන්නේ ද ඔහු බුදුදහමේ පරම
අපේක්‍ෂාව ඉටු කර ගනී.
භාවනාව වැඩිය යුතු දෙආකාරයකි. ‘සමථ භාවනා’ සහ විදර්ශනා භාවනා’ වශයෙනි.
කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් හෙවත් යහපත් හොඳ කාර්යයන්ට අකුල් හෙළන
කුසලයට විරුද්ධ, චිත්ත සමාධියට බාධා පමුණුවන ධර්මයන් සංසුන් කරන භාවනාව
‘සමථ භාවනා’ නම් වේ. සමථ භාවනාව ම චිත්ත භාවනාව ලෙස ද නම් කර ඇත.
විදර්ශනා භාවනාවේ අරමුණ සමාධියම නොවන අතර එහි ඵලය ප්‍රඥාවයි. ප්‍රඥාව
යනු කුසල චිත්තය හා එක් වු විදර්ශනා ඥානය වශයෙන් විසුද්ධි මග්ගයේ
සඳහන්ව අත. මෙම ප්‍රඥාව ගසකට සමාන කොට සැළකුවොත් එහි භූමි වශයෙන්
සළකන්නේ පඤ්චස්කන්ධය, චතුරාර්ය සත්‍යය,පටිච්චසමුප්පාදය, දොළොස් ආයතන ,
ඉන්ද්‍රිය ආදි ධර්ම කරූණුය. එම වෘක්‍ෂයේ මුල්වනුයේ ශීලවිසුද්ධිය හා
චිත්තවිසුද්ධියයි. “ විසුද්ධි” යනු පිරිසුදු වීමයි. ශීලය පිරිසිදු
කිරීම ශීලවිසුද්දියයි. සිත පිරිසුදු කිරීම චිත්තවිසුද්ධියයි. ශීලය
පිරිසුදු කිරීම යනු ප්‍රධාන වශයෙන් සතර සංවර ශීලය ආරක්‍ෂා කිරීමයි.
පාතිමොක්ඛ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීවපාරිසුද්ධි ශීලය,
පච්චයසන්නිස්සිත ශීලය යනුවෙන් හැඳින්වෙන්නේ සතර සංවර ශීලයයි. ඇස්, කණ්,
නාසාදි ඉන්ද්‍රිය වලට රූප, ශබ්ද, ගන්ධාදී අරමුණක් යොමු වූ විට ඒවා
තදින් නොගෙන රාග වශයෙන් බැදීම් ද ද්වේශ වශයෙන් විරුද්ධ වීම් වලින් ද
තොරව කටයුතු කිරීම ඉන්ද්‍රිය සංවර ශීලය යනුවෙන් අදහස් වේ. මේ ශීලය
ආරක්‍ෂා කිරීම සඳහා සිහිය අවශ්‍ය වේ.
ඉන්ද්‍රිය සංවර ශීලය මඟින් ද කෙරෙනුයේ ආසාත් ම්‍යෙන්ද්‍රියාර්ථ සංයෝගය
යන නිදාන පරිවර්ජනය හෙවත් කාරක හේතු වළක්වාලීමය. මෙය මනෝ මූලික
චිකිත්සාවයි.
ප්‍රඥාපරාධ යනු ප්‍රධාන නිදාන ශීර්ෂයෙහි ලා ගැනෙන්නකි. බුද්ධිය අයථා
කර්මයන්හි යෙදීම ප්‍රඥාපරාධ නම් කාය, වචී, මනෝ යන තුන් වැදෑරම් වූ
කර්මයෙහි අහිතකර වූ පැවැත්ම ප්‍රඥාපරාධය වේ යයි චරක සංහිතාවේ සඳහන්වේ.
බුදුදහමෙහි දැක්වෙන කාය කර්ම තුන වන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමෙසු
මිච්ඡාචාර ද, වචී කර්ම හතර වන මුසාවාද, කේලාම්, පරුෂ වචන, හිස් බස් සහ
මනෝ කර්ම වශයෙන් සැලකෙන අභිධ්‍යා (සතර සත්‍ය නොදැනීම) ව්‍යාපාද (අනුන්
නසීවායි සිතීම) මිථ්‍යා දෘෂ්ඨි (පින්, පව් නැත. මෙලෝ – පරලෝ නැත යන
අදහස) යන දස අකුසල් කෙරෙහි පැවැත්ම ප්‍රඥාපරාධ යැයි සැලකිය හැකිවේ.
බුදුන් වහන්සේ සල්ලේඛ සූත්‍රයේ දී වදාරන ලද මානසික රෝග හතලිස් හතරට මෙම
දස අකුසල් ද ඇතුලත් වේ. ප්‍රඥාපරාධ යන නිදාන පරිවර්ජනය හෙවත් රෝග කාරක
හේතු වළක්වාලීම සඳහා සුදුසුම ක්‍රමවේදය භාවනාවයි. ප්‍රඥාවේ මූලය වන ශීල
විසුද්ධිය හා චිත්තවිසුද්ධිය ආරම්භ කිරීමත් සමඟම මනෝ රෝග ප්‍රතිකාරය ද
ආරම්භ වේ. එබැවින් බෞද්ධ භාවනාව මනෝ චිකිත්සාවක් ලෙස භාවිත කරමින්
මනෝරෝග සුවකර ගැනීමට සියලු බෞද්ධයිනට උත්සාහ කළ හැකිවේ.
සියලු සත්ත්වයෝ සුවපත්වෙත්වා! |