අනුරාධපුර රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය – බුද්ධ ධර්මයට අනුව සමාජය වශයෙන් සැලකෙන්නේ ලොව මිනිස් පරපුර
පමණක් නොවේ. කවර මොහොතක හෝ මොලොව වසන සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ
භූතා ආදී වශයෙන් ගැනෙන සියලුම පණැතියන් සමාජය යනුවෙන් හැඳින්වෙන බව
දේශනා පාලියෙහි සඳහන් වෙයි. පෙළ දහමට අනුව මෙබඳු පුළුල් අදහසක් බෞද්ධ
ලෝකය තුළ ප්‍රචලිතව තිබියදී මානව හිතවාදය මානව භක්තිය වැනි සංකල්ප
ගොඩනැඟීම පිළිබඳව සාකච්ඡා කරන්න.
පිළිතුර – මානව හිතවාදය මානව භක්තිය වැනි ප්‍රස්තුතයන් සමාජය වෙත
ප්‍රචලිත වූයේ මිනිසුන් විනා සතුන් හා පරිසරය පිළිබඳව සැලකිලිමත් නොවූ
ආගම් දහම් නිසාය. බෞද්ධ දේශනා පාලියට අනුව ‘සබ්බේ සත්තා’ සංකල්පය ආවරණය
කිරීමෙන් සකල සත්ව වර්ගයා කෙරෙහි සානුකම්පී’ හිතානු කම්පාව දක්වා ඇත. ‘
කරණීය මෙත්ත’ සූත්‍රය පෙන්වා දෙන අයුරින් මවක් තම එකම පුත්‍රයා යම්සේ
රකින්නේ ද එසේ හෙයින්ම සර්ව සතුන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රිය වැඩිය
යුතුය.
“ මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතෙසු
මානසං භාවයේ අපරිමාණං”
අප්‍රමාණ වූ සෙනෙහස සියලු ප්‍රාණීන් කෙරෙහි දැක්විය යුතු අතර, බ්‍යා
රෝසනා පටිඝ සඤ්ඤා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය “ යනුවෙන් ලෝකය සහ
ලෝකය කෙරෙහි බෞද්ධ සංකල්පය වන ඔවුනොවුන් අතර වෛරය, ක්‍රෝධය, මානය වැනි
පාපී සිතිවිලි පමණක් නොව එකෙකු අනෙකාගේ දුක අකැමැති විය යුතුය.
නිරතුරුවම සැප පැතිය යුතුය.
බුදු සමය සම්මත සමාජය සියලු සාමාජිකයන් තම තමන් ස්වයං රක්ෂණ ආවරණයක්
පැවැතීම විශේෂ ලක්ෂණයකි. මම මෙන්ම සැප කැමැත්තා වූ සියලු සත්වයෝම සුවයට
පත් වෙත්වා !
‘ තසා තාවරා වා දිග්, මහත් මැදි, සියුම් වූද අනුමාත්‍රවූද දුටු නොදුටු
දුර ළඟාවූද, භූතසංහවේදී සියලු සතුන් කෙරෙහි සැප ප්‍රාර්ථනයයි. බෞද්ධ
ආකල්ය, අං. නි. චකුත්ක නිපාතයේ එන මෙත්ත සූත්‍රයෙහි කියවෙන්නේ අපා,
දෙපා, සිවුපා, බහු පා සිව් සතුන් වෙත මගේ මෛත්‍රිය වේවා ! හැම යහපතක්ම
දකිත්වා ! කිසිවෙකු කරා අහිත දැයක් නොඑළඹේවා යනුවෙනි.
“ චක්ක වත්ති රජු මාග පක්ෂීන් කෙරෙහි ද රක්ෂාවරණය සැළසිය යුතු බව
සක්විති වත්හි සඳහන් වන්නේ මේ නිසාය. බෞද්ධයන් නොකළ යුතු වෙළෙඳාම් අතරට
සතුන් වෙළෙඳාම්, මස් වෙළෙඳාම් අයත් වන්නේ මේ නිසාය. සමාජය මෙසේ පළල්
අරුතින් තේරුම් ගැනීමට කර්මය, සංසාරය යන සංකල්පය මෙන්ම ප්‍රතීත්‍ය
සමුද්පාද ධර්මතාව ද පදනම් වෙයි’. සංසාරයේ සැරි සැරීමෙහිදී මිනිසාට
ඥාතීන් නොවන කිසිවකුත් මිනිසුන් අතර තබා තිරිසන් සතුන් අතරද නොවේමය.
එපමණක් නොව බුදු දහම පෙන්වා දෙන විශ්වයේ අනෙක් ජීවීන් වන දෙව් බඹුන්,
ප්‍රේත, පිශාච, යක්ෂ, භූතාදීන් හා තිරිසනුන් අතරද ඥාතීන් නොවූවන් සොයා
ගැනීම දුෂ්කර වනු ඇත. එතරම්ම දුරට එක් පුද්ගලයෙක් අනෙක් ජීවීන් හා බැඳී
සිටී. ඒ සියල්ලන්ගේම එකතුව සමාජයයි.
මිනිසා පිළිබඳ බෞද්ධ සංකල්පය අනුව පරිණාමයේ පහළ අවස්ථාවන්හි සිටින
සත්වයන්ට එරෙහිව මිනිසාගේ තත්ත්වය විශිෂ්ට එකක් විනා ඒකාධිකාරී
ආධිපතිත්වයක් නොවේ.
ප්‍රශ්නය – මනුෂ්‍යත්වය ( මිනිස් ආත්ම භාවය ) අතිශයින්ම දුර්ලභ බව “
කිච්ඡො මනුස්ස පටිලාභො” යනුවෙන් බුදු දහම අවධාරණය කරයි. සසර පැවැත්ම
තුළින් මතුවන අනෙක් උත්තම අර්ථය මිනිසා සෙසු ජීවීන් අතර ලබා ඇති
විශිෂ්ට ස්ථානය එසේ නම් මිනිසා විශිෂ්ටයකු නොවේ. මිනිසත් බවින් අගාධයට
යොමු වන්නේ ඇයිද ? යන්න විමසීමක් කරන්න.
පිළිතුර – මහ මුහුදෙහි වැටුණු එක් සිදුරක් ඇති විය දණ්ඩක් ඒ සිදුරෙහි
සියවසක වරක් උඩ එන කන කැස්බෑවෙකු එළිය බලන්නට අවස්ථාවක් ලබන්නේද
මිනිසත් බව ලැබීම ඊටත් වඩා අපහසු දුර්ලභ කරුණකැයි සං. නි. දිග්ගල
සූත්‍රයෙන් කියවේ. එවන් දුර්ලභ අවස්ථාවක් ලැබිය හැක්කේ මිනිසාට පමණි.
මනුෂ්‍ය බුද්ධියට විසඳාගත නොහැකි ගැටලුවක් ඇත්තේ නැත. මනුෂ්‍ය බුද්ධිය
සෑම ගැටලුවක්ම විසඳා ගැනීමේ හැකියාවටත් පොහොසත්ය. පූර්ණ පෞරුෂය විකසිත
වන බුද්ධත්වය හෝ සක්විති රාජ්‍යත්වය වැනි විශිෂ්ටර්ථයක් සිද්ධ කරගෙන
විමුක්තිය සලසා ගත හැක්කේ මිනිසාට වඩා උතුම් බුද්ධිමත් හැකියාවන්ගෙන්
පොහොසත් වූ ජීවියෙකු සමස්ත ජීව පද්ධතිය තුළ ඇති බවක් බුදු දහම
නොපිළිගනියි.
සත්ත්ව ප්‍රජාව තුළ මිනිසාට විශිෂ්ට ස්ථානයක් හිමිකර දෙන බුදු දහම
මිනිසාට කිසිසේත් අධිකාරී බලයක් නොපවරයි. ප්‍රතිත්‍ය සමුද්පාද ධර්මතාව
අනුව මිනිසා ද පැවැතිය යුතුමයි. නාම රූප ප්‍රත්‍යයෙන් විඤාණයද, විඤ්ඤාණ
ප්‍රත්‍යයෙන් නාම රූපද පවත්නේ “ නළ කලාප සූත්‍රය” පෙන්වා දෙන අයුරින්
එකිනෙක නොවැටී කෙළින් එකට නැගී සිටින බව දඬු දෙකක් මෙනි. ඉන් එකක් ඉවත්
වුවහොත් අනෙකද වැටේ. මිනිසාට නැගී සිටිය හැක්කේ හේතු ප්‍රත්‍ය රාශියකගේ
එක්වීමෙනි. ප්‍රතිරූප දේස වාසය මෙන්ම සද්පුරුෂ ආශ්‍රයත් මිනිස් දියුණුවට
මූලික වෙයි. භෞතික පාරිසරික සාධකය මෙන්ම සමාජ සාධකය ද මිනිස්
ප්‍රගතියෙහි ලා බලපානු ලැබේ.
මිනිස් ඉච්ඡාව වගේම, කුස ගින්න හා දිරායාම ද සමෘද්ධිමත් සමාජයේ මිනිසාට
ද උරුමය. උත්තම ස්ථානයක සිටින නිසාම මිනිසාගේ අනන්ත ශාක්‍යතා පිළිබඳ
දැකීමක් ද මිනිසාට ඇත. ඒ නිසාම නිහතමානි හැසිරීම හා වගකීම පිළිබඳ
හැඟීමක් ඔහු තුළ තිබිය යුතුය. මේ වගකීම විසින් සදාචාරාත්මක හැසිරීමක්
සමාජය අපේක්ෂා කරයි. ඒ හොඳ හා නරක විමසා බලා ක්‍රියා කිරීමේ ශක්තිය ඔහු
සතු හෙයිනි.
ප්‍රශ්නය - පෙළ දහමට අනුව අකුසල් විරමණය ( වැළකීම ) පමණක්ම සදාචාරයේ
ප්‍රජනනයට එක හේතුවක් නොවේ. ගුණ ධර්ම පද්ධතීන් ඒ සඳහා වර්ධනය කරගත
යුතුය. බ්‍රහ්ම විහාර හා සතර සංග්‍රහ වස්තූන් යන සංකල්ප දෙක මෙයින්
ප්‍රධාන වෙයි. පැහැදිලි කරන්න.
පිළිතුර – “චත්තාරො මෙ බ්‍රහ්ම විහාරා” නමින් හැඳින්වෙන මෙත්තා, කරුණා,
මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහාරයන්හි ශාස්තෘන් වහන්සේ සහ
ශ්‍රාවකයන් වහන්සේලා ද එහි ප්‍රගුණ කළහ. මේ සතර ධර්මයන් “ බ්‍රහ්ම
විහාර” යනුවෙන් නම් කරන ලද්දේ මහා බ්‍රහ්මයා විසින්ද ඒවා පුරුදු පුහුණු
කරන ලදැයි සළකන නිසාය. එහි විහාර යන්න නිරතුරුව සිතෙහි පවත්නා හෙයින්
පැවතිය යුතුය, යන අරුතින් යෙදී ඇත. කිසිඳු වාරණ සමාවකින් ප්‍රමාණය කළ
නොහෙන හෙයින් “අප්පමඤ්ඤා” නම් වෙයි. ඒ අනුව මේ ගුණ දහම් වඩන්නා කෙරෙහි
සත්ව ප්‍රජාව කොටස් සත්‍ය වශයෙන්ම සිදු නොවන්නකි. අපක්ෂපාතීව අගතියෙන්
තොරව තෝරා ගැනීමක් නැතිව පූර්ව නිගමනයන්ගේ බලපෑම් රහිතව සතර බඹ විහරණ
වැඩෙයි. ගුණ ධර්මයෙන් පුරුදු පුහුණු කරන්නා දේශය, ජාතිය, ආගම, පන්තිය,
කුලය, ගෝත්‍රය අනුව සලකා ක්‍රියා කරන්නේ නොවේ. පෞද්ගලික පෞරුෂ වර්ධනය
සඳහා මෙහි ඇති වැදගත්කම ඉමහත්ය. මෙම සත් ගුණයන් පුහුණු කිරීමෙන් පමණක්
වුවද කෙනෙකුට පරමාර්ථ අවබෝධය කරා බොහෝ දුරට ළඟාවීමට ඉඩ ඇත්තේ මෙම
සද්ගුණයන් තුළ මොක්ෂය වූ හෙවත් නිර්වාණමය ලක්ෂණයන් බොහොමයක් දක්නට ඇති
හෙයිනි. එම විද්වත් මතයට අනුව සත්ත්වයන් කෙරෙහි සම්‍යක් ප්‍රතිපත්ති
හෙවත් නිවැරැදි පරමාදර්ශී වූ පිළිවෙත මේ යැයි යන අරුතින් මෙම සද්ගුණයන්
‘පරම’ උත්තම ගුණධර්ම නිසා බ්‍රහ්ම විහාර යනුවෙන් ගැනෙයි. සමාජයේ
අන්‍යෝන්‍ය සම්බන්ධතාවන් නිසා උද්ගතවන සියලු අවස්ථාවන්ට විසඳුම් මේ
මානසික ගති හතර ඉදිරිපත් කරයි. ප්‍රති විරුද්ධතාවන් ඉවත් කරන සමාජ
ගැටුම්වලදී සමගිය ඇති කරන ජීවිත සටනෙහිදී ඇතිව තුවාල සුව කරන සමාජ
බාධකයන් නැති කරන සුහද හිත මිතුරුකම් ගොඩ නගන මේ සදාචාර ගුණ ධර්ම
ආත්මාර්ථකාමී භාවයට ප්‍රතිපක්ෂ වූ සහෝදරත්වය උද්ගත කරවන ඒවාය.
බෞද්ධ වුවත් නැතත් මිනිස් සමාජය ශිෂ්ටසම්පන්න සංවිධානයක් ලෙසින්
පැවැත්මට නම් මේ සතර ධර්මයන් මිනිස් සිත් සතන් තුළ ක්‍රියාකාරී විය
යුතුයි. මේ ධර්මයන් යම් තරමකට මිනිස් සිතෙහි බලපැවැත්වේද එපමණට සමාජය
ප්‍රිය මනාප තැනක් වෙයි. එසේම එම දහම මිනිස් සිත තුළින් ගිලිහෙන පමණට
සමාජය දරදඬු ලෙස ජීවත්වීමට අපහසු තැනක් බවට ද පත්වේ. |